530. සුගන්ධත්ථෙරාපදානං
530. සුගන්ධත්ථෙරාපදානං
530. සුගන්‍ධථේරාපදානය
5617. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතංවරො.
5617-5618. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ මහත් යශස් ඇති අපි බුදුවරුම්හයි කියන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ (අසූවක්) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ දෙතිස්මහ පුරිස් ලකුණු ඇති බ්‍යාමප්‍රභා (බඹයක් පමණ ඈතට විහිදෙන) ආලෝකයෙන් පරිවෘත වූ රැස් සමූහයෙන් ගැවසී ගත් ගෝත්‍රයෙන් කාශ්‍යප නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
5618. අනුව්යඤ්ජනසම්පන්නො බත්තිංසවරලක්ඛණො, බ්යාමප්පභාපරිවුතො රංසුජාලසමොසටො.
5619. අස්සාසෙතා යථා චන්දො සුරියොව පභඞ්කරො, නිබ්බාපෙතා යථා මෙඝො සාගරො’ව ගුණාකරො.
5619. (බුදුරජ තෙම) සඳු මෙන් අස්වස් කරන්නෙක. හිරු මෙන් ප්‍රභා කරන්නෙක. වැහිවලාවක් මෙන් (කෙලෙස් ගිම්) නිවන් නෙක. සයුර මෙන් ගුණ (මැණික්) ආකරයක.
5620. ධරණීරිව සීලෙන හිමවා’ව සමාධිනා, ආකාසො විය පඤ්ඤාය අසඞ්ගො අනිලො යථා.
5620. සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමව් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නො ඇලෙන්නේ වේ.
5621. ස කදාචි මහාවීරො පරිසාසු විසාරදො, සච්චානි සම්පකාසෙසි උද්ධරන්තො මහාජනං.
5621. පිරිස් හමුවෙහි විශාරද වූ ඒ මහාවීර වූ බුදුරජහු කිසියම් දිනෙක මහාජනයා (සසරසයුරින්) ගොඩලමින් (සිවූ) සස් දෙසූ සේක.
5622. තදාහි බාරාණසියං සෙට්ඨිපුත්තො මහායසො, ආසහං ධනධඤ්ඤස්ස පහුතස්ස පභූ තදා.
5622. එකල්හි මම බරණැස්නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයනට ප්‍රභූ වූ මහත් යශස් ඇති සිටුපුතෙක් වීමි.
5623. ජඞ්ඝාවිහාරං විචරං මිගදායමුපෙච්චහං, අද්දසං විරජං බුද්ධං දෙසෙන්තං අමතං පදං.
5623-5624. මම ජඞ්ඝා විහරණය කරන්නෙම් මිගදාය නම් වූ මුවන් වසන වනයට එළඹ අමාපදය (-නිර්වාණධර්මය) දෙසන්නා වූ කෙලෙස් රජස් විරහිත වූ විහිද යන මනෝඥ වචන ඇති කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති හ සධ්වනීයට බඳු ධ්වනි ඇති මහාජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජුන් දුටිමි.
5624. විස්සට්ඨකන්තවචනං කරවීකසමස්සරං, හංසරුදාභිනිග්ඝොසං විඤ්ඤාපෙන්තං මහාජනං.
5625. දිස්වා දෙවාතිදෙවං තං සුත්වා ච මධුරං ගිරං, පහායානප්පකෙ භොගෙ පබ්බජිං අනගාරියං.
5625. දේවාතිදේව වූ ඒ බුදුරජුන් දැක මිහිරිවචන ද අසා අපමණ වූ භෝගසම්පත් හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
5626. එවං පබ්බජිතො චාහං න චිරෙන බහුස්සුතො, අහොසිං ධම්මකථිකො විචිත්තපටිභාණවා.
5626. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින් ම බහුශ්‍රුත වූ ධර්ම කථික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි.
5627. මහාපරිසමජ්ඣෙහං හට්ඨචිත්තො පුනප්පුනං, වණ්ණයිං හෙමවණ්ණස්ස වණ්ණං වණ්ණවිසාරදො.
5627. මම මහපිරිස් මැදෙහි සතුටු සිත් ඇත්තෙම් ගුණවැණීමෙහි විශාරද වූයෙම් ස්වර්ණවර්ණ වූ බුදුරජුන්ගේ ගුණ නැවත නැවත වර්ණනා කෙළෙමි.
5628. එස ඛීණාසවො බුද්ධො අනීඝො ඡින්නසංසයො, සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තොපධිසංඛයෙ.
5628. තෙල බුදුරජානන් වහන්සේ ක්ෂය කළ ආස්‍රවයන් ඇති සේක. උවදුරු රහිතසේක. දුරුකළ සැක ඇතිසේක. සියලු කර්මයන්ගේ ක්ෂයට පත්වූ සේක. උපධිසඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධයෙහි වූ දුකින් මිදුනු සේක.
5629. එස සො භගවා බුද්ධො එස සීහො අනුත්තරෙ, සදෙවකස්ස ලොකස්ස බ්රහ්මචක්කප්පවත්තකො.
5629. මේ ඒ භාග්‍යවත් වූ බුදුරජ තෙමේ ය. මේ අනුත්තර වූ පුරුෂසිංය තෙමේ ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන්නා වෙයි.
5630. දන්තො දමෙතා සන්තො ච සමෙතා නිබ්බුතො ඉසි, නිබ්බාපෙතා ච අස්සත්ථො අස්සාසෙතා මහාජනං.
5630. මහර්ෂි වූ බුදුරජ (තෙමේ) දැමුනේ මහාජනයා ද දමනය කරන්නේ ය. (තෙමේ) ශාන්ත වූයේ මහාජනයා ද ශාන්ත කරන්නේ ය. (තෙමේ කෙලෙස් ගින්නෙන්) නිවුනේ මහාජනයා ද නිවන්නේ ය. තෙමේ අස්වැසුනේ මහාජනයා ද අස්වසන්නේ ය.
5631. වීරො සූරො ච ධීරො ච පඤ්ඤො කාරුණිකො වසී, විජිතාවී ච ස ජිනො අප්පගබ්භො අනාලයො.
5631. ඒ බුදුරජ තෙම වීරය, ශූරය, නැණවත්ය, පැණවත්ය, කාරුණිකය, පඤ්චවශිතායෙන් යුක්තය, දිනූ කෙලෙස් ඇත්තේ කාවිසියෙහි හළ දළකම් ඇතියේය. දිනනසුලුය. ආලය (-ආශා) නැතියේය.
5632. අනෙජො අචලො ධීමා අමොහො අසමො මුනි, ධොරය්හො උසභො නාගො සීහො සක්කො ගරූසුපි.
5632. සර්වඥ තෙම තෘෂ්ණාව නැතියේය. නිශ්චලය, නුවණැතියේය, මෝහය නැතියේය, (සමකොට දැක්මට අනිකකු නොමැති බැවින්) අසමය, ධුර උසුලන්නේය, (උතුම් බැවින්) වෘෂභය, (පව්නැති බැවින්) නාගය, (ශ්‍රේෂ්ඨ බැවින්) සිංහය, ගුරුන් අතුරෙහිදු ශක්‍ය ය.
5633. විරාගො විමලො බ්රහ්මා වාදසූරො රණඤ්ජහො, අඛිලො ච විසල්ලො ච අසමො සංයුතො සුචි.
5633. රාගය නැත්තේය. නිර්මලය, ශ්‍රේෂ්ඨය, වාදීන් අතුරෙහි ශූරය, පව් දුරු කෙළේය, (සිත්හි රාගාදි කිලුටු නැති බැවින්) අඛිල ය, (පහ වූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. (ලෙව්හි සමාන කිරීමට අනිකෙකු නො මැති බැවින්) අසම ය, චක්ෂුරාදි ඉන්ද්රියයන් (සංවෘත බැවින්) සන්හුන්ය, පිරිසිදුය.
5634. බ්රාහ්මණො සමණො නාථො භිසක්කො සල්ලකත්තකො, යොධො බුද්ධො සුතො සුතො අචලො මුදිතොදිතො.
5634. (බැහැර කරණ ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණය. ශමනය කරණ ලද පව් ඇති බැවින් ශ්‍රමණය. (අනාථයනට පිහිට වන බැවින්) නාථය. (කෙලෙස් ලෙඩට) වෛද්‍ය, (රාගාදී හුල් උදුරන) ශල්‍ය වෛද්‍යය (කෙලෙස් සතුරන් ජය ගන්නා) යෝධය. (සිවුසස් දත් බැවින්) බුදුය. ප්රකටය. (දමනය කළයුත්තන් දමනය කරණ බැවින්) සාරථිය. නිශ්චලය. මුදිතාවෙන් යුතුය. උත්ගතය.
5635. ධාතා ධතා ච හන්තා ච කත්තා නෙතා පකාසිතා, සම්පහංසිතා භෙත්තා ච ඡෙත්තා සොතා පසංසිතා.
5635. තෘප්තය. (මහාකරුණා ආදී ගුණ) දන්නේය. (කෙලෙස් සතුරන්) නැසුයේ ය. (ශාන්තිය) කරන්නේ ය. (නිවන්මගට) පමුණුවන්නේ ය. (අමාදහම්) දෙසන්නේ ය. (සව්වන්) සතුටු කරන්නේ ය. (සසරසක දැවි) බිඳින්නේය. කෙලෙස් බැඳුම් සිඳිනේ ය. (විනෙයජනයන්ගේ කථා භවාග්‍රයෙහි සිට නමුදු) අසන්නේ ය. (මනා ප්‍රතිපත්ති ඇතියනට) පසසන්නෙක.
5636. අඛිලො ච විසල්ලො ච අනීඝො අකථඞ්කථී, අනෙජො විරජො ඛන්තා ගන්තා වත්තා පකාසිතා
5636. (රාගාදි කිලිටි නැති බැවින්) අඛිල ය. (පහවූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. උවදුරු රහිත ය. සැක රහිත ය. තෘෂ්ණාවිරහිත ය. කෙලෙස් රජස් රහිත ය. ඉවසන්නේ ය. නිවන්මග යන්නේ ය. (මග නොමග මෙයයි) කියන්නේ ය. (හිතාහිත මේ යයි) පවසන්නේ ය.
5637. තාරෙතා අත්ථකාරෙතා කාරෙතා සම්පදාලිතා, පාපෙතා සහිතා කන්තා හන්තා ආතා පී තාපසො.
5637. (සත්ත්වයන් සසරින්) එතෙර ලන්නේ ය. අභිවෘද්ධිකාරක ය. (නිවන් සිදු) කරන්නේ ය. (කෙලෙස් නමැති ගල්කුළු) පළන්නේ ය. (සත්ත්වයන් නිවණට) පමුණුවන්නේ ය. දුටුවන් සිත් ගන්නේ ය. (කෙලෙස්සතුරන්) නසන්නේ ය. (කෙලෙස් තවන) වීර්‍ය්‍යය ඇත්තේ ය. තපෝගුණ යුක්ත ය.
5638. සමචිත්තො සමසමො අසහායො දයාසයො, අච්ඡෙරසත්තො අකුහො කතාවී ඉසිසත්තමො.
5638. (සතුරු මිතුරු මැදහත් කවුරුන් කෙරෙහිත්) සම සිත් ඇත්තේය. (අසම වූ බුදුවරයනට පමණක් සමානවන බැවින්) අසමසමය. මේ සමානය යි දැක්වීමට අනිකෙකු නොමැති බැවින්ය අසහායය. දයා ගුණයට නිවාසස්ථානය. ආශ්චර්‍ය්‍ය සත්ත්වය. කොහොන් ගුණ රහිතය. සර්වඥතාඥානය සඳහා කටයුතු තාක් දැය කෙළේ වේ. බුද්ධර්ෂීන් අතුරෙහි සත් වන බැවින් ඉසිසත්තමය.
5639. නිත්තිණ්ණකඞ්ඛො නිම්මානො අප්පමෙය්යො අනූපමො, සබ්බවාක්යපථාතීතො සච්චඤෙය්යන්තගූ ජිනො.
5639. දුරුකළ සැක ඇතියේය. මාන රහිතය. පමණ කළ නො හැකි ගුණ ඇතියේය. උපමා විෂයය ඉක්මවූයේ ය. වර්‍ණනාවිෂය ඉක්මවූයේ ය. සත්යධර්මයාගේ හා දතයුතු සකලධර්මයන්ගේ පරතෙරට ගියේය. පස්මරුන් දිනූ යේ වේ.
5640. සත්තසාරවරෙ තස්මිං පසාදො අමතාවහො, තස්මා බුද්ධෙ ච ධම්මෙ ච සංඝෙ සද්ධා මහිද්ධිකා.
5640. සත්ත්වයන් අතුරෙහි උතුම් හරය වූ මේ බුදුරජුන් කෙරෙහි ප්‍රසාදය අමාසුව එළවන්නේ වෙයි. එහෙයින් බුද්ධ රත්නය කෙරෙහි ද ධර්මරත්නය කෙරෙහි ද සඞ්ඝරත්නය කෙරෙහි ද වූ ශ්‍රද්ධා තොමෝ මහත් වූ ඍද්ධි ඇතිකරන්නී ය.
5641. ගුණෙහි එවමාදීහි තිලොකසරණුත්තමං, වණ්ණෙන්තො පරිසාමජ්ඣෙ අකං ධම්මකථං අහං.
5641. මම මේ ආදී ගුණ විසින් තුන්ලොවට උතුම් පිළිසරණ වූ බුදුරජුන් වර්ණනය කරමින් පිරිස්මැද ධර්මකථාවක් කෙළෙමි.
5642. තතො චුතොහං තුසිතෙ අනුභොත්වා මහාසුඛං, තතො චුතො මනුස්සෙසු ජාතො හොමි සුගන්ධිකො.
5642. මම එයින් ච්‍යුතවූයේ තුෂිතයෙහි මහත් සැප අනුභව කොට ඉන් චුතවූයේ මිනිසත්බැව්හි උපන්නේ සුවඳවත් වූයේ වෙමි.
5643. නිස්සාසො මුඛගන්ධො ච දෙහගන්ධො තථෙව මෙ, සෙදගන්ධො ච සතතං සබ්බගන්ධෙ’තිසෙති’මෙ.
5643. මාගේ පිටතට හෙළන වාතය ද මුඛගන්ධය ද ශරීරගන්ධය ද එසේ ම මාගේ ඩහදියගඳ ද හැම කල්හි සියලු සුවඳ ඉක්මවා පවති.
5644. මුඛගන්ධො සදා මය්හං පදුමුප්පලචම්පකෙ, ආදිසන්තො සදා වාති සරීරො ච තථෙව මෙ,
5644. හැමකල්හි මාගේ මුවසුවඳ පියුම් උපුල් සපුමල් සුවඳ (මේ යයි) පෙන්වමින් හමයි. මාගේ සිරුරු සුවඳ ද එසේය.
5645. ගුණත්ථවස්ස සබ්බං තං ඵලං තු පරමම්භූතං, එකග්ගමනසා සබ්බෙ වණ්ණයිස්සං සුණාථ මෙ.
5645. බුද්ධ ගුණකීර්තනයාගේ ඒ සියලු විපාක අතිශය විස්මයජනක ය. එය වර්ණනය කරන්නෙමි සියල්ලෝ එකඟ සිත් ඇත්තෝ ව මාගේ (ඒ වචනය) අසවු.
5646. ගුණං බුද්ධස්ස වත්වාන හිතාය ජනසන්ධිසු, සුඛිතො හොමි සබ්බත්ථ සරද්වධනිසමායුතො
5646. ජනයා එක්වන තන්හි ඉතසිතින් මධුර ස්වරධ්වනි යුක්ත වූයේ (-මිහිරිහඬ ඇත්තෙම්) බුදුගුණ කියා හැම තන්හි සුව ඇතියෙම් වෙමි.
5647. යසස්සී සුඛිතො කන්තො ජුතිමා පියදස්සනො, වත්තා අපරිභූතො ච නිද්දොසො පඤ්ඤවා තථා.
5647. යශස් ඇත්තෙම්, සුව ඇත්තෙම්, මනහර වූයෙම්, ප්රභාවත් වූයෙම්, ප්‍රිය දැකුම් ඇතියෙම් එසේ ම (සොඳුරු වදන්) බණන සුලුයෙම්, (අනුන්ගේ ධනයෙන්) අපරිපෝෂිතයෙම්, නිදොස් වූයෙම්, පැණවත් වූයෙම් ද වෙමි.
5648. ඛීණෙ ආයුසි නිබ්බානං සුලභං බුද්ධභත්තිනො, තෙසං හෙතුං පවක්ඛාමි තං සුණාථ යථාතථං.
5648. ආයුෂ ගෙවී ගිය කල්හි බුද්ධභක්ති ඇතියනට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ. ඔවුන්ගේ (නිවන් සුලබ බවට) හේතුව කියමි. එය තත්වූ පරිදි අසවු:
5649. සන්තං යසං භගවතො විධිනා අභිවාදයං, යත්ථ තත්ථුපපන්නොපි යසස්සී තෙන හොමහං.
5649. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යශසට විධි වූ පරිදි අභිවාදනය කරන්නෙම් ඒ හේතුකොට ගෙන යම් ඒ තැනක උපනෙම් ද, යශස් ඇත්තෙම් වෙමි.
5650. දුක්ඛස්සන්තකරං බුද්ධං ධම්මං සන්තමසඞ්ඛතං, වණ්ණයං සුඛදො ආසිං සත්තානං සුඛිතො තතො.
5650. දුක් කෙළවර කරන්නා වූ බුදුරජුන් ද ශාන්ත වූ අසංස්කෘත ධර්මය ද, වර්ණනා කරන්නෙම් සෙසු සත්නට ද සුව දෙන්නෙක් වීමි. ඒ හේතුවෙන් සුව ඇත්තෙක් වීමි.
5651. ගුණං වදන්තො බුද්ධස්ස බුද්ධපීතිසමායුතො, සකන්තිං පරකන්තිඤ්ච ජනයිං තෙන කන්තිමා.
5651. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්ත වූයෙම් බුදුරජුන්ගේ ගුණ කියනෙම් ස්වකීය සිත්හි කැමැත්ත ද මෙරමාගේ සිත්හි කැමැත්ත ද ඇති කෙළෙමි. ඒ හේතුවෙන් සිත් අලවන ගති ඇති කෙනෙක් වීමි.
5652. ජනොඝෙ තිත්ථකාකිණ්ණෙ අභිභුය්ය කුතිත්ථියෙ, ගුණං වදන්තො ජොතෙසිං නායකං ජුතිමා තතො.
5652. තීර්ත්ථකයන් විසින් ගැවසී ගත් ජනසමූහයා කෙරෙහි මිථ්යාතීර්ත්ථකයන් මැඩ පවත්වා ගුණ කියමින් බුදුරජුන් බැබල වීමි. ඒ හේතුවෙන් පැහැපත් කෙනෙක් වීමි.
5653. පියකාරී ජනස්සාපි සම්බුද්ධස්ස ගුණං වදං, සරදොව සසඞ්කොහං තෙනාසිං පියදස්සනො.
5653. මම සම්බුදුරජුන්ගේ ගුණ කියනෙම් ඒ හේතුවෙන් සරාසඳ මෙන් ජනයාහට ප්රියඞ්කර ගති ඇත්තෙම් ප්‍රිය දැකුම් ඇත්තෙම් වීමී.
5654. යථාසත්තිවසෙනාහං සබ්බවාචාහි සන්ථවිං, සුගතං තෙන වාගීසො විචිත්තපටිභාණවා.
5654. මම ශක්තිපමණින් බුදුරජුන්හට සියලු වචනයෙන් ස්තූති කෙළෙමි. ඒ හේතුවෙන් වාගීශ්වර වීමි. විසිතුරු වූ වැටහෙන නුවණ ඇත්තෙම් ද වීමි.
5655. යෙ බාලා විමතිප්පත්තා පරිභොන්ති මහාමුනි, නිග්ගහිං තෙ සධම්මෙන පරිභූතො න තෙනහං.
5655. විමතියට පත් යම් බාලකෙනෙක් මහාමුනි වූ බුදුරජුන්හට පරිභව කෙරෙත් නම් ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙළෙමි. ඒ හේතුවෙන් මම පරිභව නො ලද්දෙම් වීමි.
5656. බුද්ධවණ්ණෙන සත්තානං කිලෙසෙ අපනෙසහං, නික්කිලෙසමනො හොමි තස්ස කම්මස්ස වාහසා.
5656. මම බුදුගුණ වැණීමෙන් සත්ත්වයන්ගේ කෙලෙස් දුරු කෙළෙමි. එම කර්මයාගේ බලයෙන් නිකෙලෙස් සිත් ඇත්තෙම් වෙමි.
5657. සොතූනං බුද්ධිමජනිං බුද්ධානුස්සතිදෙසකො, තෙනාහමාසිං සප්පඤ්ඤො නිපුණත්ථවිපස්සකො.
5657. බුදුගුණ සිහි කොට දෙසන්නෙම් අසනවුන්ට නුවණ ඉපදවීමි. එහෙයින් මම ප්‍රාඥ වූයෙම් සියුම් වූ අරුත් දක්නෙම් වීමි.
5658. සබ්බාසවපරික්ඛීණො තිණ්ණසංසාරසාගරො, සිඛීව අනුපාදානො පාපුණිස්සාමි නිබ්බුතිං.
5658. සියලු ආස්‍රවයන් ක්ෂය කරණ ලදුයෙම් තරණය කරණලද සසරසයුරු ඇත්තෙම් උපාදාන (-දර) රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණෙන්නෙමි.
5659. ඉමස්මිං යෙව කප්පස්මිං යමහං සන්ථවිං ජිනං, දුග්ගතිං නාභිජානාමි බුද්ධවණ්ණස්සිදං ඵලං.
5659. මම ඒ කල්පයෙහි ම බුදුරජුන්හට යම් ස්තූතියක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුගුණ වැණීමෙහි මේ විපාක යි.
5660. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5660. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
5661. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5661. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5662. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5662. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා සුගන්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සුගන්ධස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සුගන්ධත්ථෙරස්ස අපදානං දසමං.
සුගන්ධස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
තිණදො මඤ්චදො චෙව සරණබ්භඤ්ජනප්පදො, සුපටො දණ්ඩදායී ච නෙලපූජි තථෙව ච, බොධිසම්මජ්ජකාමෙණ්ඩො සුගන්ධො දසමො දිජො. ගාථාසතං සතෙවීසං ගණිතං චෙත්ථ සබ්බසො.
තිණද මඤ්චද සරණ අබ්භඤ්ජන දායක සුපට දණ්ඩද නෙල පූජි බෝධිසම්මජ්ජක ආමණ්ඩඵලදායක සුගන්ධද්විජ දසමය. එක්සිය තෙවිසගයෙක් හැමසේ මෙහි ගිණුයේ.
තිණදායකවග්ගො තෙපඤ්ඤාසමො.
තෘණදායකවර්ගය තෙපණස් වැනියි.