යෙදුමෙන් කියවන්න

531. මහාකච‍්චානත්‍ථෙරාපදානං

531. මහාකච‍්චානත්‍ථෙරාපදානං

531. මහාකච්චාන ස්ථවිරාවදානය

5663. පදුමුත‍්තරො නාම ජිනො අනෙජො අජිතඤ‍්ජයො, සතසහස‍්සෙ කප‍්පානං ඉතො උප‍්පජ‍්ජි නායකො.

5663. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි නොපැරද විය හැකි මරරුපුනුදු ජය ගත්තා වූ තෘෂ්ණා රහිත වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.

5664. වීරො කමලපත‍්තක‍්ඛො සසඞ‍්කවිමලානනො, කනකාවලසඞ‍්කාසො රවිදිත‍්තිසමප‍්පභො.

5664. වීර වූ පියුම්පතක් බඳු ඇස් ඇති සඳු බඳු පිරිසිදු මුහුණක් ඇති කනකපර්‍වතයක් මෙන් බබලන්නා වූ හිරුරැස් බඳු පැහැ ඇති-

5665. සත‍්තනෙත‍්තමනොහාරී වරලක‍්ඛණභුසිතො, සබ‍්බවාක්‍යපථාතීතො මනුජාමරසක‍්කතො.

5665. සත්ත්‍වයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා වූ උතුම් (දෙතිස් මහපුරිස්) ලකුණින් අලඞ්කෘත වූ සියලු (වර්‍ණනාත්මක) කථාමාර්‍ගය ඉක්ම වූ දෙව්මිනිසුන් විසින් සත්කාර කරණ ලද්දා වූ-

5666. සම‍්බුද‍්ධො බොධයං සත‍්තෙ වාගීසො මධුරස‍්සරො, කරුණානිබද‍්ධ සන‍්තානො පරිසාසු විසාරදො.

5666. වාගීශ්වර වූ මධුරස්වර ඇත්තා වූ කරුණාවෙන් බැඳුනු සිත් ඇත්තා වූ (සිවු) පිරිස්හි විශාරද (-බියරහිත) වූ සම්මා සම්බුදුරජ තෙමේ සත්ත්‍වයනට (දහම්) අවබෝධ කරවමින්-

5667. දෙසෙති මධුරං ධම‍්මං චතුසච‍්චුපසංහිතං, නිමුග‍්ගෙ මොහපඞ‍්කම‍්හි සමුද‍්ධරති පාණිනො.

5667. සිවුසස් සමග යෙදුනු මිහිරි දහම් දෙසයි. මෝහ නමැති මඩෙහි ගැළුනු සත්ත්‍වයන් (එයින්) නගා ලයි.

5668. තදා එකචරො හුත්‍වා තාපසො හිමවාලයො, නභසා මානුසං ලොකං ගච‍්ඡන‍්තො ජිනමද‍්දසං.

5668. එකල්හි හිමවත වාසස්ථාන කොට ඇති එකලාව හැසිරෙන තව්සකු වූ (මම) අහසින් මිනිස්ලොවට යන්නෙම් බුදුරජුන් දිටිමි.

5669. උපෙච‍්ච සන‍්තිකං තස‍්ස අස‍්සොසිං ධම‍්මදෙසනං, වණ‍්ණයන‍්තස‍්ස වීරස‍්ස සාවකස‍්ස මහාගුණං.

5669. උන්වහන්සේ වෙත එළඹැ ශ්‍රාවකයකුගේ මහත් වූ ගුණය පසසන වීරයන් වහන්සේගේ දහම් දෙසුම ඇසීමි.

5670. සංඛිත‍්තෙන මයා වුත‍්තං විත්‍ථාරෙන පකාසයං, පරිසං මඤ‍්ච තොසෙති යථා කච‍්චායනො අයං.

5670. “මවිසින් සංක්‍ෂිප්ත කොට දෙසන ලද්ද විස්තර වශයෙන් පවසමින් මේ කච්චායන තෙමේ පිරිස ද මා ද යම්සේ තුටුකෙරේ ද,

5671. නාහං එවං විධං කඤ‍්චි අඤ‍්ඤං පස‍්සාමි සාවකං, තස‍්මාතදග‍්ගෙ එසග‍්ගො එවං ධාරෙථ භික‍්ඛවො.

5671. මෙබඳු වූ අන්කිසි ශ්‍රාවකයකු මම නො දනිමි. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි මෙතෙම අග්‍ර යයි. මෙසේ දරවු.

5672. තදාහං විම‍්හිතො හුත්‍වා සුත්‍වා වාක්‍යං මනොරමා, හිමවන‍්තං ගමිත්‍වාන ආහත්‍වා පුප‍්ඵසඤ‍්චයං.

5672. එකල්හි මම ඒ මනෝඥවචනය අසා විස්මිතව හිමවතට ගොස් මල්රැසක් ගෙනවුත්-

5673. පූජෙත්‍වා ලොකසරණං තං ඨානං අභිපත්‍ථයිං, තදා මමාසයං ඤත්‍වා ව්‍යාකාසි සරණඤ‍්ජහො.

5673. ලොවට පිහිට වූ බුදුරජුන්හට පුදා එ ම තනතුර පැතීමි. කෙලෙසුන් දුරු කළ ඒ බුදුරජ තෙමේ එකල්හි මාගේ අදහස දැන (මෙසේ) පැවසී ය:

5673. “පස‍්සථෙතං ඉසිවරං නිද‍්ධන‍්තකනකත‍්තචං, උද‍්ධග‍්ගලොමං පීණංසං අචලං පඤ‍්ජලිං ඨිතං.

5673-5674. පිරිසිදු කළ ස්වර්‍ණයක් බඳු පැහැපත් සිවි ඇති, අග් උඩු කැරුව ගිය ලොම් ඇති, පිරුණු (මසින් වැසුනු) උරහිස් ඇති, නිශ්චල ව බඳැඳිලි ව සිටියා වූ, සතුටුකඳුලින් පිරී ගිය ඇස් ඇති, බුදුගුණ වැණුමෙහි පෙළඹුනු සිත් ඇති, අමායෙන් ඉසින ලද්දාක් බඳු මූර්‍තතිමත් ධර්‍මය වැනි උතුම් සිරුරක් ඇති මෙ ඍෂිවරයා බලවු.

5674. හාසස‍්සුපුණ‍්ණනයනං බුද‍්ධවණ‍්ණගතාසයං, ධම‍්මංව විග‍්ගහවරං අමතාසිත‍්තසන‍්තිභං.

5675. කච‍්චානස‍්ස ගුණං සුත්‍වා තං ඨානං පත්‍ථයං ඨිතො, අනාගතම‍්හි අද‍්ධානෙ ගොතමස‍්ස මහාමුනෙ.

5675. (මෙ තෙම) කච්චානයන්ගේ ගුණ අසා එ තනතුර පතමින් සිටියේ ය. ගෞතමමහාමුනීන්‍ද්‍රයන් වහන්සේගේ (සසුන පවත්නා) අනාගත කාලයෙහි-

5676. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, කච‍්චානො නාම නාමෙන හෙස‍්සති සත්‍ථුසාවකො.

5676. එ ම බුදුරජුන්ගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ නමින් කච්චාන නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.

5677. බහුස‍්සුතො මහාඤාණී අධිප‍්පායවිදූ මුනෙ, පාපුණිස‍්සති තං ඨානං යථායං ව්‍යාකතො මයා.

5677. යම් සේ මා විසින් මෙය පවසන ලද නම් එසේ ම (අනාගතයෙහි) බහුශ්‍රැතයෙක් ව මහනුවණැත්තෙක් ව, බුදුරජුන්ගේ අදහස් දන්නෙක් ව එ ම තනතුරට පැමිණෙන්නේ ය” (කියායි).

5678. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5678. එකල්හි මෙයින් සියක්දහස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5679. දුවෙ භවෙ සංසරාමි දෙවත‍්තෙ අථ මානුසෙ, අඤ‍්ඤං ගතිං න ගච‍්ඡාමි බුද‍්ධපූජායිදං ඵලං.

5679. දෙව්අත්බැව්හි ද මිනිස්අත් බැව්හි ද යන දෙ අත්බැව්හි සැරිසරමි. අන් ගතියකට නො යමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5680. දුවෙ කුලෙ පජායාමි ඛත‍්තියෙ අථ බ්‍රාහ‍්මණෙ, නීචෙ කුලෙ න ජායාමි බුද‍්ධපූජායිදං ඵලං.

5680. කැත් කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීචකුලයෙහි නො උපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5681. පච‍්ඡිමෙ ව භවෙ දානි ජාතො උජ‍්ජෙනියා පුරෙ, පජ‍්ජොතස‍්ස ච චණ‍්ඩස‍්ස පුරොහිතදිජාතිනො.

5681-5682. දැන් පශ්චිම වූ ම භවයෙහි උදේනි නගරයෙහි උපන්නෙම් වෙමි. චණ්ඩප්‍රද්‍යොත රජුගේ තිරිටවච්ඡ (නම්) පුරෝහිත බමුණාගේ පුත්‍ර වූයෙම් සියුම් නුවණැත්තෙම් වේදයෙහි පරතෙරට ගියෙම් වීමි. මවු තොමෝ චන්‍ද්‍රිමා නම් වූවා ය. මනා සිවිපැහැ ඇති මම කච්චාන නම් වෙමි.

5682. පුත‍්තො තිරිටවච‍්ඡස‍්ස නිපුණො වෙදපාරගූ, මාතා ච චන්‍දිමා නාම කච‍්චානොහං වරත‍්තවො.

5683. වීමංසත්‍ථං බුද‍්ධස‍්ස භූමිපාලෙන පෙසිතො, දිස‍්වා මොක‍්ඛපුරද‍්වාරං නායකං ගුණසඤ‍්චයං.

5683. බුදුරජුන් විමසනු පිණිස රජු විසින් යවන ලදුයෙම් ගුණ සමූහය වූ ලෝකනායක වූ බුදුරජුන් ද මොක්පූර දොරටුව ද දැක-

5684. සුත්‍වා ච විමලං වාක්‍යං ගතිපඞ‍්කවිසොසනං, පාපුණිං අමතං සන‍්තං සොසෙහි සහ සත‍්තහි.

5684. (සසර) ගති නමැති මඩ වියලවන්නා වූ නිර්‍මල (බුද්ධ) වචනය ද අසා (මා කැටුව ගිය) සෙසුසත් දෙනා සමග ශාන්ත වූ අමෘතයට (=නිවනට) පැමිණියෙමි.

5685. අධිප‍්පායවිදූ ජාතො සුගතස‍්ස මහාමුනෙ, ඨපිතො එතදග‍්ගෙ ච සුසමිද‍්ධමනොරථො.

5685. මහාමුනි වූ බුදුරජුන්ගේ අදහස් දන්නෙක් වීමි. මැනැවින් සමෘද්ධ වූ මනෝරථ අත්තෙම් ඒතදග්‍රස්ථානයෙහි තබනලද්දෙම් ද වීමි.

5686. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5687. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5687. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5688. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5688. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකච‍්චානො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

මහාකච‍්චානත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

මහාකච්චාන ස්ථවිරාවදානය පළමු වැනියි.