යෙදුමෙන් කියවන්න

531. මහාකච‍්චායනත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

531. මහාකච‍්චායනත්‍ථෙරඅපදානවණ‍්ණනා

531. මහාකච්චාන ථේර අපදාන වර්ණනාව

චතුපඤ‍්ඤාසමවග‍්ගෙ පඨමාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො මහාකච‍්චායනත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ ගහපතිමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වුද‍්ධිප‍්පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරා සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපියමානං එකං භික‍්ඛුං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො පණිධානං කත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ විජ‍්ජාධරො හුත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්තො එකස‍්මිං වනසණ‍්ඩෙ නිසින‍්නං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො කණිකාරපුප‍්ඵෙහි පූජං අකාසි.

පනස් සතරවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති මහා කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් සංක්‍ෂේපයෙන් දෙසන ලද දෙය විස්තර වශයෙන් අර්ථ විභජනය කරන්නවුන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක තමාද ඒ ස්ථානය ප්‍රාර්ථනා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට දානාදී පින්කම් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විද්‍යාධරයෙක්ව අහසින් යන්නේ එක් වන ලැහැබක වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කිණිහිරිමලින් පූජා කළේය.

සො තෙන පුඤ‍්ඤෙන අපරාපරං සුගතීසුයෙව පරිවත‍්තෙන‍්තො කස‍්සපදසබලස‍්ස කාලෙ බාරාණසියං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා පරිනිබ‍්බුතෙ භගවති සුවණ‍්ණචෙතියකම‍්මට‍්ඨානෙ සතසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණිට‍්ඨකාය පූජං කත්‍වා “ඉමස‍්ස නිස‍්සන්‍දෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරං මෙ සුවණ‍්ණවණ‍්ණං හොතූ”ති පත්‍ථනං අකාසි. තතො යාවජීවං කුසලකම‍්මං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ උජ‍්ජෙනියං රඤ‍්ඤො චණ‍්ඩපජ‍්ජොතස‍්ස පුරොහිතගෙහෙ නිබ‍්බත‍්ති, තස‍්ස නාමග‍්ගහණදිවසෙ මාතා “මය‍්හං පුත‍්තො සුවණ‍්ණවණ‍්ණො, අත‍්තනො නාමං ගහෙත්‍වා ආගතො”ති කඤ‍්චනමාණවොත්‍වෙව නාමං අකාසි. සො වුද‍්ධිමන්‍වාය තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන පුරොහිතට‍්ඨානං ලභි. සො ගොත‍්තවසෙන කච‍්චායනොති පඤ‍්ඤායිත්‍ථ. අථ රාජා චණ‍්ඩපජ‍්ජොතො බුද‍්ධුප‍්පාදං සුත්‍වා, “ආචරිය, තුම‍්හෙ තත්‍ථ ගන‍්ත්‍වා සත්‍ථාරං ඉධානෙථා”ති පෙසෙසි. සො අත‍්තට‍්ඨමො සත්‍ථු සන‍්තිකං උපගතො තස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි, දෙසනාපරියොසානෙ සත‍්තහි ජනෙහි සද‍්ධිං සහ පටිසම‍්භිදාහි අරහත‍්තෙ පතිට‍්ඨාසි.

හේ ඒ පින්කමින් වරින්වර සුගතීන්හිම පරිවර්තනය වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ස්වර්ණ චෛත්‍යයක් කරන ස්ථානයෙහි සියදහසක් අගනා රන් ගඩොළු ගොඩක් කොට මේ පිනින් උපනුපන් තැන මාගේ ශරීරය රන්වන් වේවායි ප්‍රාර්ථනාවක් කළේය. ඉන්පසු දිවි ඇති තාක් කුසලකර්ම කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි උදේනී නුවර චණ්ඩපජ්ජොත රජුගේ පුරෝහිතයාගේ ගෙහි උපන්නේ ය. ඔහුට නම් තබන දවසෙහි මාගේ පුත්‍රයා රන්වන් වූයේ නම ගෙනම ආයේ වනැයි කඤ්චන මාණව යනුවෙන්ම නමක් තැබීය. හේ වැඩිවිය පත්ව තුන්වේදය උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. හේ ගෝත්‍ර වශයෙන් කච්චාන යයි දන්නා ලද්දේය. චණ්ඩපජ්ජොත රජ බුදුන් උපන් බව අසා ‘ආචාර්යය, ඔබ එහි ගොස් ශාස්තෲන් වහන්සේ මෙහි වඩමවාගෙන එවයි ඔහු යැවීය. හේ තමා සත්වැනිකොට ශාස්තෲන් වහන්සේ සමීපයට ගියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. දේශනාවගේ කෙළවර මිනිසුන් සත්දෙන සමග පිළිසිඹියා සහිත රහත් බවෙහි පිහිටියේය.

සො එවං පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. අථ සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙ තාවදෙව ද‍්වඞ‍්ගුලමත‍්තකෙසමස‍්සුඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය අහෙසුං. එවං ථෙරො සදත්‍ථං නිප‍්ඵාදෙත්‍වා, “භන‍්තෙ, රාජා පජ‍්ජොතො තුම‍්හාකං පාදෙ වන්‍දිතුං ධම‍්මඤ‍්ච සොතුං ඉච‍්ඡතී”ති ආරොචෙසි. සත්‍ථා “ත්‍වංයෙව, කච‍්චාන, තත්‍ථ ගච‍්ඡ, තයි ගතෙ රාජා පසීදිස‍්සතී”ති ආහ. ථෙරො සත්‍ථු ආණාය අත‍්තට‍්ඨමො තත්‍ථ ගන‍්ත්‍වා රාජානං පසාදෙත්‍වා අවන‍්තීසු සාසනං පතිට‍්ඨාපෙත්‍වා පුන සත්‍ථු සන‍්තිකමෙව ආගතො. අත‍්තනො පුබ‍්බපත්‍ථනාවසෙන කච‍්චායනප‍්පකරණං මහානිරුත‍්තිප‍්පකරණං නෙත‍්තිප‍්පකරණන‍්ති පකරණත‍්තයං සඞ‍්ඝමජ‍්ඣෙ බ්‍යාකාසි. අථ සන‍්තුට‍්ඨෙන භගවතා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං යදිදං මහාකච‍්චානො”ති (අ· නි· 1.188, 197) එතදග‍්ගට‍්ඨානෙ ඨපිතො අග‍්ගඵලසුඛෙන විහාසීති.

උන්වහන්සේ මෙසේ පැමිණි අර්හත් ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. මෙසේ තෙරුන්වහන්සේ උතුම් අර්ථයක් නිපදවාගෙන ස්වාමීනි, පජ්ජොත රජතුමා ඔබවහන්සේගේ පාවැඳීමටත් ධර්මය ඇසීමටත් කැමැත්තේයයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ කච්චාන ඔබම එහි යන්න. ඔබ ගියකල්හි රජ පැහැදෙන්නේ යයි කී සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අණින් තමා සත්වැනි කොට එහි ගොස් රජු පහසවා අවන්ති ජනපදයෙහි සසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේගේ සමීපයට ම පැමිණි සේක. තමාගේ පූර්වකර්ම වශයෙන් කච්චායන ප්‍රකරණය, මහා නිරුත්තිප්‍රකරණය, නෙත්තිප්‍රකරණය යන ප්‍රකරණ තුන සඟමැද ප්‍රකාශ කළ සේක. ඉක්බිති සතුටට පත් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මගේ ශ්‍රාවකයන් අතර සංක්‍ෂේපයෙන් කියූ දෙය විස්තර වශයෙන් විභජනය කරන යම් කෙනෙක් වේද ඒ කච්චායන යයි අග්‍රස්ථානයෙහි තබන ලද්දාහු අග්‍රඵල සුඛයෙන් වාසය කළ සේක.

මහාකච‍්චායනත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මහාකච්චායන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

532. වක‍්කලිත්‍ථෙරඅපදානවණ‍්ණනා

532. වක්කලි ථේර අපදාන වර්ණනාව

දුතියාපදානෙ ඉතො සතසහස‍්සම‍්හීතිආදිකං ආයස‍්මතො වක‍්කලිත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු සන‍්තිකං ගච‍්ඡන‍්තෙහි උපාසකෙහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරා එකං භික‍්ඛුං සද‍්ධාධිමුත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපිතං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පණිධානං අකාසි. සත්‍ථා තස‍්ස අනන‍්තරායං දිස‍්වා බ්‍යාකරි.

දෙවැනි අපදානයෙහි ඉතොසතසහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් වක්කලී තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගිය උපාසකවරුන් සමග විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ශ්‍රද්ධාවන්තයින් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ සත්දිනක් බුදුපාමොක් භික්‍ෂු සංඝයාට මහදන් දී ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට අන්තරායක් නැති බව දැක විවරණ දුන් සේක.

සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස වක‍්කලීති නාමං කරිංසු. තත්‍ථ කලීති අපරාධතිලකාළකාදිදොසස‍්ස අධිවචනං. නිද‍්ධන‍්තසුවණ‍්ණපිණ‍්ඩසදිසතාය අපගතො බ්‍යපගතො කලි දොසො අස‍්සාති ව-කාරාගමං කත්‍වා වක‍්කලීති වුච‍්චති. සො වුද‍්ධිප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා බ්‍රාහ‍්මණසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො, සත්‍ථාරං දිස‍්වා රූපකායසම‍්පත‍්තිදස‍්සනෙන අතිත‍්තො සත්‍ථාරා සද‍්ධිංයෙව විචරති. “අගාරමජ‍්ඣෙ වසන‍්තො නිච‍්චකාලං සත්‍ථු දස‍්සනං න ලභිස‍්සාමී”ති සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා ඨපෙත්‍වා භොජනකාලං සරීරකිච‍්චකාලඤ‍්ච සෙසකාලෙ යත්‍ථ ඨිතෙන සක‍්කා දසබලං පස‍්සිතුං, තත්‍ථ ඨිතො අඤ‍්ඤං කිච‍්චං පහාය භගවන‍්තං ඔලොකෙන‍්තොයෙව විහරති. සත්‍ථා තස‍්ස ඤාණපරිපාකං ආගමෙන‍්තො බහුකාලං තස‍්මිං රූපදස‍්සනෙනෙව විචරන‍්තෙ කිඤ‍්චි අවත්‍වා පුනෙකදිවසං – “කිං තෙ, වක‍්කලි, ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන? යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සති; යො මං පස‍්සති, සො ධම‍්මං පස‍්සති. ධම‍්මඤ‍්හි, වක‍්කලි, පස‍්සන‍්තො මං පස‍්සතී”ති (සං· නි· 3.87) ආහ. සත්‍ථරි එවං වදන‍්තෙපි ථෙරො සත්‍ථු දස‍්සනං පහාය අඤ‍්ඤත්‍ථ ගන‍්තුං න සක‍්කොති. තතො සත්‍ථා, “නායං භික‍්ඛු සංවෙගං අලභිත්‍වා බුජ‍්ඣිස‍්සතී”ති වස‍්සූපනායිකදිවසෙ – “අපෙහි, වක‍්කලී”ති ථෙරං පණාමෙසි. සො සත්‍ථාරා පණාමිතො සත්‍ථු සම‍්මුඛෙ ඨාතුං අසක‍්කොන‍්තො – “කිං මය‍්හං ජීවිතෙන, යොහං සත්‍ථාරං දට‍්ඨුං න ලභාමී”ති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ පපාතට‍්ඨානං අභිරුහි? සත්‍ථා තස‍්ස තං පවත‍්තිං ඤත්‍වා – “අයං භික‍්ඛු මම සන‍්තිකා අස‍්සාසං අලභන‍්තො මග‍්ගඵලානං උපනිස‍්සයං නාසෙය්‍යා”ති අත‍්තානං දස‍්සෙත්‍වා ඔභාසං විස‍්සජ‍්ජෙන‍්තො –

හේ දිවි ඇතිතෙක් කුසල් රැස්කොට එය සමෘද්ධ වනසේ කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. ඔහුට වක්කලී යයි නමක් තැබූහ. එය කලි යනු අපරාධ තලකැලැල් ආදී දෝෂයට සමාන වචනයකි. නොසේදූ ස්වර්ණ පිණ්ඩයක් බඳු බැවින් පහව ගිය කලි දොස් මොහුට ඇත්තේනුයි වකාර ආගමයක් කොට වක්කලී යයි කියනු ලැබේ. හේ වැඩිවිය පත්වූයේ තුන්වේදය ඉගෙන බ්‍රාහ්මණ ශිල්පයන්හි නිෂ්පත්තියට ගියේ ශාස්තෲන් වහන්සේ සමගම හැසිරෙයි. ගිහිගෙයි වසන්නේ නිරන්තරයෙන් ශාස්තෲන් වහන්සේගේ දර්ශන නොලබන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව අහර වළඳන කාලය හා ශරීරකෘත්‍යය කරන කාලය හැර සෙසුකල්හි යම්තැනෙක සිට දසබලධාරීන් වහන්සේ දක්නට හැක්කේද එහි සිටියේ අනිකුත් කාර්ය හැරදමා භාග්‍යවතුන් වහන්සේ දෙසම බලමින් වාසය කරයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ ඥාන පරිපාකයට පැමිණෙමින් බොහෝ කලක් ඔහු රූප දර්ශනයෙන් හැසිරෙන කල්හි කිසිවක් නොකියා නැවත එක් දවසක් වක්කලී, මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද. වක්කලී, යමෙක් ධර්මය දකීද හේ මා දකී. වක්කලි ධර්මය දකින්නේ මා දකී’ යයි කී සේක. ශාස්තෲන් වහන්සේ මෙසේ කියද්දීත් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ දර්ශනය අත්හැර අන්තැනක යාමට නොහැක්කාහු වෙති. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ‘මේ භික්‍ෂුව සංවේගය නොලැබ අවබෝධ කර නොගන්නේ යයි වස් එළඹෙන දිනයෙහි ‘වක්කලී ඉවත්වන්නැ’යි අත දික්කළ සේක. හේ ශාස්තෲන් වහන්සේ විසින් මම එළවාදමන ලද්දේ වෙමියි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටීමට නොහැක්කේ ‘ශාස්තෲන් වහන්සේ දැකීමට නොලබමි නම් මාගේ ජීවිතයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ගිජුකුළු පවුවෙහි ප්‍රපාතස්ථානයකට නැගුණේය. ශාස්තෲන් වහන්සේ එපුවත දැන මේ භික්‍ෂුව මා සමීපයෙන් ආස්වාදයක් නොලබන්නේ මාර්ගඵලයන්ට ඇති උපනිශ්‍රය නසා ගත්තේය’යි තමන් වහන්සේ දක්වා ආලෝකයක් යවන සේක්,

“පාමොජ‍්ජබහුලො භික‍්ඛු, පසන‍්නො බුද‍්ධසාසනෙ; අධිගච‍්ඡෙ පදං සන‍්තං, සඞ‍්ඛාරූපසමං සුඛ”න‍්ති. (ධ· ප· 381) –

පාමුජ්ජ බහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ, අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං

පමුදිත බව බහුල සසුනෙහි පහන් මහණහු සකර සන්සුන් සුව ඇති - නිවන්පදයට පැමිණේ

ගාථං වත්‍වා “එහි, වක‍්කලී”ති (ධ· ප· අට‍්ඨ· 2.381) හත්‍ථං පසාරෙසි. ථෙරො “දසබලො මෙ දිට‍්ඨො, ‘එහී’ති අව‍්හායනම‍්පි ලද‍්ධ”න‍්ති බලවපීතිසොමනස‍්සං උප‍්පාදෙත්‍වා “කුතො ගච‍්ඡාමී”ති අත‍්තනො ගමනභාවං අජානිත්‍වාව සත්‍ථු සම‍්මුඛෙ ආකාසෙ පක‍්ඛන්‍දිත්‍වා පඨමෙන පාදෙන පබ‍්බතෙ ඨිතොයෙව සත්‍ථාරා වුත‍්තගාථායො ආවජ‍්ජෙන‍්තො ආකාසෙයෙව පීතිං වික‍්ඛම‍්භෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණීති අඞ‍්ගුත‍්තරට‍්ඨකථායං (අ· නි· අට‍්ඨ· 1.1.208) ධම‍්මපදවණ‍්ණනායඤ‍්ච (ධ· ප· අට‍්ඨ· 2.381 වක‍්කලිත්‍ථෙරවත්‍ථු) ආගතං.

ගාථාව වදාරා වක්කලි එන්නැයි අත දිගුකළ සේක. තෙරුන්වහන්සේ මා විසින් බුදුරජාණන් වහන්සේ දක්නා ලදහ. එන්නැයි ඇමතුමක්ද ලැබුණේයයි බලවත් ප්‍රීති සෝමනස්සයක් උපදවාගෙන කොතැනින් එමිදැයි තමාගේ පැමිණෙන ස්ථානය නොදැනම ශාස්තෲන් වහන්සේ සමීපයෙහි අහසෙහි පැන නගින්නේ පළමු පයින්ම පර්වතයෙහි සිටියේම ශාස්තෲන් වහන්සේ විසින් කියන ලද ගාථා ආවර්ජනය කරන්නේ අහසෙහිදීම ප්‍රීතිය ඔබා තබා සිව්පිළිසිඹියා සහිතව රහත් බවට පැමිණියාහු යයි අංගුත්තර අටුවාවේද ධම්මපද වර්ණනාවෙහිද පැමිණියේය.

ඉධ පන එවං වෙදිතබ‍්බං – “කිං තෙ, වක‍්කලී”තිආදිනා සත්‍ථාරා ඔවදිතො ගිජ‍්ඣකූටෙ විහරන‍්තො විපස‍්සනං පට‍්ඨපෙසි, තස‍්ස සද‍්ධාය බලවභාවතො එව විපස‍්සනා වීථිං න ඔතරති? භගවා තං ඤත්‍වා කම‍්මට‍්ඨානං සොධෙත්‍වා අදාසි. සො පුන විපස‍්සනං මත්‍ථකං පාපෙතුං නාසක‍්ඛියෙව. අථස‍්ස ආහාරවෙකල‍්ලෙන වාතාබාධො උප‍්පජ‍්ජි, තං වාතාබාධෙන පීළියමානං ඤත්‍වා භගවා තත්‍ථ ගන‍්ත්‍වා පුච‍්ඡන‍්තො –

මෙහි වනාහි මෙසේ දතයුතුයි. කිංතෙ වක්කලී යනාදි වශයෙන් ශාස්තෲන් වහන්සේ විසින් අවවාද දෙනු ලැබුවේ ගිජුකුළු පව්වෙහි වාසය කරන්නේ විදර්ශනාව එළඹවා ගත්හ. ඔහුගේ ශ්‍රද්ධාවෙහි බලවත් බැවින් මෙසේ විදර්ශනා වීථියට නොබසී. භාග්‍යවතුන් වහන්සේ එය දැන කමටහන් පිරිසිදුකොට දුන් සේක. ඉන්පසුව ඔහු විදර්ශනාව මුදුන්පත් කරගැනීමට නොහැකි වූයේමය. ඉක්බිති ඔහුට ආහාර වෙනසින් වාතාබාධයක් උපන. ඔහු වාතාබාධයෙන් පෙළෙමින් සිටින බව දැන භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකොට විචාරන සේක්,

“වාතරොගාභිනීතො ත්‍වං, විහරං කානනෙ වනෙ; පවිද‍්ධගොචරෙ ලූඛෙ, කථං භික‍්ඛු කරිස‍්සසී”ති. (ථෙරගා· 350) –

වාතරොගාභි නීතො ත්‍වං විහරං කානනෙ වනෙ, පවිට්ඨ ගොචරෙ ලූඛෙ කථං භික්ඛු කරිස්සසි

මහණකුට නුසුදුසු ගොරහැඩි වෙනෙහි වෙසෙමින්, වාත රෝගයෙන් පෙළෙමින් මහණ ඔබ කුම් කෙරෙහිද?

ආහ. තං සුත්‍වා ථෙරො –

යයි ඇසූ සේක. ඒ අසා,

“පීතිසුඛෙන විපුලෙන, ඵරමානො සමුස‍්සයං; ලූඛම‍්පි අභිසම‍්භොන‍්තො, විහරිස‍්සාමි කානනෙ.

පීතිසුඛෙන විපුලෙන ඵරමානො සමුස්සයං, ලුබම්පි අහි සම්භොන්තො විහරිස්සාමි කාන නෙ

මහා තුටු සුවයක් - පතුරුවා මුළු සිරුරෙහි කුළුඅහර වළඳමින් - වෙසෙනෙමි මහා වනයෙහි

“භාවෙන‍්තො සතිපට‍්ඨානෙ, ඉන්‍ද්‍රියානි බලානි ච; බොජ‍්ඣඞ‍්ගානි ච භාවෙන‍්තො, විහරිස‍්සාමි කානනෙ.

භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්‍ද්‍රියානි බලානිච, බොජ්ඣංගානිච භාවෙන්තො විහරිස්සාමි කානනෙ

සීවටන් පස් ඉඳුරන් - පස් බලයන්ද වඩමින්, සත් බෝ අඟ ද වඩමින් - වෙසෙනෙමි මහා වනයෙහි

“ආරද‍්ධවීරියෙ පහිතත‍්තෙ, නිච‍්චං දළ‍්හපරක‍්කමෙ; සමග‍්ගෙ සහිතෙ දිස‍්වා, විහරිස‍්සාමි කානනෙ.

ආරද්ධ විරියො පහිතත්තො නිච්චං දළ්හං පරක්කමො, සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ

ඇරඹූ විරිය ඇත්තෙමි - නිවන්මගම නහවා, නිතර දැඩි පැරකුම් වෙමි - වෙසෙමි මෙහි සගයන් දැක

“අනුස‍්සරන‍්තො සම‍්බුද‍්ධං, අග‍්ගං දන‍්තං සමාහිතං; අතන්‍දිතො රත‍්තින්‍දිවං, විහරිස‍්සාමි කානනෙ”ති. (ථෙරගා· 351-354) –

අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං, අතන්‍දිතො රත්තිං දිවං විහරිස්සාමි කානනෙ

අග දැමි සමාහිත - සම්බුදුන් සිහිකරමින්, දිව රෑ අනලස්ව - වසනෙමි මහා වනයෙහි

චතස‍්සො ගාථායො අභාසි. තාසං අත්‍ථො ථෙරගාථාවණ‍්ණනායං (ථෙරගා· අට‍්ඨ· 2.351-354) වුත‍්තොයෙව. එවං ථෙරො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි.

ගාථා හතර කීය. ඒ ගාථාවල ථෙරගාථා වර්ණනාවෙහි කියන ලද්දේම ය. මෙසේ තෙරුන් වහන්සේ විදර්ශනාව උත්සුක කරවා රහත් බවට පැමිණියහ.

සො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඉතො සතසහස‍්සම‍්හීතිආදිමාහ. තත්‍ථ ඉතොති කකුසන්‍ධාදීනං උප‍්පන‍්නභද‍්දකප‍්පතො හෙට‍්ඨා කප‍්පසතසහස‍්සමත්‍ථකෙති අත්‍ථො.

රහත්බවට පත්ව තමාගේ පෙර කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඉතො සත සහස්සම්හි’ ආදිය කීහ. එහි ඉතො යනු කකුසඳ ආදී බුදුවරුන් උපන් භද්‍රකල්පයෙන් යට කල්ප සියදහසක් මතුයෙහි යන අර්ථයි.

පදුමාකාරවදනොති සුපුප‍්ඵිතපදුමසස‍්සිරීකමුඛො. පදුමපත‍්තක‍්ඛොති සෙතපදුමපුප‍්ඵපණ‍්ණසදිසඅක‍්ඛීති අත්‍ථො.

පදුමාකරවදනො යනු මනා සේ පිපුණු පියුමක සිරිය ඇති මුහුණ. පදුමපක්කක්ඛො යනු සුදු පියුම් පෙති හා සමාන ඇස් යන අර්ථයි.

පදුමුත‍්තරගන්‍ධොවාති පදුමගන්‍ධමුඛොති අත්‍ථො.

පදුමුත්තරගන්‍ධොච යනු පියුම් සුවඳ ඇති මුඛය යන අර්ථයි.

අන්‍ධානං නයනූපමොති චක‍්ඛුවිරහිතානං සත‍්තානං නයනසදිසො, ධම‍්මදෙසනාය සබ‍්බසත‍්තානං පඤ‍්ඤාචක‍්ඛාදිචක‍්ඛුදායකොති අත්‍ථො. සන‍්තවෙසොති සන‍්තසභාවො සන‍්තඉරියාපථො. ගුණනිධීති ගුණානං නිධි, සබ‍්බගුණගණානං නිධානට‍්ඨානභූතොති අත්‍ථො. කරුණාමතිආකරොති සාධූනං චිත‍්තකම‍්පනසඞ‍්ඛාතාය කරුණාය ච අත්‍ථානත්‍ථමිනනපරිච‍්ඡින‍්නමතියා ච ආකරො ආධාරභූතො.

අන්‍ධානං නයනූපමො යනු ඇස් නැති සත්ත්වයන්ට ඇසක් වැනි දහම් ඇසීමට සියලු සත්ත්වයන්ට ප්‍රඥා චක්‍ෂුස ආදී ඇස් දෙන්නේ යන අර්ථයි. සන්ත වෙසො යනු සංසුන් බව සංසුන් ඉරියව් ඇත්තේ ගුණනිධී යනු ගුණයන්ට නිධානයක් වූයේ, සියලු ගුණ සමූහයන්ට තබන ස්ථානයක් වූයේ යන අර්ථයි. කරුණාමති ආකරො යනු සාධූන්ගේ සිත් කම්පාකිරීම් සංඛ්‍යාත කරුණාවෙන් පිරිසිදු වූ අදහසට ද ආකරො ආකාර වූයේ.

බ්‍රහ‍්මාසුරසුරච‍්චිතොති බ්‍රහ‍්මෙහි ච අසුරෙහි ච දෙවෙහි ච අච‍්චිතො පූජිතොති අත්‍ථො.

බ්‍රහ්මාසුර සුරච්චිතො යනු බ්‍රහ්මයන් විසින් ද අසුරයන් විසින් ද දෙවියන් විසින් ද අච්චිතො පුදන ලද්දේ යන අර්ථයි.

මධුරෙන රුතෙන චාති කරවීකරුතමධුරෙන සද‍්දෙන සකලං ජනං රඤ‍්ජයන‍්තීති සම‍්බන්‍ධො. සන්‍ථවී සාවකං සකන‍්ති අත‍්තනො සාවකං මධුරධම‍්මදෙසනාය සන්‍ථවී, ථුතිං අකාසීති අත්‍ථො.

මධුරෙන රුත්තෙච යනු කෝකිලයන් විසින් කරන ලද මිහිරි හඬින් සියලු ජනයා රංජනය කරත් යනු සම්බන්ධයි. සත්‍ථවී සාවකං සකං යනු තමාගේ ශ්‍රාවකයාට මධුර ධර්ම දේශනාවෙන් සත්‍ථවි ස්තුති කළ සේක යන අර්ථයි.

සද‍්ධාධිමුත‍්තොති සද‍්දහනසද‍්ධාය සාසනෙ අධිමුත‍්තො පතිට‍්ඨිතොති අත්‍ථො. මම දස‍්සනලාලසොති මය‍්හං දස‍්සනෙ බ්‍යාවටො තප‍්පරො.

සද්ධාධිමුත්තො යනු අදහන ශ්‍රද්ධාවෙන් සසුනෙහි අධිමුත්තො පිහිටියේය යන අර්ථයි. මම දස්සන ලාලසො යනු මා දැක්මෙහි ව්‍යාවෘත වූයේ ඇලුණේ.

තං ඨානමභිරොචයින‍්ති තං සද‍්ධාධිමුත‍්තට‍්ඨානන‍්තරං අභිරොචයිං, ඉච‍්ඡිං පත්‍ථෙසින‍්ති අත්‍ථො.

තංඨානම්හි රොචයිං යනු ඒ ශ්‍රද්ධාධිමුක්ත තනතුර අභිරොවයිං කැමති වීම් ප්‍රාර්ථනා කෙළෙමි යන අර්ථයි.

පීතමට‍්ඨනිවාසනන‍්ති සිලිට‍්ඨසුවණ‍්ණවණ‍්ණවත්‍ථෙ නිවත්‍ථන‍්ති අත්‍ථො. හෙමයඤ‍්ඤොපචිතඞ‍්ගන‍්ති සුවණ‍්ණපාමඞ‍්ගලග‍්ගිතගත‍්තන‍්ති අත්‍ථො.

පීත හෙමයඤ්ඤොපවිතඞ්හං යනු රන් අත්පා ඇති සිරුර යන අර්ථයි.

නොනීතසුඛුමාලං මන‍්ති නවනීතමිව මුදුතලුණහත්‍ථපාදං. ජාතපල‍්ලවකොමලන‍්ති අසොකපල‍්ලවපත‍්තකොමලමිව මුදුකන‍්ති අත්‍ථො. පිසාචීභයතජ‍්ජිතාති තදා එවංභූතං කුමාරං මං අඤ‍්ඤා පිසාචී එකා රක‍්ඛසී භයෙන තජ‍්ජෙසි භිංසාපෙසීති අත්‍ථො. තදා මහෙසිස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පාදමූලෙ මං සායෙසුං නිපජ‍්ජාපෙසුං. දීනමානසා භීතචිත‍්තා මම මාතාපිතරො ඉමං දාරකං තෙ දදාම, ඉමස‍්ස සරණං පතිට‍්ඨා හොතු නාථ නායකාති සම‍්බන්‍ධො.

නොනීත සුබුමාලංමං යනු නවතීත මෙන් මෘදු තරුණ අත්පා උපන්පා ජාතපල්ලව කොමලං යනු අසෝක දලු කොළවල ඇති කෝමල බව මෙන් මෘදු වූ යන අර්ථයි. පිසාචීභය තජ්ජිතා යනු එකල්හි මෙසේ වූ කුමාර වූ මා අඤ්ඤාපිසාචී එක් රාක්‍ෂසියක් භයෙන් තර්ජනය කළාය යන අර්ථයි. එකල්හි මහේසී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාමුල මා සයෙස්‍යුං තැබූහ. දීනමානසා බියට පත් සිත් ඇති මාගේ මව්පියෝ මේ දරුවා ඔබට දෙමුයි මොහුගේ සරණ ප්‍රතිෂ්ඨාව වේවායි නිදි කරවූහ යනු සම්බන්ධයි.

තදා පටිග‍්ගහි සො මන‍්ති සො භගවා තදා තස‍්මිං මම මාතුයා දින‍්නකාලෙ ජාලිනා ජාලයුත‍්තෙන සඞ‍්ඛාලකෙන චක‍්කලක‍්ඛණාදීහි ලක‍්ඛිතෙන මුදුකොමලපාණිනා මුදුකෙන විසුද‍්ධෙන හත්‍ථතලෙන මං අග‍්ගහෙසීති අත්‍ථො.

තදා පටිග්ගහී සො මං යනු ඒ භාග්‍යවතුන් වහන්සේ මාගේ මව වියපත් කල්හි ජාලිනා දැල් නූලෙන්. සඞ්ඛලඞ්කෙන චක්‍ර ලක්‍ෂණ ආදියෙන් ලක්‍ෂණ වූ. මුදුකොමල පාණිනා යනු මෘදුවූ වෙනස් වූ අත්ලෙන් මා අල්ලා ගත්තේය යන අර්ථයි.

සබ‍්බපාරමිසම‍්භූතන‍්ති සබ‍්බෙහි දානපාරමිතාදීහි සම‍්භූතං ජාතං. නීලක‍්ඛිනයනං වරං පුඤ‍්ඤසම‍්භාරජං උත‍්තමනීලඅක‍්ඛිවන‍්තං. සබ‍්බසුභාකිණ‍්ණං සබ‍්බෙන සුභෙන වණ‍්ණෙන සණ‍්ඨානෙන ආකිණ‍්ණං ගහනීභූතං රූපං භගවතො හත්‍ථපාදසීසාදිරූපං දිස‍්වාති අත්‍ථො, තිත‍්තිං අපත‍්තො විහරාමි අහන‍්ති සම‍්බන්‍ධො.

සබ්බපාරමී සම්භූතං යනු සියලු දාන පාරමිතාදියෙන් සම්භූතං උපන්. ලක්ඛිනිලයනං පරං යනු පුණ්‍ය සම්භාරයෙන් උපන් උතුම් වූ පෙර පින් ඇති සබ්බ සුභාකිණ්ණං සියලු සුභෙන වණ්ණෙන සලකුණුවලින් ආකිණ්ණං ගහණ වූ භාග්‍යවතුන් වහන්සේගේ අත්පා හිස් ආදී රූපය දැක අතිත්තො තෘප්තියට නොපැමිණියේ මම වසමි යන සම්බන්ධයි.

තදා මං චරණන‍්තගොති තස‍්මිං මය‍්හං අරහත‍්තං පත‍්තකාලෙ සීලාදිපන‍්නරසන‍්නං චරණධම‍්මානං අන‍්තගො, පරියොසානප‍්පත‍්තො පරිපූරකාරීති අත්‍ථො. “මරණන‍්තගො”තිපි පාඨො. තස‍්ස මරණස‍්ස අන‍්තං නිබ‍්බානං පත‍්තොති අත්‍ථො. සද‍්ධාධිමුත‍්තානං අග‍්ගං පඤ‍්ඤපෙසීති සම‍්බන්‍ධො. අථ සත්‍ථා භික‍්ඛුසඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං සද‍්ධාධිමුත‍්තානං යදිදං, වක‍්කලී”ති (අ· නි· 1.198, 208) මං එතදග‍්ගට‍්ඨානෙ ඨපෙසීති වුත‍්තං හොති. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

තදා පණ්ණරසන්තගො යනු ඒ මා රහත් බවට පත්වූ කාලයෙහි ශීල ආදී පසළොස් චරණ ධර්මයන්ගේ අන්තගො කෙළවරට පැමිණියේ. සම්පූර්ණ කළ තැනැත්තේ යන අර්ථයි. මරණන්තගො යනුවෙන්ද පාඨයකි. ඒ මරණයාගේ අන්තං නිවනට පැමිණියේය යන අර්ථයි. ශ්‍රද්ධාවෙන් බර වූවන්ගේ අග්‍රස්ථානය පෙන්වීය යනු සම්බන්ධයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහුන් සේක් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර ශ්‍රද්ධාධිමුක්ත වූ යමෙක් අග්‍රවේද ඒ වක්කලී’ යයි මා අග්‍රස්ථානයෙහි තැබූ සේකැයි කියන ලද්දේ වෙයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

වක‍්කලිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

වක්කලී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.