533. මහාකප්පිනත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
533. මහාකප්පිනත්ථෙරඅපදානවණ්ණනා
533. මහාකප්පින ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො කප්පිනත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්වා සත්ථු සන්තිකෙ ධම්මදෙසනං සුණන්තො සත්ථාරා එකං භික්ඛුං ඔවාදකානං අග්ගට්ඨානෙ ඨපිතං දිස්වා අධිකාරකම්මං කත්වා තං ඨානන්තරං පත්ථෙසි.
පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක භික්ෂූන්ට අවවාද දෙන්නවුන් අතර අගතන්හි තබනු දැක ගරුබුහුමන් කොට ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.
සො තත්ථ යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො බාරාණසිතො අවිදූරෙ එකස්මිං පෙසකාරගාමෙ ජෙට්ඨපෙසකාරගෙහෙ නිබ්බත්තො තදා සහස්සමත්තා පච්චෙකබුද්ධා හිමවන්තෙ අට්ඨ මාසෙ වසිත්වා වස්සිකෙ චත්තාරො මාසෙ ජනපදෙ වසන්ති. තෙ එකවාරං බාරාණසියා අවිදූරෙ ඔතරිත්වා “සෙනාසනං කරණත්ථාය හත්ථකම්මං යාචථා”ති රඤ්ඤො සන්තිකං අට්ඨ පච්චෙකබුද්ධෙ පහිණිංසු. තදා පන රඤ්ඤො වප්පමඞ්ගලං අහොසි. සො “පච්චෙකබුද්ධා කිර ආගතා”ති සුත්වා නික්ඛමිත්වා ආගතකාරණං පුච්ඡිත්වා “අජ්ජ, භන්තෙ, ඔකාසො නත්ථි ස්වෙ අම්හාකං වප්පමඞ්ගලං , තතියදිවසෙ කරිස්සාමා”ති වත්වා පච්චෙකබුද්ධෙ අනිමන්තෙත්වාව පාවිසි. පච්චෙකබුද්ධා “අඤ්ඤං ගාමං පවිසිස්සාමා”ති පක්කමිංසු.
හේ දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ බරණැසට නුදුරෙහි එක් පෙහෙරගමක දෙටු පෙහෙකරුගේ ගෙහි උපන්නේය. එකල්හි දහසක් පමණ පසේබුදුවරු හිමවතෙහි අටමාසයක් වැස වස් කාලයෙහි සාරමසක් ජනපදයෙහි වසති. උන්වහන්සේලා එක්වරක් බරණැස නුදුරෙහි බැස සෙනසුන් පිළියෙල කරනු පිණිස අත්කම් ඉල්වවයි රජුගේ සමීඵයට පසේ බුදුවරුන් අටනමක් යැවූහ. එකල්හි වනාහි රජුගේ වප්මඟුල වෙයි. රජ තෙමේ පසේබුදුවරු වැඩියහයි අසා නික්ම පැමිණි කරුණ විමසා ‘ස්වාමීනි, අද අවකාශයක් නැත. හෙට අපගේ වප්මගුලය. තෙවැනි දවසෙහි කරන්නෙමියි පසේ බුදුවරුනට කීය. පසේ බුදුවරු වෙනත් ගමකට පිවිසෙන්නමුයි ගියහ.
තස්මිං සමයෙ ජෙට්ඨපෙසකාරස්ස භරියා කෙනචිදෙව කරණීයෙන බාරාණසිං ගච්ඡන්තී තෙ පච්චෙකබුද්ධෙ දිස්වා වන්දිත්වා, “කිං, භන්තෙ, අවෙලාය අය්යා ආගතා”ති පුච්ඡි. තෙ ආදිතො පට්ඨාය කථෙසුං. තං සුත්වා සද්ධාසම්පන්නා බුද්ධිසම්පන්නා ඉත්ථී “ස්වෙ, භන්තෙ, අම්හාකං භික්ඛං ගණ්හථා”ති නිමන්තෙසි. “බහුකා මයං, භගිනී”ති. “කිත්තකා, භන්තෙ”ති? “සහස්සමත්තා, භගිනී”ති. “භන්තෙ, ඉමස්මිං නො ගාමෙ සහස්සමත්තා වසිම්හා, එකෙකො එකෙකස්ස භික්ඛං දස්සති, භික්ඛං අධිවාසෙථ, අහමෙව වො වසනට්ඨානං කාරාපෙස්සාමී”ති ආහ. පච්චෙකබුද්ධා අධිවාසෙසුං.
එසමයෙහි දෙටු පෙහෙකරුගේ බිරිය කිසියම් කටයුත්තක් සඳහා බරණැසට යන්නී ඒ පසේබුදුවරුන් දැක වැඳ ‘ස්වාමීනි, අවෙලාවෙහි ආර්යයන් වහන්සේලා වැඩියේ කුමක් නිසාදැයි ඇසුවාය. උන්වහන්සේලා මුලසිට කථාව කියූහ. ඒ අසා සැදැහැවත් බුද්ධිමත් ස්ත්‍රිය ‘ස්වාමීනි, හෙට අපගේ භික්ෂාව ගනු මැනැවැයි ආරාධනා කළාය. ‘නැගණියනි, අපි බොහෝ දෙනෙකි. කොපමණක්ද ස්වාමීනි? නැගණියනි දහසක් පමණ. ‘ස්වාමීනි, අපගේ ගමෙහි දහසක් පමණ දෙන වසති. එක් එක්කෙනා එක් එක් නමකට භික්ෂාව දෙන්නේය. ඉවසා වදාළ මැනව. ඔබවහන්සේලාගේ වසන ස්ථානය මම ම කරවන්නෙමි’යි කීවාය. පසේබුදුවරු ඉවසා වදාළහ.
සා ගාමං පවිසිත්වා උග්ඝොසෙසි – “අම්මතාතා, අහං සහස්සමත්තෙ පච්චෙකබුද්ධෙ දිස්වා නිමන්තෙසිං, අය්යානං නිසීදනට්ඨානං සංවිදහථ, යාගුභත්තාදීනි සම්පාදෙථා”ති ගාමමජ්ඣෙ මණ්ඩපං කාරාපෙත්වා ආසනානි පඤ්ඤාපෙත්වා පුනදිවසෙ පච්චෙකබුද්ධෙ නිසීදාපෙත්වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්වා භත්තකිච්චපරියොසානෙ තස්මිං ගාමෙ සබ්බා ඉත්ථියො ආදාය තාහි සද්ධිං පච්චෙකබුද්ධෙ වන්දිත්වා තෙමාසං වසනත්ථාය පටිඤ්ඤං ගණ්හිත්වා පුන ගාමෙ උග්ඝොසෙසි – “අම්මතාතා, එකෙකකුලතො එකෙකපුරිසො වාසිඵරසුආදීනි ගහෙත්වා අරඤ්ඤං පවිසිත්වා දබ්බසම්භාරෙ ආහරිත්වා අය්යානං වසනට්ඨානං කරොතූ”ති. ගාමවාසිනො තස්සායෙව වචනං සුත්වා එකෙකො එකෙකං කත්වා සද්ධිං රත්තිදිවාට්ඨානෙහි පණ්ණසාලසහස්සං නිට්ඨාපෙත්වා අත්තනො අත්තනො පණ්ණසාලායං උපගතං පච්චෙකබුද්ධං “අහං සක්කච්චං උපට්ඨහිස්සාමි, අහං සක්කච්චං උපට්ඨහිස්සාමී”ති වත්වා උපට්ඨහිංසු. සා වස්සංවුට්ඨකාලෙ “අත්තනො අත්තනො පණ්ණසාලාය වස්සංවුට්ඨානං පච්චෙකබුද්ධානං චීවරසාටකෙ සජ්ජෙථා”ති සමාදපෙත්වා එකෙකස්ස සහස්ස සහස්සමූලං චීවරං දාපෙසි. පච්චෙකබුද්ධා වුට්ඨවස්සා අනුමොදනං කත්වා පක්කමිංසු. ගාමවාසිනොපි ඉදං පුඤ්ඤකම්මං කත්වා තතො චුතො තාවතිංසදෙවලොකෙ නිබ්බත්තිත්වා ගණදෙවතා නාම අහෙසුං.
ඈ ගමට පිවිස උද්ඝෝෂණය කළාය. අම්මේ තාත්තේ, මම දහසක් පමණ පසේබුදුවරුන් දැක ආරාධනා කෙළෙමි. ආර්යයන් වහන්සේලාට වැඩසිටිනා තැන් සංවිධාන කරවු. කැඳ බත් ආදිය සම්පාදනය කරවුයි ගම්මැද මණ්ඩපයක් කරවා ආසන පනවා දෙවැනි දවසෙහි පසේ බුදුවරුන් වඩාහිඳවා ප්‍රණීත ආහාර පානයෙන් වළඳවා බත්කිස අවසන්හි එගම සියලු ස්ත්‍රීන් ගෙන ඔවුන් සමග පසේබුදුවරුන් වැඳ තෙමසක් වසනු සඳහා ප්‍රතිඥාවක් ගෙන නැවත ගමෙහි උද්ඝෝෂණය කළාය. ‘අම්මේ තාත්තේ එක් එක් පවුලකින් එක් එක් පුරුෂයෙක් පිහියා පොරෝ ආදිය ගෙන කැලෑවට පිවිස දැව ගොඩක් ගෙනවුත් ආර්යයන් වහන්සේලාට වසනස්ථානය කරනු මැනවැයි. ගම්වැසියෝ ඇයගේ නියෝගයෙහි පිහිටා එක් එක්කෙනා එක් එක් වසනස්ථානය කොට රාත්‍රීස්ථාන දිවාස්ථාන ආදිය සමග පන්සල් දහසක් නිමවා නැවත තමාගේ පන්සලට පැමිණි පසේ බුදුරජාණන් වහන්සේට ‘මම සකසා උපස්ථාන කරන්නෙමි. මම සකසා උපස්ථාන කරන්නෙමි’යි කියා උපස්ථාන කළහ. ඈ වස් වැසිකල්හි තම තමාගේ පන්සලෙහි වස් විසූ පසේ බුදුවරුන්ට සිවුරු රෙදි පිළියෙල කරවයි එකඟ කරවාගෙන එක් එක් පසේ බුදුරජාණන් වහන්සේට දහසක් වටනා සිවුරක් දෙවුවාය. පසේබුදුවරු විසූ වස් ඇත්තාහු අනුමෝදනා කොට වැඩියාහුය. ගම්වැසියෝ ද මේ පින්කම කොට ඉන්පසුව තව්තිසා දෙව්ලොව ඉපිද ගණ දේවතා නම් වූහ.
තෙ තත්ථ දිබ්බසම්පත්තිං අනුභවිත්වා කස්සපසම්මාසම්බුද්ධකාලෙ කුටුම්බිකගෙහෙසු නිබ්බත්තිංසු. පුබ්බෙ ජෙට්ඨකපෙසකාරො ජෙට්ඨකකුටුම්බිකස්ස පුත්තො අහොසි. භරියාපිස්ස එකස්ස ජෙට්ඨකකුටුම්බිකස්ස ධීතා අහොසි. සෙසානං භරියායො සෙසකුටුම්බිකානං ධීතරො අහෙසුං, තා සබ්බාපි වයප්පත්තා පරකුලං ගච්ඡන්තියො තෙසං තෙසංයෙව ගෙහානි අගමංසු. අථෙකදිවසං විහාරෙ ධම්මස්සවනෙ සඞ්ඝුට්ඨෙ “සත්ථා ධම්මං දෙසෙස්සතී”ති සුත්වා තෙ සබ්බෙපි කුටුම්බිකා “ධම්මං සොස්සාමා”ති භරියාහි සද්ධිං විහාරං අගමංසු. තෙසං විහාරමජ්ඣං පවිට්ඨක්ඛණෙ වස්සං වස්සි. යෙසං කුලූපකා වා ඤාතිසාමණෙරාදයො වා අත්ථි, තෙ තෙසං පරිවෙණාදීනි පවිසිංසු. තෙ පන තථාරූපානං නත්ථිතාය කත්ථචි පවිසිතුං අවිසහන්තා විහාරමජ්ඣෙයෙව අට්ඨංසු. අථ නෙ ජෙට්ඨකකුටුම්බිකො ආහ – “පස්සථ, භො, අම්හාකං විප්පකාරං, කුලපුත්තෙහි නාම එත්තකෙන ලජ්ජිතුං යුත්ත”න්ති. “අය්ය, කිං කරොමා”ති? “මයං විස්සාසිකට්ඨානස්ස අභාවෙන ඉමං විප්පකාරං පත්තා, සබ්බෙ ධනං සංහරිත්වා පරිවෙණං කරිස්සාමා”ති. “සාධු, අය්යා”ති ජෙට්ඨකො සහස්සං අදාසි. සෙසා පඤ්ච පඤ්ච සතානි. ඉත්ථියො අඩ්ඪතෙය්යානි අඩ්ඪතෙය්යානි සතානි. තෙ තං ධනං ආහරිත්වා සහස්සකූටාගාරපරිවාරං සත්ථු වසනත්ථාය මහාපරිවෙණං නාම කාරාපෙසුං. නවකම්මස්ස මහන්තතාය ධනෙ අප්පහොන්තෙ පුබ්බෙ දින්නධනතො පුන උපඩ්ඪූපඩ්ඪං අදංසු. නිට්ඨිතෙ පරිවෙණෙ විහාරමහං කරොන්තා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස සත්තාහං මහාදානං දත්වා වීසතියා භික්ඛුසහස්සානං චීවරානි සජ්ජයිංසු.
ඔවුහු එහි දිව්‍ය සම්පත් අනුභව කොට කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කෙළෙඹි ගෙයක උපන්හ. පෙර දෙටු පෙහෙකරු දෙටු කෙළෙඹියාගේ පුත්‍රයා විය. ඔහුගේ බිරියද එක් දෙටු කෙළඹියකුගේ දුවය. සේසන්ගේ භාර්යාවරු සෙසු කෙළෙඹියන්ගේ දූවරු වූහ. ඒ සියල්ලෝම වැඩිවිය පත්වූවෝ අන් කුලයට යන්නාහු තමතමන්ගේම ගෙවල් විය. ඉක්බිති එක්දවසක් විහාරයෙහි ධර්මශ්රවණය දැන්වූ කල්හි ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කරතියි අසා ඒ සියලුම කෙළෙඹියෝ දහම් අසන්නෙමුයි භාර්යාවන් සමග විහාරයට ගියහ. ඔවුන් වෙහෙර මැදට පිවිසි කෙණෙහි වැස්සක් වැස්සේය. සෙසු ජනයෝ කුලුපග වූ ඥාති සාමණේර ආදීන්ගේ පිරිවෙන් ආදියට පිවිසියාහුය. ඔවුන්ට එබන්දවුන් නැති බැවින් කිසිතැනකට පිවිසෙන්ට නොහැක්කාහු වෙහෙර මැදම සිටියාහුය. ඉක්බිති දෙටු කෙළෙඹියා මෙසේ කීය. ‘පින්වතුනි බලවු. අපගේ වෙනස. කුලපුත්‍රයෙක් නම් මෙපමණකින් ලජ්ජා විය යුතුයි. ආර්යය, කුමක් කරමුද. විශ්වාස වූ තැනක් නැති බැවින් අපි මෙබඳු වෙනසකට පැමිණියෝ වෙමු. සියලු ධනය ගෙනවුත් පිරිවෙනක් කරන්නෙමු. ‘ආර්යය මැනවැයි දෙටු කෙළෙඹියා දහසක් දුන්නේ ය. සෙස්සෝ පන්සියය පන්සියය බැගින් දුන්හ. ස්ත්‍රීහු ඉන් අඩ බැගින් දුන්හ. ඔවුහු ධනය ගෙනවුත් දහසක් කුළුගෙවල් පිරිවරකොට ඇතිව ශාස්තෲන් වහන්සේට වැඩවසනු පිණිස මහා පිරිවෙනක් කරවූහ. නවකම් මහත් බැවින් ධනය ප්‍රමාණවත් නොවන කල්හි කලින් දුන් ධනයෙන් අඩක් බැගින් දුන්හ. පිරිවෙන නිමි කල්හි විහාර උත්සවය කරන්නාහු බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට සත්දිනක් මහදන් දී විසිදහසක් භික්ෂූන්ට සිවුරු පිළියෙල කළහ.
ජෙට්ඨකකුටුම්බිකස්ස පන භරියා අත්තනො පඤ්ඤාය ඨිතා අහං තෙහි සමකං අකත්වා අතිරෙකතරං කත්වා “සත්ථාරං පූජෙස්සාමී”ති අනොජපුප්ඵවණ්ණෙන සහස්සමූලෙන සාටකෙන සද්ධිං අනොජපුප්ඵචඞ්කොටකං ගහෙත්වා සත්ථාරං අනොජපුප්ඵෙහි පූජෙත්වා තං සාටකං සත්ථු පාදමූලෙ ඨපෙත්වා, “භන්තෙ, නිබ්බත්තනිබ්බත්තට්ඨානෙ අනොජපුප්ඵවණ්ණංයෙව මෙ සරීරං හොතු, අනොජාත්වෙව ච නාමං හොතූ”ති පත්ථනං අකාසි. සත්ථා “එවං හොතූ”ති අනුමොදනං අකාසි. තෙ සබ්බෙපි යාවතායුකං ඨත්වා තතො චුතා දෙවලොකෙ නිබ්බත්තිංසු. තෙ ඉමස්මිං බුද්ධුප්පාදෙ දෙවලොකා චවිත්වා ජෙට්ඨකො කුක්කුටවතීනගරෙ රාජකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො මහාකප්පිනරාජා නාම අහොසි. සෙසා අමච්චකුලෙසු නිබ්බත්තිංසු. ජෙට්ඨකස්ස භරියා මද්දරට්ඨෙ සාකලනගරෙ රාජකුලෙ නිබ්බත්ති අනොජපුප්ඵවණ්ණමෙවස්සා සරීරං අහොසි, තෙන අනොජාත්වෙවස්සා නාමං අකංසු, සා වයප්පත්තා මහාකප්පිනරඤ්ඤො ගෙහං ගන්ත්වා අනොජාදෙවීති පාකටා අහොසි.
දෙටු කෙළෙඹියාගේ භාර්යාව ප්‍රඥාවෙන් සිටියා ‘මම ඔවුන්ට සමාන වූවක් නොකොට අතිරේක වූ යමක් කොට ශාස්තෲන් වහන්සේ පුදන්නෙමියි කටකරඬු මල් පැහැති දහසක් වටනා සළුවක් සමග කටුකරඬුමල් ගොටුවක් ගෙන ශාස්තෲන් වහන්සේ අනෝජ (කටුකරඬු) මලින් පුදා ඒ සළුව ශාස්තෲන් වහන්සේගේ පාමුල තබා ‘ස්වාමීනි, උපනුපන් තැන මාගේ සිරුර අනෝජමල් පැහැ වේවා. මාගේ නම අනෝජා නම් ම වේවායි ප්‍රාර්ථනාවක් කළාය. ශාස්තෲන් වහන්සේ එසේ වේවායි අනුමෝදනා කළ සේක. ඒ සියලු දෙනම දිවි ඇතිතාක් සිට එයින් චුත වූවාහු දෙව්ලොව උපන්හ. ඔවුහු මේ බුද්ධෝත්පාද කාලයෙහි දෙව්ලොවින් චුතව ජ්‍යෙෂ්ඨයා කුක්කුටවතී නගරයෙහි රජකුලයෙහි ඉපිද දැනමිති බවට පැමිණ කප්පින රජනම් විය. සේසසෝ අමාත්‍ය කුලයෙහි උපන්හ. ජ්‍යෙෂ්ඨයාගේ භාර්යාව මගධ රට සාගල නුවර රජකුලයෙහි උපන්නාය. ඇයගේ සිරුර අනෝජමල් පැහැම විය. ඒ නිසා ඇයට අනෝජාදේවී යයි නමක් තැබූහ. ඈ වැඩිවිය පත්වූවා කප්පින රජුගේ ගෙට ගොස් අනෝජා දේවීයයි ප්‍රකට වූවාය.
සෙසිත්ථියොපි අමච්චකුලෙසු නිබ්බත්තිත්වා වයප්පත්තා තෙසංයෙව අමච්චපුත්තානං ගෙහානි අගමංසු. තෙ සබ්බෙපි රඤ්ඤො සම්පත්තිසදිසං සම්පත්තිං අනුභවිංසු. යදා හි රාජා අලඞ්කාරපටිමණ්ඩිතො හත්ථිං අභිරුහිත්වා විචරති, තදාපි තෙ තථෙව විචරන්ති. තස්මිං අස්සෙන වා රථෙන වා විචරන්තෙ තෙපි තථෙව විචරන්ති. එවං තෙ එකතො හුත්වා කතානං පුඤ්ඤානං බලෙන එකතොව සම්පත්තිං අනුභවිංසු. රඤ්ඤො පන වාලො, වාලවාහනො, පුප්ඵො, පුප්ඵවාහනො, සුපත්තොති පඤ්චෙව අස්සා හොන්ති. තෙසු රාජා සුපත්තං අස්සං සයං ආරොහති, ඉතරෙ චත්තාරො අස්සෙ අස්සාරොහානං සාසනාහරණත්ථාය අදාසි. රාජා තෙ පාතොව භොජෙත්වා “ගච්ඡථ , භණෙ, ද්වෙ වා තීණි වා යොජනානි ආහිණ්ඩිත්වා බුද්ධස්ස වා ධම්මස්ස වා සඞ්ඝස්ස වා උප්පන්නභාවං සුත්වා මය්හං සුඛසාසනං ආරොචෙථා”ති පෙසෙසි. තෙ චතූහි ද්වාරෙහි නික්ඛමිත්වා ද්වෙ තීණි යොජනානි ආහිණ්ඩිත්වා කිඤ්චි සාසනං අලභිත්වාව පච්චාගමිංසු.
සෙසු ස්ත්‍රීහුද අමාත්‍ය කුලයෙහි ඉපිද වැඩිවිය පත්වූවාහු ඒ අමාත්‍ය පුත්‍රයන්ගේ ගෙවලට ගියාහුය. ඒ සියලුදෙනම රජුගේ සම්පත් සමාන සම්පත් අනුභව කළාහුය. යම්කලෙක රජ තෙමේ අලංකාරයෙන් යුතුව ඇතිපිට නැගී හැසිරේද, කල්හි ඔවුහු එසේම හැසිරෙති. මෙසේ ඔවුන් එක්ව කළ පින්වල විපාකයෙන් එක්වම සම්පත් අනුභව කළහ. රජුට වාළය, වාළවාහනය, පුෂ්පය, පුෂ්ප වාහනය සුපත්‍ර යයි අශ්වයෝ පස්දෙනෙක් වෙති. ඔවුන් අතරින් රජ සුපත්‍ර අසුගේ පිට නගියි. ඉතිරි සතරදෙන අසරුවන්ගේ හසුන් ගැනීම පිණිස දුන්නේය. රජතෙමේ උදෑසනම ඔවුන්ට කෑම දෙවා, කොල්ලනි, යමු. යොදුන් දෙකතුනක් ඇවිද බුදුන් හෝ දහම් හෝ සඟුන් හෝ උපන් බව අසා මට සුවහසුනක් දන්වවු යයි යැවීය. ඔව්හු සිව්දොරින් නික්ම දෙතුන් යොදුනක් ඇවිද කිසිදු හසුනක් නොලැබ ආපසු පැමිණියාහුය.
අථෙකදිවසං රාජා සුපත්තං ආරුහිත්වා අමච්චසහස්සපරිවුතො උය්යානං ගච්ඡන්තො කිලන්තරූපෙ පඤ්චසතමත්තෙ වාණිජකෙ නගරං පවිසන්තෙ දිස්වා “ඉමෙ අද්ධානකිලන්තා, අද්ධො ඉමෙසං සන්තිකා එකං භද්දකං සාසනං සොස්සාමී”ති තෙ පක්කොසාපෙත්වා “කුතො ආගතත්ථා”ති පුච්ඡි. “අත්ථි, දෙව, ඉතො වීසතියොජනසතමත්ථකෙ සාවත්ථි නාම නගරං, තතො ආගතම්හා”ති. “අත්ථි පන වො දෙසෙ කිඤ්චි සාසනං උප්පන්න”න්ති. “දෙව, අඤ්ඤං කිඤ්චි නත්ථි, සම්මාසම්බුද්ධො උප්පන්නො”ති. රාජා තාවදෙව බලවපීතියා ඵුට්ඨසරීරො කිඤ්චි සල්ලක්ඛෙතුං අසක්කොන්තො මුහුත්තං වීතිනාමෙත්වා පන, “තාතා, කිං වදෙථා”ති පුච්ඡි. “බුද්ධො, දෙව, උප්පන්නො”ති. රාජා දුතියම්පි තතියම්පි තථෙව වීතිනාමෙත්වා චතුත්ථවාරෙ “කිං වදෙථ, තාතා”ති පුච්ඡිත්වා “බුද්ධො උප්පන්නො”ති වුත්තෙ, “තාතා, සුඛසාසනසවනාය සතසහස්සං වො දම්මී”ති වත්වා “අපරම්පි කිඤ්චි සාසනං අත්ථි, තාතා”ති පුච්ඡි. “අත්ථි, දෙව, ධම්මො උප්පන්නො”ති. රාජා තම්පි සුත්වා පුරිමනයෙනෙව තයො වාරෙ වීතිනාමෙත්වා චතුත්ථවාරෙ “ධම්මො උප්පන්නො”ති වුත්තෙ – “ඉධාපි වො සතසහස්සං දම්මී”ති වත්වා “අපරම්පි කිඤ්චි සාසනං අත්ථි, තාතා”ති පුච්ඡි. “අත්ථි, දෙව, සඞ්ඝො උප්පන්නො”ති. රාජා තම්පි සුත්වා තථෙව තයො වාරෙ වීතිනාමෙත්වා චතුත්ථවාරෙ “සඞ්ඝො උප්පන්නො”ති වුත්තෙ – “ඉධාපි වො සතසහස්සං දම්මී”ති වත්වා අමච්චසහස්සං ඔලොකෙත්වා, “තාතා, කිං කරිස්සාමා”ති පුච්ඡි. “දෙව, තුම්හෙ කිං කරිස්සථා”ති? “අහං, තාතා, ‘බුද්ධො උප්පන්නො ධම්මො උප්පන්නො සඞ්ඝො උප්පන්නො’ති සුත්වා න පුන නිවත්තිස්සාමි, භගවන්තං උද්දිස්ස ගන්ත්වා තස්ස සන්තිකෙ පබ්බජිස්සාමී”ති. “මයම්පි, දෙව, තුම්හෙහි සද්ධිං පබ්බජිස්සාමා”ති. රාජා සුවණ්ණපට්ටෙ අක්ඛරානි ලිඛාපෙත්වා වාණිජකානං දත්වා “ඉමං අනොජාය නාම දෙවියා දෙථ, සා තුම්හාකං තීණි සතසහස්සානි දස්සති, එවඤ්ච පන නං වදෙය්යාථ ‘රඤ්ඤා කිර තෙ ඉස්සරියං විස්සට්ඨං, යථාසුඛං සම්පත්තිං පරිභුඤ්ජාහී’ති, සචෙ පන ‘වො රාජා කහ’න්ති පුච්ඡති, ‘සත්ථාරං උද්දිස්ස පබ්බජිස්සාමී’ති වත්වා ගතොති ආරොචෙය්යාථා”ති ආහ. අමච්චාපි අත්තනො අත්තනො භරියානං තථෙව සාසනං පහිණිංසු. රාජා වාණිජකෙ උය්යොජෙත්වා අස්සං අභිරුය්හ අමච්චසහස්සපරිවුතො තංඛණඤ්ඤෙව නික්ඛමි.
ඉක්බිති එක් දවසක් රජ සුපත්‍ර අසුපිට නැගී ඇමතිවරුන් දහසක් පිරිවරා උයනට යන්නේ ක්ලාන්ත රූප ඇති පන්සියයක් පමණ වෙළඳුන් නගරයට පිවිසෙනු දැක මොවුහු මහමග ක්ලාන්ත වූවෝය. ඒකාන්තයෙන් මොවුන්ගේ සමීපයෙන් එක් යහපත් හසුනක් අසන්නෙමියි ඔවුන් කැඳවා ‘කොහිසිට ආවහුදැ’යි ඇසීය. ‘දේවයන් වහන්ස, මින් යොදුන් විස්සක් ඈත සාවත්ථි නම් නගරයක් ඇත. එහි සිට ආවෝ වෙමු’යි ඔබගේ දේශයෙහි කිසියම් හසුනක් ඇත්තේද. ඇත දේවයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ උපන් සේක. රජ තෙමේ එකෙණෙහිම බලවත් ප්‍රීතියෙන් පිරුණු ශරීර ඇත්තේ කිසිවක් සලකා ගැනීමට නොහැක්කේ මොහොතක් ගතකොට නැවත දරුවනි, කුමක් කියවුදැයි ඇසීය. දේවයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ උපන් සේක. රජතෙමේ දෙවැනි වරටත් තුන්වැනි වරටත් එසේම ගතකොට සිව්වැනි වර දරුවනි, කුමක් කියවුදැයි අසා, බුදුරජාණන් වහන්සේ උපන්සේකැයි කී කල්හි දරුවනි සුව හසුනක් ඇසීම වෙනුවෙන් ඔබලාව සියදහසක් දෙමියි කියා, දරුවනි වෙනත් හසුනක් ඇත්දැයි විචාළේය. ඇත දේවයන් වහන්ස, ධර්මය උපන්නේය. රජතෙමේ එය ද අසා පෙර පරිදිම තෙවරක් ගතකොට සිව්වැනි වර ධර්මය උපන්නේයයි කී කල්හි මෙහිදීත් ඔබට සියදහසක් දෙමියි කියා, වෙනත් කිසියම් හසුනක් ඇත්තේද දරුවනියි ඇසීය. ඇත දේවයන් වහන්ස, සංඝයා උපන්නේ ය. රජතෙමේ එයද අසා එසේම තෙවරක් ගතකොට සිව්වැනි වර සංඝයා උපන්නේයයි කීකල්හි මෙහිදීත් ඔබට සියදහසක් දෙමියි කියා ඇමතිවරුන් දහසක් දෙන දෙස බලා දරුවෙනි, කුමක් කරන්නෙමුදැයි ඇසීය. දේවයන් වහන්ස, ඔබවහන්සේ කුමක් කරන්නේද? දරුවනි, මම බුදුන් උපන්නේ ය, ධර්මය උපන්නේය, සංඝයා උපන්නේ යයි අසා නො නවතින්නෙමි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා ගොස් උන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙමි. දේවයන් වහන්ස, අපිත් ඔබවහන්සේ සමග පැවිදි වන්නෙමු. රජ තෙමේ රන්පතක අකුරු ලියවා වෙළඳුන්ට දී මෙය අනෝජා නම් දේවියට දෙවු. ඈ ඔබලාට තුන්සිය දහසක් දෙන්නීය. මෙසේත් ඇයට කියවු. රජු විසින් ඔබවහන්සේට ඓශ්චර්යය දෙන ලදි. සුවසේ සම්පත් වළඳන්න. යම්හෙයකින් රජ කොහිදැයි ඇසුවොත්, ශාස්තෲන් වහන්සේ උදෙසා පැවිදි වන්නෙමියි කියා ගියේයැයි දන්වවු යයි කීය. ඇමතියෝ ද තම බිරියන්ට එසේම හසුන් යැවූහ. රජතෙමේ වෙළඳුන් යවා දහසක් ඇමතියන් පිරිවරකොට ඇත්තේ එකෙණෙහිම නික්මුණේය.
සත්ථාපි තංදිවසං පච්චූසකාලෙ ලොකං වොලොකෙන්තො මහාකප්පිනරාජානං සපරිවාරං දිස්වා “අයං මහාකප්පිනො වාණිජකානං සන්තිකා තිණ්ණං රතනානං උප්පන්නභාවං සුත්වා තෙසං වචනං තීහි සතසහස්සෙහි පූජෙත්වා රජ්ජං පහාය අමච්චසහස්සපරිවුතො මං උද්දිස්ස පබ්බජිතුකාමො ස්වෙ නික්ඛමිස්සති, සො සපරිවාරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණිස්සති, පච්චුග්ගමනං කරිස්සාමී”ති පුනදිවසෙ චක්කවත්තී විය ඛුද්දකගාමභොජකං රාජානං පච්චුග්ගච්ඡන්තො සයමෙව පත්තචීවරමාදාය වීසයොජනසතං මග්ගං පච්චුග්ගන්ත්වා චන්දභාගාය නදියා තීරෙ නිග්රොධරුක්ඛමූලෙ ඡබ්බණ්ණබුද්ධරස්මියො විස්සජ්ජෙත්වා නිසීදි. රාජාපි ආගච්ඡන්තො එකං නදිං පත්වා “කා නාමාය”න්ති පුච්ඡි. “අපරච්ඡා නාම, දෙවා”ති. “කිමස්සා පරිමාණං, තාතා”ති? “ගම්භීරතො ගාවුතං, පුථුලතො ද්වෙ ගාවුතානි, දෙවා”ති. “අත්ථි පනෙත්ථ නාවා වා උළුම්පො වා”ති? “නත්ථි, දෙවා”ති. “නාවාදීනි ඔලොකෙන්තෙ අම්හෙ ජාති ජරං උපනෙති, ජරා මරණං. අහං නිබ්බෙමතිකො හුත්වා තීණි රතනානි උද්දිස්ස නික්ඛන්තො, තෙසං මෙ ආනුභාවෙන ‘ඉදං උදකං උදකං විය මා හොතූ’ති රතනත්තයස්ස ගුණං ආවජ්ජෙත්වා ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො’”ති බුද්ධගුණං අනුස්සරන්තො සපරිවාරො අස්සසහස්සෙන උදකපිට්ඨෙ පක්ඛන්දි. සින්ධවා පිට්ඨිපාසාණෙ විය පක්ඛන්දිංසු. ඛුරානං අග්ගට්ඨානෙව තෙමිංසු.
ශාස්තෲන් වහන්සේද ඒ දවසෙහි උදෑසන ලෝකය බලනසේක් පිරිවර සහිත කප්පින රජු දැක මේ මහාකප්පින වෙළඳුන් අතින් තෙරුවන් උපන් බව අසා ඔවුන්ගේ වචනයට තුන්සිය දහසකින් පුදා රජකම හැරදමා දහසක් ඇමතිවරුන් පිරිවරකොට ඇත්තේ මා උදෙසා පැවිදිවනු කැමැත්තේම නික්මෙන්නේය. හෙතෙමේ පිළිසිඹියා සහිත රහත්බවට පැමිණෙන්නේ ය. ඔහුට පෙරගමන් කරන්නෙමියි. දෙවැනි දවසෙහි කුඩා ගමක් පාලනය කරන රජෙකුට පෙරගමන් කරන චක්‍රවර්ති රජකු මෙන් තමා ම පාසිවුරු ගෙන විසියොදුන් මග ගොස් චන්දභාගා නදී තෙර නුග රුකමුල සවණක් බුදුරැස් විහිදුවා වැඩහුන් සේක. රජද එන්නේ එක් නදියක් වෙත පැමිණ මේ කුමක්නම් ඇත්තීදැයි විමසීය. දේවයන් වහන්ස, අරවච්ඡා නමි. දරුවනි, මෙහි පරිමාණය කෙතෙක්ද? ගැඹුරින් ගවුවකි. පුළුලින් දෙගව්වකි දේවයන් වහන්ස. මෙහි නැවක් හෝ පහුරක් ඇත්තේද. නැත දේවයන් වහන්ස. රජ නදිය දෙස බලන්නේ, එම්බා, ජාතිය ජරාව කැඳවයි. ජරාව මරණය කැඳවයි. මම නොවෙනස් සිත් ඇත්තේ වී තෙරුවන් උදෙසා නික්මුණේ වෙමි. ඒ තෙරුවන් ආනුභාවයෙන් මෙය ජලය සේ නොවේවායි තෙරුවන් ගුණ ආවර්ජනය කොට ‘ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො’ යනාදි බුදුගුණ සිහිකරන්නේ පිරිස් සහිතව අසුන් දහසක් සමග දිය මතුපිටට පැන්නේය. සෛන්ධවයෝ ගල්පිටක මෙන් පැන්නාහුය. කුරවල අග පමණක් තෙමිණ.
සො තං උත්තරිත්වා පුරතො ගච්ඡන්තො අපරම්පි නදිං දිස්වා “අයං කා නාමා”ති පුච්ඡි. “නීලවාහා නාම, දෙවා”ති. “කිමස්සා පරිමාණ”න්ති? “ගම්භීරතොපි පුථුලතොපි අඩ්ඪයොජනං, දෙවා”ති. සෙසං පුරිමසදිසමෙව. තං පන නදිං දිස්වා “ස්වාක්ඛාතො භගවතා ධම්මො”ති ධම්මානුස්සතිං අනුස්සරන්තො පක්ඛන්දි. තම්පි අතික්කමිත්වා ගච්ඡන්තො අපරම්පි නදිං දිස්වා “අයං කා නාමා”ති පුච්ඡි. “චන්දභාගා නාම, දෙවා”ති. “කිමස්සා පරිමාණ”න්ති? “ගම්භීරතොපි පුථුලතොපි යොජනං, දෙවා”ති. සෙසං පුරිමසදිසමෙව. තං පන නදිං දිස්වා “සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො”ති සඞ්ඝානුස්සතිං අනුස්සරන්තො පක්ඛන්දි. තම්පි නදිං අතික්කමිත්වා ගච්ඡන්තො සත්ථු සරීරතො නික්ඛන්තා ඡබ්බණ්ණබුද්ධරස්මියො නිග්රොධරුක්ඛස්ස සාඛාවිටපපලාසානි ඔභාසයමානා දිස්වා චින්තෙසි – “අයං ඔභාසො නෙව චන්දස්ස, න සූරියස්ස, න දෙවමාරබ්රාහ්මණසුපණ්ණනාගානං අඤ්ඤතරස්ස, අද්ධා අහං සත්ථාරං උද්දිස්ස ආගච්ඡන්තො සම්මාසම්බුද්ධෙන දිට්ඨො භවිස්සාමී”ති. සො තාවදෙව අස්සපිට්ඨිතො ඔතරිත්වා ඔනතසරීරො රස්මියානුසාරෙන සත්ථාරං උපසඞ්කමිත්වා මනොසිලාරසෙ නිමුජ්ජන්තො විය බුද්ධරස්මීනං අන්තො පාවිසි. සො සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි සද්ධිං අමච්චසහස්සෙන. සත්ථා තෙසං අනුපුබ්බිං කථං කථෙසි. දෙසනාපරියොසානෙ සපරිවාරො රාජා සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
හේ ඉන් එය තරණයකොට පෙරට යන්නේ තවත් නදියක් දැක මේ කවර නම් ඇත්තීදැයි ඇසීය. දේවයන් වහන්ස, මැය නීලවාහා නම් ඇත්තීය. මැයගේ පරිමාණය කෙතෙක්ද? ගැඹුරිනුත් පුළුලිනුත් අඩයොදුනකි දේවයන් වහන්ස. සෙස්ස පෙර පරිදිමය. ඒ නදිය දැක ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො’ යනුවෙන් ධර්මානුස්මෘතිය සිහිකරන්නේ පැන්නේය. එය ද ඉක්මවා යන්නේ තවත් නදියක් දැක මේ කිනම් වේදැයි ඇසීය. දේවයන් වහන්ස, චන්දභාගා නමි. මැයගේ පරිමාණය කෙතෙක්ද? ගැඹුරිනුත් පුළුලිනුත් යොදුනකි දේවයන් වහන්ස. සෙස්ස පෙර පරිදිම වේ. ඒ නදිය දැක ‘සුපටිපන්නො භගවතො සාවක සංඝො’ යයි සංඝානුස්මෘතිය සිහි කරන්නේ පැන්නේ ය. ඒ නදිය ද ඉක්මවා යන්නේ ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන සවණක් බුදුරැස් නුගරුකෙහි අතුරිකිලි පත් බබළවනු දැක මෙසේ සිතීය. මේ ආලෝකය සඳුගේ නොවේ. සූර්යයාගේ ද නොවේ. දේවමාරබ්රහ්ම සුපර්ණ නාගයන්ගෙන් කිසිවකුගේවත් නොවේ. ඒකාන්තයෙන් මම ශාස්තෲන් වහන්සේ උදෙසා පැමිණෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දක්නා ලද්දේ වන්නේ වෙමියි එකෙණෙහිම අසුපිටින් බැස නැමුණු සිරුරු ඇත්තේ බුදුරැස් අනුසාරයෙන් ශාස්තෲන් වහන්සේ කරා එළඹ හිඟුල් දියෙහි කිමිදෙන්නාක් මෙන් බුදුරැස් අන්තයට පිවිසියේය. හේ ඇමතිවරුන් දහස සමග ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට අනුපිළිවෙල කථාව කියූ සේක. දේශනාවගේ කෙළවර පිරිවර සහිත රජ සෝවාන් ඵලයෙහි පිහිටියේය.
අථ සබ්බෙ උට්ඨහිත්වා පබ්බජ්ජං යාචිංසු. සත්ථා “ආගමිස්සති නු ඛො ඉමෙසං කුලපුත්තානං ඉද්ධිමයපත්තචීවර”න්ති උපධාරෙන්තො “ඉමෙ කුලපුත්තා පච්චෙකබුද්ධසහස්සානං චීවරසහස්සං අදංසු, කස්සපබුද්ධකාලෙ වීසතියා භික්ඛුසහස්සානං වීසතිචීවරසහස්සානිපි අදංසු, අනච්ඡරියං ඉමෙසං කුලපුත්තානං ඉද්ධිමයපත්තචීවරාගමන”න්ති ඤත්වා දක්ඛිණහත්ථං පසාරෙත්වා “එථ, භික්ඛවො, චරථ බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති ආහ. තෙ තාවදෙව අට්ඨපරික්ඛාරධරා වස්සසට්ඨිකත්ථෙරා විය හුත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා පච්චොරොහිත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදිංසු.
ඉක්බිති සියල්ලෝ නැගිට පැවිද්ද ඉල්ලූහ. ශාස්තෲන් වහන්සේ මේ කුල පුත්‍රයන්ට සෘද්ධිමය පාසිවුරු පැමිණෙන්නේදැයි සලකා බලන්නේ මේ කුලපුත්‍රයෝ දහසක් පසේබුදුවරුන්ට සිවුරු දහසක් දුන්හ. කස්සප බුදුරදුන්ගේ කාලයෙහි විසිදහසක් භික්ෂූන්ට විසිදහසක් සිවුරු දුන්හ. මේ කුලපුත්‍රයන්ට සෘද්ධිමය පාසිවුරු පැමිණීම ආශ්චර්යයක් නොවේ යයි දැන දකුණු අත දිගුකොට එව මහණෙනි, දුක මැනවින් අවසන් කරනු පිණිස බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙවු යයි කී සේක. ඔවුහු එකෙණෙහි අටපිරිකර දරන්නාහු සියවස් වූ තෙරවරුන් මෙන් වී අහසට පැන නැගී නැවත බැස ශාස්තෲන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නාහුය.
තෙ පන වාණිජකා රාජගෙහං ගන්ත්වා දෙවියා රඤ්ඤා පහිතසාසනං ආරොචෙත්වා දෙවියා “ආගච්ඡන්තූ”ති වුත්තෙ පවිසිත්වා එකමන්තං අට්ඨංසු. අථ නෙ දෙවී පුච්ඡි – “තාතා, කිංකාරණා ආගතත්ථා”ති? “මයං රඤ්ඤා තුම්හාකං සන්තිකං පෙසිතා, තීණි කිර නො සතසහස්සානි දෙථා”ති. “බහුං, භණෙ, භණථ, කිං තුම්හෙහි රඤ්ඤො සන්තිකෙ කතං, කිස්මිං වො රාජා පසන්නො එත්තකං ධනං දාපෙතී”ති? “දෙවි, න අඤ්ඤං කිඤ්චි කතං, එකං පන සාසනං ආරොචයිම්හා”ති. “සක්කා පන, තාතා, මය්හම්පි තං ආරොචෙතු”න්ති. “සක්කා, දෙවී”ති සුවණ්ණභිඞ්ගාරෙන මුඛං වික්ඛාලෙත්වා “දෙවි, බුද්ධො ලොකෙ උප්පන්නො”ති. සාපි තං සුත්වා පීතියා ඵුට්ඨසරීරා තික්ඛත්තුං කිඤ්චි අසල්ලක්ඛෙත්වා චතුත්ථවාරෙ “බුද්ධො උප්පන්නො”ති සුත්වා “කිං, තාතා, ඉමස්මිං පදෙ රඤ්ඤා දින්න”න්ති ? “සතසහස්සං, දෙවී”ති. “තාතා, අනනුච්ඡවිකං රඤ්ඤා කතං එවරූපං සාසනං සුත්වා තුම්හාකං සතසහස්සදදමානෙන, අහං වො මම දුග්ගතපණ්ණාකාරෙ තීණි සතසහස්සානි දම්මි. අපරං කිඤ්චි තුම්හෙහි ආරොචිත”න්ති? තෙ ඉදඤ්ච ඉදඤ්චාති ඉතරානිපි ද්වෙ සාසනානි ආරොචෙසුං. දෙවී පුරිමනයෙනෙව තයො තයො වාරෙ අසල්ලක්ඛෙත්වා චතුත්ථචතුත්ථවාරෙ තීණි තීණි සතසහස්සානි අදාසි. එවං තෙ සබ්බානි ද්වාදසසතසහස්සානි ලභිංසු.
ඒ වෙළෙන්දෝ රජගෙට ගොස් දේවියට රජු විසින් එවන ලද හසුන දන්වා දේවිය විසින් එන්නැයි කී කල්හි පිවිස එකත්පසෙක හුන්නාහුය. ඉක්බිති දේවිය ඔවුන්ගෙන් විචාළාය. දරුවනි, කුමන කරුනක් නිසා ආවාහුද? අපි රජතුමා විසින් ඔබවහන්සේ වෙත එවනු ලැබීමු. කුමන කරුණකටද? තුන්සිය දහසක් දෙවන්න. මිතුරෙනි, ඔබලා බහුලව කතා කරවු. ඔබලා විසින් රජතුමා හමුවෙහි කුමක් කරන ලද ද. රජතුමා ඔබලාගේ කුමක් කෙරෙහි පැහැදිණිද, මෙතරම් ධනයක් දෙන්නැයි කියන්නේ? දේවියනි, කිසිවක් නොකරන ලදි. එක් හසුනක් පමණක් දැන්වූයෙමු. දරුවනි, මටද ඒ හසුන දන්වන්ට හැකිද? හැකිය දේවීනි. රන් කෙණ්ඩියෙන් මුව සෝදා දේවියනි, බුදුන් උපන්නේය යි. ඈද අසා ප්‍රීතියෙන් පිරීගිය සිරුරු ඇත්තී තෙවරක් කිසිවක් නොසලකා සිව්වැනි වර බුදුන් උපන්නේ යයි අසා දරුවෙනි, මේ පදයෙහි රජතුමා විසින් කුමක් දෙනු ලැබීද, දේවියනි, සියදහසකි. දරුවෙනි, මෙවැනි හසුනක් අසා ඔබලාට සියදහසක් දීමෙන් කර ඇත්තේ නුසුදුසු දෙයකි. මම ඔබලාට මාගේ දුප්පත් පඬුර තුන්සිය දහසක් දෙමි. තවත් ඔබලා විසින් දන්වන ලද්දේ කුමක්ද? ඔවුහු මේ මේයයි ඉතිරි හසුන් දෙකද දැන්වූහ. දේවිය පෙර පරිදිම තෙවරක් නොසලකා සිව්වැනි වර තුන්සිය දහසක් දුන්නාය. මෙසේ ඔවුහු සියල්ල දොළොස් සියදහසක් ලැබූහ.
අථ නෙ දෙවී පුච්ඡි – “රාජා කහං, තාතා”ති? “දෙවි, රාජා ‘සත්ථාරං උද්දිස්ස පබ්බජිස්සාමී’ති වත්වා ගතො”ති. “මය්හං තෙන කිං සාසනං දින්න”න්ති? “සබ්බං කිර ඉස්සරියං තුම්හාකං විස්සට්ඨං, ‘තුම්හෙ කිර යථාසුඛං සම්පත්තිං අනුභවථා’”ති. “අමච්චා පන කුහිං, තාතා”ති? “තෙපි රඤ්ඤා සද්ධිං ‘පබ්බජිස්සාමා’ති ගතා, දෙවී”ති. සා තෙසං භරියායො පක්කොසාපෙත්වා, “අම්මා, තුම්හාකං සාමිකා රඤ්ඤා සද්ධිං ‘පබ්බජිස්සාමා’ති ගතා, තුම්හෙ කිං කරිස්සථා”ති? “කිං පන තෙහි අම්හාකං සාසනං පහිතං, දෙවී”ති? “තෙහි කිර අත්තනො සම්පත්ති තුම්හාකං විස්සට්ඨා ‘තුම්හෙ කිර සම්පත්තිං යථාසුඛං පරිභුඤ්ජථා’”ති. “තුම්හෙ පන, දෙවි, කිං කරිස්සථා”ති? “අම්හාකං සො තාව රාජා මග්ගෙ ඨිතො තීහි සතසහස්සෙහි තීණි රතනානි පූජෙත්වා ඛෙළපිණ්ඩං විය සම්පත්තිං පහාය ‘පබ්බජිස්සාමී’ති නික්ඛන්තො, මයාපි තිණ්ණං රතනානං සාසනං සුත්වා තානි නවහි සතසහස්සෙහි පූජිතානි, න ඛො පනෙසා සම්පත්ති නාම රඤ්ඤොයෙව දුක්ඛා, මය්හම්පි දුක්ඛා එව. කො රඤ්ඤා ඡඩ්ඩිතඛෙළපිණ්ඩං ජණ්ණුකෙහි භූමියං පතිට්ඨහිත්වා මුඛෙන ගණ්හිස්සති, න මය්හං සම්පත්තියා අත්ථො, සත්ථාරං උද්දිස්ස පබ්බජිස්සාමී”ති. “දෙවි, මයම්පි තුම්හෙහි සද්ධිං පබ්බජිස්සාමා”ති. “සචෙ සක්කොථ, සාධූ”ති. “සක්කොම, දෙවී”ති. තෙන හි “එථා”ති රථසහස්සං යොජාපෙත්වා රථං ආරුය්හ තාහි සද්ධිං නික්ඛමිත්වා අන්තරාමග්ගෙ පඨමං නදිං දිස්වා යථා රඤ්ඤා පඨමං පුච්ඡිතා, තථෙව පුච්ඡිත්වා සබ්බං පවත්තිං සුත්වා “රඤ්ඤා ගතමග්ගං ඔලොකෙථා”ති වත්වා “සින්ධවානං පදවලඤ්ජං න පස්සාමා”ති වුත්තෙ රාජා “තීණි රතනානි උද්දිස්ස නික්ඛන්තොස්මී”ති සච්චකිරියං කරිත්වා තිණ්ණං රතනානං ගුණෙ අනුස්සරිත්වා ගතො භවිස්සති , අහම්පි තීණි රතනානි උද්දිස්ස නික්ඛන්තා, තෙසං මෙ ආනුභාවෙන “ඉදං උදකං උදකං විය මා හොතූ”ති තිණ්ණං රතනානං ගුණෙ අනුස්සරන්තී රථසහස්සං පෙසෙසි. උදකං පිට්ඨිපාසාණසදිසං අහොසි, චක්කානං අග්ගට්ඨානෙව තෙමිංසු. එතෙනෙව උපායෙන ඉතරා ද්වෙපි නදියො උත්තරිංසු.
ඉක්බිති දේවිය ඔවුන්ගෙන් විචාළාය. දරුවනි, රජතුමා කොහිද? දේවියනි, රජතුමා ශාස්තෲන් වහන්සේ උදෙසැ පැවිදි වන්නෙමියි ගියේ විය. මට කිසියම් හසුනක් දෙනු ලැබීද? සියලු ඓශ්චර්ය ඔබතුමියට පවරා දෙනු ලැබීය. ඔබතුමී පහසුවෙන් සම්පත් අනුභව කරනු මැනව. ඇමතිවරු කොහි ගියෝද? දේවියනි, ඔවුහුද රජතුමා සමගම පැවිදි වන්නමුයි ගියාහුය. ඈ ඇමතිවරුන්ගේ භාර්යාවන් කැඳවා සොහොයුරියනි, ඔබගේ සැමියෝ රජතුමා සමග පැවිදි වන්නමුයි ගියාහුය. ඔබ කුමක් කරන්නහුද? දේවියනි, ඔවුන් විසින් අපට කිසියම් හසුනක් එවන ලද්දේද? ඔවුහු තමන්ගේ සම්පත් පහසුවෙන් අනුභව කරවයි ඔබට පවරා දෙනු ලැබීය. දේවියනි, ඔබතුමිය කුමක් කරන්නෙහිද? සොහොයුරියනි, ඒ රජතුමා මාර්ගයෙහි සිටියේම තුන්සිය දහසකින් තෙරුවන් පුදා කෙළපිඩක් මෙන් සම්පත් අත්හැර පැවිදි වන්නෙමියි නික්ම ගියේය. මා විසින්ද තෙරුවන් පිළිබඳ හසුන අසා ඒ තෙරුවන් නවසිය දහසකින් පූජාකරන ලදි. මේ සම්පත් රජතුමාට පමණක් නොව මටද දුකක් ම ය. රජතුමා විසින් හළන ලද කෙළපිඩ බිම දණගසා මුවින් ගන්නේ කවරෙක්ද? මටද සම්පතින් අර්ථයක් නැත. ශාස්තෲන් වහන්සේ උදෙසා පැවිදි වන්නෙමි. දේවියනි, අපටත් පුළුවන්නමි. අපිද ඔබතුමිය සමග පැවිදි වන්නෙමු. එසේනම් එවු. රිය දහසක් යොදවා රියට නැගී ඔවුන් සමග නික්මී අතරමග පළමුවැනි නදිය දැක යම්සේ රජතුමා පළමුවෙන් විචාළේද, එසේම විචාරා සියලු පුවත් අසා රජතුමා විසින් ගන්නා ලද මගම බලවු යයි කියා සෛන්ධවයන්ගේ පාසලකුණු නොදක්නෙමුයි කීකල්හි, රජතුමා තෙරුවන් උදෙසා නික්මුණේ වෙමියි සත්‍යක්‍රියා කොට තෙරුවන් ගුණ සිහිකොට ගියේ වෙයි. මම ද තෙරුවන් උදෙසා නික්මුණා වෙමි. ඒ මේ ආනුභාවයෙන් මේ ජලය ජලය මෙන් නොවේවායි තෙරුවන් ගුණ සිහිකරන්නී රිය දහස යැවුවාය. ජලය ගල් මතුපිටක් මෙන් විය. රියසක්වල අග පමණක් තෙමිණ. මේ උපායෙන්ම ඉතිරි නදී දෙකද තරණය කළහ.
සත්ථා තාසං ආගතභාවං ඤත්වා යථා තා අත්තනො සන්තිකෙ නිසින්නෙ සාමිකෙ භික්ඛූ න පස්සන්ති, තථා අධිට්ඨාසි. දෙවීපි ආගච්ඡන්තී සත්ථු සරීරතො නික්ඛන්තා රස්මියො දිස්වා තථෙව චින්තෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා, වන්දිත්වා එකමන්තං ඨිතා පුච්ඡි – “භන්තෙ, මහාකප්පිනො රාජා තුම්හෙ උද්දිස්ස නික්ඛමිත්වා ගතො, කහං නු ඛො සො, අම්හාකං තං දස්සෙථා”ති. “නිසීදථ තාව, ඉධෙව නං පස්සිස්සථා”ති. තා සබ්බාපි හට්ඨතුට්ඨා “ඉධෙව කිර නිසින්නා සාමිකෙ නො පස්සිස්සාමා”ති නිසීදිංසු. සත්ථා අනුපුබ්බිං කථං කථෙසි. අනොජාදෙවී දෙසනාපරියොසානෙ තාහි සද්ධිං සොතාපත්තිඵලං පාපුණි. මහාකප්පිනො ථෙරො තාසං දෙසියමානං ධම්මදෙසනං සුත්වා සපරිවාරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තස්මිං ඛණෙ සත්ථා තාසං තෙ භික්ඛූ දස්සෙසි. තාසඤ්හි ආගතක්ඛණෙයෙව අත්තනො සාමිකෙ කාසාවධරෙ මුණ්ඩසීසෙ දිස්වා චිත්තං එකග්ගං න භවෙය්ය, මග්ගඵලං නිබ්බත්තෙතුං සක්කා න භවෙය්ය. තස්මා අචලසද්ධාය පතිට්ඨිතකාලතො පට්ඨාය තාසං තෙ භික්ඛූ අරහත්තප්පත්තෙ දස්සෙසි. තාපි තෙ දිස්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා, “භන්තෙ, තුම්හාකං පබ්බජිතකිච්චං මත්ථකප්පත්ත”න්ති වත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං ඨත්වා පබ්බජ්ජං යාචිංසු.
ශාස්තෲන් වහන්සේ ඔවුන් ආ බව දැන යම්සේ ඔවුහු තමා සමීපයේ හුන් සැමියන් වූ භික්ෂූන් නොදකිත්ද එසේ අධිෂ්ඨාන කළ සේක. දේවීහු ද යන්නාහු ශාස්තෲන් වහන්සේගේ ශරීරයෙන් නික්මෙන රැස් දැක එසේම සිතා ශාස්තෲන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පසක සිටියාහු මෙසේ ඇසූහ. ‘ස්වාමීනි, මහාකප්පින රජතුමා ඔබවහන්සේ උදෙසා නික්ම ආයේ වෙයි. ඔහු කොහිද? අපට ඔහු පෙන්වනු මැනවි. හිඳගන්න. දැන් මෙතැනදීම ඔහු දක්නහුය. සියල්ලෝ තුටුපහටු වූවෝ ‘මෙහිම හුන් සැමියන් නොදකින්නෙමුයි හිඳගත්හ. ශාස්තෲන් වහන්සේ අනුපිළිවෙල කථාව කියූ සේක. අනෝජා දේවිය දේශනාවගේ කෙළවර ඔවුන් සමග සෝවාන් ඵලයට පැමිණියාය. මහා කප්පින තෙරුන් වහන්සේ ඔවුන්ට දේශනා කරනු ලබන ධර්මදේශනාව අසා පිරිස් සහිතව පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියහ. එකෙණෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ඒ භික්ෂූන් පෙන්වූ සේක. ඔවුන්ට පැමිණි මොහොතෙහිම තම සැමියන් කහසිවුරු දරා හිස මුඩුකොට සිටිනු දැක සිත් ඒකාග්‍රතාවක් නොවනු ඇත. මාර්ගඵල නිපදවා ගැනීමට නොහැකිවනු ඇත. ඒ නිසා අචල ශ්‍රද්ධාවෙහි පිහිටි කල්හි පටන් රහත් බවට පැමිණි ඒ භික්ෂූන් පෙන්වූ සේක. ඔවුහුද ඔවුන් දැක පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබවහන්සේලාගේ පැවිදිකිස මුදුන්පැමිණියේ වනැයි කියා ශාස්තෲන් වහන්සේ වැද එකත්පස්ව සිට පැවිද්ද ඉල්ලූහ.
එවං වුත්තෙ සත්ථා උප්පලවණ්ණාය ථෙරියා ආගමනං චින්තෙසි. සා සත්ථු චින්තිතක්ඛණෙයෙව ආකාසෙනාගන්ත්වා තා සබ්බා ඉත්ථියො ගහෙත්වා ආකාසෙන භික්ඛුනුපස්සයං නෙත්වා පබ්බාජෙසි. තා සබ්බා නචිරස්සෙව අරහත්තං පාපුණිංසු. සත්ථා භික්ඛුසහස්සං ආදාය ආකාසෙන ජෙතවනං අගමාසි. තත්ර සුදං ආයස්මා මහාකප්පිනො රත්තිට්ඨානාදීසු “අහො සුඛං, අහො සුඛ”න්ති උදානං උදානෙන්තො විචරති. භික්ඛූ භගවතො ආරොචෙසුං – “භන්තෙ, මහාකප්පිනො ‘අහො සුඛං, අහො සුඛ’න්ති උදානං උදානෙන්තො විචරති, අත්තනො රජ්ජසුඛං ආරබ්භ උදානෙති මඤ්ඤෙ”ති. සත්ථා තං පක්කොසාපෙත්වා – “සච්චං කිර ත්වං, කප්පින, කාමසුඛං ආරබ්භ උදානං උදානෙසී”ති? “භගවා මෙ, භන්තෙ, තං ආරබ්භ උදානභාවං වා අඤ්ඤං ආරබ්භ උදානභාවං වා ජානාතී”ති. අථ සත්ථා – “න, භික්ඛවෙ, මම පුත්තො කාමසුඛං රජ්ජසුඛං ආරබ්භ උදානං උදානෙති, පුත්තස්ස පන මෙ ධම්මං චරතො ධම්මපීති නාම උප්පජ්ජති, සො අමතමහානිබ්බානං ආරබ්භ එවං උදානං උදානෙසී”ති අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
එසේ කී කල්හි ශාස්තෲන් වහන්සේ උප්පලවණ්ණා තෙරණියගේ පැමිණීම සිතූ සේක. ඈ ශාස්තෲන් වහන්සේ සිතූ කෙණෙහිම අහසින් පැමිණ ඒ සියලු ස්ත්‍රීන් රැගෙන අහසින් මෙහෙණවරට පමුණුවා පැවිදි කළාය. ඒ සියල්ලෝ නොබෝ කලකින්ම රහත්බවට පැමිණියාහුය. ශාස්තෲන් වහන්සේ භික්ෂූන් දහස රැගෙන අහසින්ම ජේතවනයට වැඩි සේක. එහිදී ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ රාත්රිස්ථාන ආදියෙහිදී අහෝ සැපයි අහෝ සැපයි යැයි උදන් අනමින් හැසිරෙත්. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ස්වාමීනි, මහාකප්පින අහෝ සැපයි අහෝ සැපයි යනුවෙන් උදන් අනමින් හැසිරෙයි. තමාගේ රජසුවය අරබයා උදන් අනන්නේ යයි සිතමු. ශාස්තෲන් වහන්සේ ඔහු ගෙන්වා ‘කප්පින, ඔබ කම්සුව අරබයා උදන් අනන්නේ සත්‍යයද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ අරබයා උදන් අනන බවද, නැතහොත් වෙනෙකක් අරබයා උදන් අනන බවද දන්නා සේක. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මහණෙනි, මාගේ පුත්‍රයා රජසුව අරබයා උදන් නො ඇනීය. ධර්මයෙහි හැසිරෙන මාගේ පුත්‍රයාට ධර්මප්‍රීතිය උපදී. හේ අමෘත මහා නිර්වාණය අරබයා මෙසේ උදන් අනන්නේ වේදැයි අනුසන්ධි ගළපා දහම් දෙසනසේක් මේ ගාථාව කී සේක.
“ධම්මපීති සුඛං සෙති, විප්පසන්නෙන චෙතසා; අරියප්පවෙදිතෙ ධම්මෙ, සදා රමති පණ්ඩිතො”ති. (ධ· ප· 79);
ධම්මපීති සුඛං සෙති විප්පසන්නෙන චෙතසා, අරියප්පවේදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතො
දහම් රස බී සුවසේ - සුපසන් සිතින් සැතපේ, අරීජනයා දෙසූ දම්හී - නුවණැත්තේ හැමදා ඇලේ
අථෙකදිවසං සත්ථා භික්ඛූ ආමන්තෙසි – “කච්චි, භික්ඛවෙ, කප්පිනො භික්ඛූනං ධම්මං දෙසෙතී”ති? “අප්පොස්සුක්කො, භන්තෙ, දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරති, ඔවාදමත්තම්පි න දෙතී”ති. සත්ථා ථෙරං පක්කොසාපෙත්වා – “සච්චං කිර ත්වං, කප්පින, අන්තෙවාසිකානං ඔවාදමත්තම්පි න දෙසී”ති? “සච්චං, භගවා”ති. “බ්‍රාහ්මණ, මා එවං අකාසි, අජ්ජ පට්ඨාය උපගතානං භික්ඛූනං ධම්මං දෙසෙහී”ති. “සාධු, භන්තෙ”ති ථෙරො භගවතො වචනං සිරසා සම්පටිච්ඡිත්වා එකොවාදෙනෙව සමණසහස්සං අරහත්තෙ පතිට්ඨාපෙසි. තෙන නං සත්ථා පටිපාටියා අත්තනො සාවකෙ ඨානන්තරෙ ඨපෙන්තො “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛුඔවාදකානං යදිදං මහාකප්පිනො”ති (අ· නි· 1.219, 231) එතදග්ගෙ ඨපෙසි.
ඉක්බිති එක් දවසක් ශාස්තෲන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. කෙසේද මහණෙනි, කප්පින භික්ෂූන්ට ධර්ම දේශනා කරයිද? ස්වාමීනි, අල්ප උත්සාහ ඇත්තේ දිට්ඨධම්ම සුඛ විහාරයෙන් වාසය කරයි. අවවාද මාත්‍රයක්වත් නොදෙයි. ශාස්තෲන් වහන්සේ තෙරුන් කැඳවා ‘කප්පින, අන්තේවාසිකයන්ට ඔබ අවවාද මාත්‍රයක්වත් නොදෙන්නේ ඇත්තද? භාග්‍යවතුන් වහන්ස, ඇත්තයි. බමුණ, එසේ නොකරව. අද පටන් පැමිණියවුන්ට දහම් දෙසව. හොඳමයි ස්වාමීනි. තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය හිස්මුදුනින් පිළිගෙන එක් අවවාදයකින්ම මහණුන් දහසක් රහත් බවෙහි පිහිටවූහ. එයින් ශාස්තෲන් වහන්සේ පිළිවෙලින් තමන්වහන්සේගේ ශ්‍රාවකයන් තනතුරෙහි තබනු සේක් මහණෙනි, භික්ෂූන්ට අවවාද දෙන්නා වූ මාගේ ශ්‍රාවකයන් අතර අග්‍ර වූ යමෙක් වේද හේ මහා කප්පිනයැයි අගතන්හි තැබූ සේක.
එවං ථෙරො පත්තඅරහත්තඵලො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. උදිතො අජටාකාසෙති සකලාකාසෙ උදිතො උට්ඨිතො පාකටභූතො. සරදම්බරෙ සරදකාලෙ ආකාසෙ රවීව සූරියො ඉවාති අත්ථො.
මෙසේ තෙරුන් වහන්සේ පැමිණි රහත්ඵල ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාමජිනො’ යනාදිය කීහ. උදිතො ජගදාකාසෙ යනු සියලු අහසෙහි උදිතො නැගුණේ ප්‍රකට වූයේ. සරදම්බරෙ සරත් කාලයෙහි අහසෙහි. රවීව සූර්යයා මෙන් යන අහසයි.
අක්ඛදස්සො තදා ආසින්ති තස්මිං පදුමුත්තරස්ස භගවතො කාලෙ සාරදස්සී හිතදස්සී ආචරියො පාකටො අහොසින්ති අත්ථො.
අක්ඛදස්සො තදා ආසිං යනු ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සාරදස්සී යහපත දක්නා ආචාර්යවරයා යැයි ප්‍රකට වූයේ වෙමි යන අර්ථයි.
සාවකස්ස කතාවිනොති තස්ස භගවතො මෙ මනං මම චිත්තං, තප්පයන්තස්ස තොසයන්තස්ස සාවකස්ස ඔවාදකස්ස ගුණං පකාසයතො අග්ගට්ඨානෙ ඨපෙන්තස්ස කතාවිනො සාතච්චකිච්චයුත්තස්ස වචනං සුත්වාති සම්බන්ධො.
සාවකස්ස කතාචිනො යනු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මෙ මනං මාගේ සිත සංසන්තස්ස සතුටු කරන ශ්‍රාවකයාගේ කතාවිනො නිරන්තර කාර්යයෙහි නියුක්ත වූවහුගේ වචනය අසා යන සම්බන්ධයි.
හංසසමභාගොති හංසසදිසගාමි. හංසදුන්දුභිනිස්සනොති හංසරවො දුන්දුභිභෙරිසද්දසදිසවචනො “එතං මහාමත්තං පස්සථ, භික්ඛවො”ති ආහාති සම්බන්ධො.
හංස සමාගාභාගො යනු හංසයකුට සමාන ගමන් ඇත්තේ. හංස දුන්දුභිනීවචො යනු හංසරාවය දුන්දුභි බෙරහඬ සමාන වචන ඇත්තේ. මෙසේ මහණෙනි මහාමාත්‍රයා බලවු යයි කී සේක යනු සම්බන්ධයි.
සමුග්ගතතනූරුහන්ති සුට්ඨු උග්ගතලොමං උද්ධග්ගලොමං, උදග්යමනං වා. ජීමූතවණ්ණන්ති මුත්තඵලසමානවණ්ණං සුන්දරසරීරපභන්ති අත්ථො. පීණංසන්ති පරිපුණ්ණං අංසං. පසන්නනයනානනන්ති පසන්නඅක්ඛිපසන්නමුඛන්ති අත්ථො.
සමුග්ගත තනුරූපහං යනු මනාසේ නැගුණු ලොම් නැගුණු අග් ඇති ලොම් උඩට නැගීම හෝ, මුත්තවණ්ණං යනු මුතුඇට සමාන වර්ණය. සුන්දර වූ ශරීර ප්‍රභාව ගෙන අර්ථයි. පීණංසං යනු පිරිපුන් විය. පසන්න නයනානනං යනු ප්‍රසන්න ඇස්, ප්‍රසන්න මුව යන අර්ථයි.
කතාවිනොති කතාධිකාරස්ස එතදග්ගෙ ඨිතස්ස භික්ඛුනො ඨානං සො එසො මුදිතාය පහට්ඨචිත්තතාය පත්ථෙතීති සම්බන්ධො.
කතාවිනො යනු කරන ලද උත්සාහ ඇති අගතන්හි තබනු ලැබූ භික්ෂුවගේ. වහාම මොහු මුදිතාවෙන් පහටු සිත් ඇති බැවින් ප්‍රාර්ථනා කළේය යනු සම්බන්ධයි.
සතසො අනුසාසියාති ධම්මෙන සමෙන වචනෙන කාරණවසෙන අනුසාසිත්වාති අත්ථො. බාරාණසියමාසන්නෙති බාරාණසියා සමීපෙ පෙසකාරගාමෙ. ජාතො කෙනියජාතියන්ති තන්තවායජාතියා පෙසකාරකුලෙ ජාතොති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
සතසො අනුසාසියා යනු දැහැමෙන් සෙමෙන් වචනයෙන් කාරණ වශයෙන් අනුශාසනාකොට යන අර්ථයි. බාරාණසී සමාසන්තෙ යනු බරණැස සමීපයෙහි පේසකාර ගමෙහි උපන්නේ. කෙනිය ජාතියං යනු නූල් වියන ජාතියෙහි පේසකාර කුලයෙහි උපන්නේය යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
මහාකප්පිනත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මහාකප්පින තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.