533. මහාකප්පිනත්ථෙරාපදානං
533. මහාකප්පිනත්ථෙරාපදානං
533. මහාකප්පින ස්ථවිරාවදානය
5727. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, උදිතො ජගදාකාසෙ රවීව සරදම්බරෙ.
5727. සියලු දහම්හි තෙරපත් ඒ පදුමුත්තර නම් බුදුරජ තෙමේ සරදාකාශයෙහි සූර්‍ය්‍යයා සෙයින් ලෝකය නැමැති අහසෙහි උදා වීය. ඒ ලෝකනායක තෙමේ-
5728. වචනාභාය බොධෙති වෙනෙය්යපදුමානි සො, කිලෙසපඞ්කං සොසෙති මතිරංසීහි නායකො.
5728. වචන නැමැති රශ්මියෙන් විනේජන නැමැති පියුම් පුබුදුවයි. නුවණ නැමැති රැසින් කෙළෙස් නැමැති මඩ වියලයි.
5729. තිත්ථියානං යසො හන්ති ඛජ්ජොතාභා යථා රවි, සච්චත්ථාභං පකාසෙති රතනංව දිවාකරො.
5729. හිරු කදෝකිමිපැහැ (නසන්නාක්) සේ තීර්ත්ථකයන්ගේ යශස් නසයි. සූර්‍ය්‍යතෙමේ රත්නයන් ප්‍රකට කරන්නාක් මෙන් සත්යාර්ත්ථප්රභාව ප්‍රකට කෙරෙයි.
5730. ගුණානං ආයතිභූතො රතනානංව සාගරො, පජ්ජුන්නොරිව භූතානි ධම්මමෙඝෙන වස්සති.
5730. රත්නයනට සයුර මෙන් ගුණයනට රැස්වන තැන් (ආකරයක්) වේ. වැහිවලාවක් මෙන් ලෝකයා දහම්වැස්සෙන් තෙමයි.
5731. අක්ඛදස්සො තදා ආසිං නගරෙ හංසසව්හයෙ, උපෙච්ච ධම්මමස්සොසිං ජලජුත්තරනාමිනො.
5731-5732. මම එකල්හි හංසවතී නගරයෙහි නීතිවිශාරද වූ ආචාර්ය්යවරයෙක් වීමි. භික්ෂූනට ඔවා දෙනවුන් අතුරෙන් අගතැන්පත් කෘතකෘත්‍ය වූ ශ්‍රාවකයකුගේ ගුණ පවසන්නා වූ මාගේ සිත තුටු කරණ පියුම්තුරා බුදුරජුන්ගේ ධර්මය එහි පැමිණ ඇසීමි.
5732. ඔවාදකස්ස භික්ඛූනං සාවකස්ස කතාවිනො, ගුණං පකාසයන්තස්ස තොසයන්තස්ස මෙ මනං.
5733. සුත්වා පතීතො සුමනො නිමන්තෙත්වා තථාගතං, සසිස්සං භොජයිත්වාන තං ඨානම්හිපත්ථයිං.
5733. ධර්මය අසා සතුටු වූයෙම් සොම්නස් වූයෙම්, ශිෂ්‍යයන් සහිත වූ තථාගතයන් පවරා (බොජුන්) වළඳවා මම ද එ ම තනතුර පැතීමි.
5734. තදාභාසි මහාභාගො හංසදුන්දුභිසුස්සරො, පස්සථෙතං මහාමත්තං විනිච්ඡයවිසාරදං.
5734-5735. “එකල්හි හස් බෙරහඬට බඳු මනා ස්වර ඇති මහත් භාග්‍ය ඇති බුදුරජ තෙමේ පැවසී ය. මැනැවින් නැගුනු ඌර්ධ්වාග්‍රරෝම ඇති මාගේ පාමුල වැටුනා වූ, මේඝවර්ණ වූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍රයා බලවු.
5735. මංපාදමූලෙ පතිතං සමුග්ගතතනූරුහං, ජීමූතවණ්ණං පීණංසං පසන්නනයනානනං.
5736. පරිවාරෙන මහතා රඤ්ජයං තං මහායසං, එසො කතාවිනො ඨානං පත්ථෙති මුදිතාසයො.
5736. මහ පිරිවරින් ඒ මහා යශස් බබුළුවන ප්‍රමුදිත සිත් ඇති මෙ තෙම කතාවී වූ ඒ ශ්‍රාවකයාගේ තනතුර පතයි.
5737. ඉමිනා පිණ්ඩපාතෙන චෙතනාපණිධීහි ච, කප්පසතසහස්සානි නූපපජ්ජති දුග්ගතිං.
5737. මේ පිණ්ඩපාතදානය කරණ කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ ද කල්පලක්ෂයක් දුගතියක නූපදී යි.
5738. දෙවෙසු දෙවසොභග්ගං මනුස්සෙසු මහන්තතං, අනුභොත්වාවසෙසෙන නිබ්බානං පාපුණිස්සති.
5738. දෙවියන් අතුරෙහි දිව්‍යමය සෞභාග්‍යය ද, මිනිසුන් අතුරෙහි මහත්බව ද අනුභව කොට ඒ කර්මාවශේෂයෙන් නිවනට පැමිණේ යයි වදාළේය.
5739. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො. ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
5739. මෙයින් සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5740. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කප්පිනො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
5740. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිතකළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ නමින් කප්පින නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).
5741. තතොහං සුකතං කාරං කත්වාන ජිනසාසනෙ, ජහිත්වා මානුසං දෙහං තුසිතං අගමාසහං.
5741. ඉක්බිති මම සර්වඥශාසනයෙහි මෙ ම මනා පින්කම කොට මිනිස් සිරුර හැර තුසිත දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5742. දෙවමානුසරජ්ජානි සතසො අනුසාසිය, බාරාණසීසමාසන්නෙ ජාතො කෙනියජාතියං.
5742. දැහැමින් සෙමින් සියක්වර දිව්යමනුෂ්යරාජ්යයන් අනුශාසනය කොට බරණැස සමීපයෙහි පේශකාරකුලයෙහි උපන්නෙම් වෙමි.
5743. සහස්සපරිවාරෙන සපජාපතිකො අහං, පඤ්ච පච්චෙකබුද්ධානං සතානි සමුපට්ඨහිං.
5743. භාර්‍ය්‍යාව සහිත වූ මම දහසක් පිරිවර සමග පන්සියක් පසේබුදුවරයනට උවැටැන් කෙළෙමි.
5744. තෙමාසං භොජයිත්වාන පච්ඡා’දම්හ තිචීවරං, තතො චුතා මයං සබ්බෙ අහුම්හ තිදසූපගා.
5744. තෙමසක් වළඳවා පසුව තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ එයින් ච්‍යුතව තව්තිසා දෙව්ලොවට ගියෝ වූමු.
5745. පුනො සබ්බෙ මනුස්සත්තං ආගමිම්හ තතො චුතා, කුක්කුටම්හි පුරෙ ජාතා හිමවන්තස්ස පස්සතො.
5745. යලි එයින් සැව මිනිසත් බවට පැමිණියෙමු. හිමවත්පව් පසෙකැ වූ කුක්කුට පුරයෙහි උපන්නමෝ වූමු.
5746. කප්පිනො නාමහං ආසිං රාජපුත්තො මහායසො, සෙසාමච්චකුලෙ ජාතා මමෙව පරිවාරයුං.
5746. මම මහත්යශස් ඇති කප්පින නම් රාජපුත්රයෙක් වීමි. සෙස්සෝ ඇමතිකුලයෙහි උපන්නාහු මා මැ පිරිවැරූහ.
5747. මහාරජ්ජසුඛං පත්තො සබ්බකාමසමිද්ධිමා, වාණිජෙහි සමක්ඛාතං බුද්ධප්පාදමහං සුණිං.
5747. සියලු කාමසුඛයෙන් සමෘද්ධ වූ මම මහරජසුවයට පැමිණියේ වෙළෙඳුන් විසින් කියන ලද බුදුඋපත ඇසීමි:
5748. “බුද්ධො ලොකෙ සමුප්පන්නො අසමො එකපුග්ගලො, සො පකාසෙති සද්ධම්මං අමතං සුඛමුත්තමං.
5748. “අසම වූ අසහාය පුද්ගල වූ බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම උතුම් වූ අමාසුව (දෙන) සදහම් දෙසයි.
5749. සුයුත්තා තස්ස සිස්සා ච සුමුත්තා ච අනාසවා,” සුත්වා තෙසං සුවචනං සක්කරිත්වාන වාණිජෙ.
5749. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ද මැනැවින් (ඒ ධර්මයෙහි) යෙදුනෝ ය. ආස්‍රවයන් කෙරෙන් මැනැවින් මිදුනෝ ය” කියා යි. ඔවුන්ගේ මේ භද්රවචන අසා ඒ වෙළෙඳුන්හට සත්කාර කොට-
5750. පහාය රජ්ජං සාමච්චො නික්ඛමිං බුද්ධමාමකො, නදිං දිස්වා මහාචන්දා පූරිතං සමතිත්තිකං.
5750. රාජ්‍යය හැර ලා ඇමතියන් සහිතව බුද්ධමාමක වූයෙම් (තථාගතයන් දක්නට) නික්මුනෙමි. මුවවිට දක්වා පිරුණා වූ චන්ද්රභාගා මහානදිය දැක-
5751. අප්පතිට්ඨං අනාලම්බං දුත්තරං සීඝවාහිනිං, ගුණං සරිත්වා බුද්ධස්ස සොත්ථිනා සමතික්කමිං.
5751. (එහි වැටුනු අයට කිසිදු පිහිටක් නො මැති බැවින්) ප්‍රතිෂ්ඨා විරහිත වූ (එල්බ ගැනීමට කිසිවක් නැති බැවින්) නිරාලම්බ වූ, තරණය කිරීම දුෂ්කර වූ, ශීඝ්‍රව ගලා බස්නා වූ (චන්ද්රභාගා නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ තරණය කෙළෙමි.
5752. භවසොතං සචෙ බුද්ධො තිණ්ණො ලොකන්තගූ විදූ, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
5752. ලෝකයෙහි අන්තයට ගියා වූ සියල්ල දන්නා වූ සර්වඥ තෙමේ ඉදින් භව සැඩපහර තරණය කෙළේ නම් ඒ සත්‍යවචනය කරණකොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේ වා.
5753. යදි සන්තිගමො මග්ගො මොක්ඛො චච්චන්තිකං සුඛං, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
5753. ඉදින් මාර්ගය නිවන කරා යන සුළු වේ නම්, මෝක්ෂය ද අත්‍යන්තසුඛ වේ නම්, ඒ සත්‍යවචනය කරණ කොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේවා.
5754. සඞ්ඝො චෙ තිණ්ණකන්තාරො පුඤ්ඤක්ඛෙත්තො අනුත්තරො, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
5754. ඉදින් ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ තරණය කරණ ලද භවකාන්තාරය ඇත්තේ වේ ද, නිරුත්තර වූ පුණ්යක්ෂේත්රය වේ ද, ඒ සත්‍යවචනය කරණ කොට ගෙන මාගේ ගමන සමෘද්ධ වේවා යි සත්‍යක්‍රියා කෙළෙමි.
5755. සහ කතෙ සච්චවරෙ මග්ගා අපගතං ජලං, තතො සුඛෙන උත්තිණ්ණො නදීතීරෙ මනොරමෙ.
5755. මේ උතුම් වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්ගයෙන් ජලය ඉවත් විය. ඉක්බිති සුවසේ (ගඟින්) එතෙර වූයෙම් මනරම් වූ ගඞ්ඟා තීරයෙහි-
5756. නිසින්නං අද්දසං බුද්ධං උදෙන්තංව පභඞ්කරං, ජලන්තං හෙමසෙලංව දීපරුක්ඛංව ජොතිතං.
5756-5757. උදාවන හිරු වැනි, දිලිසෙන හිමාලයපර්වතය වැනි, බබලන ප්‍රදීපවෘක්‍ෂයක් වැනි වූ, තරු සහිත වූ සඳු මෙන් ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද, එකල්හි වර්ෂා කරණ මෙඝයක් මෙන් දේශනා ජලදායක වූ වැඩහුන් බුදුරජුන් දිටිමි.
5757. සසී ව තාරාසහිතං සාවකෙහි පුරක්ඛතං, වාසවං විය වස්සන්තං දෙසනාජලදං තදා
5758. වන්දිත්වාන සහාමච්චො එකමන්තං උපාවිසිං තතො නො ආසයං ඤත්වා බුද්ධො ධම්මමදෙසයී.
5758. මම ඇමතියන් සහිතව (බුදුරජුන්) වැඳ එකත් පසෙක හුනිමි. ඉක්බිති බුදුරජ තෙමේ අපගේ අදහස් දැන දහම් දෙසී ය.
5759. සුත්වාන ධම්මං විමලං අවොචුම්හ මයං ජිනං, පබ්බාජෙහි මහාවීර නිබ්බින්නම්හ මයං භවෙ.
5759. අපි නිර්මල වූ ධර්මය අසා බුදුරජුන්හට මෙසේ කීමු. “මහාවීරයන් වහන්ස අපි භවයෙහි කලකිරුනෝ වෙමු. පැවිදි කරවනු මැනවැ”යි.
5760. ස්වාක්ඛාතො භික්ඛවෙ ධම්මො දුක්ඛන්තකරණාය වො, චරථ බ්රහ්මචරියං ඉච්චාහ මුනි සත්තමො.
5760. “මහණෙනි, ධර්මය (මැනවින් දෙසනලද බැවින්) ස්වාක්ඛාතය. තොපගේ දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙවු”යි (විපස්සී බුදුරජුන් පටන් මේ බුදුරජුන් තෙක් ගිණිමෙන්) සත්වැනි වූ (ගෞතම) මුනිතෙම වදාළේ ය.
5761. සහ වාචාය සබ්බෙපි භික්ඛුංවසධරා මයං, අහුම්හ උපසම්පන්නා සොතාපන්නා ච සාසනෙ.
5761. එම වචනය හා සමග ම අපි සියල්ලෝ භික්ෂුවේශ ධරන්නමෝ සසුනෙහි උපසපන් වූ සෝවන් වූ පැවිද්දෝ වූමු.
5762. තතො ජෙතවනං ගන්ත්වා අනුසාසි විනායකො, අනුසිට්ඨො ජිනෙනාහං අරහත්තමපාපුණිං.
5762. ඉක්බිති බුදුරජතෙම දෙව්රම් වෙහෙරට ගොස් අනුශාසනා කෙළේ ය. බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම රහත්බවට පැමිණියෙමි.
5763. තතො භික්ඛුසහස්සං තං අනාසාසිං අහං තදා, මමානුසාසනකරා තෙපි ආසුං අනාසවා.
5763. ඉක්බිති (මාගේ පිරිවර වූ) ඒ භික්ෂූන් දහසට මම අනුශාසනා කෙළෙමි. එකල්හි මාගේ අනුශාසනය කරන්නා වූ ඔහුදු ආස්‍රව රහිතයෝ (රහත්හු) වූහු.
5764. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං, භික්ඛු ඔවාදකානග්ගො කප්පිනොති මහාජනෙ.
5764. එම ගුණයෙහි සතුටු වූ බුදුරජහු මහාජනයා ඉදිරියෙහි කප්පින තෙමේ භික්ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අග්‍රය යි මා ඒතදග්‍රස්ථානයෙහි තැබූහ.
5765. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී මම.
5765. මෙයින් සියදහස් වන කපෙහි මා විසින් කරණලද කර්මය මෙහි දී විපාක දැක්වී ය. (දුන්නෙන්) මැනවින් මිදුනු හීවේගයක් මෙන් (එම කර්මඵලය) මාගේ කෙලෙසුන් දැවී ය.
5766. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5766. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5767. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5767. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5768. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5768. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මහාකප්පිනො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
මෙසෙයින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මහාකප්පිනත්ථෙරස්ස අපදානං තතියං.
මහාකප්පින ස්ථවිරාවදානය තෙවැනියි.