534. දබ්බත්ථෙරාපදානං
534. දබ්බත්ථෙරාපදානං
534. දබ්බ ස්ථවිරාවදානය
5769. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
5769. මෙයින් සියක් දහස්වන කපෙහි පසැස් ඇත්තා වූ සර්වලෝ දත්, පස්මරුන් දිනූ පදුමුත්තර නම් මුනීන්ද්රයන් වහන්සේ උපන් සේක.
5770. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
5770. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් අවබෝධ කරවන්නා වූ (ඔවුන් සසරින්) එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්ෂ වූ බුදුරජානන් වහන්සේ බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූසේක.
5771. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි
5771. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමති (බුදුරජ) වෙත පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
5772. එවං නිරාකුලං ආසි සුඤ්ඤතං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
5772. එකල මෙසේ තීර්ත්ථකයන්ගෙන් හිස් වූයේ නිරවුල් වූයේ (සස්න) තාදීගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වී ය.
5773. රතනානට්ඨපඤ්ඤාස උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
5773. එමුනි රජ තෙමේ අටපනස්රියන් උස් වූයේ රන් ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5774. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
5774. එකල්හි (සත්නට) වර්‍ෂලක්‍ෂයක් ආයු වෙයි. ඒතාක් වැඩහුන් ඒ සර්වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතර කෙළේ ය.
5775. තදාහං හංසවතියා සෙට්ඨිපුත්තො මහායසො, උපෙත්වා ලොකපජ්ජොතං අස්සොසිං ධම්මදෙසනං.
5775. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යශස් ඇති සිටු පුත්‍රයෙක් වූයෙම් ලෝපහන් වූ බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5776. සෙනාසනානි භික්ඛූනං පඤ්ඤාපෙන්තං සසාවකං, කිත්තයන්තස්ස වචනං සුණිත්වා මුදිතො අහං.
5776. භික්ෂූනට සෙනසුන් පනවන්නා වූ සිය සව්වකු පසසන උන්වහන්සේගේ වචනය අසා සතුටු වූ මම-
5777. අධිකාරං සසඞ්ඝස්ස කත්වා තස්ස මහෙසිනො, නිපච්ච සිරසා පාදෙ තං ඨානමභිපත්ථයිං.
5777. සඞ්ඝයා සහිත වූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදී) අධිකාර කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
5778. තදා භාසි මහාවීරො මම කම්මං පකිත්තයං, යො සසඞ්ඝමභොජෙසි සත්තාහං ලොකනායකං.
5778. එකල්හි මහාවීර වූ බුදුරජතෙමේ මාගේ පුණ්‍යකර්මය පසසමින් මෙසේ කීය. “යමෙක් සඞ්ඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳ වී ද,
5779. සොයං කමලපත්තක්ඛො සීහංසො කනකත්තවො, මම පාදමූලෙ නිපතී පත්ථයං ඨානමුත්තමං.
5779. (හෙළ) පියුම්පත් බඳු ඇස් ඇති, සීහාංස (සිංහයකුගේ මෙන් පිරුණු උරහිස්) ඇති, රන්වන් වූ සිවි ඇති ඒ මේ සිටුපුත්තෙම උතුම් තනතුරක් පතමින් මාගේ පාමුල වැටුනේ ද,
5780. සහසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
5780. මෙයින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ බුදුරජතෙමේ ලොව පහළවන්නේ ය.
5781. සාවකො තස්ස බුද්ධස්ස දබ්බො නාමෙන විස්සුතො, සෙනාසනපඤ්ඤාපකො අග්ගො හෙස්සති’යං තදා.
5781. එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නමින් ප්‍රසිද්ධ වූ, සෙනසුන් පනවන අගසව් වන්නේ ය” කියා යි.
5782. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5782. මැනවින් කරණලද ඒ කර්මයෙන් ද, චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5783. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
5783. මම තෙසිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
5784. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
5784. (කරනලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නොහේ. එම කර්මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තෙම් වීමි.
5785. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො, උප්පජ්ජි චාරුනයනො සබ්බධම්මවිපස්සකො.
5785. මෙයින් යට එක් අනූවන කපෙහි, මනෝඥ ඇස් ඇති සියලු ධර්මයන් මැනැවින් දක්නා වූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
5786. දුට්ඨචිත්තො උපවදිං සාවකං තස්ස තාදිනො, සබ්බාසවපරික්ඛීණං සුද්ධොති ච විජානිය.
5786. තාදීගුණ ඇති ඒ බුදුරජුන්ගේ සියලු ආස්‍රවයන් ක්ෂය කළ ශ්‍රාවකයකුට ‘ශුද්ධයෙකැ’යි දැන ම දුෂ්ටසිත් ඇත්තෙම් නින්දා කෙළෙමි.
5787. තස්සෙව නරවීරස්ස සාවකානං මහෙසිනං, සලාකං පග්ගහෙත්වාන ඛීරොදනමදාසහං.
5787. මම නරවීර වූ එම බුදුරජුන්ගේ ම මහර්ෂී (-රහත්) සව්වනට සලාකයක් ගෙණ කිරිබතක් දුනිමි.
5788. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතං වරො.
5788. මේ භද්‍රකල්පයෙහි බ්රහ්මබන්ධු (බ්‍රාහ්මණ කුලයෙහි) වූ මහත් යශස් ඇති වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙමේ ලොව පහළ විය.
5789. සාසනං ජොතයිත්වා සො අභිභුය්ය කුතිත්ථියෙ, වෙනෙය්යෙ විනයිත්වාන නිබ්බුතො සො සසාවකො.
5789. ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ මිසදිටුතීර්ත්ථකයන් මැඩ සසුන බබුළුවා වෛනෙය (-හික්මවියයුතු) ජනයන් හික්මවා පිරිනිවන් පෑ සේක.
5790. සසිස්සෙ නිබ්බුතෙ නාථෙ අත්ථමෙන්තම්හි සාසනෙ, දෙවා කන්දිංසු සංවිග්ගා මුත්තකෙසා රුදම්මුඛා.
5790. බුදුරජහු ද ශිෂ්‍යයන් ද පිරිනිවී පසු සසුන අස්තයට (පිරිහීමට) යන කල්හි සංවේගයට පත් දෙවියෝ මුදා ලූ කෙස් ඇත්තාහු, වලප්නා මුහුණු ඇත්තාහු හැඬූහ:
5791. “නිබ්බායිස්සතී ධම්මක්ඛො න පස්සිස්සාම සුබ්බතෙ, න සුණිස්සාම සද්ධම්මං අහො නො අප්පපුඤ්ඤතා.”
5791. “දහම් ඇස නිවී යන්නේ ය. මනාව්‍රත ඇති (ශ්‍රාවක) යන් නො දක්නෙමු. සදහම් නො අසන්නෙමු. අහෝ! අපගේ පින් මඳ බව යි”.
5792. තදායං පඨවී සබ්බා අචලා සාචලා’චලී, සාගරො ච සසොකොව විනදී කරුණං ගිරං.
5792. එකල්හි මේ නිශ්චල වූ සියලු පෘථිවි තොමෝ සසල ව කම්පා වූවා ය. සයුර ද සෝක සහිත වූවකු මෙන් දුක් හඬින් හැඬී ය.
5793. චතුද්දිසා දුන්දුභියො නාදයිංසු අමානුසා, සමන්තතො අසනියො ඵලිංසු ච භයාවහා.
5793. සිවුදිගෙහි වූ දිව්‍ය භේරීහු නාද කළහ. හාත්පස භයජනක වූ අසනීහු (-හෙණ) පුපුළහ.
5794. උක්කා පතිංසු නභසා ධූමකෙතු ච’දිස්සථ, සබ්බත්ථලජසත්තා ච රවිංසු කරුණං මිගා.
5794. අහසින් උල්කා හින. ධුමකේතූහු ද පැණුනාහ. ගොඩ උපදින සියලු සත්ත්වයෝ ද මෘගයෝ ද බැගෑ හඬ හැඬූහ.
5795. උප්පාතෙ දාරුණෙ දිස්වා සාසනත්ථඞ්ගමසුවකෙ, සංවිග්ගා භික්ඛවො සත්ත චින්තයිම්හ මයං තදා.
5795. සස්න බැසයනු හඟවන දරුණු උත්පාත (-භූතවිකාරායන්) දැක සංවිග්න (සැලුනා) වූ අපි භික්ෂූහු සත්නමක් එකල මෙසේ සිතුම්හ:
5796. සාසනෙන විනාම්හාකං ජීවිතෙන අලං මයං, පවිසිත්වා මහාරඤ්ඤං යුඤ්ජාම ජිනසාසනෙ.
5796. “සසුනෙන් තොර වූ අපගේ ජීවිතයෙන් කම් නැත. අපි මහ වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමු” ය (කියා යි).
5797. අද්දසුම්භ තදාරඤ්ඤෙ උබ්බිද්ධං සෙලමුත්තමං, නිස්සෙණියා තමාරුය්හ නිස්සෙණිං පාතයිම්හසෙ.
5797. එකල්හි අරණෙහි උස් වූ උතුම් පර්වතයක් දුටිමු. හිණිමගකින් ඒ පර්වතයට නැගී හිණිමග බිම හෙළීමු.
5798. තදා ඔවදි නො ථෙරො බුද්ධුප්පාදො සුදුල්ලභො, සද්ධා ච දුල්ලභා ලද්ධා ථොකං සෙසඤ්ච සාසනං.
5798. එකල්හි සඞ්ඝස්ථවිරතෙමේ අපට අවවාද කෙළේ ය: බුද්ධෝත්පාදය අතිශයින් දුර්ලභය. දුර්ලභ වූ ශ්‍රද්ධා ද ලබන ලදී. සස්න ද ස්වල්පයක් ශේෂව ඇත.
5799. නිපතන්ති ඛණාතීතා අනන්තෙ දුක්ඛසාගරෙ, තස්මා පයොගො කත්තබ්බො යාව ඨාති මුනෙ මතං.
5799. අෂ්ටදුෂ්ටක්ෂණවිනිර්මුක්ත මේ උතුම් මොහොත ඉක්මවූවෝ අනන්ත වූ දුක් සයුරෙහි වැටෙත්. එහෙයින් සර්වඥමතය (-බුදු සසුන) පවතිත් ම එහි යෝග කළයුතුයි.
5800. අරහා ආසි සො ථෙරො අනාගාමී තදානුගො, සුසීලා ඉතරෙ යුත්තා දෙවලොකං අගම්හසෙ.
5800. ඒ (ඔවා දුන්) ස්ථවිර තෙමේ රහත් විය. උන්වහන්සේ අනුව ගිය (දෙවැන්නා) අනාගාමී විය. එහි යෙදුනු සෙසු සිල්වත් වූ අපි (ඉන් සැව) දෙව්ලොව ගියෙමු.
5801. නිබ්බුතො තිණ්ණසංසාරො සුද්ධාවාසෙ ච එකකො, අහං ච පුක්කුසාතී ච සභියො බාහියො තථා.
5801-5802. (අනාගාමී වූ භික්ෂුතෙම) හුදකලාව ශුද්ධාවාසයෙහි තිණු සසර ඇත්තේ (රහත්ව) පිරිනිවියේ ය. මම ද පුක්කුසාති ද එසේ ම සභිය ද බාහිය ද කුමාරකස්සප දැයි අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු ගෞතම බුදුරජුන් විසින් අනුකම්පා කරණලද්දාහු සසරබැඳුමෙන් මිදුනෝ වීමු.
5802. කුමාරකස්සපො චෙව තත්ථ තත්ථුපගා මයං, සංසාරබන්ධනා මුත්තා ගොතමෙනානුකම්පිතා.
5803. මල්ලෙසු කුසිනාරායං ජාතො ගබ්භෙව මෙ සතො, මතා මාතා චිතාරූළ්හා තතො නිප්පතිතො අහං.
5803. මම මල්ල රට කුසිනාරායෙහි උපන්මි. මා ගැබැවත් ම මවු මළා ය. ඈ චිතකයට නංවන ලදු. එයින් මම ගිලිහී වැටුනෙමි.
5804. පතිතො දබ්බපුඤ්ජම්හි තතො දබ්බොති විස්සුතො, බ්රහ්මචාරීබලෙනාහං විමුත්තො සත්තවස්සිකො.
5804. කුසතණ පඳුරෙක්හි වැටුනෙමි ඒ හේතුවෙන් දබ්බ යයි ප්‍රකට වීමි. බඹසැරිබලයෙන් මම සත්හැවිරිදි වූයෙම් (සසරින්) මිදුනෙමි.
5805. ඛීරොදනඵලෙනාහං පඤ්චහඞ්ගෙහුපාගතො, ඛීණාසවොපවාදෙන පාපෙහි බහුචොතිතො.
5805. මම කිරිබත් දන්දීමේ විපාකයෙන් (ආයු - වර්ණ - සැප - බල - ප්‍රඥා යන) අඞ්ග පසකින් යුක්ත වූයෙමි. රහතුන් වහන්සේ කෙනකුන්ට නින්දා කිරීම හේතුකොට ගෙණ බොහෝ පාපීන් විසින් චෝදිත වූයෙමි.
5806. උභො පුඤ්ඤං ච පාපඤ්ච වීතිවත්තොම්හි’ දානහං. පත්වාන පරමං සන්තිං විහරාමි අනාසවො.
5806. දැන් මම පින් ද පව් ද දෙක ම ඉක්ම වූයෙම් වෙමි. ආස්‍රව රහිත වූයෙම් පරමශාන්තියට පැමිණ වෙසෙමි.
5807. සෙනාසනං පඤ්ඤාපයිං භාසයිත්වාන සුබ්බතෙ, ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගො ඵපෙසි මං.
5807. මනා ව්‍රත ඇති භික්ෂූන් තුටු කොට සෙනසුන් පැණවීමි. ඒ ගුණයෙහි තුටු වූ බුදුරජහු මා (සෙනසුන් පණවන භික්ෂූන් අතුරෙන් අග්‍රයයි) ඒතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
5808. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5808. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5809. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5809. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5810. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5810. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා දබ්බො මල්ලපුත්තො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
මෙසෙයින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
දබ්බමල්ලපුත්තත්ථෙරස්ස අපදානං චතුත්ථං.
දබ්බමල්ලපුත්ත ස්ථවිරාවදානය සිවුවැනියි.