යෙදුමෙන් කියවන්න

534. දබ‍්බමල‍්ලපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

534. දබ‍්බමල‍්ලපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා

534. දබ්බ ථේර අපදාන වර්ණනාව

චතුත්‍ථාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො දබ‍්බමල‍්ලපුත‍්තත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා ජාතො විභවසම‍්පන‍්නො අහොසි, සත්‍ථරි පසන‍්නො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සෙනාසනපඤ‍්ඤාපකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා පසන‍්නමානසො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සත‍්තාහං මහාදානං දත්‍වා සත‍්තාහච‍්චයෙන භගවතො පාදමූලෙ නිපතිත්‍වා තං ඨානං පත්‍ථෙසි. භගවාපිස‍්ස සමිජ‍්ඣනභාවං ඤත්‍වා බ්‍යාකාසි. සො යාවජීවං කුසලං කත්‍වා තතො චුතො තුසිතාදීසු දෙවෙසු දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො චුතො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො අසප‍්පුරිසසංසග‍්ගෙන තස‍්ස සාවකං භික‍්ඛුං අරහාති ජානන‍්තොපි අබ‍්භූතෙන අබ‍්භාචික‍්ඛි. තස‍්සෙව සාවකානං ඛීරසලාකභත‍්තං අදාසි. සො යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා කස‍්සපදසබලස‍්ස කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො ඔසානකාලෙ සාසනෙ පබ‍්බජිතො පරිනිබ‍්බුතෙ භගවති සකලලොකෙ කොලාහලෙ ජාතෙ සත‍්ත භික‍්ඛවො පබ‍්බජිතො පච‍්චන‍්තජනපදෙ වනමජ‍්ඣෙ එකං පබ‍්බතං අභිරුහිත්‍වා “ජීවිතාසා ඔරොහන‍්තු නිරාලයා නිසීදන‍්තූ”ති නිස‍්සෙණිං පාතෙසුං. තෙසං ඔවාදදායකො ජෙට‍්ඨකත්‍ථෙරො සත්‍ථාහබ‍්භන‍්තරෙ අරහා අහොසි. තදනන‍්තරත්‍ථෙරො අනාගාමී, ඉතරෙ පඤ‍්ච පරිසුද‍්ධසීලා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තා. තත්‍ථ එකං බුද‍්ධන‍්තරං දිබ‍්බසුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ පුක‍්කුසාති (ම· නි· 3.342), සභියො (සු· නි· සභියසුත‍්ත), බාහියො (උදා· 10), කුමාරකස‍්සපොති (ම· නි· 1.249) ඉමෙ චත‍්තාරො තත්‍ථ තත්‍ථ නිබ‍්බත‍්තිංසු. අයං පන මල‍්ලරට‍්ඨෙ අනුපියනගරෙ නිබ‍්බත‍්ති. තස‍්මිං මාතුකුච‍්ඡිතො අනික‍්ඛන‍්තෙයෙව මාතා කාලමකාසි, අථෙකො තස‍්සා සරීරං ඣාපනත්‍ථාය චිතකස‍්මිං ආරොපෙත්‍වා කුමාරං දබ‍්බන‍්තරෙ පතිතං ගහෙත්‍වා ජග‍්ගාපෙසි. දබ‍්බෙ පතිතත‍්තා දබ‍්බො මල‍්ලපුත‍්තොති පාකටො අහොසි. අපරභාගෙ පුබ‍්බසම‍්භාරවසෙන පබ‍්බජි, සො කම‍්මට‍්ඨානමනුයුත‍්තො නචිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි.

සිව්වැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි සිටුපුත්‍රයෙක් ව ඉපිද විභව සම්පත් ඇත්තේ විය. ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක සේනාසන පනවන්නවුන් අතර අගතන්හි තබනු දැක පහන් සිතැත්තේ බුදුපාමොක් භික්‍ෂු සංඝයාට ආරාධනා කොට සත්දිනක් මහදන් දී සත්දින ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටී ඒ තනතුර පැතීය. භාග්‍යවතුන් වහන්සේ ද සමෘද්ධවන බව දැන විවරණ දුන් සේක. හේ දිවි ඇතිතාක් කුසල්කොට ඉන්පසු තුසිත ආදී දෙවියන් අතර දිව්‍යසම්පත් අනුභවකොට විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක ඉපිද අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් උන්වහන්සේ සව්වකු රහත්යයි දැනගෙන අභූත චෝදනා නැගීය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට කිරිබත් සලාකයද දුන්හ. හේ දිවි ඇති තෙක් පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද අවසාන කාලයෙහි සසුනෙහි පැවිදිවූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සියලු ලෝකයෙහි කෝලාහල ඇතිවූ කල්හි භික්‍ෂූන් සත්නමක් ප්‍රත්‍යන්ත ජනපදයෙහි වනමැද එක් පර්වතයකට නැගී ‘ජීවිත ආශාව බැස යෙත්වායි ආලයෙන් තොරව හිඳිත්වායි ඉණිමග හෙළූහ. ඔවුන්ගේ අවවාද දායක ජ්‍යෙෂ්ඨ තෙරුන් වහන්සේ සත්දිනක් ඇතුළත රහත් වූහ. ඉන්පසු එන තෙරුන් වහන්සේ අනාගාමී වූහ. මේ පිරිසිදු සිල් ඇති පඬිනම එයින් චුතව දෙව්ලොව උපන්නාහු ඉන් අනතුරුව දිවසැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි පුක්කුසාති, සහිය, බාහිය, කුමාරකාශ්‍යප යන මේ සතරදෙන එහි උපන්නාහුය. මොහු වනාහි මල්ල රටෙහි රජගෙයි උපන්නේය. ඔහු මව්කුසින් නික්මුණු කල්හිම මව කලුරිය කළාය. ඉක්බිති එකෙක් ඇයගේ සිරුර දවනු පිණිස චිතකයෙහි නංවා දැව අතරෙහි වැටුණු දරුවා ගෙන පෝෂණය කරවීය. දර ගොඩෙහි වැටුණු බැවින් දබ්බ මල්ලපුත්ත යැයි ප්‍රකට විය. පසුකලක පූර්ව පින් රැස්කිරීම් වශයෙන් පැවිදි විය. හේ කර්මස්ථානයෙහි යෙදුණේ නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය.

අථ නං සත්‍ථා මජ‍්ඣත‍්තභාවෙන ආනුභාවසම‍්පන‍්නභාවෙන ච භික‍්ඛූනං සෙනාසනං පඤ‍්ඤාපනෙ භත‍්තුද‍්දෙසනෙ ච නියොජෙසි. සබ‍්බො ච භික‍්ඛුසඞ‍්ඝො තං සමන‍්නෙසි. තං විනයඛන්‍ධකෙ (චූළව· 189-190) ආගතමෙව. අපරභාගෙ ථෙරො එකස‍්ස වරසලාකදායකස‍්ස සලාකභත‍්තං මෙත‍්තියභූමජකානං භික‍්ඛූනං උද‍්දිසි. තෙ හට‍්ඨතුට‍්ඨා “ස‍්වෙ මය‍්හං මුග‍්ගඝතමධුමිස‍්සකභත‍්තං භුඤ‍්ජිස‍්සාමා”ති උස‍්සාහජාතා අහෙසුං. සො පන උපාසකො තෙසං වාරප‍්පත‍්තභාවං සුත්‍වා දාසිං ආණාපෙසි – “යෙ, ජෙ, භික‍්ඛූ ස‍්වෙ ඉධ ආගමිස‍්සන‍්ති, තෙ කණාජකෙන බිලඞ‍්ගදුතියෙන පරිවිසාහී”ති. සාපි තථෙව තෙ භික‍්ඛූ ආගතෙ කොට‍්ඨකපමුඛෙ නිසීදාපෙත්‍වා භොජෙසි. තෙ භික‍්ඛූ අනත‍්තමනා කොපෙන තටතටායන‍්තා ථෙරෙ ආඝාතං බන්‍ධිත්‍වා “මධුරභත‍්තදායකං අම‍්හාකං අමධුරභත‍්තං දාපෙතුං එසොව නියොජෙසී”ති දුක‍්ඛී දුම‍්මනා නිසීදිංසු. අථ තෙ මෙත‍්තියා නාම භික‍්ඛුනී “කිං, භන‍්තෙ, දුම‍්මනා”ති පුච‍්ඡි. තෙ, “භගිනි, කිං අම‍්හෙ දබ‍්බෙන මල‍්ලපුත‍්තෙන විහෙඨියමානෙ අජ‍්ඣුපෙක‍්ඛසී”ති ආහංසු. “කිං, භන‍්තෙ, මයා සක‍්කා කාතු”න‍්ති? “තස‍්ස දොසං ආරොපෙහී”ති. සා තත්‍ථ තත්‍ථ ථෙරස‍්ස අභූතාරොපනං අකාසි. තං සුත්‍වා භික‍්ඛූ භගවතො ආරොචෙසුං. අථ භගවා දබ‍්බං මල‍්ලපුත‍්තං පක‍්කොසාපෙත්‍වා – “සච‍්චං කිර ත්‍වං, දබ‍්බ, මෙත‍්තියාය භික‍්ඛුනියා විප‍්පකාරමකාසී”ති පුච‍්ඡි. “යථා මං, භන‍්තෙ, භගවා ජානාතී”ති. “න ඛො, දබ‍්බ , දබ‍්බා එවං නිබ‍්බෙඨෙන‍්ති, කාරකභාවං වා අකාරකභාවං වා වදෙහී”ති. “අකාරකො අහං, භන‍්තෙ”ති. භගවා – “මෙත‍්තියං භික‍්ඛුනිං නාසෙත්‍වා තෙ භික‍්ඛූ අනුයුඤ‍්ජථා”ති ආහ. උපාලිත්‍ථෙරප‍්පමුඛා භික‍්ඛූ තං භික‍්ඛුනිං උප‍්පබ‍්බාජෙත්‍වා මෙත‍්තියභූමජකෙ භික‍්ඛූ අනුයුඤ‍්ජිත්‍වා තෙහි “අම‍්හෙහි නියොජිතා සා භික‍්ඛුනී”ති වුත‍්තෙ භගවතො එකමත්‍ථං ආරොචෙසුං. භගවා මෙත‍්තියභූමජකානං භික‍්ඛූනං අමූලකසඞ‍්ඝාදිසෙසං පඤ‍්ඤපෙසි.

ඉක්බිති ශාස්තෲන් වහන්සේ මධ්‍යස්ථ බැවින් යුතුව අනුහස් ඇති බැවින් යුතුව භික්‍ෂූන්ට සෙනසුන් පැනවීමෙහි හා බත් උදෙසීමෙහිද යෙදවූ සේක. සියලු මෙත්තිය භුම්මජක භික්‍ෂූහු උන්වහන්සේ වෙත පැමිණියාහුය. එය විනය බන්‍ධකයෙහි පැමිණියේමය. පසුකලෙක තෙරුන් වහන්සේ එක් උතුම් සලාක දායකයකුගේ සලාක බත් මෙත්තිය භුම්මජකා නම් භික්‍ෂුණිය ඇයි ස්වාමීනි, දොම්නස්වැයි ඔවුන්ගෙන් ඇසුවාය. ඔවුහු නැගණිය, දබ්බමල්ල පුත්‍රයා අප වෙහෙසවා පාලනය කරන්නේ ඇයිදැයි ඇසූහ. ‘ස්වාමීනි, මා විසින් කළහැක්කේ කුමක්ද? උන්වහන්සේට දොස් නගන්නැයි කීවේය. ඇය තැනින් තැන තෙරුන් වහන්සේට අභූත චෝදනා කළාය. ඒ අසා භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දබ්බමල්ල පුත්ත කැඳවා ‘ඔබ මෙත්තියා භික්‍ෂුණියට වෙනසක් කළේ ඇත්තදැ’යි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේකැ’යි කීය. දබ්බ මෙසේ ප්‍රතික්‍ෂේප නොකරව. කරන ලද බව හෝ නොකරන ලද බව හෝ කියව. ස්වාමීනි, මම එසේ නොකෙළෙමි. භාග්‍යවතුන් වහන්සේ මෙත්තියා භික්‍ෂුණීයට වරදට සමාව දී ඒ භික්‍ෂූන්ට අවවාද කරවුයයි කියූ සේක. උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේ ඒ භික්‍ෂුණිය උපැවිදි කොට මෙත්තිය භුම්මජක භික්‍ෂූන්ට වරද පෙන්වා දී ඔවුන් අප විසින් ඒ භික්‍ෂුණිය යොදවන ලද්දීයයි කී කල්හි භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ දැන්වූහ. භාග්‍යවතුන් වනහන්සේ මෙත්තිය භුම්මජක භික්‍ෂූන්ට අමුලක සංඝාදීසේසය පැනවූ සේක.

තෙන ච සමයෙන දබ‍්බත්‍ථෙරො භික‍්ඛූනං සෙනාසනං පඤ‍්ඤාපෙන‍්තො වෙළුවනවිහාරස‍්ස සාමන‍්තා අට‍්ඨාරසමහාවිහාරෙ සභාගෙ භික‍්ඛූ පෙසෙන‍්තො රත‍්තිභාගෙ අන්‍ධකාරෙ අඞ‍්ගුලියා පදීපං ජාලෙත්‍වා තෙනෙවාලොකෙන අනිද‍්ධිමන‍්තෙ භික‍්ඛූ පෙසෙසි. එවං ථෙරස‍්ස සෙනාසනපඤ‍්ඤාපනභත‍්තුද‍්දෙසනකිච‍්චෙ පාකටෙ ජාතෙ සත්‍ථා අරියගණමජ‍්ඣෙ දබ‍්බත්‍ථෙරං ඨානන‍්තරෙ ඨපෙන‍්තො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං සෙනාසනපඤ‍්ඤාපකානං යදිදං දබ‍්බො මල‍්ලපුත‍්තො”ති (අ· නි· 1.209, 214) එතදග‍්ගෙ ඨපෙසි.

එසමයෙහි මල්ල තෙරුන් වහන්සේ භික්‍ෂූන්ට සෙනසුන් පනවන්නාහු වේළුවන විහාරය හාත්පස දසඅටක් මහා විහාරයන්ට සභාග භික්‍ෂූන් යවන්නාහු රාත්‍රී කාලයෙහි අන්ධකාරයෙහි ඇඟිල්ලෙන් පහන දල්වා ඒ ආලෝකයෙන්ම යැවූහ. මෙසේ තෙරුන් වහන්සේගේ සෙනසුන් පනවන තවත් උදෙසන කාර්යය ප්‍රකට වූ කල්හි ශාස්තෲන් වහන්සේ ආර්යගණයා මැද සියලු තෙරුන් වහන්සේලා තනතුරුවල තබන සේක්, මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් සේනාසන පනවන්නවුන් අතර යමෙක් අගතැන්පත් වේද ඒ දබ්බමල්ලපුත්ත යයි තෙරුන් වහන්සේ අගතන්හි තැබූ සේක.

ථෙරො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සී නාම නායකො ලොකෙ උප‍්පජ‍්ජීති සම‍්බන්‍ධො.

තෙරුන් වහන්සේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කියූහ. ඒ සියල්ල යට කියන ලද අරුත් ඇත්තේ ම ය. මින් අනූවැනි කල්පයෙහි විපස්සි නම් නායකයෙක් ලෝකයේ උපදී යනු සම්බන්ධයි.

දුට‍්ඨචිත‍්තොති දූසිතචිත‍්තො අසාධුසඞ‍්ගමෙන අපසන‍්නචිත‍්තොති අත්‍ථො. උපවදිං සාවකං තස‍්සාති තස‍්ස භගවතො ඛීණාසවං සාවකං උපවදිං, උපරි අභූතං වචනං ආරොපෙසිං, අබ‍්භක‍්ඛානං අකාසින‍්ති අත්‍ථො.

දුට්ඨචිත්තො යනු දූෂිත සිත් ඇත්තේ දුර්ජනයන් ආශ්‍රය කිරීමෙන් අප්‍රසන්න සිත් ඇත්තේ යන අර්ථයි. උපවදිං සාවකං යනු ඒ භාග්‍යවතුන් වහන්සේගේ ක්‍ෂීණාශ්‍රව ශ්‍රාවකයකුට අවමන් කෙළෙමි. උන්වහන්සේ කෙරෙහි බොරු බස් කියූවෙමි. බොරුවෙන් චෝදනා කෙළෙමි යන අර්ථයි.

දුන්‍දුභියොති දුන්‍දුං ඉති සද‍්දායනතො දුන්‍දුභිසඞ‍්ඛාතා භෙරියො. නාදයිංසූති සද‍්දං කරිංසු. සමන‍්තතො අසනියොති සබ‍්බදිසාභාගතො අසනෙ විනාසනෙ නියුත‍්තොති අසනියො, දෙවදණ‍්ඩා භයාවහා ඵලිංසූති සම‍්බන්‍ධො.

දුන්‍දුභියො යනු දුන්දුං යයි ශබ්ද නගන හෙයින් දුන්‍දුභි සංඛ්‍යාත වූ බෙර. නාදයිංසු යනු ශබ්ද කළහ. සමන්තතො අසනියො යනු සියලු දිශා භාගයෙන් අසනෙ විනාශ කිරීමෙහි නියුක්ත වූයේනුයි අසනියො නමි. බිය එළවන දෙවියන්ගේ දඬුවම් පතිත විය යනු සම්බන්ධයි.

උක‍්කා පතිංසු නභසාති ආකාසතො අග‍්ගික‍්ඛන්‍ධා ච පතිංසූති අත්‍ථො. ධූමකෙතු ච දිස‍්සතීති ධූමරාජිසහිතො අග‍්ගික‍්ඛන්‍ධො ච දිස‍්සති පඤ‍්ඤායතීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උක්කා පතිංසු නභසා යනු ආකාශයෙන් ගිනිකඳක් මෙන් පතිත විය යන අර්ථයි. ධුමකෙතුච දිස්සථ යනු දුම්රොටු සහිත ගිනිකඳක් මෙන් දිස්සති පෙනෙන්නේ ය යන අර්ථයි.

දබ‍්බමල‍්ලපුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

දබ්බමල්ල පුත්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

535. කුමාරකස‍්සපත්‍ථෙරඅපදානවණ‍්ණනා

535. කුමාරකස්සප ථේර අපදාන වර්ණනාව

පඤ‍්චමාපදානෙ ඉතො සතසහස‍්සම‍්හීතිආදිකං ආයස‍්මතො කුමාරකස‍්සපත්‍ථෙරස‍්ස අපදානං. අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං චිත‍්තකථිකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො පණිධානං කත්‍වා තදනුරූපානි පුඤ‍්ඤානි කරොන‍්තො යාවතායුකං ඨත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා කස‍්සපස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො තස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො දිබ‍්බසුඛං මානුසසුඛඤ‍්ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ එකිස‍්සා සෙට‍්ඨිධීතාය කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො. සා කිර කුමාරිකාකාලෙයෙව පබ‍්බජිතුකාමා මාතාපිතරො යාචිත්‍වා පබ‍්බජ‍්ජං අලභමානා පතිකුලං ගන‍්ත්‍වා ගබ‍්භං ගණ‍්හිත්‍වා තං අජානිත්‍වා “සාමිකං ආරාධෙත්‍වා පබ‍්බජ‍්ජං අනුජානාපෙස‍්සාමී”ති චින‍්තෙසි. සා සාමිකං ආරාධෙන‍්තී, අය්‍යපුත‍්ත –

පස්වැනි අපදානයෙහි ඉතො සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් කුමාර කස්සප තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද වනාහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක චිත්‍රකථිකයන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට ඊට අනුරූප වූ පින් කරන්නේ දිවි ඇතිතාක් සිට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ඒ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදි ව මහණදම් කොට එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දිව්‍යසැපත් හා මිනිස් සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා සිටුදුවකගේ කුසෙහි උපන්නීය. ඈ වනාහි කුඩාකලම පැවිදිවනු කැමැත්තී මව්පියන්ගෙන් ඉල්ලා පැවිද්ද නොලබන්නී පතිකුලයට ගොස් ගැබ්ගෙන ඒ බව නොදැන සැමියාට දන්වා පැවිද්දට අනුමැතිය ලබාගන්නෙමියි සිතුවාය. සැමියාට ආරාධනා කරන්නී, ආර්යපුත්‍රය –

“සචෙ ඉමස‍්ස කායස‍්ස, අන‍්තො බාහිරකො සියා; ද ණ‍්ඩං නූන ගහෙත්‍වාන, කාකෙ සොණෙ නිවාරයෙ”ති. (විසුද‍්ධි· 1.122) –

‘සචෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරතො සියා, දණ්ඩං නූන ගහෙත්‍වාන කාතෙ සොණෙ නිවාරයෙ’ති.

ඉදින් මේ සිරුරෙහි - බඩවැල් පිටත ඇත්නම් දඬුකඩකින් කවුඩුවන් - බල්ලන් එළවිය යුතුය

ආදිනා සරීරස‍්ස දොසං දස‍්සෙන‍්තී තං ආරාධෙසි.

ආදි වශයෙන් ශරීරයෙහි දොස් දක්වන්නී ඔහුට ආරාධනය කළාය.

සා සාමිකෙන අනුඤ‍්ඤාතා ගබ‍්භිනිභාවං අජානන‍්තී දෙවදත‍්තපක‍්ඛියාසු භික‍්ඛුනීසු පබ‍්බජි. තස‍්සා ගබ‍්භිනිභාවං දිස‍්වා භික‍්ඛුනියො දෙවදත‍්තං පුච‍්ඡිංසු. සො “අස‍්සමණී”ති ආහ. සා “නාහං දෙවදත‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිතා, භගවන‍්තං උද‍්දිස‍්ස පබ‍්බජිතා”ති භගවතො සන‍්තිකං ගන‍්ත්‍වා දසබලං පුච‍්ඡි. සත්‍ථා උපාලිත්‍ථෙරං පටිච‍්ඡාපෙසි. ථෙරො සාවත්‍ථිනගරවාසීනි කුලානි විසාඛඤ‍්ච උපාසිකං පක‍්කොසාපෙත්‍වා සරාජිකාය පරිසාය තං විනිච‍්ඡිනන‍්තො “පුරෙ ලද‍්ධො ගබ‍්භො, අරොගා පබ‍්බජ‍්ජා”ති ආහ. තං සුත්‍වා සත්‍ථා “සාධු සුවිනිච‍්ඡිතං උපාලිනා අධිකරණ”න‍්ති ථෙරස‍්ස සාධුකාරං අදාසි.

ඈ සැමියා විසින් අනුදන්නා ලද්දී ගැබිනි බව නොදන්නී දේවදත්ත පාක්‍ෂික භික්‍ෂුණීන් වෙත පැවිදි වූවාය. ඇයගේ ගැබිනි බව දැක භික්‍ෂුණීහු දේවදත්තගෙන් ඇසූහ. ඔහු මෙහෙණක් නොවේයයි කීහ. ‘ඈ මම දේවදත්ත උදෙසා පැවිදි නොවූයෙමි. භාග්‍යවතුන් වහන්සේ උදසො පැවිදි වූවා වෙමියි භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් උන්වහන්සේගෙන් විමසුවාය. ශාස්තෲන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේට පැවරූ සේක. තෙරුන්වහන්සේ සැවැත්නුවර වාසීන්ගේ පවුල් ද විසාකා උපාසිකාව ද කැඳවා රජු සහිත පිරිසෙහි එය විනිශ්චය කරන්නාහු පෙර ලද ගැබය. පැවිද්ද නිවරද යයි කීහ. ඒ අසා ශාස්තෲන් වහන්සේ උපාලි විසින් අධිකරණය මැනවින් විනිශ්චය කරන ලද්දේයයි තෙරුන් වහන්සේට සාදුකාර දුන් සේක.

සා භික‍්ඛුනී සුවණ‍්ණබිම‍්බසදිසං පුත‍්තං විජායි. තං රාජා පසෙනදි කොසලො “දාරකපරිහරණං භික‍්ඛුනීනං පලිබොධො”ති ධාතීනං දාපෙත්‍වා පොසාපෙසි, කස‍්සපොතිස‍්ස නාමං කරිංසු . අපරභාගෙ අලඞ‍්කරිත්‍වා සත්‍ථු සන‍්තිකං නෙත්‍වා පබ‍්බාජෙසි. කුමාරකාලෙ පබ‍්බජිතත‍්තා පන භගවතා “කස‍්සපං පක‍්කොසථ, ඉදං ඵලං වා ඛාදනීයං වා කස‍්සපස‍්ස දෙථා”ති වුත‍්තෙ “කතරකස‍්සපස‍්සා”ති “කුමාරකස‍්සපස‍්සා”ති එවං ගහිතනාමත‍්තා රඤ‍්ඤා පොසාවනීයපුත‍්තත‍්තා ච වුද‍්ධකාලෙපි කුමාරකස‍්සපොත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ.

ඒ භික්‍ෂුණිය රන් පිළිමයක් බඳු පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජතුමා දරුවන් හදාගැනීම භික්‍ෂුණීන්ට පලිබෝධයක් යයි ඒ දරුවා කිරිමවුන්ට දෙවා ඔහුට කස්සප යයි නමක් තැබීය. ඔහු අලංකාර ලෙස පෝෂණය කරවීය. පසුකලෙක ශාස්තෲන් වහන්සේ සමීපයට ගෙන්වා පැවිදි කරවීය. කුමාර කල්හි පැවිදි වූ බැවින් භාග්‍යවතුන් වහන්සේ කස්සප කැඳවන්න. මේ ගෙඩිය හෝ කෑයුත්තක් හෝ කස්සපට දෙවැයි කී කල්හි කවර කස්සපද කුමාර කස්සප. මෙසේ ගන්නා ලද නම් ඇති බැවින් රජු විසින් පෝෂණීය වූ පුත්‍රයා හෙයින්ද වෘද්ධ කල්හිද කුමාර කස්සපයැයි ප්‍රසිද්ධ විය.

සො පබ‍්බජිතකාලතො පට‍්ඨාය විපස‍්සනාය කම‍්මං කරොති, බුද‍්ධවචනඤ‍්ච උග‍්ගණ‍්හාති. අථ තෙන සද‍්ධිං පබ‍්බතමත්‍ථකෙ සමණධම‍්මං කත්‍වා අනාගාමී හුත්‍වා සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්තමහාබ්‍රහ‍්මා “විපස‍්සනාය මුඛං දස‍්සෙත්‍වා මග‍්ගඵලුප‍්පත‍්තියා උපායං කරිස‍්සාමී”ති පඤ‍්චදසපඤ‍්හෙ අභිසඞ‍්ඛරිත්‍වා අන්‍ධවනෙ වසන‍්තස‍්ස ථෙරස‍්ස “ඉමෙ පඤ‍්හෙ සත්‍ථාරං පුච‍්ඡෙය්‍යාසී”ති ආචික‍්ඛි. තතො සො තෙ පඤ‍්හෙ භගවන‍්තං පුච‍්ඡි. භගවාපිස‍්ස විස‍්සජ‍්ජෙසි. ථෙරො භගවතා කථිතනියාමෙනෙව තෙ උග‍්ගණ‍්හිත්‍වා විපස‍්සනං ගබ‍්භං ගාහාපෙත්‍වා අරහත‍්තං පාපුණි.

හේ පැවිදි වූ කල්හි පටන් විදර්ශනා කර්මය කරයි. බුද්ධවචනයද ඉගෙන ගනී. ඉක්බිති ඔහු සමග පර්වත මස්තකයෙහි මහණදම් පුරා අනාගාමී වී සුද්ධාවාසයෙහි උපන් මහා බ්‍රහ්මයා විදර්ශනාවට මග දක්වා මාර්ගඵල උපදවන්ට උපායක් කරන්නෙමියි ප්‍රශ්න පසළොසක් රැස්කොට අන්ධ වනයෙහි වාසය කරන තෙරුන් වහන්සේට මේ ප්‍රශ්න ශාස්තෲන් වහන්සේගෙන් විමසන්නැයි කීය. ඉක්බිති උන්වහන්සේ ඒ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ. භාග්‍යවතුන් වහන්සේද උන්වහන්සේගේ ප්‍රශ්න විසඳූ සේක. තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියූ ආකාරයෙන්ම ඒවා ඉගෙනගෙන විදර්ශනාව ගර්හ ගන්වා රහත් බවට පත්වූහ.

සො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඉතො සතසහස‍්සම‍්හීතිආදිමාහ. තත්‍ථ යං හෙට‍්ඨා වුත‍්තනයඤ‍්ච උත‍්තානත්‍ථඤ‍්ච, තං සබ‍්බං න වණ‍්ණයිස‍්සාම. අනුත‍්තානපදමෙව වණ‍්ණයිස‍්සාම.

උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ඉතො සත සහස්සම්හි යනාදිය කීහ. එහි යමක් ඇත්නම් ඒ යට කියන ලද පරිදිය. නොගැඹුරු අරුත් ඇත්තේ ම ය. ඒ සියල්ල වර්ණනා නො කරන්නෙමි. ගැඹුරුපද පමණක් වර්ණනා කරන්නෙමි.

ආපන‍්නසත‍්තා මෙ මාතාති මය‍්හං මාතා ගරුගබ‍්භා ගබ‍්භිනී පසුතාසන‍්නගබ‍්භාති අත්‍ථො.

ආපන්න ගබ්භා මෙ මාතා යනු මාගේ මව ගරුගබ්භා ගර්භණීව ප්‍රසූතියට ආසන්න ගර්භ ඇත්තී යන අර්ථයි.

වම‍්මිකසදිසං කායන‍්ති සරීරං නාම වම‍්මිකසදිසං යථා වම‍්මිකො ඉතො චිතො ච ඡිද‍්දාවඡිද‍්දො ඝරගොළිකඋපචිකාදීනං ආසයො, එවමෙව අයං කායො නවඡිද‍්දො ධුවස‍්සවොති බුද‍්ධෙන භගවතා දෙසිතං පකාසිතං තං සුත්‍වා මෙ චිත‍්තං ආසවෙ අග‍්ගහෙත්‍වා අසෙසෙත්‍වා කිලෙසතො විමුච‍්චි, අරහත‍්තෙ පතිට‍්ඨාසීති අත්‍ථො. අපරභාගෙ තත්‍ථ තත්‍ථ භික‍්ඛූනං විචිත‍්තධම‍්මකථිකභාවං සුත්‍වා සත්‍ථා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං චිත‍්තකථිකානං යදිදං කුමාරකස‍්සපො”ති (අ· නි· 1.209, 217) එතදග‍්ගෙ ඨපෙසීති.

වම්මික සදිසං කායං යනු ශරීරය නම් තුඹසක් වැන්න. යම්සේ තුඹස තැනින් තැන සිදුරු ඇත්තේ නැත්තේ ගැරඬි වේ ආදීන්ට නිවාසය වේද එසේම මේ ශරීරය නවදොරක් ඇත්තේ නිතර වැගිරේය යනු බුදුවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසිතං ප්‍රකාශ කරන ලදි. ඒ අසා මාගේ සිත ආශ්‍රවයන් නොගෙන ඉතිරි නොකොට කෙලෙස්වලින් මිදුණේය. රහත්බවෙහි පිහිටියේය යන අර්ථයි. පසුකලෙක තැන තැන භික්‍ෂූන්ගේ විචිත්‍ර ධර්මකථික බව අසා ශාස්තෲන් වහන්සේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූණ්ගෙන් චිත්‍ර කථිකයන් අතර අග්‍රවූයේ යමෙක්ද ඒ කුමාර කස්සප’යයි අගතන්හි තැබූ සේක.

කුමාරකස‍්සපත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කුමාර කස්සප තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.