536. බාහියත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
536. බාහියත්ථෙරඅපදානවණ්ණනා
536. බාහිය ථේර අපදාන වර්ණනාව
ඡට්ඨාපදානෙ ඉතො සතසහස්සම්හීතිආදිකං ආයස්මතො බාහියස්ස දාරුචීරියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තො බ්රාහ්මණසිප්පෙසු නිප්ඵත්තිං ගන්ත්වා වෙදඞ්ගෙසු අනවයො එකදිවසං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුණන්තො පසන්නමානසො සත්ථාරං එකං භික්ඛුං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා තං ඨානං පත්තුකාමො සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා සත්තාහස්ස අච්චයෙන භගවතො පාදමූලෙ නිපන්නො “භගවා, භන්තෙ, ඉතො සත්තමෙ දිවසෙ යං භික්ඛුං ඛිප්පාභිඤ්ඤානං අග්ගට්ඨානෙ ඨපෙසි, සො විය අහම්පි අනාගතෙ එකස්ස බුද්ධස්ස සාසනෙ ඛිප්පාභිඤ්ඤානං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං අකාසි . භගවා අනාගතංසඤාණෙන ඔලොකෙත්වා සමිජ්ඣනභාවං ඤත්වා “අනාගතෙ ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා ඛිප්පාභිඤ්ඤානං අග්ගො භවිස්සතී”ති බ්යාකාසි. සො යාවතායුකං පුඤ්ඤානි කත්වා තතො චුතො දෙවලොකෙ නිබ්බත්තො තත්ථ ඡ කාමාවචරසම්පත්තියො අනුභවිත්වා පුන මනුස්සෙසු චක්කවත්තිආදිසම්පත්තියො අනෙකකප්පකොටිසතෙසු අනුභවිත්වා කස්සපස්ස භගවතො කාලෙ එකස්මිං කුලෙ නිබ්බත්තො, භගවති පරිනිබ්බුතෙ පබ්බජිතො යදා සාසනෙ ඔසක්කමානෙ සත්ත භික්ඛූ චතුන්නං පරිසානං අජ්ඣාචාරං දිස්වා සංවෙගප්පත්තා අරඤ්ඤං පවිසිත්වා “යාව සාසනස්ස අන්තරධානං න හොති, තාව අත්තනො පතිට්ඨං කරිස්සාමා”ති සුවණ්ණචෙතියං වන්දිත්වා තත්ථ අරඤ්ඤෙ එකං පබ්බතං දිස්වා “ජීවිතසාලයා නිවත්තන්තු, නිරාලයා ඉමං පබ්බතං අභිරුහන්තූ”ති නිස්සෙණිං බන්ධිත්වා සබ්බෙ තං පබ්බතං අභිරුය්හ නිස්සෙණිං පාතෙත්වා සමණධම්මං කරිංසු. තෙසු සඞ්ඝත්ථෙරො එකරත්තාතික්කමෙන අරහත්තං පාපුණි. සො අනොතත්තදහෙ නාගලතාදන්තකට්ඨං ඛාදිත්වා මුඛං ධොවිත්වා උත්තරකුරුතො පිණ්ඩපාතං ආහරිත්වා තෙ භික්ඛූ ආහ – “ආවුසො, ඉමං පිණ්ඩපාතං භුඤ්ජථා”ති. තෙ ආහංසු – “කිං, භන්තෙ, අම්හෙහි එවං කතිකා කතා ‘යො පඨමං අරහත්තං පාපුණාති, තෙනාභතං පිණ්ඩපාතං අවසෙසා පරිභුඤ්ජන්තූ’”ති? “නො හෙතං, ආවුසො”ති. “තෙන හි සචෙ මයම්පි තුම්හෙ විය විසෙසං නිබ්බත්තෙස්සාම, සයං ආහරිත්වා භුඤ්ජිස්සාමා”ති න ඉච්ඡිංසු.
සවැනි අපදානයෙහි ඉතො සත සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් බාහිය දාරුචීරිය තෙරුන්වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයක ඉපිද බ්‍රාහ්මණ ශිල්පයන්හි නිෂ්පත්තියට ගොස් වේදාංගයන්හි පූර්ණත්වයට පත්වූයේ එක්දවසක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක වහා අවබෝධ වන්නවුන් අතර අගතන්හි තබනු දැක ඒ තනතුර ප්‍රාර්ථනා කරනු කැමැත්තේ සත්දිනක් බුදුපාමොක් සංඝයාට මහදන් දී සත්දින ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැදහොත්තේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මින් සත්වැනි දවසෙහි යම් භික්ෂුවක වහා අවබෝධ වන්නවුන් අතර අගතන්හි තැබූ සේක්ද, ඒ භික්ෂුව මෙන් මම ද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි වහා අවබෝද වන්නවුන් අතර අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අනාගතංස ඥානයෙන් බලා අනාගතයෙහි ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි වහා අවබෝධ වන්නවුන් අතර අග්‍ර වන්නේ යයි ප්‍රකාශ කළ සේක. හේ දිවි ඇති තාක් පින්කොට එයින් චුතවූයේ දෙව්ලොව ඉපිද එහි ස කාමාවචර සම්පත් අනුභවකොට නැවත මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් නොයෙක් කල්පකෝටි සියගණන් අනුභවකොට කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පැවිදි වූයේ වෙයි. එකල්හි සසුන පිරිහී යද්දී භික්ෂූන් සත්නමක් සිව්පිරිසෙහි වැරදි හැසිරීම දැක සංවේගයට පත්වූවෝ ආරණ්‍යයට පිවිස යම්තාක් ශාසන අන්තර්ධානය නොවීද ඒ තාක් තමාට ප්‍රතිෂ්ඨාවක් කරන්නෙමුයි ස්වර්ණ චෛත්‍යය වැඳ මෙහි අරණ්‍යයෙහි එක් පර්වතයක් දැක ‘ජීවිතයෙහි ආලය ඇත්තෝ නවතිත්වා, ආලය නැත්තෝ මේ පර්වතයට නගිත්වායි ඉණිමගක් බැඳ සියල්ලෝ ඒ පර්වතයට නැග ඉණිමග හෙළා මහණදම් කළහ. ඔවුන් අතරින් සංඝ ස්ථවිරයන් වහන්සේ එක් රැයක් ඉක්ම යාමේදී රහත් බවට පත්වූහ. උන්වහන්සේ අනෝතත්ත විලෙහි නාගලතා දැහැටිදඬුවක් හපා මුව දොවා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ඒ භික්ෂුන්ට මෙසේ කීහ. ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය වළඳන්න. උන්වහන්සේලා මෙසේ කීහ. ‘ස්වාමීනි, අප විසින් මෙබඳු කතිකාවක් කරන ලදි. යමෙක් පළමුව රහත්බවට පත්වේද ඔහු විසින් ගෙනෙන ලද පිණ්ඩපාතය සෙස්සෝ වළඳත්වායි. ‘ඇවැත්නි, එසේ නොවේ.’ එසේනම් යම්හෙයකින් අපිද ඔබවහන්සේ මෙන් විශේෂයක් නිපදවා ගන්නෙමු නම්, අපි ගෙනවුත් වළඳන්නෙමුයි නොකැමති වූහ.
දුතියදිවසෙ දුතියත්ථෙරො අනාගාමී හුත්වා තථෙව පිණ්ඩපාතං ආහරිත්වා ඉතරෙ නිමන්තෙසි. තෙ එවමාහංසු – “කිං පනාවුසො, කතිකා කතා, ‘මහාථෙරෙන ආභතං පිණ්ඩපාතං අභුඤ්ජිත්වා අනුථෙරෙන ආභතං භුඤ්ජිස්සාමා’”ති? “නො හෙතං, ආවුසො”ති. “එවං සන්තෙ තුම්හෙ විය මයම්පි විසෙසං නිබ්බත්තෙත්වා අත්තනො අත්තනො පුරිසකාරෙන භුඤ්ජිතුං සක්කොන්තා භුඤ්ජිස්සාමා”ති න ඉච්ඡිංසු. තෙසු අරහත්තප්පත්තත්ථෙරො පරිනිබ්බායි, දුතියො අනාගාමී බ්රහ්මලොකෙ නිබ්බත්ති, ඉතරෙ පඤ්ච විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තා සුස්සිත්වා සත්තමෙ දිවසෙ කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තිංසු. තත්ථ දිබ්බසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ තතො චවිත්වා මනුස්සෙසු නිබ්බත්තිංසු. තෙසු එකො පුක්කුසාති රාජා අහොසි, එකො ගන්ධාරරට්ඨෙ තක්කසිලායං කුමාරකස්සපො, එකො බාහියො දාරුචීරියො, එකො දබ්බො මල්ලපුත්තො, එකො සභියො පරිබ්බාජකොති. තෙසු අයං බාහියො දාරුචීරියො සුප්පාරකපට්ටනෙ වාණිජකුලෙ නිබ්බත්තො වාණිජකම්මෙ නිප්ඵත්තිං ගතො මහද්ධනො මහාභොගො, සො සුවණ්ණභූමිං ගච්ඡන්තෙහි වාණිජෙහි සද්ධිං නාවමාරුය්හ විදෙසං ගච්ඡන්තො කතිපාහං ගන්ත්වා භින්නාය නාවාය සෙසෙසු මච්ඡකච්ඡපභක්ඛෙසු ජාතෙසු එකොයෙව අවසිට්ඨො එකං ඵලකං ගහෙත්වා වායමන්තො සත්තමෙ දිවසෙ සුප්පාරකපට්ටනතීරං ඔක්කමි. තස්ස නිවාසනපාරුපනං නත්ථි, සො අඤ්ඤං කිඤ්චි අපස්සන්තො සුක්ඛකට්ඨදණ්ඩකෙ වාකෙහි පලිවෙඨෙත්වා නිවාසෙත්වා පාරුපිත්වා ච දෙවකුලතො කපාලං ගහෙත්වා සුප්පාරකපට්ටනං අගමාසි. මනුස්සා තං දිස්වා යාගුභත්තාදීනි දත්වා “අයං එකො අරහා”ති සම්භාවෙසුං. සො වත්ථෙසු උපනීතෙසු “සචාහං නිවාසෙමි, පාරුපාමි වා, ලාභසක්කාරො මෙ පරිහායිස්සතී”ති තානි පටික්ඛිපිත්වා දාරුචීරානෙව පරිහරි.
දෙවැනි දවසෙහි දෙවැනි තෙරුන් වහන්සේ අනාගාමීව ඒ අයුරින්ම පිණ්ඩපාතය ගෙනවුත් අන් අයට ආරාධනා කළහ. ඔවුහු මෙසේ ඇසූහ. ඇවැත්නි, මහතෙරුන් වහන්සේ විසින් ගෙනඑන ලද පිණ්ඩපාතය නොවළඳා දෙවැනි තෙරුන් වහන්සේ විසින් ගෙන එන ලද පිණ්ඩපාතය වළඳන්නෙමුයි කතිකාවක් කරනු ලැබීද. නැත ඇවැත්නි, මෙසේ ඇතිකල්හි ඔබ මෙන් අපිද විශේෂයක් නිපදවා මේ මානුෂික ප්රයත්නයෙන් වළඳන්ට හැක්කාහු වළඳන්නමුයි නො කැමති වූහ. ඔවුන්ගෙන් රහත් බවට පත් තෙරුන් වහන්සේ පිරිනිවි සේක. දෙවැන්නා අනාගාමීව බඹලොව උපන්නේය. ඉතිරි පස්දෙන විශේෂයක් උපදවා ගැනීමට නොහැක්කාහු සුසුම් හෙළා සත්වැනි දවසෙහි කලුරිය කොට දෙව්ලොව උපන්හ. එහි දිවසුව අනුභව කළහ. මේ බුද්ධෝත්පාද කාලයෙහි එයින් චුතව මිනිසුන් අතර උපන්හ. ඔවුන්ගෙන් එකෙක් පුක්කුසාති රජ විය. එකෙක් ගන්ධාර රට තක්සලා නුවර කුමාර කස්සපය. එකෙක් බාහිය දාරුචීරියය. එකෙක් දබ්බමල්ල පුත්තය. එකෙක් සභිය පරිබ්‍රාජකයාය. ඔවුන් අතරින් මේ බාහිය දාරුචීරිය තෙමේ සුප්පාර පටුනෙහි වෙළඳ කුලයෙහි ඉපිද වාණිජ කර්මයෙහි නිෂ්පත්තියට ගියේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ ස්වර්ණභූමියට යන්නා වූ වෙළඳුන් සමග නැව්නැගී විදේශයට යන්නේ කිහිපදිනක් ගොස් නැව බිඳුණුවිට සෙස්සන් මස් කැසුබුවන්ට අහර වූ කල්හි තනිවම ඉතිරි වූයේ එක් ලෑල්ලක් ගෙන වෑයම් කරන්නේ සත්වැනි දවසෙහි සුප්පාර පටුනට බැසගත්තේය. ඔහුට ඇඳුම් පොරෝනා නැත. හේ අන්කිසිවක් නොදක්නේ වියලි දරදඬුවක පොතුවලින් බැඳ හැඳ පොරවා දේවාලයෙන් කබලක් ගෙන සුප්පාර පටුනට ගියේය. මිනිස්සු ඔහු දැක කැඳ බත් ආදිය දී මේ එක් රහත් කෙනෙක් යයි සම්භාවනා කළහ. හේ වස්ත්‍ර ළඟට ගෙනෙනු ලැබූ කල්හි යම්හෙයකින් හඳිමි නම් පොරවමිනම් මාගේ ලාභසත්කාර පිරිහෙන්නේය. ඒවා පිළිකෙව් කොට දරරෙදිම ඇන්දේය.
අථස්ස “අරහා, අරහා”ති බහූහි සම්භාවියමානස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි “යෙ කෙචි ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසං අඤ්ඤතරො”ති සො තෙන නියාමෙන කුහනකම්මෙන ජීවිකං කප්පෙති.
ඉක්බිති බොහෝ දෙනකු විසින් රහත් කෙනෙකැයි සම්භාවනා කරනු ලබන කල ඔහුට මෙවන් විතර්කයක් සිතෙහි උපන්නේය. ලොවෙහි අර්හත් වූවෝ හෝ අර්හත් මාර්ගයට පැමිණියාහු හෝ වෙත්නම් මම ඔවුන්ගෙන් එක් කෙනෙක්මි යනුවෙන්. හේ මේ ක්‍රමයෙන් කුහකකමින් ජීවිකාව කරයි.
කස්සපදසබලස්ස සාසනෙ සත්තසු ජනෙසු පබ්බතං ආරුය්හ සමණධම්මං කරොන්තෙසු එකො අනාගාමී හුත්වා සුද්ධාවාසබ්රහ්මලොකෙ නිබ්බත්තිත්වා අත්තනො බ්රහ්මසම්පත්තිං ඔලොකෙන්තො ආගතට්ඨානං ආවජ්ජෙන්තො පබ්බතමාරුය්හ සමණධම්මං කරණට්ඨානං දිස්වා සෙසානං නිබ්බත්තනට්ඨානං ආවජ්ජෙන්තො එකස්ස පරිනිබ්බුතභාවං ඉතරෙසඤ්ච පඤ්චන්නං කාමාවචරදෙවලොකෙ නිබ්බත්තභාවං ඤත්වා තෙ කාලානුකාලං ආවජ්ජෙසි “ඉමස්මිං පන කාලෙ කහං නු ඛො තෙ”ති ආවජ්ජෙන්තො දාරුචීරියං සුප්පාරකපට්ටනං නිස්සාය කුහනකම්මෙන ජීවිතං කප්පෙන්තං දිස්වා “නට්ඨො වතායං බාලො, පුබ්බෙ සමණධම්මං කරොන්තො අතිඋක්කට්ඨභාවෙන අරහතාපි ආභතං පිණ්ඩපාතං අපරිභුඤ්ජිත්වා ඉදානි උදරහෙතු අනාරහාව සමානො අරහත්තං පටිජානිත්වා ලොකං වඤ්චෙන්තො විචරති, දසබලස්ස උප්පන්නභාවං න ජානාති, ගච්ඡාමි නං සංවෙජෙත්වා බුද්ධුප්පාදං ජානාපෙස්සාමී”ති ඛණෙනෙව බ්රහ්මලොකතො ඔතරිත්වා සුප්පාරකපට්ටනෙ රත්තිභාගසමනන්තරෙ දාරුචීරියස්ස සම්මුඛෙ පාතුරහොසි. සො අත්තනො වසනට්ඨානෙ ඔභාසං දිස්වා බහි නික්ඛමිත්වා මහාබ්රහ්මානං දිස්වා අඤ්ජලිං පග්ගය්හ “කෙ තුම්හෙ”ති පුච්ඡි. “අහං තුම්හාකං පොරාණකසහායො අනාගාමිඵලං පත්වා බ්රහ්මලොකෙ නිබ්බත්තො, අම්හාකං සබ්බජෙට්ඨකො අරහා හුත්වා පරිනිබ්බුතො, තුම්හෙ පන පඤ්චජනා දෙවලොකෙ නිබ්බත්තා. ස්වාහං දානි තං ඉමස්මිං ඨානෙ කුහනකම්මෙන ජීවිකං කප්පෙන්තං දිස්වා දමිතුං ආගතො”ති වත්වා ඉදං කාරණං ආහ – “නෙව ඛො ත්වං, බාහිය, අරහා නාපි අරහත්තමග්ගං වා සමාපන්නො, සාපි තෙ පටිපදා නත්ථි, යාය ත්වං අරහා වා අස්ස අරහත්තමග්ගං වා සමාපන්නො”ති. අථස්ස සත්ථු උප්පන්නභාවං සාවත්ථියං වසනභාවඤ්ච ආචික්ඛිත්වා “සත්ථු සන්තිකං ගච්ඡා”ති තං උය්යොජෙත්වා බ්රහ්මලොකමෙව අගමාසි.
කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සත්දෙනකු පර්වතයට නැග මහණකම් කරද්දී, එක්කෙනෙක් අනාගාමී වී සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. හේ තමාගේ බ්‍රහ්ම සම්පත්තිය බලන්නේ පැමිණි තැන ආවර්ජනා කරන්නේ පර්වතයට නැග මහණදම් පුරන තැන දැක සෙස්සන් උපන් තැන ආවර්ජනය කරන්නේ එක් අයකු පිරිනිවන් පෑ බවද ඉතිරි පස්දෙන කාමාවචර ලෝක පසෙහි උපන් බවද දැන ඔවුන් කාලනුකාලයෙන් ආවර්ජනය කළේය. මේ කාලයෙහි ඔවුහු කොතැනක සිටිත්දැයි ආවර්ජනා කරන්නේ දාරුචීරිය සුප්පාර පටුන නිසා කුහකකමින් ජීවත්වනු දැක, මේ මෝඩයා නැසුණේ වෙයි. පෙර මහණදම් පුරන්නේ අති උත්කෘෂ්ට බව හේතුකොටගෙන රහතන් වහන්සේ විසින් ගෙන එන ලද දෙය නොවළඳා දැන් බඩ සඳහා නොරහත්ව රහත්බව හඟවා ලෝකය වංචා කරමින් හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ උපන් බවක් නොදනී. දැන් යමි. ඔහු සංවේගයට පමුණුවා බුදුන් උපන් බව දැන ගන්වන්නෙමියි ක්ෂණයෙන්ම බඹලොවින් බැස සුප්පාර පටුනෙහි රාත්‍රීභාගය අතරතුරෙහි දාරුචීරියගේ ඉදිරියෙහි පහළවිය. හේ තමාගේ වසන තැන එළියක් දැක පිටතට නික්ම මහාබ්‍රහ්මයා දැක ඇඳිලිබැඳ ඔබ කවුරුදැයි ඇසීය. මම ඔබගේ පැරණි මිත්‍රයාය. අනාගාමී ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අප සියල්ලන්ට ජ්‍යෙෂ්ඨයා රහත්ව පිරිනිවියේය. ඔබ පස්දෙන දෙව්ලොව උපන්නාහුය. ඒ මම දැන් ඔබ කුහකකමින් දිවි ගෙවනු දැක දමනය කිරීමට පැමිණියෙමියි කියා මේ කරුණ කීවේය. බාහිය, ඔබ රහත් කෙනෙක් නොවෙහි ය. අර්හත් මාර්ගයට පත්වී වත් නැත. යම් කිසිවකින් ඔබ රහත් කෙනෙක් වන්නෙහිද රහත්මගට හෝ පැමිණියහුද ඔබට ඒ ප්‍රතිපදාව වත් නැත. ඉක්බිතිව ඔහුට ශාස්තෲන් වහන්සේ උපන් බවත් සැවැත්නුවර වසන බවත් කියා ශාස්තෲන් වහන්සේ වෙත යව’යි ඔහු උනන්දු කරන්නේ අහසෙහි සිටියේය.
බාහියො පන ආකාසෙ ඨත්වා කථෙන්තං මහාබ්රහ්මානං ඔලොකෙත්වා චින්තෙසි – “අහො භාරියං කම්මං මයා කතං, අනරහං අරහා අහන්ති චින්තෙසිං, අයඤ්ච මං ‘න ත්වං අරහා, නාපි අරහත්තමග්ගං වා සමාපන්නාසී’ති වදති, අත්ථි නු ඛො ලොකෙ අඤ්ඤො අරහා”ති. අථ නං පුච්ඡි – “අථ කෙ චරහි සදෙවකෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා”ති. අථස්ස දෙවතා ආචික්ඛි – “අත්ථි, බාහිය, උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං, තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි, බාහිය, භගවා අරහා චෙව අරහත්තාය ච ධම්මං දෙසෙසී”ති. බාහියො රත්තිභාගෙ දෙවතාය කථං සුත්වා සංවිග්ගමානසො තංඛණංයෙව සුප්පාරකා නික්ඛමිත්වා එකරත්තිවාසෙන සාවත්ථිං අගමාසි, ගච්ඡන්තො ච පන දෙවතානුභාවෙන බුද්ධානුභාවෙන ච වීසයොජනසතිකං මග්ගං අතික්කමිත්වා සාවත්ථිං අනුප්පත්තො, තස්මිං ඛණෙ සත්ථා සාවත්ථියං පිණ්ඩාය පවිට්ඨො හොති. සො ජෙතවනං පවිසිත්වා අබ්භොකාසෙ චඞ්කමන්තෙ සම්බහුලෙ භික්ඛූ පුච්ඡි – “කුහිං එතරහි සත්ථා”ති? භික්ඛූ “සාවත්ථියං පිණ්ඩාය පවිට්ඨො”ති වත්වා “ත්වං පන කුතො ආගතොසී”ති පුච්ඡිංසු. “සුප්පාරකා ආගතොම්හී”ති. “කදා නික්ඛන්තොසී”ති? “හිය්යො සායන්හසමයෙ නික්ඛන්තොම්හී”ති. “දූරතොපි ආගතො, නිසීද තාව පාදෙ ධොවිත්වා තෙලෙන මක්ඛෙත්වා ථොකං විස්සමාහි, ආගතකාලෙ සත්ථාරං දක්ඛිස්සතී”ති ආහංසු. “අහං, භන්තෙ, සත්ථු වා අත්තනො වා ජීවිතන්තරායං න ජානාමි, කත්ථචි අට්ඨත්වා අනිසීදිත්වා එකරත්තෙනෙව වීසයොජනසතිකං මග්ගං ආගතො, සත්ථාරං පස්සිත්වාව විස්සමිස්සාමී”ති ආහ. සො එවං වත්වා තරමානරූපො සාවත්ථිං පවිසිත්වා භගවන්තං අනොපමාය බුද්ධසිරියා චරන්තං දිස්වා “චිරස්සං වත මෙ ගොතමො සම්මාසම්බුද්ධො දිට්ඨො”ති දිට්ඨට්ඨානතො පට්ඨාය ඔනතසරීරො ගන්ත්වා අන්තරවීථියං පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා ගොප්ඵකෙසු දළ්හං ගහෙත්වා එවමාහ – “දෙසෙතු, භන්තෙ භගවා, ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති. අථ නං සත්ථා “අකාලො ඛො තාව, බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා”ති පටික්ඛිපි.
බාහිය වනාහි අහසෙහි සිට කථා කරන මහා බ්‍රහ්මයා බලා මෙසේ සිතීය. මා විසින් කරන ලද්දේ බැරෑරුම් කාර්යයෙකි. නොරහත්ව රහත්යයි සිතුවෙමි. මොහු ද මට ඔබ රහතෙක් නොවේයයිද අර්හත් මාර්ගයටවත් නොපැමිණියේ යයිද කියයි. ලෝකයෙහි වෙනත් රහත් කෙනෙක් ඇත්ද, ඉක්බිති ඔහුගෙන් විචාළේය. දේවයිනි, දැන් ලෝකයෙහි ඉන්නා රහත් පුද්ගලයා කවුරුද? කවරෙක් අර්හත් මාර්ගයට හෝ පැමිණියේද. ඉක්බිති දේවතාවා ඔහුට මෙසේ කීය. බාහිය උත්තර ජනපදයෙහි සාවත්ථි නම් නගරයක් ඇත. එහි භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැන් එහි වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් බවද රහත්බවට පත්වීම සඳහා ධර්මයද දේශනා කරන සේක. බාහිය රාත්‍රී භාගයෙහි දේවතාවාගේ කථාව අසා සංවේගයට පත් සිත් ඇත්තේ එකෙණෙහිම සුප්පාරකයෙන් නික්ම එක් රෑ වාසයකින් සැවැත්නුවරට ගියේය. යන්නේ ද දේවතානුභාවයෙන් ද බුද්ධානුභාවයෙන් ද දෙදහසක් යොදුන් මාර්ගය ඉක්මවා සැවැත්නුවරට පැමිණියේය. එකෙණෙහි ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස පිවිසියේ වෙති. හේ ජේතවනාරාමයට පිවිස එළිමහනෙහි සක්මන් කරන බොහෝ භික්ෂූන් විචාළේය....... ‘ශාස්තෲන් වහන්සේ, දැන් කොහිද?’ භික්ෂූහු ‘සැවැත්නුවර පිඬු පිණිස පිවිසි සේකැ’යි කියා ‘ඔබ කොහි සිට පැමිණියේ වෙහිදැයි ඇසූහ. ‘සුප්පාරකයෙන් ආයේ වෙමි’ දුරසිට ආයේ වෙහිය. හිඳගන්න. පා දොවා තෙල් ගා මදක් විශ්‍රාම ගන්න. පැමිණිවිට ශාස්තෲන් වහන්සේ දකින්නෙහි යයි කීහ. ස්වාමීනි, මම ශාස්තෲන් වහන්සේට හෝ තමාට හෝ ජීවිත අන්තරායක් නොදනිමි. කිසිතැනක නොසිට නොහිඳ එක් රැයකින්ම යොදුන් දෙදහසක් වූ මග ආවෙමි. ශාස්තෲන් වහන්සේ දැකම ගිමන් හරින්නෙමියි කීය. හේ එසේ කියා ඉක්මනින් සැවැත්නුවරට පිවිස භාග්‍යවතුන් වහන්සේ අනූපම බුද්ධශ්‍රීයෙන් හැසිරෙනු දැක ගෞතමයන් වහන්ස, මා විසින් බොහෝ කලකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද සේකැයි දුටුතැන සිට නමාගත් සිරුර ඇත්තේ මහ වීදියෙහිදී පසඟ පිහිටුවා වැඳ ගොප්මසින් දැඩිසේ අල්ලාගෙන මෙසේ කීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්වා. ඒ මට බොහෝ කලක් හිතසුව පිණිස පවත්නේය. ශාස්තෲන් වහන්සේ බාහිය තවම නොකල්ය. ඇතුළු ගෘහයට පිඬු පිණිස පිවිසුණම්හයි ප්‍රතික්ෂේප කළ සේක.
තං සුත්වා බාහියො, “භන්තෙ, සංසාරෙ සංසරන්තෙන කබළීකාරාහාරො න අලද්ධපුබ්බො, තුම්හාකං වා මය්හං වා ජීවිතන්තරායං න ජානාමි, දෙසෙතු මෙ, භන්තෙ භගවා, ධම්මං, දෙසෙතු සුගතො ධම්ම”න්ති පුන යාචි. සත්ථා දුතියම්පි තථෙව පටික්ඛිපි. එවං කිරස්ස අහොසි – “ඉමස්ස දිට්ඨකාලතො පට්ඨාය සකලසරීරං පීතියා නිරන්තරං අජ්ඣොත්ථටං හොති, බලවපීතිවෙගො ධම්මං සුත්වාපි න සක්ඛිස්සති පටිවිජ්ඣිතුං, මජ්ඣත්තුපෙක්ඛාය තාව තිට්ඨතු, එකරත්තෙනෙව වීසයොජනසතිකං මග්ගං ආගතස්සපි චස්ස දරථො බලවා සොපි තාව පටිප්පස්සම්භතූ”ති. තස්මා ද්වික්ඛත්තුං පටික්ඛිපිත්වා තතියං යාචිතො අන්තරවීථියං ඨිතොව “තස්මාතිහ තෙ, බාහිය, එවං සික්ඛිතබ්බං, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සතී”තිආදිනා (උදා· 10) නයෙන අනෙකපරියායෙන ධම්මං දෙසෙසි. සො සත්ථු ධම්මං සුණන්තොයෙව සබ්බාසවෙ ඛෙපෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි.
ඒ අසා බාහිය ස්වාමීනි සසර සැරිසරන මා විසින් ආහාර පිඩක් මින්පෙර නොලබන ලදී. ඔබවහන්සේට හෝ මට හෝ ජීවිත අන්තරායක් වේයයි නො දනිමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වායි නැවත ඉල්ලා සිටියේය. ශාස්තෲන් වහන්සේ දෙවනුවද ප්‍රතික්ෂේප කළ සේක. ඔහුට මෙසේ සිතිණ. මුන්වහන්සේ දුටුතැන් පටන් සියලු සිරුර ප්‍රීතියෙන් නිතොරවම පිරීගියේ වෙයි. බලවත් ප්‍රීතිවේග ඇත්තේ දහම් අසා අවබෝධ කරනගන්නට නො හැකි වන්නේය. මධ්‍යස්ථ උපේක්ෂාවෙන් සිටින්න. එක් රැයකින් යොදුන් දෙදහසක් මග ආවා වූ මොහුට වෙහෙස බලවත්ය. එයද සංසිඳවන්නැයි ඒ නිසා දෙවරක් පිළිකෙව් කොට තුන්වැනිව ඉල්ලා සිටිනු ලැබූ සේක්. ඒ නිසා මෙහිදී බාහිය, මෙසේ හික්මිය යුතුය. දුටු දෙයෙහි දෘෂ්ටි මාත්‍රය වන්නේ යයි ආදී නයෙන් නොයෙක් පර්යායයෙන් ධර්මය දේශනා කළ සේක. හේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසන්නේම සියලු ආශ්‍රවයන් ගෙවා පිළිසිඹියා සහිතව රහත් බවට පත්විය.
සො අරහත්තං පත්තක්ඛණෙයෙව පුබ්බකම්මං සරිත්වා සඤ්ජාතසොමනස්සො පුබ්බචරිතාපදානං පකාසෙන්තො ඉතො සතසහස්සම්හීතිආදිමාහ. තං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව. අනුත්තානපදවණ්ණනමෙව කරිස්සාම.
හේ රහත් බවට පත් කෙණෙහිම පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ඉතො සතසහස්සම්හි යනාදිය කීය. එය යට කියන ලද පරිදි බැවින් නොගැඹුරු අරුත් ඇත්තේ ම ය. ගැඹුරු පද වර්ණනාව පමණක් කරන්නෙමි.
හසනං පච්චවෙක්ඛණන්ති පරිපුණ්ණසොමනස්සජාතං පච්චවෙක්ඛණං, කොමාරවණ්ණං අතිකොමලන්ති අත්ථො.
පීණං සං පච්චවෙක්ඛෙන පිරිපුන් සොම්නස් ඇත. ප්රත්යවේක්ෂණය. කොමාරවණ්ණං අති කෝමල යන අර්ථයි.
හෙමයඤ්ඤොපචිතඞ්ගන්ති සුවණ්ණසුත්තයඤ්ඤොපචිතසුත්තඅවයවං සරීරං දෙහන්ති අත්ථො. පලම්බබිම්බතම්බොට්ඨන්ති ඔලම්බිතබිම්බඵලසදිසං රත්තවණ්ණං ඔට්ඨද්වයසමන්නාගතන්ති අත්ථො. සෙතතිණ්හසමං දිජන්ති සුනිසිතතිඛිණඅයලොහඝංසනෙන ඝංසිත්වා සමං කතං විය සමදන්තන්ති අත්ථො.
හෙමයඤ්ඤො පචිතඞ්ගං යනු රන්හුයෙන් උපනයන සූත්‍ර යුතු අවයවං සිරුර දේහය යන අර්ථයි. පලම්බබිම්බතම්බොට්ඨං යනු එල්බෙන බිඹුපල හා සමාන රක්තවර්ණ දෙතොලින් යුතු යන අර්ථයි. සිත තිණ්හ සමං ද්විජං යනු මුවහත් තීක්ෂණ අය ලෝභයෙන් ගටා සමකළාක් මෙන් සමදත් ඇති යන අර්ථයි.
පීතිසම්ඵුල්ලිතානනන්ති පීතියා සුට්ඨු ඵුල්ලිතං විකසිතං ආනනං මුඛං ආදාසතලසදිසමුඛවන්තන්ති අත්ථො.
පීති සම්ඵුල්ලිතානනං යනු ප්‍රීතියෙන් මනාසේ ඵුල්ලිතං විකසිත වූ ආනනං මුව දර්පණ තලයක් බඳු මුඛවර්ණය යන අර්ථයි.
ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනොති ඛිප්පං දෙසනාය සමුග්ඝාටිතක්ඛණෙයෙව අභිවිසෙසෙන ඤාතුං සමත්ථස්ස භික්ඛුනොති අත්ථො.
ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො යනු ඛිප්පං දේශනාවෙන් ගැටුණු කෙණෙහිම විශ්වාසයෙන් දැනගන්ට සමර්ථ වූ භික්ෂුවගේ යන අර්ථයි.
සග්ගං අගං සභවනං යථාති අත්තනො ගෙහං විය සග්ගං ලොකං අගමාසින්ති අත්ථො.
අගං සභවනං යථා යනු තමාගේ ගෙට මෙන් ස්වර්ග ලෝකයට ගියෙමි යන අර්ථයි.
න ත්වං උපායමග්ගඤ්ඤූති ත්වං නිබ්බානාධිගමූපායභූතමග්ගඤ්ඤූ න අහොසීති අත්ථො.
නත්වං උපාය මග්ගඤ්ඤු යනු ඔබ නිර්වාණාධිගමයට උපාය භූත වූ මාර්ගය දන්නෙක් නොවෙහි යන අර්ථයි.
සත්ථුනො සදා ජිනන්ති සදා සබ්බකාලං ජිනං ජිනන්තො පරාජිතකොපො සත්ථුනො සම්මාසම්බුද්ධස්ස විමලානනං ආදාසතලසදිසමුඛං පස්සිස්සාමි පස්සිතුං නික්ඛමාමීති යොජනා. දිජෙ අපුච්ඡිං කුහිං ලොකනන්දනොති කුහිං ඨානෙ ලොකපසාදකරො සත්ථාති දිජෙ බ්රාහ්මණෙ අහං භික්ඛූ අපුච්ඡින්ති අත්ථො.
සත්ථුනො සදා ජිනං යනු සදා සියලු කල්හි ජිනං නොදිනන්නේ පරාජිත වූවෙක් සත්ථුනො සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විමලානනං දර්පණ තලයක් බඳු මුහුණ පස්සාමි බලන්ට නික්මෙමි යන යෙදුමයි. දිජෙ අපුච්ඡි කුහිං ලොක නන්දනො යනු කුමන ස්ථානයක ලෝකප්රසාදකර ශාස්තෲන් වහන්සේ සිටින සේක්දැයි දිජෙ බමුණන් භික්ෂූන් වහන්සේ ඇසුවෙමි යන අර්ථයි.
සසොව ඛිප්පං මුනිදස්සනුස්සුකොති මුනිදස්සනෙ තථාගතදස්සනෙ උස්සුකො උස්සාහජාතො සසො ඉව ඛිප්පං පාපුණාතීති අත්ථො.
ස සො ඛිප්පං මුනිදස්සනුස්සුකො යනු මුනිදස්සනෙ තථාගත මුනීන්ද්රයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දැකීමෙහි උස්සුක්කො උත්සාහ ඇත්තේ සාවකු මෙන් වහා පැමිණ් යන අර්ථයි.
තුවටං ගන්ත්වාති සීඝං ගන්ත්වා. පිණ්ඩත්ථං අපිහාගිධන්ති පිණ්ඩපාතං පටිච්ච අපිහං අපගතපිහං අගිධං නිත්තණ්හං.
තුවටං ගන්ත්වා යනු වේගයෙන් ගොස්. පිණ්ඩත්ථමපිභාගිධං යනු පිණ්ඩපාතයනිසා අපිහං පහවූ තණ්හා ඇති තෘෂ්ණාව නැති.
අලොලක්ඛන්ති ඉතො චිතො ච අනොලොකයමානං උත්තමෙ සාවත්ථිනගරෙ පිණ්ඩාය විචරන්තං අදක්ඛින්ති සම්බන්ධො. සිරීනිලයසඞ්කාසන්ති සිරියා ලක්ඛණානුබ්යඤ්ජනසොභාය නිලයං සඞ්කාසං ජලමානතොරණසදිසං. රවිදිත්තිහරානනන්ති විජ්ජොතමානසූරියමණ්ඩලං විය විජ්ජොතමානමුඛමණ්ඩලං.
අලොලක්ඛං යනු එහි මෙහි නොබලමින්, උතුම් වූ සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නහු දැක්කෙමි යනු සම්බන්ධයි. සිරීනිලය සඞ්කාසං යනු ශ්රීකාන්තාවගේ ලක්ෂණ අනූව්‍යඤ්ජන ශෝභාවෙන් නිලය සඞ්කාසං දිලෙන තොරණක් බඳු, රවිදිත්ති හරානනං යනු දිලිසෙන සූර්ය මණ්ඩලයක් මෙන් බබලන මුවමඬල.
කුපථෙ විප්පනට්ඨස්සාති කුච්ඡිතපථෙ සොපද්දවමග්ගෙ මූළ්හස්ස මිච්ඡාපටිපන්නස්ස මෙ සරණං හොහි පතිට්ඨා හොහි. ගොතමාති භගවන්තං ගොත්තෙන ආලපති.
කුපථෙ විප්පනට්ඨස්ස යනු කුච්ඡිතපථෙ උපද්‍රව සහිත මාර්ගයෙහි මුළා වූ මිථ්‍යා මාර්ගයට පිළිපන් මා හට සරණංහොහි පිහිට වන්න. ගොතම යනු භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් අමතයි.
න තත්ථ සුක්කා ජොතන්තීති සුක්කපභාසම්පන්නා ජොතමානඔසධිතාරකාදයො න ජොතන්ති නප්පභාසන්ති. සෙසං උත්තානත්ථමෙව. සො එවං පුබ්බචරිතාපදානං පකාසෙත්වා තාවදෙව ච භගවන්තං පබ්බජ්ජං යාචි. “පරිපුණ්ණං තෙ පත්තචීවර”න්ති ච පුට්ඨො “න පරිපුණ්ණ”න්ති ආහ. අථ නං සත්ථා “තෙන හි පත්තචීවරං පරියෙසාහී”ති වත්වා පක්කාමි. සො කිර වීසතිවස්සසහස්සානි සමණධම්මං කරොන්තො “භික්ඛුනා නාම අත්තනා පච්චයෙ ලභිත්වා අඤ්ඤං අනොලොකෙත්වා සයමෙව පරිභුඤ්ජිතුං වට්ටතී”ති වත්වා එකභික්ඛුස්සාපි පත්තෙන වා චීවරෙන වා සඞ්ගහං නාකාසි, “න තෙනස්ස ඉද්ධිමයං පත්තචීවරං උප්පජ්ජිස්සතී”ති ඤත්වා භගවා එහිභික්ඛුභාවෙන පබ්බජ්ජං නාදාසි. තම්පි පත්තචීවරං පරියෙසමානමෙව සඞ්කාරට්ඨානතො චොළක්ඛණ්ඩානි සංකඩ්ඪෙන්තං පුබ්බවෙරිකො අමනුස්සො එකිස්සා තරුණවච්ඡාය ගාවියා සරීරෙ අධිමුච්චිත්වා වාමඌරුම්හි පහරිත්වා ජීවිතක්ඛයං පාපෙසි. සත්ථා පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නික්ඛමන්තො බාහියස්ස සරීරං සඞ්කාරට්ඨානෙ පතිතං දිස්වා “ගණ්හථ, භික්ඛවෙ, එතං බාහියං දාරුචීරියන්ති එකස්මිං ගෙහද්වාරෙ ඨත්වා මඤ්චකං ආහරාපෙත්වා ඉමං සරීරං නගරද්වාරතො නීහරිත්වා ඣාපෙත්වා ධාතුයො ගහෙත්වා ථූපං කරොථා”ති භික්ඛූ ආණාපෙසි.
නතත්ථ සුක්කා ජොතන්ති යනු සුදුපැහැ ඇති දිලිසෙන ඕසධී තාරකාදිය නජොතන්ති නො බබලයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය. හේ මෙසේ පූර්ව චරිතාපදානය ප්‍රකාශකොට එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලීය. ඔබගේ පාසිවුරු සම්පූර්ණදැයිද විචාරන ලද්දේ සම්පූර්ණ නැතැයි කීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එසේනම් පාසිවුරු සොයවයි කියා ගිය සේක. හේ වනාහි විසිදහසක් අවුරුදු මහණදම් පුරන්නේ භික්ෂුවක විසින් නම් තමාගේ ප්‍රත්‍යය ලැබ අනිකක් නොබලා තමාම වළඳන්ට වටනේයයි කියා එක් භික්ෂුවකටවත් පාත්රයකින් හෝ සිවුරකින් සංග්‍රහ නොකළේය. ඒ නිසා මොහුට සෘද්ධිමය පාසිවුරු නූපදීයයි දැන භාග්‍යවතුන් වහන්සේ ඒහිභික්ෂුභාවයෙන් පැවිද්ද නුදුන් සේක. පාසිවුරු සොයමින් කසලගොඩින් රෙදිකැබලි ඇදබලන ඔහුට පෙර වෛර ඇති අමනුෂ්‍යයෙක් පැටියකු සිටින එළදෙනකගේ ශරීරයෙහි ආරූඪව කලවයට ඇන ජීවිතක්ෂයට පැමිණවීය. ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිර කරන ලද බත්කිස ඇත්තේ බොහෝ භික්ෂූන් සමග නික්මෙන සේක් බාහියගේ සිරුර කසල ගොඩෙහි වැටී තිබෙනු දැක ‘මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගනුව’යි එක් ගෙයක තබා ඇඳක් ගෙන්වාගෙන මේ සිරුර නුවරදොරින් ගෙනගොස් දවා ධාතූන් ගෙන ස්තූපයක් කරව’යි භික්ෂූන් වහන්සේට අණකළ සේක.
තෙ භික්ඛූ ධාතුං මහාපථෙ ථූපං කාරෙත්වා සත්ථාරං උපසඞ්කමිත්වා අත්තනො කතකම්මං ආරොචෙසුං. තතො සඞ්ඝමජ්ඣෙ කථා උදපාදි – “තථාගතො භික්ඛුසඞ්ඝෙන සරීරඣාපනකිච්චං කාරෙසි, ධාතුයො ච ගාහාපෙත්වා චෙතියං කාරාපෙසි, කතරමග්ගො නු ඛො තෙන සමධිගතො, සාමණෙරො නු ඛො සො, භික්ඛු නු ඛො”ති. සත්ථා තං අට්ඨුප්පත්තිං කත්වා “පතිට්ඨිතො, භික්ඛවෙ, බාහියො දාරුචීරියො අරහත්තො”ති උපරි ධම්මදෙසනං වඩ්ඪෙති. තස්ස පරිනිබ්බුතභාවඤ්ච ආචික්ඛිත්වා “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඛිප්පාභිඤ්ඤානං යදිදං බාහියො දාරුචීරියො”ති (අ· නි· 1.209, 216) එතදග්ගෙ ඨපෙසි.
ඒ භික්ෂූහු සිව්මංසලෙහි ස්තූපයක් කරවා ශාස්තෲන් වහන්සේ කරා එළඹ තමන් විසින් කරන ලද කාර්යය දැන්වූහ. ඉක්බිති සංඝයා මධ්‍යයෙහි කථාවක් පැන නැංගේය. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා ලවා සිරුරක් දැවීමේ කාර්යය කරවූ සේක. ධාතූන්ද ගෙන්වාගෙන චෛත්‍යයක්ද කරවූ සේක. ඔහු විසින් කිනම් මාර්ගයක් අවබෝධ කරගනු ලැබීද? සාමණේරයෙක්ද? ඔහු භික්ෂුවක්ද? ශාස්තෲන් වහන්සේ එය අර්ථ උත්පත්තියක් කොට ‘මහණෙනි, බාහිය දාරුචීරිය රහත් බවෙහි පිහිටියේයයි ඉහළට ධර්මදේශනාව වර්ධනය කරන සේක් ඔහු පිරිනිවන්පෑ බවද කියා ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් වහා අවබෝධ කරන්නවුන් අතර යමෙක් අග්‍රවේද ඒ බාහිය දාරුචීරිය යැයි අගතන්හි තැබූ සේක.
අථ නං භික්ඛූ පුච්ඡිංසු – “තුම්හෙ, භන්තෙ, ‘බාහියො දාරුචීරියො අරහත්තං පත්තො’ති වදෙථ, කදා සො අරහත්තං පත්තො”ති? “මම ධම්මං සුතකාලෙ, භික්ඛවෙ”ති. “කදා පනස්ස, භන්තෙ, තුම්හෙහි ධම්මො කථිතො”ති? “භික්ඛාය චරන්තෙන අන්තරවීථියං ඨිතෙනා”ති. “අප්පමත්තකො, භන්තෙ, තුම්හෙහි අන්තරවීථියං ඨත්වා කථිතධම්මො; කථං සො තාවත්තකෙන විසෙසං නිබ්බත්තෙසී”ති? අථ නෙ සත්ථා, “භික්ඛවෙ, මම ධම්මං ‘අප්පං’ වා ‘බහුං වා’ති මා චින්තයිත්ථ. අනෙකානිපි හි අනත්ථපදසංහිතානි ගාථාසහස්සානි න සෙය්යො, අත්ථනිස්සිතං පන එකම්පි ගාථාපදං සෙය්යො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති භික්ෂූහු මෙසේ ඇසූහ. ‘ස්වාමීනි, ඔබවහන්සේ බාහියදාරුචීරිය රහත් බවට පැමිණියේයයි වදාරන සේක. ඔහු රහත් බවට පැමිණියේ කවදාද? ‘මහණෙනි, මාගේ ධරම්ය ඇසූ වේලාවේ.’ ‘ඔහුට ඔබවහන්සේ දහම් දෙසුවේ කවදාද?’ ‘භික්ෂාවෙහි හැසිරෙමින් මහ වීදියෙහි සිට.’ ‘ස්වාමීනි, ඔබවහන්සේ මහ වීදියෙහි සිට දේශනා කරන ලද ධර්මය අල්පමාත්‍රය. ඔහු එපමණකින් විශේෂයක් නිපදවා ගත්තේ කෙසේද?’ ඉක්බිති ශාස්තෲන් වහන්සේ ‘මහණෙනි, මාගේ ධර්මය අල්පයයි මහත්යයි නොසිතන්න. අනර්ථ පද සහිත නොයෙක් ගාථා දහස් ගණනක් නොමැනවි. අර්ථ නිශ්රිත එක් ගාථා පදයක් වුවද මැනවි’යි කියා අනුසන්ධි ගළපා දහම් දෙසන සේක් මේ ගාථාව කියූ සේක –
“සහස්සමපි චෙ ගාථා, අනත්ථපදසංහිතා; එකං ගාථාපදං සෙය්යො, යං සුත්වා උපසම්මතී”ති. (ධ· ප· 101) –
‘සහස්සම්පි චෙ ගාථා අනත්ථපද සංහිතා, එකං ගාථා පදං සෙය්යො යංසත්වා උපසම්මති’ති
නොමනා පද සහිත - ගාථා දහසකට වඩා, යමක් අසා සංසිඳේනම් - එබඳු එක් පදයක්ම මැනවී
දෙසනාපරියොසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසීති.
දේශනාවගේ කෙළවර අසූසාර දහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය විය.
බාහියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
බාහිය දාරුචීරිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.