536. බාහියත්ථෙරාපදානං
536. බාහියත්ථෙරාපදානං
536. බාහිය ස්ථවිරාවදානය
5839. ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො, මහප්පභො තිලොකග්ගො නාමෙන පදුමුත්තරො.
5839. මෙයින් සියක්දහස් වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍ර වූ නමින් පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළ විය.
5840. ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො ගුණං කිත්තයතො මුනෙ, සුත්වා උදග්ගචිත්තොහං කාරං කත්වා මහෙසිනො-
5840. (එකෙණෙහි දහම් අවබෝධ කළ බැවින්) ක්‍ෂිප්‍රාභිඥ වූ භික්ෂුනමකගේ ගුණය පසසන බුදුරජුන්ගේ (දේශනාව) අසා ඔද වැඩි සිත් ඇති මම මහර්ෂි වූ එ බුදුරජුන්හට අධිකාර කොට -
5841. දත්වා සත්තාහිකං දානං සසිස්සස්ස මුනෙ අහං, අභිවාදිය සම්බුද්ධං තං ඨානං පත්ථයිං තදා.
5841. එකල්හි මම සිසුන් සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
5842. තතො මං ව්යාකරී බුද්ධො එතං පස්සථ බ්රාහ්මණං, පතිතං පාදමූලෙ මෙ පසන්නනයනානනං.
5842-5844. ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසී ය: “මාගේ පාමුල වැටුනා වූ පහන් වූ ඇස් හා මුහුණු ඇති, පුනනූල් සහිත කය ඇති, සුදු සිරුරු සිවි පැහැ ඇති, එල්බෙන බිඹුපල වැනි රතු දෙතොල් ඇති, සුදු තියුණු සම දත් ඇති, ගුණෝඝයට ආයතන වූ ප්‍රීතියෙන් මැනැවින් පුබුදු වූ මුහුණු ඇති මෙ බමුණහු බලවු.
5843. හෙමයඤ්ඤොපවිතඞ්ගං අවදාතනනුත්තවං, පලම්බබිම්බතම්බොට්ඨං සිතතිණ්හසමං ද්විජං
5844. ගුණත්ථාමබහුතරං සමුග්ගතතනූරුහං, ගුණොඝායතනීභූතං පීතිසම්ඵුල්ලිතානනං.
5845. එසො පත්ථයතෙ ඨානං ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො, අනාගතෙ මහාවීරො ගොතමො නාම හෙස්සති.
5845. මෙතෙම ක්‍ෂිප්‍රාභිඥ වූ භික්ෂූහුගේ එම තනතුර පතයි. අනාගතයෙහි මහාවීර වූ ගෞතම නම් බුදුරජතෙම ලොව පහළවන්නේ ය.
5846. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, බාහියො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
5846. උන්වහන්සේගේ ධර්මයට දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් බාහිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”
5847. තදාතිතුට්ඨො වුට්ඨාය යාවජීවං මහාමුනෙ, කාරං කත්වා චුතො සග්ගං අගං සභවනං යථා.
5847. එකල්හි ඉතා තුටුවූයෙම් නැගිට දිවි ඇති තාක් බුදුරජුන්හට සත්කාර කොට ඉන් ච්‍යුත වූයෙම් සිය ගෙට යන්නාක් මෙන් ස්වර්ගයට ගියෙමි.
5848. දෙවභූතො මනුස්සො වා සුඛිතො තස්ස කම්මුනො, වාහසා සංසරිත්වාන සම්පත්තිං අනුභොසහං.
5848. මම ඒ කර්මයාගේ බලයෙන් දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ සුඛිත වූයෙම් සැරිසරමින් සම්පත් අනුභව කෙළෙමි.
5849. පුනො කස්සප වීරස්ස අත්ථමෙන්තම්හි සාසනෙ, ආරුය්හ සෙලසිඛරං යුඤ්ජිත්වා ජිනසාසනං.
5849. යලි කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි ගල මුදුනට නැගී බුදුසසුනෙහි යෙදී-
5850. විසුද්ධසීලා සප්පඤ්ඤා ජිනසාසනකාරකා, තතො චුතා පඤ්චජනා දෙවලොකං අගම්හසෙ.
5850. පිරිසිදු සිල් ඇති ප්‍රඥායෙන් යුතු වූ බුදුසසුන් කරන්නා වූ අපි පස්දෙනෙක් එයින් ච්‍යුත වූවාහු දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමු.
5851. තතොහං බාහියො ජාතො භාරුකච්ඡෙ පුරුත්තමෙ, තතො නාවාය පක්ඛන්තො සාගරං අප්පසිද්ධියං.
5851. ඉක්බිති භාරුකච්ඡ නම් උතුම් නගරයෙහි උපන්නෙම් බාහිය නැමැත්තෙම් වීමි. එයින් නැව් නැගී අර්ත්ථ සිද්ධි රහිත (අර්ත්ථ සිද්ධි සංශය ඇති) සයුරට පිවිසියෙමි.
5852. තතො නාවා අභිජ්ජිත්ථ ගන්ත්වාන කතිපාහකං, තදා භිංසනකෙ ඝොරෙ පතිතො මකරාකරෙ.
5852. ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේ ය. එකල්හි දැති මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය) යනට ආකර වූ ගොරබිරම් සයුරෙහි වැටුනෙමි.
5853. තදාහං වායමිත්වාන සන්තරිත්වා මහොදධිං. සුප්පාරපට්ටනවරං සම්පත්තො මන්දමෙධිකො.
5853. එකල්හි මම මහසයුර තරණය කොට වැර දරා (වෙහෙස හේතු කොට ගෙණ) මඳ වූ වැටහීම් නුවණ ඇත්තෙම් සුප්පාරක පටුනට පැමිණියෙමි.
5854. දාරුචීරං නිවාසෙත්වා ගාමං පිණ්ඩාය පාවිසිං, තදාහ සො ජනො තුට්ඨො අරහායමිධාගතො.
5854. දාරුචීර (හෙවත් දරපතුරු වස්ත්‍රයක් මෙන් ගොතා) හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි ඒ ජනතෙමේ තුටු වූයේ මේ රහත් කෙනෙක් මෙහි පැමිණියහයි කී ය.
5855. ඉමං අන්නෙන පානෙන වත්ථෙන සයනෙන ච, භෙසජ්ජෙන ච සක්කත්වා හෙස්සාම සුඛිතා මයං.
5855. අපි මොහුට ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, බෙහෙදින් ද සත්කාර කොට සුඛිත වෙමු.
5856. පච්චයානං තදා ලාභී තෙහි සක්කතපූජිතො, අරහා’හන්ති සංකප්පං උප්පාදෙසිං අයොනිසො.
5856. එකල්හි ප්රත්යයලාභී වූයෙම් ඒ ගම්වැසියන් විසින් සත්කාර පූජාකරණලදුයෙම් ‘මම රහතෙක්මි’යි නුනුවණින් අදහසක් ඉපිදවීමි.
5857. තතො මෙ චිත්තමඤ්ඤාය චොදයි පුබ්බදෙවතා, න ත්වං උපායමග්ගඤ්ඤූ කුතො ත්වං අරහං භවෙ.
5857. ඉක්බිති පෙර එක්ව මහණදම් පුරමින් සිට බඹලොව උපන් අනාගාමී බ්රහ්මදේවතාවෙක් මාගේ සිත දැන “තෝ (නිර්වාණගාමී) උපාය මාර්ගය දන්නෙක් නො වෙහි ය. තෝ කවරහෙයකින් රහතෙක් වෙහි දැ”යි චෝදනා කෙළේ ය.
5858. චොදිතො තාය සංවිග්ගො තදාහං පරිපුච්ඡිසං, කෙ වා එතෙ කුහිං ලොකෙ අරහන්තො නරුත්තමා.
5858. ඔහු විසින් චෝදනා කරණලද මම කලකිරුනෙම් එකල්හි ඔහුගෙන් විචාළෙමි: මේ රහත්හු නම් කවරහු වෙත් ද? ඒ නරෝත්තම වූ රහත්හු ලෝකයෙහි කොහි වෙසෙත් ද? (කියා යි).
5859. සාවත්ථියං කොසලමන්දිරෙ ජිනො පහූතපඤ්ඤො වරභූරිමෙධසො සො සක්යපුත්තො අරහා අනාසවො දෙසෙති ධම්මං අරහත්තපත්තියා.
5859. සැවැත්නුවර කොසොල් මැදුරෙහි සම්පූර්ණ වූ ප්‍රඥා ඇති උතුම් වූ මහනුවණැති ආස්‍රව රහිත වූ රහත් වූ ඒ ශාක්‍යපුත්‍ර වූ බුදුරජතෙමේ රහත්බවට පැමිණීම පිණිස දහම් දෙසයි.
5860. තදස්ස සුත්වා වචනං සුපීණිතො තිධිංව ලද්ධා කපණො’තිවිම්හිතො, උදග්ගචිත්තො අරහත්තමුත්තමං සුදුස්සනං දට්ඨුමනන්තගොචරං.
5860. එකල්හි ඔහුගේ වචනය අසා නිධානයක් ලැබ දුගියකු මෙන් අතිශයින් පිණාගියෙම් ඉතා විස්මයපත් වූයෙම් ඔදවැඩි සිත් ඇත්තෙම් අතිශයින් දැකුම්කලු වූ අනන්ත වූ (සත්ත්ව සංස්කාර අවකාශ ලෝකයන්) විෂයයෙහි විනිවිද ගිය නුවණ ඇති අර්හත් වූ උතුම් වූ බුදුරජුන් දැකීමට-
5861. තදා තතො නික්ඛමිතූන සත්වරං කදා ජිනං පස්සාමි විමාලනනං උපෙච්ච රම්මං විජිතව්හයං වනං දිජෙ අපුච්ඡිං කුහිං ලොකනන්දනො.
5861. එකල්හි ඉන් වහා නික්ම පිරිසිදු මුහුණක් ඇති බුදුරජුන් කවදා දකිම්දැ’යි රම්‍ය වූ විජිත නම් වනයට එළඹ ‘ලෝකනන්දන වූ බුදුරජුන් කොහි දැ’යි බමුණන්ගෙන් විචාළෙමි.
5862. තතො අවොචුං නරදෙවවන්දිතො පුරං පවිට්ඨො අසනෙසනාසයො සචෙ හි ඛිප්පං මුනිදස්සනුස්සුකො උපෙච්ච වන්දාහි තමග්ගපුග්ගලං.
5862. ඉක්බිති ඔහු මෙසේ කීහ. “දෙවි මිනිසුන් විසින් වඳින ලද්දා වූ බුදුරජ තෙම පිඬු සිඟීමෙහි අදහස් ඇත්තේ නගරයට පිවිසියේ ය. ඉදින් බුදුරජුන් දැකීමෙහි උත්සාහවත් වූයෙහි නම් වහා එළඹ ඒ අග්‍රපුද්ගල වූ බුදුරජුන් වඳුව.”
5863. තතොහං තුවට්ටං ගන්ත්වා සාවත්ථිපුරමුත්තමං, විචරන්තං තමද්දක්ඛිං පිණ්ඩත්ථමපිහාගිධං.
5863. ඉක්බිති මම වහා උතුම් වූ සැවැත්නුවරට ගොස් ඉච්ඡා ගේධ විරහිත ව පිඬු පිණිස හැසිරෙන්නා වූ එ බුදුරජුන් දිටිමි.
5864. පත්තපාණිං අලොලක්ඛං භාජයන්තං වියාමතං, සිරීනිලයසඞ්කාසං රවිදිත්තිහරානනං.
5864. (ද්වාත්රිංශද්වර අශීත්‍යනුව්‍යඤ්ජන) ශ්රියගේ නිවාසස්ථානය වැනි, සූර්ය්යයාගේ දීප්තියට බඳු (දීප්තිමත්) මුහුණු ඇති, නිසසල ඇස් ඇති, අමා බෙදන්නකු මෙන් පාත්‍රය ගත් අත් ඇති-
5865. තං සමෙච්ච නිපච්චාහං ඉදං වචනමබ්රවිං, කුපථෙ විප්පනට්ඨස්ස සරණං හොහි ගොතම.
5865. එම බුදුරජුන් වෙත එළඹ මම පාමුල වැටී ‘ගෞතමයන් වහන්ස, උවදුරු සහිත මාර්ගයෙහි මුළා වී නටුවහුට පිහිට වනු මැනැවැ’යි මෙ වදන් කීමි.
5866. පාණසන්තාරණත්ථාය පිණ්ඩාය විචරාමහං, න තෙ ධම්මකථාකාලො ඉච්චාහ මුනිසත්තමො.
5866. “මම සත්ත්වයන් (සසරසයුරින්) එතෙර කිරීම පිණිස පිඬු පිණිස හැසිරෙමි. තට ධර්‍මකථාවට කාලය නො වේ” ය යි මුනිශ්රේෂ්ඨ වූ බුදුරජ තෙමේ වදාළේ ය.
5867. තදා පුනප්පුනං බුද්ධං ආයාචිං ධම්මලාලසො, සො මෙ ධම්මමදෙසෙසි ගම්භීරං සුඤ්ඤතං පදං.
5867. එකල්හි දහම්හි ලොල් වූයෙම් නැවත නැවතත් බුදුරජුන් අයැදිමි. ඒ බුදුරජතෙම ගැඹුරු වූ ශුන්‍යත (නිර්වාණ) පදය වූ ධර්මය මට දෙසී ය.
5868. තස්ස ධම්මං සුණිත්වාන පාපුණිං ආසවක්ඛයං, පරික්ඛීණායුකො සන්තො අහො සත්ථා’නුකම්පකො.
5868. (මම) පිරිහුනු ආයු ඇත්තෙම් උන්වහන්සේගේ ධර්මය අසා ආස්රවක්ෂය වූ නිවණට පැමිණියෙමි. (අසරණයනට) අනුකම්පා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ආශ්චර්‍ය්‍ය සේක් මැ යි.
5869. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5869. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5870. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5870. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5871. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5871. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5872. එවං ථෙරො වියාකාසි බාහියො දාරුචීරියො, සඞ්කාරකූටෙ පතිතො භූතාවිට්ඨාය ගාවියා.
5872. භූතාවිෂ්ට වූ දෙනක විසින් (පහර දීමෙන්) කසලගොඩක වැටුනු බාහිය දාරුචීරිය තෙමේ මෙසේ (තමාගේ චරිතය පිළිබඳ තොරතුරු) පැවසී ය.
5873. අත්තනො පුබ්බචරිතං කිත්තයිත්වා මහාමති, පරිනිබ්බායී සො වීරො සාවත්ථියං පුරුත්තමෙ.
5873. මහනුවණැති ඒ වීර වූ දාරුචීරිය තෙමේ උතුම් සැවැත්පුරයෙහි දී තමාගේ පෙර සිරිත පවසා පිරිනිවන් පෑවේ ය.
5874. නගරා නික්ඛමන්තො තං දිස්වාන ඉසිසත්තමො, දාරුචීරධරං ධීරං බාහියං බාහිතාගමං.
5874-5875. නුවරින් නික්මෙන්නා වූ (විපස්සී බුදුරජුන් පටන් ගිණුකල) සත්වැනි ඍෂි වූ ගෞතම බුදුරජ තෙමේ “දැවපතුරු ගොතා කළ වතක් දරන්නා වූ නැණවත් වූ බැහැර කරණලද භවාගමනය ඇති, බිම වැටුනා වූ දැමුනා වූ හෙළනලද ඉඳුකෙහෙලියක් මෙන් අවසන් වූ ආයු ඇති, ඉක්ම ගිය කෙළෙස් ඇති, බුද්ධශාසනකාරක වූ ඒ බාහිය තෙරුන් දැක-
5875. භූමියං පතිතං දන්තං ඉන්දකෙතුංව පාතිතං, ගතායුසං ගතකෙලසං ජිනසාසනකාරකං.
5876. තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ, “ගණ්හථ නෙත්වා ඣාපෙථ තනුං සබ්‍රහ්මචාරිනො.
5876. ඉක්බිති ශාස්තෘ තෙමේ සසුනෙහි නිරත ශ්‍රාවකයන් ඇමතූය. (අමතා) “මේ සබ්රහ්මචාරීහුගේ සිරුර ගණිවු. ගෙණ ගොස් ආදාහනය කරවු.
5877. ථූපං කරොථ පූජෙථ නිබ්බුතො සො මහාමති, ඛිප්පාභිඤ්ඤානමෙසග්ගො සාවකො මෙ වචොකරො.
5877. සෑයක් කරවු. (ඒ සෑයට ද) පුදවු. ඒ මහනුවණැත්තේ පිරිනිවන් පෑවේ ය. මාගේ වචනය කරන්නා වූ හෙවත් සුවච වූ මේ ශ්‍රාවක තෙමේ වහා දහම් පිළිවිදුනා භික්ෂූන් අතුරෙන් අග්‍ර ය.
5878. සහස්සම්පි චෙ ගාථා අනත්ථපදසංහිතා, එකං ගාථාපදං සෙය්යො යං සුත්වා උපසම්මති.
5878. ඉදින් අර්ත්ථ විරහිත පදයෙන් යුක්ත වූ ගාථාවෝ දහසෙක් නමුදු උතුම් නො වෙති. යම් ගාථාවක් අසා (පුද්ගල තෙමේ) සන්හිඳේ ද, එබඳු එක ගාථාපදය නමුදු ශ්‍රේෂ්ඨ ය.
5879. යත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති, න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති.
5879. යම් තැනෙක්හි ආපෝධාතුව ද, පඨවීධාතුව ද, තේජෝධාතුව ද, වායෝධාතුව ද නො ගටා නම් එ නිවනෙහි ශුක්ලප්රභා ඇති ඕසධීතාරකාදීහු නො බබලති. හිරු නො පැනේ. එහි සඳ නො බබලයි. එහි අඳුර නැත.
5880. යදා ච අත්තනා වෙදි මුනි මොනෙන බ්රාහ්මණො, අථ රූපා අරූපා ච සුඛදුක්ඛා විමුච්චති. ඉච්චෙවං අභණී නාථො තිලොකසරණො මුනි.
5880. යම් කලෙක්හි (බහා තබනලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණ ය යි ද, මෝනෙය්‍ය ගුණයෙන් යුතු බැවින් මුනි ය යි ද තෙමේ ම (තමා) දැන ගත්තේ නම් එකල්හි හේ රූපභවයෙන් ද අරූපභවයෙන් ද සුවදුක් දෙකින් ද, මිදේ”ය යි මෙසේ තිලොවට පිළිසරණ වූ (අනාථයනට) නාථ වූ බුදුරජ තෙම වදාළේ ය.
ඉත්ථං සුදං ආයස්මා බාහියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් බාහිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බාහියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
බාහිය ස්ථවිරාවදානය සවැනියි.