537. කොට්ඨිතත්ථෙරාපදානං
537. කොට්ඨිතත්ථෙරාපදානං
537. කොට්ඨිත ස්ථවිරාවදානය
5881. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
5881. පසැස් ඇති සියලු ලෝකයන් (තත් වූ පරිදි) දැන ගත්තා වූ පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළ වී ය.
5882. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
5882. සව් සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ, (සත්ත්වයන් සසරින්) එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5883. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.
5883. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ වැඩ කැමැත්තා වූ (එ බුදුරජ තෙම) පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිට වී ය.
5884. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
5884. මෙසේ (ඒ කාලය) තීර්ත්ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතායෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5885. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
5885. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5886. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
5886. එකල්හි ලක්ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5887. තදාහං හංසවතියං බ්රාහ්මණො වෙදපාරගු, උපෙත්වා සත්තසාරග්ගං අස්සොසිං ධම්මදෙසනං.
5887. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
5888. තදා සො සාවකං වීරො පභින්නමතිගොචරං, අත්ථෙ ධම්මෙ ච නෙරුත්තෙ පටිභානෙ ච කොවිදං.
5888. එකල්හි ඒ වීර වූ බුදුරජතෙමේ අර්‍ත්‍ථයෙහි ද ධර්මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්ෂ වූ ප්රභේදගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයකු-
5889. ඨපෙසි එතදග්ගම්හි තං සුත්වා මුදිතො අහං, සසාවකං ජිනවරං සත්තාහං භොජයිං තදා.
5889. ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. එය අසා ප්‍රමුදිත වූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම් වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
5890. දුස්සෙහකච්ඡාදයිත්වාන සසිස්සං බුද්ධිසාගරං, නිපච්ච පාදමූලම්හි තං ඨානං පත්ථයිං අහං.
5890. මම බුද්ධිසාගර වූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්‍රයෙන් (-සිවුරින්) හඳවා පාමුලෙහි වැටී එම තනතුර පැතීමි.
5891. තතො අවොච ලොකග්ගො පස්සථෙතං දිජුත්තමං, විනතං පාදමූලෙ මෙ කමලොදරසප්පභං.
5891. ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජ තෙම මෙසේ වදාළේ ය. “මාගේ පාමුල නැවුනා වූ පියුම්ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
5892. බුද්ධසෙට්ඨස්ස භික්ඛුස්ස ඨානං පත්ථයතෙ අයං, තාය සද්ධාය චාගෙන ධම්මස්ස සවණෙන ච.
5892. මෙතෙම සිවුපිළිසැඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්ෂුහුගේ තනතුර පතයි. (මොහු තුළ ඇති) එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද, දහම් ඇසුමෙන් ද,
5893. සබ්බත්ථ සුඛිතො හුත්වා සංසරිත්වා භවාභවෙ, අනාගතම්හි අද්ධානෙ ලච්ඡතෙ තං මනොරථං.
5893. සියලු තන්හි සුව ඇත්තේ ව කුදුමහත් භවයෙහි සැරිසරා මතුකාලයෙහි එම මනෝරථය ලබන්නේ ය.
5894. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
5894. මෙයින් ලක්ෂයක් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5895. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො කොට්ඨිතො නාම නාමෙන හෙස්සති සත්ථු සාවකෙ.
5895. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරස පුත්‍ර වූ, නමින් කොට්ඨිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය”.
5896. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං සතො පඤ්ඤාසමාහිතො.
5896. එකල්හි එය අසා සතුටු වූයෙම් දිවිහිමියෙන් මෙත් සිත් ඇත්තෙම් ස්මෘති ඇත්තෙම් ප්‍රඥාවෙන් යුක්ත වූයෙම් බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිචරණය කෙළෙමි.
5897. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5897. මම ඒ කර්මවිපාකය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්කය හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5898. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
5898. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
5899. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
5899. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එම කර්මයාගේ බලයෙන් සියලු තන්හි සුඛිත වූයෙමි.
5900. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ගච්ඡාමි සුචිණ්ණස්ස ඉදං ඵලං.
5900. දෙව් ඇත් බැව්හි ද මිනිස් අත් බැව්හි ද (යන) දෙඅත් බැව්හි සැරිසරමි. අනික් ගතියකට නො යමි. මේ රැස්කරනලද පුණ්යකර්මයාගේ විපාක යි.
5901. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි සුචිණ්ණස්ස ඉදං ඵලං.
5901. කැත්කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නො උපදිමි. මේ රැස්කරනලද පුණ්යකර්මයාගේ විපාක යි.
5902. පච්ඡිම්භවෙසම්පත්තෙ බ්රහ්මබන්ධු අහොසහං, සාවත්ථියං විප්පකුලෙ පච්චාජාතො මහද්ධනෙ.
5902. මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත් නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්මි.
5903. මාතා චන්දවතී නාම පිතා මෙ අස්සලායනො, යදා මෙ පිතරං බුද්ධො විනයී සබ්බසුද්ධියා.
5903. මාගේ මවු තොමෝ චන්ද්රවතී නම් වූවා ය. පියතෙම අස්සලායන නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්වශුද්ධියෙහි හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවී ද,
5904. තදා පසන්නො සුගතෙ පබ්බජිං අනගාරියං, මොග්ගල්ලානො ආචරියො උපජ්ඣො සාරිසම්භවො.
5904. එකල්හි බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්ය්ය විය. ශාරිප්රත්ර තෙමේ උපාධ්‍යාය විය.
5905. කෙසෙසු ඡිජ්ජමානෙසු දිට්ඨි ඡින්නා සමූලිකා, නිවාසෙන්තො ච කාසාවං අරහත්තමපාපුණිං.
5905. හිසකේ කපන කල්හි (සක්කාය) දිට්ඨි තොමෝ සහමුලින් සිඳින. යලි කසාවත් හඳනේ රහත්බවට පැමිණියෙමි.
5906. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ ච මෙ මති, පභින්නා තෙන ලොකග්ගො එතදග්ගෙ ඨපෙසි මං.
5906. මාගේ ස්මෘති තොමෝ අර්ත්ථ ධර්ම නිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද වෙන වෙන ම විනිවිද ගිය බැවින් ප්රභේදගත විය. එහෙයින් ලොවගපත් බුදුරජතෙම (පිළිසැඹියා පතුවන් අතුරෙන්) මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
5907. අසන්දිද්ධං වීයාකාසිං උපතිස්සෙන පුච්ඡිතො, පටිසම්භිදාසු තෙනාහං අග්ගො සම්බුද්ධසාසනෙ.
5907. උපතිස්සයන් (-ශාරීපුත්‍රයන්) විසින් ප්‍රතිසම්භිදාවන් විෂයයෙහි ප්‍රශ්න විචාරණ ලදුයෙම් නිසැක ව විසඳා පැවසීමි. එහෙයින් මම සම්බුදුසසුනෙහි පිළිසැඹියා පතුවනට අග්‍ර වූ යෙම් වෙමි.
5908. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5908. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5909. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5909. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5910. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5910. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිතො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
මෙසෙයින් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මහාකොට්ඨිතත්ථෙරස්ස අපදානං සත්තමං.
මහාකොට්ඨිත ස්ථවිරාවදානය සත්වැනියි.