යෙදුමෙන් කියවන්න

538. උරුවෙලකස‍්සපත්‍ථෙරාපදානං

538. උරුවෙලකස‍්සපත්‍ථෙරාපදානං

538. උරුවේලකස්සප ස්ථවිරාවදානය

5911. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බලොකවිදූ මුනි, ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා.

5911. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ පස්මරුන් ජයගත්තා වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ලොව පහළ විය.

5912. ඔවාදකො විඤ‍්ඤාපකො තාරකො සබ‍්බපාණිනං, දෙසනාකුසලො බුද‍්ධො තාරෙසි ජනතං බහුං.

5912. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ (සත්ත්‍වයන්) සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.

5913. අනුකම‍්පකො කාරුණිකො හිතෙසී සබ‍්බපාණිනං, සම‍්පත‍්තෙ තිත්‍ථියෙ සබ‍්බෙ පඤ‍්චසීලෙ පතිට‍්ඨපි.

5913. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට විය.

5914. එවං නිරාකුලං ආසි සුඤ‍්ඤකං තිත්‍ථියෙහි ච, විචිත‍්තං අරහන‍්තෙහි වසීභූතෙහි තාදිහි.

5914. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදී ගුණ ඇති පඤ්චවශිතායෙන් වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.

5915. රතනානට‍්ඨපඤ‍්ඤාසං උග‍්ගතො සො මහාමුනි, කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසො බත‍්තිංසවරලක‍්ඛණො.

5915. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.

5916. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ, තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

5916. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.

5917. තදාහං හංසවතියං බ්‍රාහ‍්මණො සාධුසම‍්මතො, උපෙච‍්ච ලොකපජ‍්ජොතං අස‍්සොසිං ධම‍්මදෙසනං.

5917. එකල්හි මම හංසවතී නගරයෙහි සාධුසම්මත වූ බ්‍රාහ්මණයෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.

5918. තදා මහාපරිසතිං මහාපුරිසසාවකං, ඨපෙන‍්තං එතදග‍්ගම‍්හි සුත්‍වාන මුදිතො අහං.

5918. එකල්හි මම (මහපිරිස් ඇතියනට අග්‍රය යි) ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ මහපිරිස් ඇති බුද්ධශ්‍රාවකයකු දැක සතුටු වූයෙමි.

5919. මහතා පරිවාරෙන නිමන‍්තෙත්‍වා මහාජිනං, බ්‍රාහ‍්මණානං සහස‍්සෙන සහ දානමදාසහං.

5919. බමුණන් දහසක් සහිත වූ මම මහපිරිවරින් බුදුරජුන් පවරා දන් දුනිමි.

5920. මහාදානං දදිත්‍වාන අභිවාදිය නායකං, එකමන‍්තෙ ඨිතො හට‍්ඨො ඉදං වචනමබ්‍රවිං:

5920. මහදන් දී බුදුරජුන් වැඳ සතුටු වූයෙම් එකත්පසෙක සිටියෙම් මේ වචනය කීමි:

5921. තයි සද‍්ධාය මෙ වීර අධිකාරගුණෙන ච, පරිසා මහතී හොතු නිබ‍්බත‍්තස‍්ස තහිං තහිං.

5921. “වීරයන් වහන්ස මා විසින් ඔබ වහන්සේ කෙරෙහි සැදැහැයෙන් කරණලද පූජාසත්කාර සඞ්ඛ්‍යාත අධිකාර ගුණ හේතු කොටගෙන ඒ ඒ තන්හි උපදින්නා වූ මට මහත් වූ පිරිස ඇති වේවා.

5922. තදා අවොච පරිසං ගජගජ‍්ජිතසුස‍්සරො, කරවීකරුතො සත්‍ථා එතං පස‍්සථ බ්‍රාහ‍්මණං.

5922-5923. එකල්හි මේඝගර්ජිතයකට බඳු මනා වූ ගම්භීර ස්වර ඇති කුරවිකෙවිල් හඬකට බඳු ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිස අමතා මෙසේ කී ය: “ස්වර්‍ණවර්‍ණ වූ මහාබාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌධර්‍වාග්‍රරෝම ඇති, ප්‍රීතිමත් වූ මාගේ ගුණයෙහි සැදැහැවත් වූ මේ බමුණු දෙස බලවු.

5923. හෙමවණ‍්ණං මහාබාහුං කමලානනලොවනං, උද‍්ධග‍්ගතනුජං හට‍්ඨං සද‍්ධාවන‍්තං ගුණෙ මම.

5924. එස පත්‍ථයතෙ ඨානං සීහඝොසස‍්ස භික‍්ඛුනො, අනාගතම‍්හි අද‍්ධානෙ ලච‍්ඡිතෙ තං මනොරථං.

5924. මෙතෙම මහපිරිස් ඇත්තවුනට අගතැන්පත් වු ශ්‍රේෂ්ඨ ඝෝෂ ඇත්තා වූ නොහොත් සිංහඝෝෂ නම් වූ භික්‍ෂුහුගේ ඒ තනතුර පතයි. මතුකාලයෙහි ඔහුගේ ඒ චිත්තාභිලාෂය සමෘද්ධ වන්නේ ය.

5925. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

5925. මෙයින් සියක් දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ, ග්‍රොතයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.

5926. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, කස‍්සපො නාම නාමෙන හෙස‍්සති සත්‍ථු සාවකො.

5926. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් කාශ්‍යප නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” කියා යි.

5927. ඉතෙ ද‍්වෙනවුතෙ කප‍්පෙ අහු සත්‍ථා අනුත‍්තරො, අනූපමො අසදිසො ඵුස‍්සො ලොකග‍්ගනායකො.

5927. මෙයින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ මෙබඳුයයි කීමට උපමාවක් නැත්තා වූ සමානය යි දැක්වීමට කෙනෙකු නැත්තා වූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළ විය.

5928. සො ච සබ‍්බං තමං හන‍්ත්‍වා විජටෙත්‍වා මහාජටං, වස‍්සතෙ අමතං වුට‍්ඨිං තප‍්පයන‍්තො සදෙවකං.

5928. ඒ බුදුරජ තෙමේ ද සියලු මොහො අඳුරු නසා මහත් වූ තෘෂ්ණා අවුල නිරවුල් කොට දෙවියන් සහිත ලෝකයා පිණවමින් දහම් අමාවැසි වස්වයි.

5929. තදාහි හි බාරාණසියං රාජාපච‍්චා අහුම‍්හසෙ, භාතරොම‍්හ තයො සබ‍්බෙ සංවිස‍්සත්‍ථා ච රාජිනො.

5929. එකල්හි අපි බරණැස්නුවර රාජපුත්‍රයෝ වීමු. එසේ ම අපි තිදෙනෙ ඔවුනොවුනට සොහොයුරු වීමු. අපි සියලුදෙන රජුගේ විශ්වාසයෝ ද වීමු.

5930. වීරඞ‍්ගරූපා බලිනො සඞ‍්ගාමෙ අපරාජිතා, තදා කුපිතපච‍්චන‍්තො අම‍්හෙ ආහ මහීපති.

5930. එකල්හි කිපුනු පසල්දනව් ඇති රජතෙම රූසපුවෙන් දිව්‍යපුත්‍රයන් සමාන ශරීර ඇති නොහොත් වීරමය (වීර්‍ය්‍යයෙන් ම කරණ ලද) ශරීර ඇත්තා වූ බලවත් වූ යුද්ධයෙහි පරාජය නො වූ අප (අමතා) මෙසේ කී ය:

5931. එථ ගන‍්ත්‍වාන පච‍්චන‍්තං සොධෙත්‍වා අටවීබලං, ඛෙමං මෙ විජිතං කත්‍වා පුනරෙථා ති භාසථ.

5931. “දරුවෙනි, එවු ගොස් පසල්දනව්හි වල් සොර බල සෝධා මාගේ රට නිර්‍භය කොට පෙරළා එවු යි කී ය.

5932. තතො මයං අවොචුම‍්හ යදි දෙය්‍යාසි නායකං, උපට‍්ඨානාය අම‍්හාකං සාධයිස‍්සාම වො තතො.

5932. ඉක්බිති අපි මෙසේ කීමු: “ඉදින් ලෝකනායක වූ බුදුරජුන් උවටැන් කිරීම සඳහා අපට දෙන්නෙහි නම් ඒ හේතුයෙන් තොපගේ සතුරන් ගන්නෙමු”ය කියා යි.

5933. තතො මයං ලද‍්ධවරා භූමිපාලෙන පෙසිතා, නික‍්ඛිත‍්තසත්‍ථං පච‍්චන‍්තං කත්‍වා පුනරුපෙච‍්ච තං.

5933-5934. ඉක්බිති ලබන ලද වර ඇති අපි රජුවිසින් මෙහෙයන ලද්දමෝ කුපිත වූ පසල්දනව්ව බහා තබන ලද අවි ඇත්තක් කොට (සෙමෙහි තබා) පෙරළා අවුත් රජුගෙන් එම බුද්ධෝපස්ථානය අයැද ලෝකනායක වූ ඒ බුදුරජුන් ලැබ දිවි ඇතිතාක් පූජා පැවැත්වීමු.

5934. යාචිත්‍වා සත්‍ථුපට‍්ඨානං රාජානං ලොකනායකං, මුනිවීරං ලභිත්‍වාන යාවජීවං යජීම‍්හ තං.

5935. මහග‍්ඝානි ච වත්‍ථානි පණීතානි රසානි ච, සෙනාසනානි රම‍්මානි භෙසජ‍්ජානි හිතානි ච.

5935-5937. දැහැමින් උපයන ලද මාහැඟි වස්ත්‍ර ද ප්‍රණීත රසයන් ද මනරම් සෙනසුන් ද, හිත බෙහෙත් ද සඞ්ඝයා සහිත බුදුරජුන්හට දී සිල්වත් වූවාහු කාරුණික වූවාහු භාවනාවෙහි යෙදූ සිත් ඇත්තාහු හැම කල්හි මෙත්සිතින් යුතු ව ලෝකනායක වූ බුදුරජුන්හට පරිවරණය (=වතාවත්) කොට ඒ බුදුරජුන් පිරිනිවි කල්හි ද හැකි පමණින් පූජා කොට-

5936. දත්‍වා සසංඝස‍්ස මුනෙ ධම‍්මෙනුප‍්පාදිතානි නො, සීලවන‍්තො කාරුණිකා භාවනායුත‍්තමානසා.

5937. සදා පරිචරිත්‍වාන මෙත‍්තචිත‍්තෙන නායකං, නිබ‍්බුතෙ තම‍්හි ලොකග‍්ගෙ පූජං කත්‍වා යථාබලං.

5938. තතො චුතා සන‍්තුසිතං ගතා තත්‍ථ මහාසුඛං, අනුභූතා මයං සබ‍්බෙ බුද‍්ධපූජායිදං ඵලං.

5938. අපි සියල්ලෝ එයින් සැව තුසිත දෙව්ලොවට ගියාහු එහි මහත් වූ සැප අනුභව කළම්හ. මේ බුද්ධපූජාවෙහි විපාක යි.

5939. මායාකාරො යථා රඞ‍්ගෙ දස‍්සෙති විකතී බහු, තථා භවෙ භමන‍්තොහං විදෙහාධිපතී අහුං.

5939. යම්සේ මායාකාරයෙක් රඟමඩලෙහි බොහෝ විසුලු දක්වා ද, එසේ ම භවයෙහි සැරිසරන්නා වූ මම විදේහ රටෙහි අධිපතියා වීමි.

5940. ගුණාචෙලස‍්ස වාක්‍යෙන මිච‍්ඡාදිට‍්ඨීගතාසයො, නරකම‍්මග‍්ගමාරූළ‍්හො රුජාය මම ධීතුයා.

5940-5941. ගුණ නම් අවේලකයාගේ වචනයෙන් මිසදිටු බව්හි ගිය සිත් ඇත්තෙම් වැරදි මගට පිළිපන්නෙම් රුජා නම් වූ මාගේ දුවගේ අවවාදය නො පිළිගෙණ නාරද බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුසාසිත වූයෙම් පවිටු මිසදිටුබව හැර-

5941. ඔවාදං නාදියිත්‍වාන බ්‍රහ‍්මුනා නාරදෙනහං, බහුධා සාසිතො සන‍්තො දිට‍්ඨං හිත්‍වාන පාපිකං.

5942. පූරයිත්‍වා විසෙසෙන දසකම‍්මපථානහං, හිත්‍වාන දෙහමගමිං සග‍්ගං සභවනං යථා.

5942. මම වෙසෙසින් දශකර්‍මපථයන් පුරා මිනිස් සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.

5943. පච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ බ්‍රහ‍්මබන්‍ධු අහොසහං, බාරාණසියං ඵිතායං ජාතො විප‍්පමහාකුලෙ.

5943. පශ්චිමභවය පැමිණි කල්හි මම බ්‍රාහ්මණයෙක් වීමි. සමෘද්ධ වූ බාරාණාසී නගරයෙහි බමුණු මහසල්කුලෙහි උපන්නෙමි.

5944. මච‍්චුව්‍යාධිජරාභීතො ජහිත්‍වාන මහාධනං, නිබ‍්බානං පදමෙසන‍්තො ජටිලෙසු පරිබ‍්බජිං.

5944. මරණය ව්‍යාධිය ජරාව යන මෙයින් බිය වූයෙම් මහත් වූ ධනය හැර නිර්‍වාණපදය සොයන්නෙම් (ජටාධර තවුසන් වූ) ජටිලයන් කෙරෙහි පැවිදි වීමි.

5945. තදා ද‍්වෙ භාතරො මය‍්හං පබ‍්බජිංසු මයා සහ, උරුවෙලායං මාපෙත්‍වා අස‍්සමං නිවසිං අහං.

5945. එකල්හි මාගේ දෙබෑයෝ මා සමග පැවිදි වූහ. මම උරුවේලායෙහි අසපුවක් ඉදිකොට එහි විසීමි.

5946. කස‍්සපො නාම ගොත‍්තෙන උරුවෙලනිවාසිකො, තතො මෙ ආසි පඤ‍්ඤත‍්ති උරුවෙලකස‍්සපො ඉති.

5946. උරුවේලායෙහි වසන්නා වූ මම ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වීමි. එහෙයින් මට උරුවේලකස්සප යන ප්‍රඥප්තිය විය.

5947. නාදීසකාසෙ භාතා මෙ නාදීකස‍්සපඅව‍්හයො, ආසී සකාසනාමෙන ගයාය ගයාකස‍්සපො.

5947. මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගානදිය සමීපයෙහි විසූ බැවින් නදීකාශ්‍යප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීපනාමයෙන් ගයාකාශ්‍යප නම් විය.

5948. ද‍්වෙ සතානි කනිට‍්ඨස‍්ස තීණි මජ‍්ඣස‍්ස භාතුනො, මම පඤ‍්චසතානූනා සිස‍්සා සබ‍්බෙ මමානුගා.

5948. කණිටු බෑ කාශ්‍යපට දෙසියක් ද මැදිබෑ නදී කාශ්‍යපට තුන්සියක් ද, මට නො අඩු වූ පන්සියක් දැයි (දහසක් වූ) සියලු ශිෂ්‍යයෝ මා අනුව ගියාහු ය.

5949. තදා උපෙච‍්ච මං බුද‍්ධො කත්‍වා නානාවිධනි මෙ, පාටිහීරානි ලොකග‍්ගො විනෙසි නරසාරථි.

5949. එකල්හි පුරිසදම්මසාරථි වූ ලෝකාග්‍ර වූ බුදුරජ තෙමේ මාගේ සමීපයට එළඹ නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍යයන් කොට මා හික්ම වී ය.

5950. සහස‍්සපරිවාරෙන අහොසිං එහිභික‍්ඛුකො, තෙහෙව සහ සබ‍්බෙහි අරහත‍්තමපාපුණිං.

5950. මම දහසක් පිරිවර සහිත ව ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වීමි. ඒ සියලුදෙනා සමග ම රහත්බවට පැමිණියෙමි.

5951. තෙ චෙවඤ‍්ඤෙ ච බහවො සිස‍්සා මං පරිවාරයුං, සාසිතුං ව සමත්‍ථොහං තතො මං ඉසිසත‍්තමො.

5951. ඒ ශිෂ්‍යයෝ ද අනික් බොහෝදෙන ද මා පිරිවැරූහ. මම ඔවුනට අනුශාසනා කිරීමට සමර්‍ත්‍ථ වෙමි. ඉක්බිති විපස්සී බුදුරජුන් පටන් ගිණුකල සත්වැනි වූ බැවින් ඍෂිසප්තම වූ ගෞතම බුදුරජ තෙමේ-

5952. මහාපරිසභාවස‍්මිං එතදග‍්ගෙ ඨපෙසි මං, අහො බුද‍්ධෙ කතං කාරං සඵලං මෙ අජායථ.

5952. මහපිරිස් ඇති බැව්හි මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. ආශ්චර්‍ය්‍යයෙකි. බුදුරජුන් කෙරෙහි කරණලද සත්කාරය සඵල විය.

5953. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5953. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

5954. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්සං සාසනං.

5954. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5955. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5955. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උරුවෙලකස‍්සපො ථෙරො ඉමං ගාථායො අභාසිත්‍ථාති

මෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උරුවෙලකස‍්සපත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

උරුවේලකාශ්‍යප ස්ථවිරාවදානය අට වැනි යි.