539. රාධත්ථෙරාපදානං
539. රාධත්ථෙරාපදානං
539. රාධ ස්ථවිරාවදානය
5956. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
5956. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
5957. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
5957. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ සත්ත්වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්ෂ වූ බුදුරජ තෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
5958. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.
5958. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජතෙම පැමිණි සියලු තීර්ත්ථකයන් පන්සිල්හි පිහිටු විය.
5959. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
5959. මෙසේ ඒ කාලය තීර්ත්ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්චවශිතාවන්ගේ වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
5960. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
5960. ඒ බුදුරජතෙම අටපණස් රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
5961. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
5961. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එපමණ කල් වැඩ සිටිමින් ඒ සර්වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
5962. තදාහං හංසවතියං බ්රාහ්මණො මන්තපාරගූ, උපෙච්ච තං නරවරං අස්සොසිං ධම්මදෙසනං.
5962. එකල්හි මම හංසවතී නගරයෙහි වේද මන්ත්‍රයන්හි තෙරපත් බමුණෙක් වූයෙම් ඒ බුදුරජුන් වෙත එළඹ දම් දෙසුම ඇසීමි.
5963. පඤ්ඤාපෙන්තං මහාවීරං පරිසාසු විසාරදං, පටිභාණෙය්යකං භික්ඛුං එතදග්ගෙ විනායකං.
5963. පටිභාණෙය්‍යක (-වැටහීම් ඇති) භික්ෂුනමක් ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ පිරිස්හි විශාරද වූ, විශිෂ්ට නායකත්වය ඇති, මහාවීරයන් වහන්සේ දැක,
5964. තදාහං කාරං කත්වාන සසඞ්ඝෙ ලොකනායකෙ, නිපච්ච සිරසා පාදෙ තං ඨානමභිපත්ථයිං.
5964. එකල්හි මම සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ කෙරෙහි අධිකාර කොට සිරසින් හෙව වැඳ ඒ තනතුර පැතීමි.
5965. තතො මං භගවා ආහ සිඞ්ගීනික්ඛසමප්පභො, සරෙන රජනීයෙන කිලෙසමලහාරිනා.
5965. ඉක්බිති සිඞ්ගී ස්වර්ණනිෂ්කයකට බඳු පැහැ ඇති භාග්‍යවත් තෙමේ කෙලෙස් මල හරනා වූ සිත් රැඳවිය යුතු මිහිරි ස්වරයෙන් මට (මෙසේ) වදාළේය:
5966. “සුඛී භවස්සු දීඝායු සිජ්ඣතං පණිධී තව, සසඞ්ඝෙ මෙ කතං කාරං අතීව විපුලං තයා.
5966. “සුවපත් වේවා. දීඝායුෂ්ක වේවා. තාගේ පැතුම සිදුවේවා. සඞ්ඝයා සහිත වූ මා කෙරෙහි තා විසින් කරණ ලද සත්කාරය අනුසස් වසයෙන් අති මහත් ය.
5967. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
5967. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
5968. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, රාධොති නාමධෙය්යෙන හෙස්සති සත්ථුසාවකො.
5968. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ රාධ යන නමින් යුත් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
5969. ස තෙ හෙතුගුණෙ තුට්ඨො සක්යපුත්තො නරාසභො, පටිභාණෙය්යකානග්ගං පඤ්ඤාපෙස්සති නායකො.”
5969. තොපගේ හේතුසම්පත්තියෙහි හා ගුණයෙහි තුටු වූ ශාක්‍ය පුත්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජතෙම පටිභාණෙය්‍යක භික්ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නේ ය”යි.
5970. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං සතො පඤ්ඤාසමාහිතො.
5970. එකල්හි එය අසා සතුටු වූයෙම් මෙත්සිත් ඇත්තෙම් සිහියෙන් යුක්ත වූයෙම් ප්‍රඥාවත් වූයෙම් දිවි ඇති තාක් බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
5971. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5971. මැනැවින් කරණලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5972. සතානං තීණික්ඛත්තුං ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුං ච චක්කවත්තී අහොසහං.
5972. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
5973. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
5973. කරණලද මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නො හැකි ය. ඒ කර්මයාගේ බලයෙන් සියලු තන්හි සුව ඇත්තෙම් වීමි.
5974. පච්ඡිමභවෙ සම්පත්තෙ ගිරිබ්බජ්ජපුරුත්තමෙ, ජාතො විප්පකුලෙ’නිද්ධෙ විකලච්ඡාදනාසනෙ,
5974. පශ්චිමභවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ නගරයෙහි දුර්ලභ වූ වස්ත්‍ර ද ආහාර ද ඇති සමෘද්ධ නො වූ බමුණු කුලයක උපන්නෙමි.
5975. කටච්ඡුභික්ඛා පාදාසිං සාරිපුත්තස්ස තාදිනො, යදා ජිණ්ණො ච වුද්ධො ච තදා’රාමමුපාගමිං.
5975. තාදීගුණ ඇති සැරියුත් තෙරුන්හට හැන්දක් පමණ වූ පිණ්ඩ දානය දුනිමි. යම් කලෙක්හි මම ජීර්ණ වූයෙම් ද, වෘද්ධ වූයෙම් ද, එකල්හි ආරාමයට එළඹියෙමි.
5976. පබ්බාජෙන්ති න මං කෙචි ජිණ්ණං දුබ්බලථාමකං, තෙන දීනො විවණ්ණඞ්ගො සොකී චාසිං තදා අහං.
5976. එකල්හි ජීර්ණ වූ දුර්වල ව ගිය බල ඇති මා කිසිවෙක් පැවිදි නො කරත්. එහෙයින් මම බැගෑපත් වූයෙම් දුර්වණ සිරුරු ඇත්තෙම් ශෝකී වූයෙම් ද වීමි.
5977. දිස්වා මහාකාරුණිකො මමාහ සො මහාමුනි, කිමත්ථං පුත්ත සොකට්ටො බ්රූහි තෙ චිත්තජං රුජං.
5977. මහාකාරුණික වූ බුදුරජතෙම මා දැක මෙසේ වදාළේ ය: “පුත, කුමක් පිණිස සොවින් ආතුර වූයෙහි ද, ඔබගේ සිතෙහි හටගත් රිදුම (චිත්තපීඩාව) කුමක්දැයි කියනු මැනැවැ” යි.
5978. පබ්බජ්ජං න ලභෙ විර ස්වාක්ඛාතෙ තව සාසනෙ, තෙන සොකෙන දීනොස්මි සරණං හොහි නායක.
5978. “වීරයන් වහන්ස, ස්වාක්ඛාත වූ ඔබවහන්සේගේ සසුනෙහි පැවිද්ද නො ලබන්නෙම් ඒ ශෝකය හේතු කොට ගෙණ බැගෑපත් වූයෙම් වෙමි. ලෝකනායකයන් වහන්ස, මට පිහිට වනු මැනැවැ”යි රාධ කීය.
5979. තදා භික්ඛු සමානෙත්වා ආපුච්ඡි මුනි සත්තමො, ඉමස්ස අධිකාරං යෙ සරන්ති ව්යාහරන්තු තෙ.
5979. එකල්හි විපස්සී බුදුරජුන් පටන් සත්වැනි වූ ගෞතම බුදුරජ තෙමේ භික්ෂූන් කැඳවා යම් කෙනෙක් මොහුගේ කිසියක් උපකාරයක් සිහිකෙරෙත් නම් ඔහු ඒ උපකාරය පවසත්ව යි වදාළේ ය.
5980. සාරිපුත්තො තදාවොච කාරමස්ස සරාමහං, කටච්ඡුභික්ඛං දාපෙසි පිණ්ඩාය චාරතො මම.
5980. එකල්හි සැරියුත් තෙමේ මෙසේ කීය: “ඔහුගේ උපකාරයක් මම සිහි කරමි. (දිනක්) පිඬු පිණිස හැසිරෙන්නා වූ මට හේ හැන්දක් පමණ පිඬු දෙවී ය” කියා යි.
5981. සාධු සාධු කතඤ්ඤූසි සාරිපුත්ත ඉමං තුවං, පබ්බාජෙහි දිජං වුද්ධං හෙස්සතාජානියො අහං.
5981. සාධු, සාධු, ශාරීපුත්‍රයෙනි, ඔබ කළගුණ දන්නාව. මේ වෘද්ධ බ්‍රාහ්මණයා පැවිදි කරන්න. මෙතෙම ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය යි වදාළේ ය.
5982. තතො අලත්ථං පබ්බජ්ජං කම්මවාචෙපසම්පදං, න චිරෙනෙව කාලෙන පාපුණිං ආසවක්ඛයං.
5982. ඉක්බිති පැවිද්ද ද, කර්මවාචා උපසම්පත්තිය ද ලැබීමි. නොබෝ කලකින් ම ආස්රවක්ෂයට (=නිවනට) පැමිණියෙමි.
5983. සක්කච්චං මුනිනො වාක්යං සුණොමි මුදිතො යතො, පටිභානෙය්යකානග්ගං තතො මං ඨපයී ජිනො.
5983. යම් විටෙක බුදුරජුන්ගේ වචනය මුදිත වූයෙම් සකසා අසම් ද එවිට බුදුරජතෙම මා පටිභානෙය්‍යක භික්ෂූන් අතුරෙන් අග්‍රය යි (අගතන්හි) තැබී ය.
5984. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5984. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5985. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5985. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5986. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5986. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා රාධො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
මෙසෙයින් ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
රාධත්ථෙරස්ස අපදානං නවමං.
රාධස්ථවිරාවදානය නවවැනියි.