537. මහාකොට්ඨිකත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
537. මහාකොට්ඨිකත්ථෙරඅපදානවණ්ණනා
537. කොට්ඨිත ථේර අපදාන වර්ණනාව
සත්තමාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො මහාකොට්ඨිකත්ථෙරස්ස අපදානං. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො මාතාපිතූනං අච්චයෙන කුටුම්බං සණ්ඨපෙත්වා ඝරාවාසං වසන්තො එකදිවසං පදුමුත්තරස්ස භගවතො ධම්මදෙසනාකාලෙ හංසවතීනගරවාසිනො ගන්ධමාලාදිහත්ථෙ යෙන බුද්ධො යෙන ධම්මො යෙන සඞ්ඝො, තන්නින්නෙ තප්පොණෙ තප්පබ්භාරෙ ගච්ඡන්තෙ දිස්වා තෙහි සද්ධිං භගවන්තං උපසඞ්කමිත්වා, සත්ථාරං එකං භික්ඛුං පටිසම්භිදාප්පත්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “අයං ඉමස්මිං සාසනෙ පටිසම්භිදාප්පත්තානං අග්ගො, යංනූනාහම්පි එකස්ස බුද්ධස්ස සාසනෙ අයං විය පටිසම්භිදාප්පත්තානං අග්ගො භවෙය්ය”න්ති චින්තෙත්වා සත්ථු දෙසනාපරියොසානෙ වුට්ඨිතාය පරිසාය භගවන්තං උපසඞ්කමිත්වා, “භන්තෙ, ස්වෙ මය්හං ගෙහෙ භික්ඛං ගණ්හථා”ති නිමන්තෙසි. සත්ථා අධිවාසෙසි. සො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සකනිවෙසනං ගන්ත්වා සබ්බරත්තිං බුද්ධස්ස ච භික්ඛුසඞ්ඝස්ස ච නිසජ්ජට්ඨානං ගන්ධමාලාදීහි අලඞ්කරිත්වා ඛාදනීයභොජනීයං පටියාදාපෙත්වා තස්සා රත්තියා අච්චයෙන සකනිවෙසනෙ භික්ඛුසතසහස්සපරිවාරං සත්ථාරං විවිධයාගුඛජ්ජකපරිවාරං සසූපබ්යඤ්ජනං ගන්ධසාලිභොජනං භොජාපෙත්වා භත්තකිච්චපරියොසානෙ චින්තෙසි – “මහන්තං ඛො අහං ඨානන්තරං පත්ථෙමි, න පන යුත්තං මයා එකදිවසමෙව දානං දත්වා තං ඨානන්තරං පත්ථෙතුං, අනුපටිපාටියා සත්තාහං දානං දත්වා පත්ථෙස්සාමී”ති. සො තෙනෙව නියාමෙන සත්තාහං මහාදානං දත්වා භත්තකිච්චපරියොසානෙ දුස්සකොට්ඨාගාරං විවරාපෙත්වා උත්තමං තිචීවරප්පහොනකං සුඛුමවත්ථං බුද්ධස්ස පාදමූලෙ ඨපෙත්වා භික්ඛුසතසහස්සස්ස ච තිචීවරං දත්වා තථාගතං උපසඞ්කමිත්වා, “භන්තෙ, යො සො භික්ඛු තුම්හෙහි ඉතො සත්තමෙ දිවසමත්ථකෙ පටිසම්භිදාප්පත්තානං අග්ගට්ඨානෙ ඨපිතො, අහම්පි සො භික්ඛු විය අනාගතෙ උප්පජ්ජනකස්ස බුද්ධස්ස සාසනෙ පබ්බජිත්වා පටිසම්භිදාප්පත්තානං අග්ගො භවෙය්ය”න්ති සත්ථු පාදමූලෙ නිපජ්ජිත්වා පත්ථනං අකාසි. සත්ථා තස්ස සමිජ්ඣනභාවං ඤත්වා “අනාගතෙ ඉතො කප්පසතසහස්සමත්ථකෙ ගොතමො නාම බුද්ධො ලොකෙ උප්පජ්ජිස්සති, තස්ස සාසනෙ තව පත්ථනා සමිජ්ඣිස්සතී”ති බ්යාකාසි. සො තත්ථ යාවතායුකං පුඤ්ඤානි කත්වා තතො චුතො දෙවසම්පත්තිං අනුභවිත්වා අපරාපරං දෙවමනුස්සෙසු පරිබ්භමි.
සත්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේගේ අපදානයයි. උත්පත්තිය කුමක්ද? මෙතෙමේද පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහාභෝග ඇති කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ මව්පියන් ඇවෑමෙන් පවුල තබා ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන කල්හි හංසවතී නගරවාසීන් සුවඳමල් ආදිය ගත් අත් ඇතිව යම්තැනෙක බුදුරජාණන් වහන්සේ සිටින සේක්ද, ධර්මය යම්තැනෙක වේද, සංඝයා යම්තැනෙක වේද ඒ නිම්නයන්ට ඒ පොකුණුවලට ඒ බෑවුම්වලට යනු දැක ඔවුන් සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතන්හි තබනු දැක ‘මුන්වහන්සේ මේ සසුනෙහි පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අග්‍රය. එක් බුදුවරයකුගේ සසුනෙහි මුන්වහන්සේ මෙන් පිළිසිඹියාවන්ට පත්වූවන්ගෙන් අග්‍ර වන්නෙමි නම් මැනවැයි සිතා ශාස්තෲන් වහන්සේගේ දේශනාවසානයෙහි පිරිස නැගී සිටිකල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ ‘ස්වාමීනි, හෙට මාගේ ගෙයි භික්ෂාව ගනු මැනවැ’යි ආරාධනා කළේය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. හේ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට තමාගේ ගෙට ගොස් මුළු රෑම බුදුරජාණන් වහන්සේටද භික්ෂු සංඝයාටද වැඩහිඳිනා තැන් සුවඳමල් ආදියෙන් අලංකාරකොට කෑයුතු දෑ බිය යුතු දෑ පිළියෙල කරවා ඒ රෑ ඇවෑමෙන් තම නිවසෙහි භික්ෂූන් සියදහසක් පිරිවරකොට ඇති ශාස්තෲන් වහන්සේ විවිධ කැඳකැවිලි පිරිවරකොට ඇති සූපව්‍යඤ්ජන සහිත සුවඳහැල් බොජුන් වළඳවා බත් කිස අවසන්හි මෙසේ සිතීය. ‘මම මහත් වූ තනතුරක් පතමි. මා විසින් එක් දවසක් පමණක් දනක් දී ඒ තනතුර පතන්ට නුසුදුසුය. අනුපිළිවෙලින් සත්දිනක් දන් දී ප්‍රාර්ථනා කරන්නෙමි’යි ඔහු එපරිද්දෙන්ම සත්දිනක් මහදන් දී බත්කිස අවසන්හි ඔහුගේ කොටුගෙවල් විවර කරවා උතුම් වූ තුන් සිවුරුවලට පොහොනා සූක්ෂම රෙදි බුදුන් පාමුල තබා භික්ෂූන්ට සියදහසක් සිවුරු දී තථාගතයන් වහන්සේ කරා එළඹ ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් සත්වැනි දවසෙහි යම් භික්ෂූවක් පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අගතන්හි තබන ලද්දේද, මම ද ඒ භික්ෂුව මෙන් අනාගතයෙහි උපදින්නා වූ බුදුකෙනකුගේ සසුනෙහි පැවිදි ව පිළිසිඹියාවන්ට පැමිණියවුන් අතර අග්‍ර වන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ පාමුල වැදහෙව ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් ඔහුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන බව ‘අනාගතයෙහි මෙයින් වර්ෂ සියදහසක් මතුයෙහි ගෞතම නම් බුදුකෙනෙක් ලොව පහළවන සේක. උන්වහන්සේගේ සසුනෙහි ඔබගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේයයි ප්‍රකාශ කළ සේක. හේ එහි දිවි ඇතිතාක් පින්කොට එයින් චුතවූයේ උභය සම්පත් අනුභවකොට කලින් කල දෙවිමිනිසුන් අතර පරිභ්‍රමණය විය.
එවං සො දෙවමනුස්සෙසු සංසරන්තො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤඤාණසම්භාරෙ සම්භරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලකුලෙ නිබ්බත්ති, කොට්ඨිකොතිස්ස නාමං අකංසු. කස්මා මාතුයා වා අය්යකපය්යකාදීනං වා නාමං අග්ගහෙත්වා එවං නාමං කරිංසූති චෙ? අත්තනො පඤ්ඤවන්තතාය වෙදඞ්ගෙසු සතක්කපරතක්කෙසු සනිඝණ්ඩුකෙටුභෙසු සාක්ඛරප්පභෙදෙසු සකලබ්යාකරණෙසු ච ඡෙකභාවෙන ච දිට්ඨදිට්ඨෙ ජනෙ මුඛසත්තීහි කොට්ඨෙන්තො පක්කොට්ඨෙන්තො විතුදන්තො විචරතීති අන්වත්ථනාමං කරිංසූති වෙදිතබ්බං. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගහෙත්වා බ්රාහ්මණසිප්පෙ නිප්ඵත්තිං පත්තො එකදිවසං සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා උපසම්පන්නකාලතො පට්ඨාය විපස්සනාය කම්මං කරොන්තො සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා පටිසම්භිදාසු චිණ්ණවසී හුත්වා අභීතො මහාථෙරෙ උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්තොපි දසබලං උපසඞ්කමිත්වා පටිසම්භිදාසුයෙව පඤ්හං පුච්ඡි. එවමයං ථෙරො තත්ථ කතාධිකාරතාය තත්ථ චිණ්ණවසීභාවෙන ච පටිසම්භිදාප්පත්තානං අග්ගො ජාතො. අථ නං සත්ථා මහාවෙදල්ලසුත්තං අට්ඨුප්පත්තිං කත්වා පටිසම්භිදාප්පත්තානං අග්ගට්ඨානෙ ඨපෙසි, “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පටිසම්භිදාප්පත්තානං යදිදං මහාකොට්ඨිකො”ති (අ· නි· 1.209, 218).
මෙසේ ඔහු සැරිසරන්නේ පින් රැස් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. කොට්ඨිතයයි ඔහුට නමක් තැබූහ. කුමක් නිසා මවගේ හෝ මුතුන් මිත්තන්ගේ නමක් හෝ නොගෙන මෙසේ නමක් තැබුවාහුද. තමාගේ නුවණැති බව නිසාත් වේදාංගයන්හි හා ස්වතර්ක පරතර්ක ආදියෙහිද, නිඝණ්ඩු සහිත කේටුහ ශාස්ත්රයන්හිද අක්ෂර සහිත ප්‍රභේද සසහිත සියලු ව්යාකරණයන්හිද දක්ෂ වූ බැවින්ද ජ්‍යෙෂ්ඨ වූ ශ්‍රේෂ්ඨ වූ ජනයන් සැරපරුෂ වදන් නමැති ආයුධවලින් පහර දෙන්නේ නැවත නැවත පහර දෙන්නේ විදින්නේ හැසිරෙතියි අන්වර්ථ නමක් කළාහුයයි දතයුතුය. හේ වැඩිවිය පත්වූයේ වේදත්‍රය ඉගෙන බ්‍රාහ්මණ ශිල්පයෙහි නිෂ්පත්තියට ගියේ, එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව උපසපන් කාලයෙහි පටන් විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ පිළිසිඹියා සහිත රහත් බවට පත්ව පිළිසිඹියාවන්හි ප්‍රගුණ වී නිර්භය වූයේ මහ තෙරුන් වහන්සේලා වෙත එළඹ ප්‍රශ්න විචාරන්නේ පටිසම්භිදාවන් ගැනම ප්‍රශ්න ඇසීය. මෙසේ මේ තෙරුන් වහන්සේ එහි කරන ලද උත්සාහ ඇති බැවින්ද එහි ප්‍රවීණත්වය නිසාද පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අග්‍ර වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාවේදල්ල සූත්‍රය අර්ථ උත්පත්තිය කොට පිළිසිඹියාවන්ට පත්වූවන්ගේ අගතන්හි තැබූ සේක. ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතර යම් කෙනෙක් අග්‍ර වේද ඒ මහාකොට්ඨිතය යනුවෙන්.
සො අපරෙන සමයෙන විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො සොමනස්සජාතො අත්තනො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව.
උන්වහන්සේ පසුකලෙක විමුක්ති සැප කෙරෙහි සංවේදී වන්නාහු හටගත් සොම්නස් ඇතිව තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරොනාම ජිනො යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
ඉත්ථං සුදමායස්මා මහාකොට්ඨිකොති එත්ථ සුදන්ති නිදස්සනෙ නිපාතො. ආයස්මාති ගාරවාධිවචනං, යථා තං ආයස්මා මහාමොග්ගල්ලානොති.
ඉත්ථංසුදං ආයස්මා මහා කොට්ඨිතො යනු මෙහි සුදං යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයි. ආයස්මා ගෞරව සම වචනයකි. ආයස්මා මහා මොග්ගල්ලානො මෙනි.
මහාකොට්ඨිකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මහාකොට්ඨිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
538. උරුවෙලකස්සපත්ථෙරඅපදානවණ්ණනා
538. උරුවේලකස්සප ථේර අපදාන වර්ණනාව
අට්ඨමාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො උරුවෙලකස්සපත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා සත්ථාරං එකං භික්ඛුං මහාපරිවාරානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තො මහාදානං දත්වා පණිධානං අකාසි. භගවා චස්ස අනන්තරායතං දිස්වා “අනාගතෙ ගොතමබුද්ධස්ස සාසනෙ මහාපරිවාරානං අග්ගො භවිස්සතී”ති බ්යාකාසි. සො තත්ථ යාවතායුකං පුඤ්ඤානි කත්වා තතො චවිත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉතො ද්වෙනවුතිකප්පමත්ථකෙ ඵුස්සස්ස භගවතො වෙමාතිකකනිට්ඨභාතා හුත්වා නිබ්බත්තො, අඤ්ඤෙපිස්ස ද්වෙ කනිට්ඨභාතරො අහෙසුං. තෙ තයො බුද්ධප්පමුඛභික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා පරමාය පූජාය පූජෙත්වා යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං භගවතො උප්පත්තිතො පුරෙතරමෙව බාරාණසියං බ්රාහ්මණකුලෙ තයො භාතරො හුත්වා නිබ්බත්තා ගොත්තවසෙන තයොපි කස්සපාති එවං නාමකා අහෙසුං. තෙ තයො වයප්පත්තා තයො වෙදෙ උග්ගණ්හිංසු. තෙසං ජෙට්ඨභාතිකස්ස පඤ්චමාණවකසතානි පරිවාරා, මජ්ඣිමස්ස තීණි, කනිට්ඨස්ස ද්වෙ, තෙ අත්තනො ගන්ථෙසු සාරං ඔලොකෙන්තා දිට්ඨධම්මිකමෙව අත්ථං දිස්වා පබ්බජ්ජං රොචෙසුං. තෙසු ජෙට්ඨභාතා අත්තනො පරිවාරෙන සද්ධිං උරුවෙලං ගන්ත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා උරුවෙලකස්සපො නාම ජාතො, මජ්ඣිමො ගඞ්ගානදීවඞ්කෙ පබ්බජිතො නදීකස්සපො නාම ජාතො, කනිට්ඨො ගයාසීසෙ පබ්බජිතො ගයාකස්සපො නාම ජාතො. එවං තෙසු ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා තත්ථ තත්ථ වසන්තෙසු බහූනං දිවසානං අච්චයෙන අම්හාකං බොධිසත්තො මහාභිනික්ඛමනං නික්ඛමිත්වා පටිවිද්ධසබ්බඤ්ඤුතඤ්ඤාණො අනුක්කමෙන ධම්මචක්කං පවත්තෙත්වා පඤ්චවග්ගියත්ථෙරෙ අරහත්තෙ පතිට්ඨාපෙත්වා යසකුලපුත්තප්පමුඛෙ පඤ්චපඤ්ඤාසජනෙ සහායකෙ විනෙත්වා සට්ඨි අරහන්තෙ “චරථ, භික්ඛවෙ, චාරික”න්ති (මහාව· 32) විස්සජ්ජෙත්වා තිංසභද්දවග්ගියෙ විනෙත්වා උරුවෙලකස්සපස්ස වසනට්ඨානං ගන්ත්වා වසනත්ථාය අග්යාගාරං පවිසිත්වා තත්ථ ගතනාගදමනාදීහි අඩ්ඪුඩ්ඪසහස්සෙහි පාටිහාරියෙහි උරුවෙලකස්සපං සපරිවාරං විනෙත්වා පබ්බාජෙසි. තස්ස පබ්බජ්ජාවිධානඤ්ච ඉද්ධිපාටිහාරියකරණඤ්ච සබ්බං නදීකස්සපස්ස අපදානට්ඨකථායං ආවි භවිස්සති. තස්ස පබ්බජිතභාවං සුත්වා ඉතරෙපි ද්වෙ භාතරො සපරිසා ආගන්ත්වා සත්ථු සන්තිකෙ පබ්බජිංසු. සබ්බෙව තෙ ඉද්ධිමයපත්තචීවරධරා එහිභික්ඛුකා අහෙසුං. සත්ථා තං සමණසහස්සං ආදාය ගයාසීසං ගන්ත්වා පිට්ඨිපාසාණෙ නිසින්නො ආදිත්තපරියායදෙසනාය (මහාව· 54) තෙ සබ්බෙ අරහත්තෙ පතිට්ඨාපෙසි.
අටවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් උරුවෙලකස්සප තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක මහා පිරිවර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ මහදන් දී ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අන්තරායක් නැති බව දැක ‘අනාගතයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මහ පිරිවර ඇත්තවුන් අතර අග්‍ර වන්නේ යයි ප්‍රකාශ කළ සේක. හේ එහි දිවි ඇතිතාක් පින්කොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මින් කල්ප අනූදෙකක් මතුයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ වෛමාතෘක කණිටුබෑයා වී උපන්නේය. ඔහුට තවත් කණිටුබෑයන් දෙදෙනෙක් වූහ. ඔවුහු ඉන්පසු බුදුපාමොක් භික්ෂු සංඝයාට ආරාධනා කොට පරම පූජාවෙන් පූජාකොට දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බරණැස බමුණු කුලයෙහි සහෝදරයන් තිදෙනෙක්ව උපන්නාහු ගෝත්‍ර වශයෙන් තිදෙනම කාශ්‍යපයෝ යැයි නම් ඇත්තෝ වූහ. ඔවුහු වැඩිවිය පත් වූවාහු වේදත්‍රය උගත්තෝය. ඔවුන්ගෙන් දෙටු සොහොයුරාට පන්සියයක් මානවකයෝ පිරිවර වූහ. මද්දුමයාට තුන්සියයක්ද බාලයාට දෙසියයක්ද වූහ. ඔවුහු තමන්ගේ ග්‍රන්ථවල හරය බලන්නාහු දිට්ඨධම්මික බව දැක පැවිද්ද රුචි කළහ. ඔවුන් අතුරින් දෙටු සොහොයුරා තමාගේ පිරිවර සමග උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදි ව උරුවෙල කස්සප නම් විය. මද්දුමයා ගංගානදිය සමීපයෙහි පැවිදි වූයේ නදී කස්සප නම් විය. බාලයා ගයා ශීර්ෂයෙහි පැවිදි වූයේ ගයා කස්සප නම් විය. ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදි ව තැනින්තැන වසන කල්හි බොහෝ දවස් ඇවෑමෙන් අපගේ බෝසතුන් වහන්සේ මහබිනික්මන් කොට අවබෝධ කරගත් සර්වඥතාඥාන ඇති සේක් අනුක්රමයෙන් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත් බවෙහි පිහිටුවා යසකුල පුත්‍රයා ප්රමුඛ යහළුවන් පනස්පස්දෙන හික්මවා රහතන් සැටදෙන ‘මහණෙනි, චාරිකා කරවු’ යයි යවා භද්රවාර්ගිකයන් තිස්දෙන හික්මවා උරුවෙල කාශ්‍යපයන් වසන ස්ථානයට වැඩමවා වසනු පිණිස ගිනිහල්ගෙයට පිවිස එහි කරන ලද නාගදමන ආදී වූ දහසින් අඩින් අඩක් ප්රාතිහාර්යයන්ගෙන් උරුවෙල කස්සප සහපිරිවරින් හික්මවා පැවිදි කරවූ සේක. ඔහුගේ පැවිදි විධානය ද සෘද්ධි ප්රාතිහාර්ය කිරීම ද සියල්ල නදී කස්සප අපදාන අටුවාවෙහි පහළ වන්නේය. ඔහු පැවිදි වූ බව අසා අනිත් සහෝදරයෝ දෙදෙනද පිරිවර සහිතව පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඒ සියලුදෙන සෘද්ධිමය පාසිවුරු දරන්නාහු ඒහිභික්ෂු වූහ. ශාස්තෲන් වහන්සේ ඒ මහණුන් දහස රැගෙන ගයා ශීර්ෂයට වැඩමවා ගලක් මත වැඩහුන් සේක් ආදිත්ත පරියාය දේශනාවෙන් ඒ සියලුදෙන රහත්බවෙහි පිහිටවූ සේක.
සො එවං අරහත්තං පත්වා සොමනස්සජාතො අත්තනො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. අනුත්තානපදමෙව වණ්ණයිස්සාම.
හේ මෙසේ රහත් බවට පත්ව සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීය. මෙහිදී ගැඹුරුපද පමණක් වර්ණනා කරන්නෙමු.
සො ච සබ්බං තමං හන්ත්වාති සො ඵුස්සො භගවා රාගදොසමොහාදිකිලෙසන්ධකාරං විද්ධංසෙත්වා. විජටෙත්වා මහාජටන්ති තණ්හාමානාදීහි දියඩ්ඪසහස්සෙහි කිලෙසගණෙහි මහාබ්යාකුලං ජටං විජටෙත්වා පදාලෙත්වා ඵාලෙත්වාති අත්ථො. සදෙවකං දෙවලොකසහිතං සකලං ලොකසන්නිවාසංතප්පයන්තො සන්තප්පයන්තො පීණෙන්තො අමතං වුට්ඨිං මහානිබ්බානවුට්ඨිධාරං වස්සතෙ පග්ඝරාපෙතීති යොජනා.
සොව සබ්බතමං හනත්වා යනු ඒ භාග්‍යවතුන් වහන්සේ රාග දෝස මෝහ ආදී ක්ලේශාන්ධකාරය විද්ධං සෙත්වා දුරුකොට. මහාජටං යනු තෘෂ්ණා මාන ආදී වූ එක්දහස් පන්සියයක් ක්ලේශාංගයන්ගෙන් මහා ව්‍යාකූල වූ අවුලලිහා පදාලෙත්වා පළා යන අර්ථයි. සදෙවකං දිව්‍යලෝක සහිත වූ සකලලෝක සන්නිවාසය සමාන යම් තං තප්පයන්තො සන්තර්පණය කරන්නේ පිනවන්නේ අමතං වුට්ඨිං මහා නිර්වාණ වැසිදහරාව. වස්සතෙ වගුරුවතියි යෙදුමයි.
තදා හි බාරාණසියන්ති “බාරස මනුස්සා”තිආදීසු විය බාරස ද්වාදසරාසී හුත්වා පුරා, හිමවන්තතො ඉසයො ච පච්චෙකමුනිසඞ්ඛාතා ඉසයො ච ගන්ධමාදනතො ආකාසෙනාගන්ත්වා එත්ථ ගච්ඡන්ති ඔතරන්ති පවිසන්තීති බාරාණසී, අථ වා සම්මාසම්බුද්ධසඞ්ඛාතානං අනෙකසතසහස්සානං ධම්මචක්කපවත්තනත්ථාය ඔතරට්ඨානං නගරං ලිඞ්ගවිපල්ලාසං කත්වා ඉත්ථිලිඞ්ගවසෙන බාරාණසීති වුච්චති, තිස්සං බාරාණසියං.
එකල්හි බාරාණසියං බාරසමනුස්සා දොළොසක් මනුෂ්‍යයෝ ආදියෙහි මෙන් බාරස ද්වාරස වශයෙන් රාසී වී පෙර හිමවතෙහි සිට ඉසයොච ප්රත්යෙක බුද්ධමුනි සංඛ්‍යාත වූ සෘෂිවරු ගන්ධමාදන පර්වතයෙන්ද අහසින්ද අවුත් මෙහි ආගච්ඡන්ති බසිත් පිවිසෙත්නුයි බාරාණසී. නැතහොත් සම්‍යක් සම්බුද්ධ සංඛ්‍යාත වූ නොයෙක් සියදහස් ගණන් ධර්මචක්රය පැවැත්වීම පිණිස බසින ස්ථානය නගරය ලිංග විපර්යාස කොට ස්ත්‍රීලිංග වශයෙන් බාරාණසී යයි කියනු ලැබේ. ඒ බාරාණසියෙහි.
නික්ඛිත්තසත්ථං පච්චන්තන්ති ඡඩ්ඩිතසත්ථං පාතිතආවුධං පච්චන්තජනපදං නිබ්බිසෙවනං කත්වා පුනරුපච්චතන්ති පුනරපි තං නගරං උපෙච්ච උපගම්ම සම්පත්තාති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
නික්ඛිත්ත සත්ථ පච්චන්තං යනු අත්හැර දමන ලද ආයුධ ඇති තැබූ ආයුධ ඇති ප්‍රත්‍යන්ත ජනපදය වෙනසක් නොකොට පුනරුපෙච්චතං යනු නැවතත් ඒ නගරයට උපෙච්ච පැමිණ සම්ප්‍රාප්තව යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
උරුවෙලකස්සපත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උරුවෙල කස්සප තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
539. රාධත්ථෙරඅපදානවණ්ණනා
539. රාධ ථේර අපදාන වර්ණනාව
නවමාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො රාධත්ථෙරස්ස අපදානං. තං සබ්බං පාඨානුසාරෙන නයානුචින්තනෙන විඤ්ඤූහි සුවිඤ්ඤෙය්යමෙව. කෙවලං පුඤ්ඤනානත්තමෙවාති.
නවවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේගේ අපදානයයි. ඒ සියල්ල පෙළ අනුසරින් ක්‍රමය අනුව සිතීමෙන් නුවණැත්තන් විසින් පහසුවෙන් දත හැක්කේමය. හුදෙක් පින්වල වෙනස පමණි.
රාධත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
රාධ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දසමං මොඝරාජත්ථෙරඅපදානං සුවිඤ්ඤෙය්යමෙවාති.
දසවැනි මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදානය පහසුවෙන් දතහැක්කේමය.
චතුපඤ්ඤාසමවග්ගවණ්ණනා සමත්තා.
පනස් සතරවැනි වර්ග වර්ණනාව සමාප්තයි.