යෙදුමෙන් කියවන්න

541. ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

541. ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරඅපදානවණ‍්ණනා

541. ලකුණ්ටකභද්දිය ථේර අපදාන වර්ණනාව

පඤ‍්චපඤ‍්ඤාසමවග‍්ගෙ පඨමාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු ධම‍්මං සුණන‍්තො නිසින‍්නො සත්‍ථාරං එකං භික‍්ඛුං මඤ‍්ජුස‍්සරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස සප‍්පිසක‍්ඛරාදිමධුරරසසම‍්මිස‍්සං මහාදානං දත්‍වා “අහම‍්පි, භන‍්තෙ, අනාගතෙ අයං භික‍්ඛු විය එකස‍්ස බුද‍්ධස‍්ස සාසනෙ මඤ‍්ජුස‍්සරානං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පණිධානං අකාසි. භගවා තස‍්ස අනන‍්තරායං දිස‍්වා බ්‍යාකරිත්‍වා පක‍්කාමි.

පනස් පස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහාභෝග ඇති කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසමින් සිටින්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක මධුරස්වර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක මොහුද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ බුදුපාමොක් භික්‍ෂු සංඝයාට ගිතෙල් සකුරු ආදී මිහිරි රසයෙන් සම්මිශ්‍ර වූ මහදන් දී ‘ස්වාමීනි, මම ද අනාගතයෙහි මේ භික්‍ෂුව මෙන් එක් බුදුවරයකුගේ සසුනෙහි මධුරස්වර ඇත්තවුන් අතර අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ එයට අන්තරායක් නැති බව දැක ප්‍රකාශකොට වැඩි සේක.

සො යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඵුස‍්සභගවතො කාලෙ චිත්‍රකොකිලො හුත්‍වා නිබ‍්බත‍්තො රාජුය්‍යානතො මධුරං අම‍්බඵලං තුණ‍්ඩෙනාදාය ගච‍්ඡන‍්තො සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො “දස‍්සාමි බුද‍්ධස‍්සා”ති චිත‍්තං උප‍්පාදෙසි. සත්‍ථා තස‍්ස චිත‍්තාචාරං ඤත්‍වා පත‍්තං ගහෙත්‍වා නිසීදි. කොකිලො දසබලස‍්ස පත‍්තෙ අම‍්බපක‍්කං ඨපෙසි. සත්‍ථා තස‍්ස සොමනස‍්සුප‍්පාදනත්‍ථං තස‍්ස පස‍්සන‍්තස‍්සෙව තං පරිභුඤ‍්ජි. අථ සො කොකිලො පසන‍්නමානසො තෙනෙව පීතිසුඛෙන සත‍්තාහං වීතිනාමෙසි. තෙනෙව පුඤ‍්ඤකම‍්මෙන උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ මඤ‍්ජුස‍්සරො අහොසි. කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ වඩ‍්ඪකිකුලෙ නිබ‍්බත‍්තෙත්‍වා ජෙට‍්ඨකවඩ‍්ඪකී හුත්‍වා පාකටො අහොසි. පරිනිබ‍්බුතෙ භගවති තස‍්ස සරීරධාතුයො නිදහිතුං සත‍්තයොජනප‍්පමාණෙ ථූපෙ ආරද‍්ධෙ සො ආහ – “යොජනාවට‍්ටං යොජනුබ‍්බෙධං කරොමා”ති. තෙ සබ‍්බෙ තස‍්ස වචනෙ අට‍්ඨංසු. ඉති අප‍්පමාණස‍්ස බුද‍්ධස‍්ස ඔරප‍්පමාණං චෙතියං කාරෙසි, තෙන කම‍්මෙන නිබ‍්බත‍්තට‍්ඨානෙ අඤ‍්ඤෙහි හීනප‍්පමාණො අහොසි. සො අම‍්හාකං භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා අතිරස‍්සතාය ච සුවණ‍්ණපටිමා විය සුන්‍දරසරීරතාය ච ලකුණ‍්ඩකභද‍්දියොති පඤ‍්ඤායිත්‍ථ. සො අපරභාගෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා බහුස‍්සුතො ධම‍්මකථිකො හුත්‍වා මධුරෙන සරෙන පරෙසං ධම‍්මං කථෙසි.

හේ දිවි ඇති තාක් පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ චිත්‍ර කෝකිලයෙක් ව ඉපිද රජුගේ උයනින් මිහිරි අඹපල තුඩින් ගෙන යන්නේ ශාස්තෲන් වහන්සේ දැක පහන් සිතැත්තේ බුදුරජාණන් වහන්සේට දෙන්නෙමියි සිතක් ඉපදවීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ චිත්තාවාරය දැන පාත්‍රය ගෙන වැඩහුන් සේක. කෝකිලයා දසබලයන් වහන්සේගේ පාත්‍රයෙහි අඹපලය තැබීය. ශාස්තෲන් වහන්සේ ඔහුට සොම්නස් උපදවනු පිණිස ඔහු බලා සිටියදීම වැළඳූ සේක. ඉක්බිති ඒ කෝකිලයා පහන් සිතැත්තේ ඒ ප්‍රීති සුඛයෙන්ම සත්දිනක් ගතකළේය. ඒ පින්කමින්ම උපනුපන් භවයෙහි මධුර ස්වර ඇත්තේ විය. කස්සප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි වඩු කුලයෙහි ඉපිද දෙටු වඩුවා වී ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ශරීර ධාතූන් නිදන් කරන ලද සත් යොදුනක් පමණ වූ ස්තූපය ඇරඹි කල්හි ඔහු මෙසේ කීය. යොදුනක් පමණ කරමු. ඒ සියල්ලෝ ඔහුගේ වචනයෙහි සිටියාහුය. මෙසේ අප්‍රමාණ වූ බුදුරජාණන් වහන්සේගේ යොදුනක් පමණ චෛත්‍යය කරවීය. ඒ කර්මයෙන් උපනුපන් තැන්වල අන්‍යයන්ට වඩා අඩු උසක් ඇත්තේ විය. හේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ඉතා මිටි බැවින් රන්පිළිමයක් මෙන් සොඳුරු සිරුරක් ඇති බැවින්ද ලකුණ්ටක භද්දිය යයි ප්‍රසිද්ධ විය. පසුකලෙක ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව බහුශ්‍රැත වූයේ ධර්මකථික වූයේ වී මධුර ස්වරයෙන් අනුන්ට ධර්මය කීය.

අථෙකස‍්මිං උස‍්සවදිවසෙ එකෙන බ්‍රාහ‍්මණෙන සද‍්ධිං රථෙන ගච‍්ඡන‍්තී එකා ගණිකා ථෙරං දිස‍්වා දන‍්තවිදංසකං හසි. ථෙරො තස‍්සා දන‍්තට‍්ඨිකෙ නිමිත‍්තං ගහෙත්‍වා ඣානං උප‍්පාදෙත්‍වා තං පාදකං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අනාගාමී අහොසි, සො අභිණ‍්හං කායගතාය සතියා විහරන‍්තො එකදිවසං ආයස‍්මතා ධම‍්මසෙනාපතිනා ඔවදියමානො අනුසාසියමානො අරහත‍්තෙ පතිට‍්ඨහි. එකච‍්චෙ භික‍්ඛූ ච සාමණෙරා ච තස‍්ස අරහත‍්තප‍්පත‍්තභාවං අජානන‍්තො කණ‍්ණෙසු ගහෙත්‍වා කඩ‍්ඪන‍්ති, සීසෙ බාහාය හත්‍ථපාදාදීසු වා ගහෙත්‍වා චාලෙත්‍වා කීළන‍්තා විහෙඨෙසුං. අථ භගවා සුත්‍වා – “මා, භික‍්ඛවෙ, මම පුත‍්තං විහෙඨෙථා”ති ආහ. තතො පට‍්ඨාය තං “අරහා”ති ජානිත්‍වා න විහෙඨෙසුං.

ඉක්බිති එක් උත්සව දවසක එක් බමුණකු සමග රථයෙන් යන්නා වූ එක් ගණිකාවක් තෙරුන් වහන්සේ දැක දත් පෙන්වා සිනාසුණාය. තෙරුන් වහන්සේ ඇයගේ විදුරුමසෙහි නිමිත්ත ගෙන ධ්‍යාන උපදවා එය ආදිකොට විදසුන් වඩා අනාගාමී වූහ. නිරන්තරයෙන් කායගතාසතියෙන් වාසය කරන්නාහු එක් දවසක් ආයුෂ්මත් ධර්ම සේනාපතීන් විසින් අවවාද දෙනු ලබන්නාහු අනුශාසනා කරනු ලබන්නාහු රහත් බවෙහි පිහිටියහ. ඇතැම් භික්‍ෂූහු ද සාමණේරවරු ද උන්වහන්සේ රහත්බවට පත්වූ බව නොදන්නාහු කන්වලින් අල්ලා අදිති. අත්පා ආදිය අල්ලා සොලවා කෙළින්නාහු වෙහෙසට පත් කරවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අසා ‘මහණෙනි, මාගේ පුත්‍රයා වෙහෙස නොකරවු’ යයි කියූ සේක. එතැන් පටන් උන්වහන්සේ රහත්යයි දැන වෙහෙසට පත් නොකළහ.

සො අරහා හුත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො අත‍්තනො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. මඤ‍්ජුනාභිනිකූජහන‍්ති මධුරෙන පෙමනියෙන සරෙන අභිනිකූජිං සද‍්දං නිච‍්ඡාරෙසිං අහන‍්ති අත්‍ථො. සෙසමෙත්‍ථ සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ රහත් ව හටගත් සොම්නස් ඇතිව තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය යනාදිය කීහ. මඤ්ජුනාහිනී කුජනං යනු මධුර වූ ප්‍රේමණීය වූ ස්වරයෙන් අභිනික්කුජිං මම ශබ්ද පිට කෙළෙමි යන අර්ථයි. මෙහි සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

ලකුණ‍්ඩකභද‍්දියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

542. කඞ‍්ඛාරෙවතත්‍ථෙරඅපදානවණ‍්ණනා

542. කඞ්ඛාරේවත ථේර අපදාන වර්ණනාව

දුතියාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො කඞ‍්ඛාරෙවතත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො, තං සබ‍්බං පාඨානුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

දෙවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කඞ්ඛාරෙවත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ ය. ඒ සියල්ල පෙළ අනුව පහසුවෙන් දත හැක්කේමය.

කඞ‍්ඛාරෙවතත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.