යෙදුමෙන් කියවන්න

542. කඞ‍්ඛාරෙවතත්‍ථෙරාපදානං

542. කඞ‍්ඛාරෙවතත්‍ථෙරාපදානං

542. කඞ්ඛාරේවත ස්ථවිරාවදානය

6056. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා, ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

6056. මෙයින් සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයන් විෂයයෙහි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ ලොව පහළ විය.

6057. සීහහනු බ්‍රහ‍්මගිරො හංසදුන්‍දූභිනිස‍්සරො, නාගවික‍්කන‍්තගමනො චන්‍දසූරාධිකප‍්පභො.

6057. (ඒ සර්‍වඥ තෙම) සිංහයකුගේ හණු බඳු පිරුණු හණු ඇත්තේ ය. (අෂ්ටාඞ්ගසමුපේත) බ්‍රහ්මස්වර ඇත්තේ ය. හස්බෙර හඬ බඳු හඬ ඇත්තේ ය. හස්තියෙකුගේ ගමනට බඳු ගමන් ඇත්තේ ය. සඳහිරු පැහැයට අධික වූ පැහැ ඇත්තේ ය.

6058. මහාමතී මහාවීරො මහාඣායී බහාබලො, මහාකාරුණිකො නාථො මහාතමපනූදනො.

6058. මහනුවණැත්තේ ය. මහාවීර්‍ය්‍ය ඇත්තේ ය. මහත් වූ ධ්‍යාන ඇත්තේ ය. මහත් බල ඇත්තේ ය. මහා කරුණා ඇත්තේ ය. අනාථයනට නාථ ය. මහත් වූ මොහඳුර නසන්නේ ය.

6059. සකදාචි තිලොකග‍්ගො වෙනෙය්‍යෙ විනයං බහු, ධම‍්ම දෙසෙසි සම‍්බුද‍්ධො සත‍්තාසයවිදූ මුනි.

6059. සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ, තිලොවට අග්‍ර වූ, මෝනෙය්‍ය ගුණයුත්, ඒ සම්බුදු රජතෙම කිසි කලෙක්හි බොහෝ වෛනෙය ජනයන් හික්මවමින් දහම් දෙසී ය.

6060. ඣායිං ඣානරතං වීරං උපසන‍්තං අනාවිලං, වණ‍්ණයන‍්තො පරිසතිං තොසෙසි ජනතා ජිනො.

6060. ඒ බුදුරජතෙමේ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ උපශාන්ත වූ නො කැළඹුනා වූ වීර වූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී (ධ්‍යානකරන්නවුනට අග්‍ර ය යි.) වර්‍ණනා කරමින් ජනසමූහයා සතුටු කරවී ය.

6061. තදාහං හංසවතියං බ්‍රාහ‍්මණො වෙදපාරගූ, ධම‍්මං සුත්‍වාන මුදිතො තං ඨානමභිපත්‍ථයිං.

6061. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි තෙරපත් බමුණෙක් වීමි. ඒ ධර්‍මය අසා සතුටු වූයෙම් එකී තනතුර පැතීමි.

6062. තදා ජිනො වියාකාසි සඞ‍්ඝමජ‍්ඣෙ විනායකො, මුදිතො හොහි ත්‍වං බ්‍රහ‍්මෙ ලච‍්ඡසෙ තං මනොරථං.

6062. එකල්හි විශිෂ්ට නායක වූ බුදුරජ තෙමේ සඟමැද (මෙසේ) පැවසී ය: “බමුණ, තුටු වනු මැනව. ඒ චිත්තාභිලාෂය (සමෘද්ධව) ලබනෙහි ය.

6063. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

6063. මෙයින් මතු සියදහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

6064. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, රෙවතො නාම නාමෙන හෙස‍්සසි සත්‍ථුසාවකො.

6064. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් රේවත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.

6065. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහි තාවතිසමගච‍්ඡහං.

6065. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.

6066. පච‍්ඡිමෙ ච භවෙ දානි ජාතොහං කොලියෙ පුරෙ, ඛත‍්තියෙ කුලසම‍්පන‍්නෙ ඉද‍්ධෙ ඵීතෙ මහද‍්ධනෙ.

6066. මම දැන් පශ්චිමභවය පැමිණි කල්හි කෝලිය නගරයෙහි කුලවත් වූ සමෘද්ධ වූ සම්පූර්‍ණ වූ මහත් ධන ඇති ක්‍ෂත්‍රියවංශයෙහි උපන්මි.

6067. යදා කපිලවත්‍ථුස‍්මිං බුද‍්ධො ධම‍්මමදෙසයි, තදා පසන‍්නො සුගතෙ පබ‍්බජිං අනගාරියං.

6067. යම් කලෙක්හි (ගෞතම) බුදුරජතෙමේ කපිලවාස්තුනගරයෙහි දහම් දෙසී ද, එකල්හි බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.

6068. කඞ‍්ඛා මෙ බහුලා ආසි කප‍්පාකප‍්පෙ තහිං තහිං, සබ‍්බං තං විනයී බුද‍්ධො දෙසෙත්‍වා ධම‍්මමුත‍්තමං.

6068. ඒ ඒ තන්හි දී කැප - නො කැප දැයෙහි මාගේ සැකය බහුල වීය. බුදුරජහු උතුම් දහම් දෙසා ඒ (වැරදි අදහස්) සියල්ල නැති කළ සේක.

6069. තතොහං තිණ‍්ණසංසාරො සදා ඣානසුඛෙ රතො, විහරාමි තදා බුද‍්ධො මං දිස‍්වා එතදබ්‍රවි:

6069. ඉක්බිති මම තරණය කරණ ලද සසර සයුරු ඇත්තෙම් හැම කල්හි දැහැන්සුවයෙහි ඇලුනෙම් වෙසෙමි. එකල්හි බුදුරජහු මා දැක මෙය වදාළ සේක:

6070. යං කාචි කඞ‍්ඛා ඉධ වා හුරං වා, සකවෙදියා වා පරවෙදියා වා: යෙ ඣායිනො තා පජහන‍්ති සබ‍්බා ආතාපිනො බ්‍රහ‍්මචරියං චරන‍්තා.

6070. ධ්‍යාන කරන්නා වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බඹසරෙහි හැසිරෙන්නා වූ යම් කෙනෙක් වෙත් නම් (ඔහු) මෙලෙව්හි හෝ පරලෙව්හි හෝ යම්කිසි සැකයෙක් වේ ද, ඒ සියල්ල සිය දැනුමෙන් හෝ මෙරමා දැනුමෙන් හෝ දුරු කෙරෙත්.

6071. සතසහස‍්සෙ කතං කම‍්මං ඵලං දස‍්සෙසි මෙ ඉධ, සුමුත‍්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී මම.

6071. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද මාගේ කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුන්නෙන් මනාව මිදීගිය හීසැරයක් මෙන් මාගේ කෙලෙස් දැවී ය.

6072. තතො ඣානරතං දිස‍්වා බුද‍්ධො ලොකන‍්තගූ මුනි, ඣායීනං භික‍්ඛූනං අග‍්ගො පඤ‍්ඤාපෙසි මහාමති.

6072. ඉක්බිති ලෝකාන්තයට ගිය මෝනෙය්‍ය ගුණ යුත් මහනුවණැති බුදුරජ තෙම ධ්‍යානයෙහි ඇලුනා වූ මා දැක ධ්‍යාන කරන්නා වූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර යයි (අග්‍රස්ථානයෙහි) තැබී ය.

6073. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6073. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.

6074. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6074. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

6075. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6075. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කඞ‍්ඛාරෙවතො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කඞ‍්ඛාරෙවතත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

කඞ්ඛාරේවත ස්ථවිරාවදානය දෙවැනි යි.