541. ලකුණ්ටකභද්දියත්ථෙරාපදානං
541. ලකුණ්ටකභද්දියත්ථෙරාපදානං
541. ලකුණ්ටකභද්දිය ස්ථවිරාවදානය
6023. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6023. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි සියලු ධර්මයෙහි විෂය (විනිවිද දක්නා) ඇස් ඇත්තා වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
6024. තදාහං හංසවතියං සෙට්ඨිපුත්තො මහාධනො, ජඞ්ඝාවිහාරං විචරං සංඝාරාමමගච්ඡහං.
6024. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් වීමි. ඒ මම ජඞ්ඝාවිහාරයෙහි (සක්මණෙහි) හැසිරෙන්නෙම් සඞ්ඝාරාමයට ගියෙමි.
6025. තදා සො ලොකපජ්ජොතො ධම්මං දෙසෙසි නායකො, මඤ්ජුස්සරානං පවරං සාවකං අභිකිත්තයී.
6025. එකල්හි ලොවට පහන් වූ ලෝකනායක ඒ බුදුරජ තෙම දහම් දෙසී ය. මධුරස්වර ඇතියවුන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයකු පැසසී ය.
6026. තං සුත්වා මුදිතො හුත්වා කාරං කත්වා මහෙසිනො, වන්දිත්වා සත්ථුනො පාදෙ තං ඨානමභිපත්ථයිං.
6026. එය අසා සතුටු වූයෙම් මහර්ෂි වූ බුදුරජුන්හට සත්කාර කොට ඒ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ ඒ තනතුර පැතීමි.
6027. තදා බුද්ධො වියාකාසි සංඝමජ්ඣෙ විනායකො, අනාගතම්හි අද්ධානෙ ලච්ඡසෙ තං මනොරථං.
6027. එකල්හි ශ්‍රේෂ්ඨ නායක වූ බුදුරජතෙම සඞ්ඝයා මධ්‍යයෙහි දී “මතුකාලයෙහි තෙල මනෝරථය සමෘද්ධ වන්නේ ය” යි ප්‍රකාශ කෙළේ ය:
6028. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6028. මෙයින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේ ය.
6029. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, භද්දියො නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
6029. උන් වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් භද්දිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
6030. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6030. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
6031. ද්වානවුතෙ ඉතො කප්පෙ ඵුස්සො උප්පජ්ජි නායකො, දුරාසදො දුප්පසහො සබ්බලොකුත්තමො ජිනො.
6031-6032. මෙයින් පෙර දෙයානූවන කපෙහි ගුණයෙන් කිසිවකුටත් ගැටිය නො හෙන්නා වූ, මැඩලිය නො හෙන්නා වූ, සව්ලෝ මුදුන් වූ, පස්මරුන් ජයගත්තා වූ (පසළොස්) චරණධර්මයන්ගෙන් යුක්ත වූ, මහත් වූ ඍජු ප්රතාපගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළ වි ය. සව්සත්නට හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම බොහෝ ජනයා සසර බැඳුමෙන් මිදී ය.
6032. චරණෙන ච සම්පන්නො බ්රහා උජු පතාපවා, හිතෙසී සබ්බපාණිනං බහුං මොචෙසි බන්ධනා.
6033. නන්දාරාමවනෙ තස්ස අහොසිං ඵුස්සකොකිලො, ගන්ධකුටිසමාසන්නෙ අම්බරුක්ඛෙ වසාමහං.
6033. උන්වහන්සේගේ නන්දාරාම නම් රාජෝද්‍යානයෙහි ඵුස්ස නම් වූ කෝකිලයෙක් වීමි. ඒ මම ගඳකිලිය අබියස අඹරුකෙක්හි වසමි.
6034. තදා පිණ්ඩාය ගච්ඡන්තං දක්ඛිණෙය්යං ජිනුත්තමං, දිස්වා චිත්තං පසාදෙත්වා මඤ්ජුනාදෙන කූජහං.
6034. එකල්හි මම පිඬුපිණිස වඩනා වූ දක්ෂිණාර්හ වූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬීමි.
6035. රාජුය්යානං තදා ගන්ත්වා සුපක්කං කනකත්තචං, අම්බපිණ්ඩිං ගහෙත්වාන සම්බුද්ධස්සොපනාමයිං.
6035. එකල්හි රජඋයනට ගොස් රන්වන් වූ පිට සිවි ඇති මොනොවට ඉදුනු අඹගෙඩියක් ගෙණ සම්බුදුරජුන්හට පිරිනැමීමි.
6036. තදා මෙ චිත්තමඤ්ඤාය මහාකාරුණිකො ජිනො, උපට්ඨාකස්ස හත්ථතො පත්තා පග්ගණ්හි නායකො.
6036. එකල්හි ලෝකනායක වූ මහාකාරුණික වූ බුදුරජතෙම මාගේ අදහස දැන උපස්ථායකයා අතින් පාත්‍රය ගත්තේ ය.
6037. අදාසිං තුට්ඨචිත්තො’හ අම්බපිණ්ඩිං මහාමුනෙ, පත්තෙ පක්ඛිප්ප පක්ඛෙහඤ්ජලිං කත්වාන මඤ්ජුනා.
6037-6038. මම සතුටු සිත් ඇත්තෙම් අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපතින් ඇඳිලි බැඳ සිත් අලවන්නා වූ මනෝඥ වූ මිහිරි වූ ශ්රවණීය වූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.
6038. සරෙන රජනීයෙන සවණීයෙන වග්ගුනා, වස්සන්තො බුද්ධජූජත්ථං නිළං ගන්ත්වා නිපජ්ජහං.
6039. තදා මුදිතචිත්තං මං බුද්ධපෙමගතාසයං, සකුණග්ඝි උපාගන්ත්වා ඝාතයී දුට්ඨමානසො.
6039. එකල්හි බූද්ධාලම්බනප්රීතිසහගත සිත් ඇති ප්‍රමුදිත වූ මා වෙත දුෂ්ට සිත් ඇති උකුස්සෙක් පැමිණ මා නැසී ය.
6040. තතො චුතොහං තුසිතෙ අනුභොත්වා මහාසුඛං, මනුස්සයොනිමාගච්ඡිං තස්ස කම්මස්ස වාහසා.
6040. මම එයින් සැව ඒ කර්මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභව කොට මිනිසත් බවට පැමිණියෙමි.
6041. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතංවරො.
6041. මෙම මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති, වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
6042. සාසනං ජොතයිත්වා සො අභිභුය්ය කුතිත්ථියෙ, විනයිත්වාන වෙනෙය්යෙ නිබ්බුතො සො සසාවකො.
6042. උන්වහන්සේ සසුන බබුළුවා මිථ්යාතීර්ත්ථයකයන් මැඩ විනෙයජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජානන්වහන්සේ පිරිනිවි සේක.
6043. නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ පසන්නා ජනතා බහු, පූජනත්ථාය බුද්ධස්ස ථූපා කුබ්බන්ති සත්ථුනො.
6043. උන්වහන්සේ පිරිනිවි කල්හි පැහැදුනා වූ බොහෝ දෙන ඒ ශාස්තෲ වූ බුදුරජානන් වහන්සේට පූජා පිණිස සෑයක් කරවත්.
6044. සත්තයොජනිකං ථූපං සත්තරතනභූසිතං, කරිස්සාම මහෙසිස්ස ඉච්චෙවං මන්තයන්ති තෙ.
6044. මහර්ෂි වූ බුදුරජුන්හට සත්රුවනින් අලඞ්කෘත වූ සත්යොදුන් සෑයක් කරන්නෙමු’ යි මෙසේ ඔහු මන්ත්‍රණය කරත්.
6045. කිකිනො කාසිරාජස්ස තදා සෙනාය නායකො, හුත්වාහං අප්පමාණස්ස පමාණං චෙතියෙ වදිං.
6045. එකල්හි මම කිකීනම් කාසිරජුගේ සේනාවෙහි නායක ව චෛත්‍යයෙහි ප්‍රමාණය අප්‍රමාණ (විශාල) බව කීමි.
6046. තදා තෙ මම වාක්යෙන චෙතියං යොජනුග්ගතං, අකංසු නරවීරස්ස නානාරතනභූසිතං.
6046. එකල්හි මාගේ වචනය නිසා ඔහු බුදුරජුන්ගේ චෛත්‍යය (සත් යොදුනක් නොව) යොදුනක් උසට නොයෙක් රත්නයෙන් අලඞ්කාර කොට කළාහුය.
6047. තෙන කම්මෙන කතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6047. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6048. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතො සෙට්ඨිකුලෙ අහං, සාවත්ථියං පුරවරෙ ඵීතෙ මහද්ධනෙ.
6048. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් පුරවරයෙහි සමෘද්ධ වූ පිරුණා වූ මහත් ධන ඇති සිටුකුලයෙක උපන්නෙමි.
6049. පුරප්පවෙසෙ සුගතං දිස්වා විම්හිතමානසො, පබ්බත්වාජින න චිරං අරහත්තමපාපුණිං.
6049. නුවරදොර බුදුරජුන් දැක විස්මය පත් සිත් ඇත්තෙම් පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.
6050. චෙතියස්ස පමාණං යං අකරිං තෙන කම්මුනා, ලකුණ්ටකසරීරොහං ජාතො පරිභවාරහො.
6050. චෛත්‍යයාගේ (විශාලත්වය අඩු කොට) යම් ප්‍රමාණයක් කෙළෙම් ද, ඒ කර්මය හේතු කොට ගෙණ මම නින්දාවට සුදුසු වූ මිටි සිරුරු ඇත්තෙම් වීමි.
6051. සරෙන මධුරෙනාහං පූජෙත්වා ඉසිසත්තමං, මඤ්ජුස්සරානං භික්ඛූනං අග්ගත්තමනුපාපුණිං.
6051. මම මධුර ස්වරයෙන් බුදුරජුන් පුදා මධුරස්වර ඇති භික්ෂූන් අතුරෙන් අගතැන්පත් බවට පැමිණියෙමි.
6052. ඵලදානෙන බුද්ධස්ස ගුණානුස්සරණෙන ච, සාමඤ්ඤඵලසම්පන්නො විහරාමි අනාසවො.
6052. බුදුරජුන්හට අඹපල දීමෙන් ද බුදුගුණ සිහිකිරීමෙන් ද (මාර්ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍ය ඵලයන්ගෙන් යුක්ත වූයෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
6053. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6053. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6054. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6054. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6055. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6055. සිවු පිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ලකුණ්ටකභද්දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
ලකුණටකභද්දියත්ථෙරස්ස අපදානං පඨමං.
ලකුණ්ටකභද්දියස්ථවිරාවදානය පළමුවැනියි.