යෙදුමෙන් කියවන්න

540. මොඝරාජත්‍ථෙරාපදානං

540. මොඝරාජත්‍ථෙරාපදානං

540. මෝඝරාජ ස්ථවිරාවදානය

5987. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බලොකවිදූ මුනි, ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි චක‍්ඛුමා.

5987. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දන්නා වූ පස්මරුන් ජයගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.

5988. ඔවාදකො විඤ‍්ඤාපකො තාරකො සබ‍්බපාණිනං, දෙසනාකුසලො බුද‍්ධො තාරෙසි ජනතං බහුං.

5988. සව්සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ සත්ත්‍වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.

5989. අනුකම‍්පකො කාරුණිකො හිතෙසී සබ‍්බපාණිනං, සම‍්පත‍්තෙ තිත්‍ථියෙ සබ‍්බෙ පඤ‍්චසීලෙ පතිට‍්ඨපි.

5989. සව්සත්නට අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ, හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටු විය.

5990. එවං නිරාකුලං ආසි සුඤ‍්ඤකං තිත්‍ථියෙහි ච, විචිත‍්තං අරහන‍්තෙහි වසීභූතෙහි තාදිහි.

5990. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් වී ය.

5991. රතනානට‍්ඨපඤ‍්ඤාසං උග‍්ගතො සො මහාමුනි, කඤ‍්චනග‍්ඝිය සඞ‍්කාසො බත‍්තිංසවරලක‍්ඛණො.

5991. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.

5992. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ, තාවතා තිට‍්ඨමානො සො තාරෙසි ජනතං බහුං.

5992. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එ පමණ කල් වැඩසිටිමින් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා (සසරින්) එතෙර කෙළේ ය.

5993. තදාහං හංසවතියං කුලෙ අඤ‍්ඤතරෙ අහුං, පරකම‍්මායනෙ යුත‍්තො නත්‍ථි මෙ කිඤ‍්චි සංධනං.

5993. එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයෙක උපනිමි. අනුන්ගේ බැලමෙහෙ කිරීමෙහි යෙදුනේ වෙමි. මට කිසිදු ස්වකීය ධනයක් නැත.

5994. පටික‍්කමනසාලායං වසන‍්තො කතභුමියං, අග‍්ගිමුජ‍්ජාලයිං නත්‍ථි දළ‍්හං කණ‍්හාසි සා මහි.

5994. ආසන ශාලාවෙහි පිරියම් නො කළ බිම්හි වසන්නෙම් එහි ගිනි දැල්වීමි. එ පොළොව දැඩිසේ කළු වී ය.

5995. තදා පරිසතිං නාථො චතුසච‍්චප‍්පකාසකො, සාවකං සම‍්පකිත‍්තෙසි ලුක‍්ඛචිවරධාරකං.

5995. එකල්හි සිවුසස් පවසන්නා වූ බුදුරජතෙමේ පිරිස් මැදෙහි රළු සිවුරු දරන්නා වූ සව්වකු පැසසී ය.

5996. තස‍්ස තම‍්හි ගුණෙ තුට‍්ඨො පණිපච‍්ච තථාගතං, ලුඛචීවරධාරග‍්ගං පත්‍ථයිං ඨානමුත‍්තමං.

5996. මම ඔහුගේ ඒ ගුණයෙහි සතුටු වූයෙම් තථාගතයන් නැමී වැඳ රූක්‍ෂචීවරධාරී භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ උතුම් තනතුර පැතීමි.

5997. තදා අවොච භගවා සාවකෙ පදුමුත‍්තරො, පස‍්සථෙතං පුරිකසං කුචෙලං තනුදෙහකං.

5997-5999. එකල්හි පදුමුත්තර බුදුරජ තෙමේ සව්වනට මෙසේ වදාළේ ය: “වැරහැලි වූ වස්ත්‍ර ඇති, සිහින් සිරුරු ඇති මෙපුරිස් බලවු. ප්‍රීතියෙන් පැහැදුනු මුහුණු ඇති, ශ්‍රද්ධාධනයෙන් යුත්, ඌර්‍ධවාග්‍ර වූ රෝම ඇති, සතුටු වූ, නිශ්චල වූ, සාලපිණ්ඩ ඇති මෙතෙම රූක්‍ෂචීවර ධාරී වූ සත්‍යසේන නම් භික්‍ෂූහුගේ ඒ වර්‍ණයට (ආකාරයට) ඇදීගිය සිත් ඇත්තේ ඒ තනතුර පතා”යි.

5998. පීතිප‍්පසන‍්නවදනං සද‍්ධාධනසමන්‍විතං, උද‍්ධග‍්ගතනුජං හට‍්ඨං අචලං සාලපිණ‍්ඩිකං.

5999. එසො පත්‍ථෙති තං ඨානං සච‍්චසෙනස‍්ස භික‍්ඛුනො. ලුඛචීවරධාරිස‍්ස තස‍්ස වණ‍්ණගතාසයො.

6000. තං සුත්‍වා මුදිතො හුත්‍වා නිපච‍්ච සිරසා ජිනං, යාවජීවං සුභං කම‍්මං කරිත්‍වා ජිනසාසනෙ.

6000. එය අසා තුටු වූයෙම් හිස නමා බුදුරජුන් වැඳ බුදුසසුන්හි දිවි ඇති තාක් යහපත් වූ කර්‍ම කොට-

6001. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසූපගො අහං.

6001. මම මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙම් වෙමි.

6002. පටික‍්කමනසාලායං භූමිදාහකකම‍්මුනා, සමසහස‍්සං නිරයෙ අදය‍්හං වෙදනට‍්ටිතො.

6002. ආසනශාලාවෙහි බිම දැවීමේ කර්‍මය හේතු කොට ගෙණ දුක් වේදනාවෙන් පීඩිත වූයෙම් යම් සහස්‍රවර්‍ෂයක් (=අවුරුදු දහසක්) නිරයෙහි දැවුනෙමි.

6003. තෙන කම‍්මාවසෙසෙන පඤ‍්චජාතිසතානභං, මනුස‍්සො කුලජො හුත්‍වා ජාතියා ලක‍්ඛණඞ‍්කිතො.

6003. මම ශේෂ වූ ඒ කර්‍මයෙන් පන්සියක් ජාතීන්හි කුලවත් මිනිසෙක් ව උපතින් ම සිරුරෙහි ලප ඇත්තෙක් වීමි.

6004. පඤ‍්චජාතිසතානෙව කුට‍්ඨරොගසමප‍්පිතො, මහාදුක‍්ඛං අනුභවිං තස‍්ස කම‍්මස‍්ස වාහසා.

6004. පන්සියක් ම ජාතීන්හි කුෂ්ටරෝගයෙන් ආතුර වූයෙම් ඒ කර්‍මයාගේ බලයෙන් මහත් දුක් වින්දෙමි.

6005. ඉමස‍්මිං භද‍්දකෙ කප‍්පෙ උපරිට‍්ඨං යසස‍්සිනං, පිණ‍්ඩපාතෙන තප‍්පෙසිං පසන‍්නමානසො අහං.

6005. පැහැදි සිත් ඇති මම මේ භද්‍රකල්පයෙහි යසස් ඇති උපරිට්ඨ (පසේ බුදුරජුන්) පිණ්ඩපාතයෙන් තර්‍පණය කෙළෙමි.

6006. තෙන කම‍්මවිසෙසෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

6006. ඒ විශේෂ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

6007. මච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ අජායිං ඛත‍්තියෙ කුලෙ, පිතුනො අච‍්චයෙනාහං මහාරජ‍්ජසමප‍්පිතො.

6007. පශ්චිම භවය පැමිණි කල්හි කැත්කුලෙහි උපනිමි. පියාගේ ඇවෑමෙන් මම මහරජයට පැමිණියෙම් වෙමි.

6008. කුට‍්ඨරොගාභිභුතොහං න රතිං න සුඛං ලභෙ, මොඝං රජ‍්ජසුඛං යස‍්මා මොඝරාජා තතො අහං.

6008. මම කුෂ්ටරෝගයෙන් මැඩුනෙම් ආස්වාදයක් සුවයක් නො ලබමි. යම් හෙයකින් මගේ රජසුවය හිස් වූවක් වීද එහෙයින් මම මෝඝරාජ නම් වීමි.

6009. කායස‍්ස දොසං දිස‍්වාන පබ‍්බජිං අනගාරියං, බාවරිස‍්ස දිජග‍්ගස‍්ස සිස‍්සත‍්තං අජ‍්ඣුපාගමිං.

6009. ශරීරයාගේ දොස් දැක පැවිද්දට පැමිණියෙමි. බාවාරි නම් ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයකු බවට පැමිණියෙමි.

6010. මහතා පරිවාරෙන උපෙච‍්ච නරනායකං, අපුච‍්ඡිං නිපුණං පඤ‍්හං තං වීරං වාදිසූදනං.

6010. මහත් වූ පිරිවර සහිතව බුදුරජුන් වෙත එළඹ වාදීන් මඩින්නා වූ ඒ වීරයන් වහන්සේගෙන් සියුම් ප්‍රශ්නයක් විචාළෙමි.

6011. අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො සදෙවකො, දිට‍්ඨිං තෙ නාභිජානාති ගොතමස‍්ස යසස‍්සිනො.

6011. මේ මිනිස් ලෝ වැසියා ද එයින් අන් ලෝවැසියා ද දෙවියන් සහිත බඹ ලෝ වැසියා ද යසස්වි වූ ගෞතම ගෝත්‍ර ඇති මුබවහන්සේගේ දෘෂ්ටිය නො දනී.

6012. එවාභික‍්කන‍්තදස‍්සාවිං අත්‍ථි පඤ‍්හෙන ආගමං, කථං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති.

6012. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා ප්‍රශ්න හේතුයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොව කෙසේ බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?

6013. සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජ සදා සතො, අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච‍්චුතරො සියා.

6013-6014. “මෝඝරාජ, හැමකල්හි සිහි ඇත්තේ සත්කායදෘෂ්ටිය නැති කොට (වසඟයෙහි නො පවත්නා බැවින් හෝ සංස්කාරයන්ගේ අසාර බැවින්) ශූන්‍ය (=හිස්) වූවක් ලෙස ලෝකය දෙස බලනු මැනැව. මෙසේ (විදසුන් නැණින්) ලොව බලන්නේ මාරයා ඉක්ම යන්නේ වේය”යි සියලු සසර රෝගයනට වෛද්‍යචරයා වූ බුදුරජතෙම මට මෙසේ වදාළේ ය.

6014. එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති, ඉති මං අභණි බුද‍්ධො සබ‍්බරොගතිකිච‍්ඡකො,

6015. සහ ගාථාවසානෙන කෙසමස‍්සුවිවජ‍්ජිතො, කාසාවවත්‍ථවසනො ආසිං භික‍්ඛු තථාරහා.

6015. ගාථාව දෙසා අවසන් වත්ම කෙස් රැවුල් විරහිත වූයෙම් කසාවත් හැඳුනෙම් එබඳු වූ රහත් භික්‍ෂුනමක් වීමි.

6016. සංඝිකෙසු විහාරෙසු න වසිං රොගපිළිතො, මා විහාරො පදුස‍්සීති වාතරොගෙහි පීළිතො.

6016. (කුෂ්ට) රෝගයෙන් පෙළුනා වූ මම වාතරෝගයකිනුදු පීඩිත වූයෙම් “විහාරය කිලිටි නො වේව”යි සඞ්ඝික විහාරයන්හි නො විසීමි.

6017. සංසාරකූටා ආහිත්‍වා සුසානා රථාකාහි ච, තතො සංඝාටිකං කත්‍වා ධාරයිං ලුඛචීවරං.

6017. කසළගොඩින් ද, සොහොනින් ද, වීදිවලින් ද රෙදිකැබලි ගෙනවුත් එයින් සඟල සිවුරක් කොට රූක්‍ෂචීවරයක් දැරීමි.

6018. මහාභිසක‍්කො තස‍්මිං මෙ ගුණෙ තුට‍්ඨො විනායකො, ලුඛචීවරධාරීනං එතදග‍්ගෙ ඨපෙසි මං.

6018. මාගේ ඒ ගුණයෙහි සතුටු වූ සසරලෙඩට අග්‍රවෛද්‍ය වූ ලෝකනායක බුදුරජතෙමේ මා රූක්‍ෂචීවරධාරීන් අතුරෙන් අග්‍රය යි ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.

6019. පුඤ‍්ඤපාපපරික‍්ඛීණො සබ‍්බරොගවිවජ‍්ජිතො, සිඛීව අනුපාදානො නිබ‍්බායිස‍්සමනාසවො.

6019. ක්‍ෂීණ වූ පුණ්‍යපාප ඇත්තෙම් සියලු රෝගයන්ගෙන් වෙන් වූයෙම් දර නො මැති ගින්නක් මෙන් ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙමි.

6020. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6020. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

6021. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6021. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

6022. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6022. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මොඝරාජත්‍ථෙරො ඉමං ගාථායො අභාසිත්‍ථාති

මෙසෙයින් ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මොඝරාජත්‍ථෙරස‍්ස අපදානං දසමං.

මෝඝරාජ ස්ථවිරාවදානය දසවැනියි.

කච‍්චානවග‍්ගො චතුපඤ‍්ඤාසමො.

කච්චාන වර්‍ගය සිවුපණස් වැනියි.

උද‍්දානං:

උද්දානය:

කච‍්චානො වක‍්කලී ථෙරො මහාකප‍්පිනසව‍්හයො දබ‍්බො කුමාරනාමො ච බාහියො කොට‍්ඨිතො වසී උරුවෙලකස‍්සපො රාධො මොඝරාජා ච පණ‍්ඩිතො, තීණි ගාථාසතානෙත්‍ථ ද‍්වාසට‍්ඨි චෙව පිණ‍්ඩිතා

කච්චාන, වක්කලී ථේර, මහා කප්පින නම් දැරූ, දබ්බ, කුමාරකස්සප, බාහිය, වසී කොට්ඨිත, උරුවේලකස්සප, රාධ, පණිඩිත මෝඝරාජ ද, තෙසිය දෙසැටගයෙක් මෙම වග පිඬු වී ඇති.