543. සීවලිත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
543. සීවලිත්ථෙරඅපදානවණ්ණනා
543. සීවලී ථේර අපදාන වර්ණනාව
තතියාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො සීවලිත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො හෙට්ඨා වුත්තනයෙන විහාරං ගන්ත්වා පරිසාය පරියන්තෙ ඨිතො ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ලාභීනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට්ටතී”ති දසබලං නිමන්තෙත්වා සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛසඞ්ඝස්ස මහාදානං දත්වා, “භන්තෙ, ඉමිනා අධිකාරකම්මෙන න අඤ්ඤං සම්පත්තිං පත්ථෙමි, අනාගතෙ පන එකස්ස බුද්ධස්ස සාසනෙ අහම්පි තුම්හෙහි සො එතදග්ගෙ ඨපිතභික්ඛු විය ලාභීනං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං අකාසි. සත්ථා තස්ස අනන්තරායතං දිස්වා “අයං තෙ පත්ථනා අනාගතෙ ගොතමස්ස බුද්ධස්ස සන්තිකෙ සමිජ්ඣිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි. සො කුලපුත්තො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු උභයසම්පත්තියො අනුභවිත්වා විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරතො අවිදූරෙ එකස්මිං ගාමකෙ නිබ්බත්ති, තස්මිං සමයෙ බන්ධුමතීනගරවාසිනො රඤ්ඤා සද්ධිං සාකච්ඡිත්වා දසබලස්ස දානං අදංසු.
තුන්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද යට කියන ලද පරිදි විහාරයට ගොස් පිරිස් කෙළවර සිට දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ලාභීන් අතර අගතන්හි තබනු දැක මා ද මෙබඳු කෙනකු වන්නට වටීයයි දසබලයන් වහන්සේට ආරාධනාකොට සත්දිනක් මහදන් දී ‘ස්වාමීනි, මේ උත්සාහක කර්මයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක් බුදු කෙනකුන්ගේ සසුනෙහි මම ද ඔබවහන්සේ විසින් මෙයින් සත්වැනි දවසෙහි අගතන්හි තබනු ලැබූ භික්ෂුව මෙන් ලාභීන්ගෙන් අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනතුරක් නැති බව දැක ‘ඔබගේ මේ පැතුම අනාගතයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි සමෘද්ධ වන්නේ යයි ප්‍රකාශ කොට වැඩම කළ සේක. ඒ කුලපුත්‍රයා දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නගරයට නුදුරෙහි එක් කුඩා ගමක උපන්නේ ය. එසමයෙහි බන්ධුමතී නගරවැසියෝ රජු සමග කතිකාකොට දසබලධාරීන් වහන්සේට දන් දුන්හ. එක්
එකදිවසං සබ්බෙ එකතො හුත්වා දානං දෙන්තා “කිං නු ඛො අම්හාකං දානග්ගෙ නත්ථී”ති (අ· නි· අට්ඨ· 1.1.207; ථෙරගා· අට්ඨ· 1.59 සීවලිත්ථෙරගාථාවණ්ණනා) ඔලොකෙන්තා මධුඤ්ච ගුළදධිඤ්ච නාද්දසංසු. තෙ “යතො කුතොචි ආහරිස්සාමා”ති ජනපදතො නගරපවිසනමග්ගෙසු පුරිසෙ ඨපෙසුං. තදා එස කුලපුත්තො අත්තනො ගාමතො ගුළදධිවාරකං ගහෙත්වා “කිඤ්චිදෙව ආහරිස්සාමී”ති නගරං ගච්ඡන්තො “මුඛං ධොවිත්වා ධොතහත්ථපාදො පවිසිස්සාමී”ති ඵාසුකට්ඨානං ඔලොකෙන්තො නඞ්ගලසීසප්පමාණං නිම්මක්ඛිකදණ්ඩකමධුං දිස්වා “පුඤ්ඤෙන මෙ ඉදං උප්පන්න”න්ති ගහෙත්වා නගරං පාවිසි. නාගරෙහි ඨපිතපුරිසො තං දිස්වා, “මාරිස, කස්ස ඉමං හරසී”ති පුච්ඡි. “න කස්සචි, සාමි, වික්කායිකං මෙ ඉද”න්ති. “තෙන හි ඉමං කහාපණං ගහෙත්වා එතං මධුඤ්ච ගුළදධිඤ්ච දෙහී”ති.
දවසක් සියලුදෙනා එකතුව දනක් දෙන්නාහු ‘අපගේ දන්ගෙයි නැත්තේ කුමක්දැයි බලන්නාහු මීපැණි සහ උක්සකුරු නොදුටුවාහුය. ඔවුහු ‘කොහෙන් හෝ ගෙන එන්නෙමු’යි ජනපදයෙන් නගරයට පිවිසෙන මාර්ගයෙහි පුරුෂයකු තැබූහ. එදා ඒ කුලපුත්‍රයා තමාගේ ගමෙන් උක්සකුරු දීකිරි බඳුනක් ගෙන කිසිවක් හෝ ගෙනෙන්නෙමියි නගරයට යන්නේ මුවදොවා දෙවූ අත්පා ඇත්තේ යන්නෙමියි පහසු තැනක් බලන්නේ නගුල් හිසක් පමණ වූ මැස්සන් නැති දඬුවැල් බෑ මීයක් දැක මෙය මාගේ පිනින් උපන්නේ යයි ගෙන නගරයට පිවිසියේය. නාගරිකයන් විසින් තබන ලද පුරුෂයා එය දැක ‘පින්වත, මෙය කාහට ගෙනයහිදැ’යි ඇසීය. ‘මහත්මයාණනි, කිසිවකුට නොවේ මා විසින් විකුණනු ලබන්නකි.’ ‘එසේනම් මේ කහවනුව ගෙන මේ මීපැණි ද උක්සකුරු සහ දීකිරි ද දෙව’
සො චින්තෙසි – “ඉදං මෙ න බහුං අග්ඝති, අයඤ්ච එකප්පහාරෙනෙව බහුං දෙති, වීමංසිස්සාමී”ති. තතො නං ආහ – “නාහං එකකහාපණෙන දෙමී”ති. “යදි එවං ද්වෙ කහාපණෙ ගහෙත්වා දෙහී”ති. “ද්වීහිපි න දෙමී”ති. එතෙනුපායෙන වඩ්ඪෙත්වා යාව සහස්සං පාපුණි, සො චින්තෙසි – “අතිඅඤ්ඡිතුං න වට්ටති, හොතු තාව ඉමිනා කත්තබ්බකම්මං පුච්ඡිස්සාමී”ති . අථ නං ආහ – “න ඉදං බහුඅග්ඝනකං, ත්වං පන බහුං දෙසි, කෙන කම්මෙන ඉදං ගණ්හසී”ති. “ඉධ, භො, නගරවාසිනො රඤ්ඤා සද්ධිං පටිවිරුජ්ඣිත්වා විපස්සිසම්මාසම්බුද්ධස්ස දානං දෙන්තා ඉදං ද්වයං දානග්ගෙ අපස්සන්තා මං පරියෙසාපෙන්ති. සචෙ ඉදං ද්වයං න ලභිස්සන්ති, නාගරානං පරාජයො භවිස්සති. තස්මා සහස්සං දත්වා ගණ්හාමී”ති. “කිං පනෙතං නාගරානං එව වට්ටති, උදාහු අඤ්ඤෙසම්පි දාතුං වට්ටතී”ති? “යස්ස කස්සචි දාතුං අවාරිතමෙත”න්ති. “අත්ථි පන කොචි නාගරානං දානෙ එකදිවසං සහස්සං දාතා”ති? “නත්ථි, සම්මා”ති. “ඉමෙසං මෙ ද්වින්නං සහස්සග්ඝනකභාවං ජානාසී”ති? “ආම, ජානාමී”ති. “තෙන හි ගච්ඡ, නාගරානං ආරොචෙහි – ‘එකො පුරිසො ඉමානි ද්වෙ මූලෙන න දෙති, තුම්හෙහි සද්ධිං සහත්ථෙනෙව දාතුකාමො, තුම්හෙ ඉමෙසං ද්වින්නං කාරණා නිබ්බිතක්කා හොථා”ති. “ත්වං ඉමස්මිං දානෙ ජෙට්ඨකභාගස්ස කායසක්ඛී හොහී”ති වත්වා ගතො. සො පන කුලපුත්තො ගාමතො පරිබ්බයත්ථං ගහිතකහාපණෙන පඤ්චකටුකං ගහෙත්වා චුණ්ණං කත්වා දධිතො කඤ්චියං වාහෙත්වා තත්ථ මධුපටලං පීළෙත්වා පඤ්චකටුකචුණ්ණෙන යොජෙත්වා පදුමිනිපත්තෙ පක්ඛිපිත්වා තං සංවිදහිත්වා ආදාය දසබලස්ස අවිදූරෙ නිසීදි. මහාජනෙහි ආහරියමානස්ස සක්කාරස්ස අන්තරෙ අත්තනො පත්තවාරං ඔලොකෙන්තො ඔකාසං ඤත්වා සත්ථු සන්තිකං ගන්ත්වා, “භන්තෙ, අයං මෙ දුග්ගතසක්කාරො, ඉමං මෙ අනුකම්පං පටිච්ච පටිග්ගණ්හථා”ති. සත්ථා තස්සානුකම්පං පටිච්ච චතුමහාරාජෙහි දත්තියෙන සෙලමයපත්තෙන තං පටිග්ගහෙත්වා යථා අට්ඨසට්ඨියා භික්ඛුසතසහස්සස්ස දිය්යමානං න ඛීයති, එවං අධිට්ඨාසි.
හේ මෙසේ සිතීය. ‘මෙය බොහෝ නොඅගී. මොහුද එක්වරට බොහෝ දෙයි. විමසන්නෙමි’යි ඉන්පසු ඔහුට මෙසේ කීය.’ එක් කහවණුවකට නොදෙමි.’ ‘එසේනම් කහවණු දෙකක් ගෙන දෙව.’ ‘දෙකකටත් නොදෙමි.’ මේ උපායෙන් වැඩිකොට දහස තෙක් පැමිණියේය. ඔහු මෙසේ සිතීය. ‘වැඩිපුර රවටන්ට නොවටී.’ ‘හොඳයි මෙයින් කළයුතු දෙය අසන්නෙමි.’ ඉක්බිති ඔහුට මෙසේ කීය. ‘මෙය බොහෝ අගනා දෙයක් නොවේ. ඔබ බොහෝවක් දෙන්නෙහි. කුමක් සඳහා මෙය ගන්නෙහිද?’ ‘පින්වත මෙහි නුවරවැස්සෝ රජු සමග තරක් වී විපස්සී සම්බුදුරජාණන් වහන්සේට දන් දෙන්නාහු මේ දෙවගය දන්ගෙයි නොදක්නාහු මා ලවා සොයවති. යම් හෙයකින් මේ දෙවග නොලබන්නාහු නම් නගරවැසියන්ට පරාජයක් වන්නේය. ඒ නිසා දහසක් දී ගනිමි.’ ‘නගරවැසියන්ට පමණක් මෙය වටින්නේ කුමක් නිසාද? නැතහොත් අන් අයටද දෙන්ට වටී. කිසිවකුට මෙය වැළැක්වීමක් නැත. නගරවැසියන් අතර එක් දවසකට දහසක් දෙන කෙතෙක් සිටීද? නැත මිතුර. එසේනම් යන්න. නගරවැසියන්ට මෙසේ දන්වන්න. ‘එක් පුරුෂයෙක් මේ දෙවගය මුදලින් නො දෙයි. අප සමග තමාගේ අතින්ම දීමට කැමැත්තේය. ඔබලා මේ දෙදෙනාගේ කරුණු තර්ක නොකරන්නෝ වවු. ‘ඔබ මේ දානයෙහි ජ්‍යෙෂ්ඨ බවට කාය සාක්ෂි වන්න යයි කියා ගියේය. ඒ කුලපුත්‍රයා ගමින් ද්‍රව්‍ය සඳහා ගත් කහවණුවෙන් පස්කුළු ගෙන සුණුකොට මීවදයක් මිරිකා පස්කුළු සුන්නෙන් හනා නෙළුම් කොළයක බහා බැඳ ගෙනවුත් දසබලධාරීන් වහන්සේ නුදුරෙහි හිඳගත්තේය. මහජනයා විසින් ගෙනඑනු ලබන සත්කාර අතරෙහි තමාගේ හාත්පස බලන්නේ අවසරයක් දැන ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ‘ස්වාමීනි මාගේ දුප්පත් සත්කාරයයි. මට අනුකම්පාකොට මෙය පිළිගනු මැනවැයි. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස සිව්මහරජුන් විසින් දෙන ලද ශෛල පාත්‍රයෙන් එය පිළිගෙන යම්සේ හැටඅට ලක්ෂයක් භික්ෂූන්ට දෙනුලබන දෙය නොගෙවී යන්නේද, එසේ අධිෂ්ඨාන කළ සේක.
සො කුලපුත්තො නිට්ඨිතභත්තකිච්චං භගවන්තං වන්දිත්වා එකමන්තං නිසින්නො ආහ – “දිට්ඨො මෙ, භන්තෙ භගවා, අජ්ජ බන්ධුමතීනගරවාසීහි තුම්හාකං සක්කාරො ආහරියමානො, අහම්පි ඉමස්ස නිස්සන්දෙන නිබ්බත්තනිබ්බත්තභවෙ ලාභග්ගයසග්ගප්පත්තො භවෙය්ය”න්ති. සත්ථා “එවං හොතු කුලපුත්තා”ති වත්වා තස්ස ච නගරවාසීනඤ්ච භත්තානුමොදනං කත්වා පක්කාමි. සො කුලපුත්තො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සුප්පවාසාය රාජධීතුයා කුච්ඡිම්හි පටිසන්ධිං ගණ්හි. තස්ස පටිසන්ධිග්ගහණකාලතො පට්ඨාය සායං පාතඤ්ච පඤ්චපණ්ණාකාරසතානි සුප්පවාසාය උපනීයන්ති. අථස්ස සා පුඤ්ඤවීමංසනත්ථං හත්ථෙන බීජපච්ඡිං ඵුසාපෙන්තී අට්ඨාසි. එකෙකබීජතො සලාකසතං සලාකසහස්සම්පි නිග්ගච්ඡති, එකෙකකරීසඛෙත්තතො පණ්ණාසම්පි සට්ඨිපි සකටපමාණානි උප්පජ්ජන්ති. කොට්ඨපූරණකාලෙපිස්සා කොට්ඨද්වාරං හත්ථෙන ඵුසන්තියා රාජධීතාය පුඤ්ඤෙන ගණ්හන්තානං ගහිතගහිතං පුන පූරති. පරිපුණ්ණභත්තකුම්භිතොපි “රාජධීතාය පුඤ්ඤ”න්ති වත්වා යස්ස කස්සචි දෙන්තා නං යාව න උක්කඩ්ඪන්ති, න තාව භත්තං ඛීයති. දාරකෙ කුච්ඡිගතෙයෙව සත්ත වස්සානි අතික්කමිංසු.
ඒ කුලපුත්‍රයා නිමකළ බත්කිස ඇති භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක හුන්නේ මෙසේ කීය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අද බන්ධුමතී නගරවාසීන් විසින් ඔබවහන්සේට සත්කාර ගෙනඑනු මා විසින් දක්නා ලද්දේය. මම ද මෙහි පිනෙන් උපනුපන් භවයෙහි ලාභයෙන්ද යසසින්ද අග්‍රප්‍රාප්ත වන්නෙමි. ‘ශාස්තෲන් වහන්සේ කුලපුත්‍රයා එසේ වේවා’යි කියා ඔහුට සහ නගරවාසීන්ට භුක්තානුමෝදනාව කොට නික්මගිය සේක. ඒ කුලපුත්‍රයා දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සුප්පාවාසා රජදුවගේ කුසයෙහි පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳ ගත් කල්හි පටන් නිරන්තරයෙන් පඬුරු පන්සියයක් සුප්පාවාසා වෙත ගෙනඑනු ලැබේ. ඉක්බිති ඇයගේ ඒ පින විමර්ශනය කරනු පිණිස අතින් බිජුපැස ස්පර්ශ කරවයි. ඒ එක් එක් බීජයෙන් සලාක සියයක්, දහසක් නික්මෙයි. කොටු පිරෙන කාලයෙහි ද කොටුදොර අතින් ස්පර්ශ කරන රජදුවගේ පිනින් ගන්නවුන් ගත් ගත් තැන් නැවත පිරෙයි. පිරිපුන් බත් සැළෙන් රජදුවගේ පින යැයි කියා යමකුට දෙන්නවුන්ට උඩට නොනැගෙන තාක් කල් වුවද බත් අඩු නො වෙයි. දරුවා කුසට ආ අවස්ථාවේ සිට සත්වසක් ඉක්ම ගියේය.
ගබ්භෙ පන පරිපක්කෙ සත්තාහං මහාදුක්ඛං අනුභොසි. සා සාමිකං ආමන්තෙත්වා – “පුරෙ මරණා ජීවමානා දානං දස්සාමී”ති සත්ථු සන්තිකං පෙසෙසි – “ගච්ඡ, සාමි, ඉමං පවත්තිං සත්ථු ආරොචෙත්වා සත්ථාරං නිමන්තෙහි, යඤ්ච සත්ථා වදති, තං සාධුකං උපලක්ඛෙත්වා ආගන්ත්වා මය්හං කථෙහී”ති. සො ගන්ත්වා තස්සා සාසනං සත්ථු ආරොචෙසි – “සත්ථු භන්තෙ, කොළියධීතා පාදෙ වන්දතී”ති. සත්ථා තස්සා අනුකම්පං පටිච්ච – “සුඛිනී හොතු සුප්පවාසා කොළියධීතා අරොගා, අරොගං පුත්තං විජායතූ”ති ආහ. සො තං සුත්වා භගවන්තං වන්දිත්වා අත්තනො ගාමාභිමුඛො පායාසි. තස්ස පුරෙ ආගමනායෙව සුප්පවාසාය කුච්ඡිතො ධම්මකරණතො උදකං විය ගබ්භො නික්ඛමි, පරිවාරෙත්වා නිසින්නජනො අස්සුමුඛො රොදිතුං ආරද්ධො හට්ඨතුට්ඨොව තස්සා සාමිකස්ස තුට්ඨිසාසනං ආරොචෙතුං අගමාසි. සො තෙසං ඉඞ්ගිතං දිස්වා – “දසබලෙන කථිතකථා නිප්ඵන්නා භවිස්සති මඤ්ඤෙ”ති චින්තෙසි. සො ආගන්ත්වා සත්ථු කථං රාජධීතාය කථෙසි. රාජධීතා තයා නිමන්තිතං ජීවභත්තමෙව මඞ්ගලභත්තං භවිස්සති, ගච්ඡ සත්තාහං දසබලං නිමන්තෙහීති. සො තථා අකාසි. සත්තාහං බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං පවත්තයිංසු. සො දාරකො ඤාතීනං සන්තත්තචිත්තං නිබ්බාපෙන්තො සීතලභාවං කුරුමානො ජාතොති, සීවලිත්වෙව නාමං කරිංසු. සො සත්ත වස්සානි ගබ්භෙ වසිතත්තා ජාතකාලතො පට්ඨාය සබ්බකම්මක්ඛමො අහොසි. ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරො සත්තමෙ දිවසෙ තෙන සද්ධිං කථාසල්ලාපමකාසි. සත්ථාපි ඉමං ගාථං අභාසි –
ගැබ මුහුකුරා ගියකල්හි සත්දිනක් මහා දුකක් වින්දාය. ඈ සැමියා අමතා ‘මරණයට පෙරාතුව ජීවදානයක් දෙන්නෙමි’යි ශාස්තෲන් වහන්සේගේ සමීපයට යවන්නී. හිමියනි, යන්න. මේ පුවත ශාස්තෲන් වහන්සේට දන්වා ශාස්තෲන් වහන්සේට ආරාධනා කරන්න. යමක් ශාස්තෲන් වහන්සේ කියන සේක්නම් එය මැනවින් සලකාගෙන පැමිණ මට කියන්න. ඔහු ගොස් ඇගේ හසුන ශාස්තෲන් වහන්සේට දැන්වීය. ස්වාමීනි ශාස්තෲන් වහන්ස. කෝලිය දුහිතෘව පා වඳියි. ශෘස්තෲන් වහන්සේ ඇයට අනුකම්පා කොට කෝලිය දුහිතෘ සුප්පවාසා සැපවත් වේවා. සැප ඇත්තී නීරෝග වූවා නිරෝගී පුත්‍රයකු බිහිකරාවායි කී සේක. හේ එය අසා භාග්‍යවතුන් වහන්සේ වැඳ තමාගේ ගම ගෙසට ගියේය. ඔහු පැමිණීමට පෙරාතුවම සුප්පවාසාවගේ කුසින් කෙණ්ඩියෙන් ජලය මෙන් දරුගැබ නික්මිණි. පිරිවරා හුන් ජනයා කඳුළු පිරි මුහුණින් හඬන්නට ඇරඹුවද එහි තුටුපහටු වූ මහාජනයා ඇයගේ සැමියාට සතුටු හසුන දැන්වීමට ගියහ. හේ ඔවුන්ගේ ඉඟිය දැක ‘දසබලයන් වහන්සේ විසින් කියන ලද කථාව සඵල වන්නේ යයි සිතීය. හේ පැමිණ ශාස්තෲන් වහන්සේ කියූ දෙය රජදුවට කීවේය. රජදුව ‘ඔබ විසින් ආරාධිත වූ ජීවදානය මගුල්බතක් වන්නේය. යන්න සත්දිනකට බුදුරදුන්ට ආරාධනය කරන්න. හේ එසේ කළේය. සත්දිනක් බුදුපාමොක් භික්ෂු සංඝයාට මහදන් පැවැත්වූහ. ‘ඒ දරුවා ඥාතීන්ගේ තැවුණු සිත නිවාලමින් සිසිල් බව ඇතිකරමින් උපන්නේ යයි සීවලී යනුවෙන් නමක් තැබූහ. හේ සත්වසක් මව්කුස විසූ බැවින් උපන්කල්හි පටන් සියලු කර්මක්ෂම විය. ධර්ම සේනාපති සාරිපුත්ත තෙරුන් වහන්සේ සත්වැනි දවසෙහි ඔහු සමග කථාසල්ලාප කළ සේක. ශාස්තෲන් වහන්සේද මේ ගාථාව වදාළ සේක.
“යොමං පලිපථං දුග්ගං, සංසාරං මොහමච්චගා; තිණ්ණො පාරඞ්ගතො ඣායී, අනෙජො අකථංකථී; අනුපාදාය නිබ්බුතො, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 414; සු· නි· 643);
යො ඉමං පලිපථං දුග්ගං සංසාරං මොහ මච්චගා, තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී, අනුපාදාය නිබ්බුතො තමහං බ්රෑමි බ්රාහ්මණං ති
කෙලෙස් ගොහොරුව සසර - මෝහය ඉක්මවාගිය, කෙලෙස් මහවතුරින් එතෙරව - දැහැන් වඩනා නිකෙලෙසි නිසැකි, කෙලෙස් පරිනිවුමෙන් පිරිනිවි - ඔහු බමුණෙකැයි කියනෙමි
අථ නං ථෙරො එවමාහ – “කිං පන තයා එවරූපං දුක්ඛං අනුභවිත්වා පබ්බජිතුං න වට්ටතී”ති? “ලභන්තො පබ්බජෙය්යං, භන්තෙ”ති. සුප්පවාසා තං ථෙරෙන සද්ධිං කථෙන්තං දිස්වා – “කිං නු ඛො මෙ පුත්තො ධම්මසෙනාපතිනා කථෙතී”ති ථෙරං උපසඞ්කමිත්වා පුච්ඡි – “මය්හං පුත්තො තුම්හෙහි සද්ධිං කිං කථෙති, භන්තෙ”ති? අත්තනා අනුභුත්තගබ්භවාසදුක්ඛං කථෙත්වා – “තුම්හෙහි අනුඤ්ඤාතො පබ්බජිස්සාමී”ති වදතීති. “සාධු භන්තෙ, පබ්බාජෙථ න”න්ති. ථෙරො තං විහාරං නෙත්වා තචපඤ්චකකම්මට්ඨානං දත්වා පබ්බාජෙන්තො, “සීවලි , තුය්හං අඤ්ඤෙන ඔවාදෙන කම්මං නත්ථි, තයා සත්ත වස්සානි අනුභුත්තදුක්ඛමෙව පච්චවෙක්ඛාහී”ති. “භන්තෙ, පබ්බජ්ජායෙව තුම්හාකං භාරො, යං පන මයා සක්කා කාතුං, තමහං ජානිස්සාමී”ති. සො පන පඨමකෙසවට්ටියා ඔරොපිතක්ඛණෙයෙව සොතාපත්තිඵලෙ පතිට්ඨාසි, දුතියාය ඔරොපිතක්ඛණෙ සකදාගාමිඵලෙ, තතියාය අනාගාමිඵලෙ පතිට්ඨාසි. සබ්බෙසංයෙව කෙසානං ඔරොපනඤ්ච අරහත්තඵලසච්ඡිකිරියා ච අපුරෙ අපච්ඡා අහොසි.
ඉක්බිති තෙරුන්වහන්සේ ඔහුට මෙසේ කියූහ. ‘ඔබ විසින් එබඳු දුකක් විඳ පැවිදිවන්නට නො වටීද? ලැබේනම් පැවිදිවන්නෙමි ස්වාමීනි. සුප්පවාසා ඒ දරුවා තෙරුන් වහන්සේ සමග කථාකරනු දැක ‘මාගේ පුත්‍රයා ධර්ම සේනාපතීන් වහන්සේ සමග කතා කරන්නේ කුමක්දැ’යි තෙරුන් වහන්සේ කරා එළඹ විචාළාය. ‘මගේ පුත්‍රයා ඔබවහන්සේ සමග කුමක් කතා කළේද ස්වාමීනි. තමා විසින් විඳින ලද ගැබ විසීමේ දුක කියා ඔබ විසින් අනුදන්නා ලද්දේ නම් පැවිදිවන්නෙමියි කියයි. ‘මැනවි ස්වාමීනි. ඔහු පැවිදි කරන්න. තෙරුන් වහන්සේ ඔහු විහාරයට කැඳවා තචපඤ්චක කර්මස්ථානය දී පැවිදි කරවා ‘සීවලී ඔබට වෙනත් අවවාදයකින් කම් නැත. ඔබ විසින් සත්වසක් විඳි දුකම ප්රත්යවේක්ෂා කරන්න. ‘ස්වාමීනි, පැවිද්ද නම් ඔබවහන්සේට බාරයි. මා විසින් යම්දෙයක් කළහැකිනම් එය දන්නෙමි. ඔහු වනාහි පළමු කෙස්වැටිය ඉවත්කළ කෙණෙහිම සෝවාන් ඵලයෙහි පිහිටියේය. දෙවැන්න ඉවත්කළ කෙණෙහි සකෘදාගාමී ඵලයෙහි පිහිටියේය. තෙවැන්න ඉවත්කළ කෙණෙහි අනාගාමි ඵලයෙහි පිහිටියේය. සියලු කෙලෙස් ඉවත් කිරීමත් රහත්ඵලය සාක්ෂාත් කිරීමත් පෙරපසු නොවී සිදුවිය.
අථ භික්ඛුසඞ්ඝෙ කථා උදපාදි – “අහො එවං පුඤ්ඤවාපි ථෙරො සත්තමාසාධිකානි සත්ත සංවච්ඡරානි මාතුගබ්භෙ වසිත්වා සත්ත දිවසානි මූළ්හගබ්භෙ වසී”ති. සත්ථා ආගන්ත්වා – “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා – “ඉමාය නාමා”ති වුත්තෙ – “න, භික්ඛවෙ, ඉමිනා කුලපුත්තෙන ඉමාය ජාතියා කතකම්ම”න්ති වත්වා අතීතං ආහරිත්වා අතීතෙ, භික්ඛවෙ, බුද්ධුප්පාදතො පුරෙතරමෙව එස කුලපුත්තො බාරාණසියං රාජකුලෙ නිබ්බත්තො, පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාය විභවසම්පන්නො පාකටො අහොසි. තදා එකො පච්චන්තරාජා “රජ්ජං ගණ්හිස්සාමී”ති ආගන්ත්වා නගරං උපරුන්ධිත්වා ඛන්ධාවාරං කාරෙත්වා විහාසි. අථ රාජා මාතුයා සද්ධිං සමානච්ඡන්දො හුත්වා සත්තාහං ඛන්ධාවාරනගරෙ චතූසු දිසාසු ද්වාරං පිධාපෙසි, නික්ඛමන්තානං පවිසන්තානඤ්ච ද්වාරමූළ්හං අහොසි. අථ මිගදායවිහාරෙ පච්චෙකබුද්ධා උග්ඝොසෙසුං. රාජා සුත්වා ද්වාරං විවරාපෙසීති. පච්චන්තරාජාපි පලායි. සො තෙන කම්මවිපාකෙන නරකාදීසු දුක්ඛමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජකුලෙ නිබ්බත්තොපි මාතුයා සද්ධිං ඉමං එවරූපං දුක්ඛමනුභවි. තස්ස පන පබ්බජිතකාලතො පට්ඨාය භික්ඛුසඞ්ඝස්ස චත්තාරො පච්චයා යදිච්ඡකං උප්පජ්ජන්ති. එවං එත්ථ වත්ථු සමුට්ඨිතං.
ඉක්බිති භික්ෂු සංඝයා අතර කතාවක් හටගත්තේය. අනේ, මෙතරම් පින්වත් තෙරණුවෝත් සත්මස් අධික සත් හවුරුද්දක් මව්කුස තුළ වැස සත් දවසක් මූඪගර්භ වූයේ වාසය කළහ. ශාස්තෲන් වහන්සේ පැමිණ ‘මහණෙනි, මෙහි මෙතෙක් වේලා කිනම් කථාවකින් හුන්නාහුදැයි අසා ‘මේ නමැ’යි කී කල්හි ‘මහණෙනි, මේ කුලපුත්‍රයා විසින් මේ ජාතියෙහි කරන ලද කර්මයක් නොවේ’යයි කියා අතීතය ගෙනහැර දක්වා ‘මහණෙනි, අතීතයෙහි මේ බුද්ධෝත්පාදයට පෙරාතුවම මේ කුලපුත්‍රයා බරණැස රජකුලයෙහි ඉපිද පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා විභව සම්පත් ඇත්තේව ප්‍රකට විය. එකල්හි එක් ප්‍රත්‍යන්ත රජෙක් රාජ්‍යය ගන්නෙමියි පැමිණ නගරය වටලා කඳවුරු බැඳ විසීය. ඉක්බිති රජ මව සමග සම කැමැත්තේව සත්දිනක් කඳවුරු නුවර සිව් දිසාවන්හි දොරවල් වැස්වීය. නික්මෙන්නවුන්ට හා පිවිසෙන්නවුන්ට දොරමුළා විය. ඉක්බිති මිගදාය නුවර පසේ බුදුවරු උද්ඝෝෂණය කළහ. රජ අසා දොර විවෘත කරවීය. පසල් රජුද පළා ගියේය. හේ ඒ කර්ම විපාකයෙන් නරකාදියෙහි දුක්විඳ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජකුලයෙහි ඉපිද වුවද මව සමග මෙසේ මේ දුක අනුභව කළේය. මොහු පැවිදි වූ තැන් පටන් භික්ෂු සංඝයාට සිව්පසය පමණටත් වඩා උපදියි. මේ අයුරින් එහි වස්තු ගොඩනැගිණ.
අපරභාගෙ සත්ථා සාවත්ථිං අගමාසි. ථෙරො භගවන්තං අභිවාදෙත්වා, “භන්තෙ, මය්හං පුඤ්ඤබලං වීමංසිස්සාමි, පඤ්චභික්ඛුසතානි දෙථා”ති. “ගණ්හ, සීවලී”ති. සො පඤ්චසතෙ භික්ඛූ ගහෙත්වා හිමවන්තාභිමුඛං ගච්ඡන්තො අටවිමග්ගං ගච්ඡති. තස්ස පඨමං දිට්ඨනිග්රොධෙ අධිවත්ථා දෙවතා සත්ත දිවසානි දානං අදාසි. ඉති සො –
පසුදිනෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩි සේක. තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඳ ස්වාමීනි මාගේ පින්බලය විමසන්නෙමි. ‘භික්ෂූන් පන්සියයක් දුන මැනවි’යි කීහ. ‘ගන්න සීවලී’ උන්වහන්සේ භික්ෂූන් පන්සියයක් ගෙන හිමවත දෙසට ගමන් කරන්නාහු වනමගට යති. පළමුකොට උන්වහන්සේට නුගගසෙහි අධිගෘහිත දේවතාවා සත්දවසක් දන් දුන්නාය. මෙසේ ඔහු
“නිග්රොධං පඨමං පස්සි, දුතියං පණ්ඩවපබ්බතං; තතියං අචිරවතියං, චතුත්ථං වරසාගරං.
නිග්රොධං පඨමං පස්සි - දුතියං පණ්ඩව පබ්බතං, තතියං අචිරවතියං - චතුත්ථං වර සාගරං
පළමුව නුගය දිටි - දෙවනුව පව්ව පණ්ඩව, තෙවනුව අචිරවතියද - සිව්වනුව මහ සයුරද
“පඤ්චමං හිමවන්තං සො, ඡට්ඨං ඡද්දන්තුපාගමි; සත්තමං ගන්ධමාදනං, අට්ඨමං අථ රෙවත”න්ති. (අ· නි· අට්ඨ· 1.1.207; ථෙරගා· අට්ඨ· 1.59 සීවලිත්ථෙරගාථාවණ්ණනා) –
පඤ්චමං හිමවන්තං සො - ඡට්ඨං ඡද්දන්තුපාගමි, සත්තමිං ගන්ධ මාදනං - අට්ඨමං අථ රෙවතං ඉති
පස්වනුව හිමවත - සවනුව සදත් ඇතුවෙත, සත්වනු ගන්ධමාදන - අටවනුව රේවත හිමි
සබ්බට්ඨානෙසු සත්ත සත්ත දිවසානෙව දානං අදංසු. ගන්ධමාදනපබ්බතෙ පන නාගදත්තදෙවරාජා සත්තසු දිවසෙසු එකදිවසං ඛීරපිණ්ඩපාතං අදාසි, එකදිවසං සප්පිපිණ්ඩපාතං අදාසි. අථ නං භික්ඛුසඞ්ඝො ආහ – “ආවුසො, ඉමස්ස දෙවරඤ්ඤො නෙව ධෙනුයො දුය්හමානා පඤ්ඤායන්ති, න දධිනිම්මථනං, කුතො තෙ, දෙවරාජ, ඉදං උප්පජ්ජතී”ති? “භන්තෙ, කස්සපදසබලස්ස කාලෙ ඛීරසලාකභත්තදානස්සෙතං ඵල”න්ති දෙවරාජා ආහ.
සියලු තන්හි දින සත බැගින් දන් දුන්හ. ගන්ධමාදන පර්වතයෙහි නාගදත්ත දිව්‍යරාජයා නම් සත්දවස්හි එක් දවසක් කිරිපිඬු දුන්නේය. එක් දවසක් ගිතෙල් පිඬු දුන්නේය. ඉක්බිති භික්ෂු සංඝයා උන්වහන්සේගෙන් මෙසේ ඇසූහ. ‘මේ දෙව්රජුට දොවන කිරිදෙනුන් දක්නට නැත. දීකිරි මිදවීමක්ද නැත. දිව්‍යරාජය ඔබට මේවා උපදින්නේද? ස්වාමීනි කස්සප දසබලධාරීන් වහන්සේගේ කාලයෙහි කිරිසලාක බත් දන්දීමෙහි මේ ප්‍රතිඵලය’යි දිව්‍යරාජයා කීයේය.
අපරභාගෙ සත්ථා ඛදිරවනියරෙවතත්ථෙරස්ස පච්චුග්ගමනං අකාසි. කථං? අථායස්මා සාරිපුත්තො සත්ථාරං ආහ – “භන්තෙ, මය්හං කිර කනිට්ඨභාතා රෙවතො පබ්බජිතො, සො අභිරමෙය්ය වා න වා, ගන්ත්වා නං පස්සිස්සාමී”ති. භගවා රෙවතස්ස ආරද්ධවිපස්සකභාවං ඤත්වා ද්වෙ වාරෙ පටික්ඛිපිත්වා තතියවාරෙ යාචිතො අරහත්තප්පත්තභාවං ඤත්වා – සාරිපුත්ත, අහම්පි ගමිස්සාමි භික්ඛූනං ආරොචෙහීති. ථෙරො භික්ඛූ සන්නිපාතාපෙත්වා – “ආවුසො, සත්ථා චාරිකං චරිතුකාමො, ගන්තුකාමා ආගච්ඡන්තූ”ති සබ්බෙසංයෙව ආරොචෙසි. දසබලස්ස චාරිකත්ථාය ගමනකාලෙ ඔහිය්යමානකභික්ඛූ නාම අප්පකා හොන්ති, “සත්ථු සුවණ්ණවණ්ණං සරීරං පස්සිස්සාම, මධුරධම්මකථං වා සුණිස්සාමා”ති යෙභුය්යෙන ගන්තුකාමා බහුතරාව හොන්ති. ඉති සත්ථා මහාභික්ඛුසඞ්ඝපරිවාරො “රෙවතං පස්සිස්සාමා”ති නික්ඛන්තො.
පසුකලෙක ශාස්තෲන් වහන්සේ ඛදිරවනිය රෙවත තෙරුන් වහන්සේගේ ආපසුගමන අර්ථෝත්පත්තිකොට තෙරුන් වහන්සේ තමන්වහන්සේගේ සසුනෙහි ලාභයසස් අතින් අගතන්හි තැබූ සේක. ශාරිපුත්‍ර තෙරණුවෝ ශාස්තෲන් වහන්සේට යම්හෙයකින් මෙසේ කීවෝද. ‘ස්වාමීනි, මාගේ කණිටුබෑයා රේවත පැවිදි විය. ඔහු සතුටින් සිටීද නැද්දැයි ගොස් බලන්නෙමි. භාග්‍යවතුන් වහන්සේ රේවතගේ ඇරඹූ විදර්ශනා ඇති බව දැන දෙවරක් ප්‍රතික්ෂේප කොට දෙවැනි වර අයැද සිටියාහු රහත්බවට පැමිණි බව දැන ‘සාරිපුත්ත මමත් එන්නෙමි. භික්ෂු සංඝයාට දන්වන්න. තෙරුන් වහන්සේ භික්ෂූන් රැස්කරවා ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙනු කැමැති සේක. ඒවට කැමති ඇත්තෝ පැමිණෙත්වා.’ සියලු දෙනාට දැන්වූහ. දසබලධාරීන් වහන්සේ චාරිකාවක් සඳහා වැඩමවන කල පසුබසින භික්ෂූහු නම් අල්ප වෙති. ශාස්තෲන් වහන්සේගේ රන්වන් සිරුර බලන්නෙමි. මිහිරි දහම් කතා අසන්නෙමියි බෙහෙවින් යනු කැමැත්තෝ බහුතරයක් වෙති. මෙසේ ශාස්තෲන් වහන්සේ මහාභික්ෂු සංඝයා පිරිවරා රෙවත බලන්නෙමුයි හික්මුණු සේක.
අථෙකස්මිං පදෙසෙ ආනන්දත්ථෙරො ද්වෙධාපථං පත්වා භගවන්තං පුච්ඡි – “භන්තෙ, ඉමස්මිං ඨානෙ ද්වෙධාපථො, කතරමග්ගෙන භික්ඛුසඞ්ඝො ගච්ඡතූ”ති? “කතරමග්ගො, ආනන්ද, උජුකො”ති? “භන්තෙ, උජුමග්ගො තිංසයොජනිකො අමනුස්සපථො. පරිහාරමග්ගො පන සට්ඨියොජනිකො ඛෙමො සුභික්ඛො”ති. “ආනන්ද, සීවලි, අම්හෙහි සද්ධිං ආගතො”ති? “ආම, භන්තෙ, ආගතො”ති. “තෙන හි සඞ්ඝො උජුමග්ගමෙව ගච්ඡතු, සීවලිස්ස පුඤ්ඤං වීමංසිස්සාමා”ති. සත්ථා භික්ඛුසඞ්ඝපරිවාරො සීවලිත්ථෙරස්ස පුඤ්ඤවීමංසනත්ථං තිංසයොජනමග්ගං අභිරුහි (අ· නි· අට්ඨ· 1.1.203).
ඉක්බිති එක් පෙදෙසක ආනන්ද තෙරුන් වහන්සේ දෙමංසලකට පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ. ‘මෙතැන දෙමංසලකි. කිනම් මගකින් භික්ෂු සංඝයා යායුතුද? ‘ආනන්ද කුමන මාර්ගය සෘජුද?’ ‘ස්වාමීනි සෘජු මාර්ගය යොදුන් තිහකි. අමනුෂ්‍යයන්ගේ මාර්ගයකි. අනිත් මගනම් යොදුන් සැටකි. බියක් නැත. සුභික්ෂයි’ ‘ආනන්ද සීවලී අප සමග ආවා නේද? සීවලීගේ පින පරීක්ෂා කරන්නෙමු.’ ශාස්තෲන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරකොට සීවලී තෙරුන් වහන්සේගේ පින පරීක්ෂා කිරීම පිණිස තිස්යොදුන් මගට හැරුණු සේක.
මග්ගං අභිරුහනට්ඨානතො පට්ඨාය දෙවසඞ්ඝො යොජනෙ යොජනෙ ඨානෙ නගරං මාපෙත්වා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස වසනත්ථාය විහාරෙ පටියාදෙසි. දෙවපුත්තා රඤ්ඤා පෙසිතකම්මකාරා විය හුත්වා යාගුඛජ්ජකාදීනි ගහෙත්වා – “කහං, අය්යො සීවලී”ති පුච්ඡන්තා ගච්ඡන්ති. ථෙරො සක්කාරසම්මානං ගාහාපෙත්වා සත්ථු සන්තිකං ගච්ඡති. සත්ථා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පරිභුඤ්ජි. ඉමිනාව නියාමෙන සත්ථා සක්කාරං අනුභවන්තො දෙවසිකං යොජනපරමං ගන්ත්වා තිංසයොජනිකං කන්තාරං අතික්කම්ම ඛදිරවනියරෙවතත්ථෙරස්ස වසනට්ඨානං පත්තො, ථෙරො සත්ථු ආගමනං ඤත්වා අත්තනො වසනට්ඨානෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස පහොනකවිහාරෙ දසබලස්ස ගන්ධකුටිං රත්තිට්ඨානදිවාට්ඨානානි ච ඉද්ධියා මාපෙත්වා තථාගතස්ස පච්චුග්ගමනං ගතො. සත්ථා අලඞ්කතපටියත්තෙන මග්ගෙන විහාරං පාවිසි. අථ තථාගතෙ ගන්ධකුටිං පවිට්ඨෙ භික්ඛූ වස්සග්ගෙන පත්තසෙනාසනානි පවිසිංසු. දෙවතා “අකාලො ආහාරස්සා”ති අට්ඨවිධං පානකං ආහරිංසු. සත්ථා සඞ්ඝෙන සද්ධිං පානකං පිවි. ඉමිනා නියාමෙනෙව තථාගතස්ස සක්කාරසම්මානං අනුභවන්තස්සෙව අද්ධමාසො අතික්කන්තො.
හැරුණු තැන්පටන් දිව්‍ය සමූහයා යොදුනින් යොදුන නගර මවා බුදුපාමොක් භික්ෂු සංඝයාට වසනු පිණිස විහාර පිළියෙල කර දුන්හ. දිව්‍යපුත්‍රයෝ රජු විසින් එවන ලද කම්කරුවන් මෙන් කැඳකැවිලි ආදිය ගෙන ‘සීවලී ආර්යයන් වහන්සේ කොහිදැයි කියන්නාහු යති. තෙරුන් වහන්සේ සත්කාර සම්මාන ගෙන්වාගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට යති. ශාස්තෲන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැළඳූ සේක. මේ ක්‍රමයෙන් ශාස්තෲන් වහන්සේ සත්කාර වළඳන සේක් දිනපතා යොදුනක් පමණ වැඩමවා තිස්යොදුන් කාන්තාර මාර්ගය ඉක්මවා ඛදිරවනිය රෙවත තෙරුන් වසන තැනට පැමිණි සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ පැමිණීම දැන තමාගේ වසන තැන බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට පොහොනා විහාරද දසබලධාරීන් වහන්සේට ගඳකිළි රාත්‍රීස්ථාන දිවාස්ථාන ආදිය සෘද්ධියෙන් මවා තථාගතයන් වහන්සේ වඩනා පෙරමගට ගියහ. ශාස්තෲන් වහන්සේ අලංකාරයෙන් පිළියෙල කරන ලද මාර්ගයෙන් විහාරයට පිවිසි සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ගඳකිළියට පිවිසි කල්හි භික්ෂූහු වස් පිළිවෙලට පැමිණ සෙනසුන්වලට පිවිසියහ. දෙවිවරු අකාලයෙහි අෂ්ටවිධ පානයක් ගෙනාවාහුය. ශාස්තෲන් වහන්සේ භික්ෂූන් සමග පානය වැළඳූ සේක. මේ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ සත්කාර සම්මාන වළඳත්දීම අඩමසක් නික්ම ගියේය.
අථෙකච්චෙ උක්කණ්ඨිතභික්ඛූ එකස්මිං ඨානෙ නිසීදිත්වා කථං උප්පාදයිංසු – “දසබලො ‘මය්හං අග්ගසාවකස්ස කනිට්ඨභාතා’ති වත්වා එවරූපං නවකම්මිකං භික්ඛුං පස්සිතුං ආගතො, ඉමස්ස විහාරස්ස සන්තිකෙ ජෙතවනවිහාරො වා වෙළුවනවිහාරාදයො වා කිං කරිස්සන්ති? අයම්පි භික්ඛු එවරූපස්ස නවකම්මස්ස කාරකො, කිං නාම සමණධම්මං කරිස්සතී”ති? අථ සත්ථා චින්තෙසි – “මයි ඉධ චිරං වසන්තෙ ඉදං ඨානං ආකිණ්ණං භවිස්සති, ආරඤ්ඤකා නාම භික්ඛූ පවිවෙකත්ථිකා හොන්ති, රෙවතස්ස ඵාසුවිහාරො න භවිස්සතී”ති. තතො ථෙරස්ස දිවාට්ඨානං ගතො. ථෙරොපි එකකොව චඞ්කමනකොටියං ආලම්බනඵලකං නිස්සාය පාසාණඵලකෙ නිසින්නො සත්ථාරං දූරතොව ආගච්ඡන්තං දිස්වා පච්චුග්ගන්ත්වා වන්දි.
ඉක්බිති එක්තරා උඩඟු භික්ෂු පිරිසක් එකම තැන හිඳිමින් කතාවක් ඉපදවූහ. දසබලධාරීන් වහන්සේ මගේ අග්‍ර ශ්‍රාවකයාගේ කණිටු සොහොයුරායයි කියා මෙබඳු නවකම් ඇති භික්ෂුවක් බලන්ට පැමිණි සේක. මේ විහාරය සමීපයෙහි දෙව්රම් මහවෙහෙර හෝ වේළුවනාරාම ආදිය හෝ තිබීමෙන් ඇති ඵලය කිම? මේ භික්ෂුවද මෙබඳු නවකර්ම කරන්නෙකි. මහණදම් පුරන්නේ කෙසේද? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතූ සේක. මා මෙහි බෝ කලක් වාසය කරන කල්හි මේ ස්ථානය ආකීර්ණ වන්නේය. ආරණ්‍යක භික්ෂූහු විවේක කැමැත්තෝය. රෙවතට පහසු විහරණයක් ද නැති වන්නේය. ඉන්පසු තෙරුන් වහන්සේගේ දිවාස්ථානයට වැඩි සේක. තෙරුන් වහන්සේ ද හුදෙකලාව සක්මන කෙළවර එල්ඹෙන ඵලකය අසල සෙල් පුවරුවෙහි හුන්නාහු ශාස්තෲන් වහන්සේ එනු දුරදීම දැක පෙරගමන්කොට වැඳ සිටියහ.
අථ නං සත්ථා පුච්ඡි – “රෙවත, ඉදං වාළමිගට්ඨානං, චණ්ඩානං හත්ථිඅස්සාදීනං සද්දං සුත්වා කිං කරොසී”ති? “තෙසං මෙ, භන්තෙ, සද්දං සුණතො අරඤ්ඤපීති නාම උප්පන්නා”ති. සත්ථා ඉමස්මිං ඨානෙ රෙවතත්ථෙරස්ස පඤ්චහි ගාථාසතෙහි අරඤ්ඤානිසංසං නාම කථෙත්වා පුනදිවසෙ අවිදූරට්ඨානෙ පිණ්ඩාය චරිත්වා රෙවතත්ථෙරං ආමන්තෙත්වා යෙහි භික්ඛූහි ථෙරස්ස අවණ්ණො කථිතො, තෙසං කත්තරයට්ඨිඋපාහනතෙලනාළිඡත්තානං පමුස්සනභාවමකාසි. තෙ අත්තනො පරික්ඛාරත්ථාය නිවත්තා ආගතමග්ගෙනෙව ගච්ඡන්තාපි තං ඨානං සල්ලක්ඛෙතුං න සක්කොන්ති. පඨමඤ්හි තෙ අලඞ්කතපටියත්තෙන මග්ගෙන ගන්ත්වා, තංදිවසං පන විසමමග්ගෙන ගච්ඡන්තා තස්මිං තස්මිං ඨානෙ උක්කුටිකං නිසීදන්තා ජණ්ණුකෙහි ගච්ඡන්ති. තෙ ගුම්බෙ ච ගච්ඡෙ ච කණ්ඩකෙ ච මද්දන්තා අත්තනා වසිතසභාගට්ඨානං ගන්ත්වා තස්මිං තස්මිං ඛදිරඛාණුකෙ ලග්ගිතං අත්තනො ඡත්තං සඤ්ජානන්ති, උපාහනං කත්තරයට්ඨිං තෙලනාළිඤ්ච සඤ්ජානන්ති. තෙ තස්මිං සමයෙ “ඉද්ධිමා අයං භික්ඛූ”ති ඤත්වා අත්තනො පරික්ඛාරමාදාය “දසබලස්ස පටියත්තසක්කාරො නාම එවරූපො හොතී”ති වදන්තා අගමංසු.
ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුගෙන් මෙසේ ඇසූ සේක. රෙවත, මෙ ව්‍යාල මෘගයන්ගේ ස්ථානයෙහි චණ්ඩ හස්තීන්ගේ අශ්වයන්ගේ ශබ්ද අසා කුමක් කෙරෙහිද? ස්වාමීනි, ඔවුන් හඬ අසනවිට අරණ්‍ය ප්‍රීතිය නම් දෙයක් උපන්නේ වෙයි. ශාස්තෲන් වහන්සේ මෙතැනදී රෙවත තෙරුන් වහන්සේට ගාථා පන්සියයකින් අරණ්‍යයෙහි ආනිසංස කියා දෙවැනි දවසෙහි නුදුරු තැන පිඬු පිණිස හැසිර රෙවත තෙරුන් වහන්සේ අමතා යම් භික්ෂු කෙනෙක් විසින් තෙරුන් වහන්සේගේ නුගුණ කියන ලද්දේද ඔවුන්ට කත්තර යෂ්ටි පාවහන් තෙල්ගුලා කුඩ උපදවන ලෙස කළ සේක. ඔවුහු තමාගේ පිරිකර සඳහා නැවතුණාහු පැමිණි මගින්ම යන්නාහු ද ඒ ස්ථානය හඳුනා ගැනීමට නොහැකි වෙති. පළමුකොට අලංකාර ලෙස පිළියෙල කරන ලද මගින් ගිය අය එදවස විෂම මගින්ම යන්නාහු එතැන උක්කුටිකව හුන්නාහු දණින් යති. ඔවුහු ලැහැබ් පඳුරු කටු මඩින්නාහු තමා විසූ පැත්තේ තැනට ගොස් එහි කිහිරි කණුවක ලැගුණු තමාගේ කුඩය හඳුනා ගනිති. පාවහන කත්තර යෂ්ටිය, තෙල්ගුලාවද හඳුනා ගනිති. ඔවුහු එසමයෙහි මේ භික්ෂුව සෘද්ධි ඇත්තෙකැයි දැන තමාගේ පිරිකර ගෙන දසබලධාරීන් වහන්සේට පිළියෙල කරන ලද ලාභසත්කාර නම් මෙබඳු වේයයි කියන්නාහු ගියහ.
පුරතො ආගතෙ භික්ඛූ, විසාඛා උපාසිකා, අත්තනො ගෙහෙ නිසින්නකාලෙ පුච්ඡි – “මනාපං නු ඛො, භන්තෙ, රෙවතස්ස වසනට්ඨාන”න්ති? “මනාපං, උපාසිකෙ, නන්දවනචිත්තලතාවනපටිභාගං තං සෙනාසන”න්ති. අථ තෙසං පච්ඡතො ආගතෙ භික්ඛූ පුච්ඡි – “මනාපං, අය්යා, රෙවතස්ස වසනට්ඨාන”න්ති? “මා පුච්ඡ, උපාසිකෙ, කථෙතුං අයුත්තට්ඨානං, එතං උජ්ජඞ්ගලසක්ඛරපාසාණවිසමඛදිරවනං එව, තත්ථ සො භික්ඛු වසතී”ති.
පෙරාතුව පැමිණි භික්ෂූන් තමාගේ ගෙයි හුන්කල්හි විසාකා උපාසිකාව මෙසේ විචාළාය. ‘රෙවත හාමුදුරුවන්ගේ වසන ස්ථානය සිත් ඇදගනීද?’ ‘උපාසිකාවනි, නන්ද භවනය චිත්‍රලතාවනය හා සමානයි. ඒ සෙනසුන.’ ඉක්බිති ඔවුන්ට පසුව පැමිණි භික්ෂූන්ගෙන් ඇසුවාය. ‘ආර්යවරුනි, රෙවත හාමුදුරුවන්ගේ වසන ස්ථානය සිත් ඇදගනීද?’ ‘උපාසිකාවනි, නොඅසනු මැනවි. කීම යුතු නැති තැනකි. වල් පැළ වැඩුණු ගල්කැට ගලින් විසම වූ කිහිරි වනයක්. ඒ භික්ෂුව එසේ එහි වසයි.
විසාඛා පුරිමානං පච්ඡිමානඤ්ච භික්ඛූනං කථං සුත්වා, “කෙසං නු ඛො කථා සච්චා”ති පච්ඡාභත්තං ගන්ධමාලං ආදාය දසබලස්ස උපට්ඨානං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසින්නා සත්ථාරං පුච්ඡි – “භන්තෙ, රෙවතත්ථෙරස්ස වසනට්ඨානං එකච්චෙ අය්යා වණ්ණෙන්ති, එකච්චෙ නින්දන්ති, කිමෙතං, භන්තෙ”ති? “විසාඛෙ, රමණියං වා හොතු මා වා, යස්මිං ඨානෙ අරියානං චිත්තං රමති, තදෙව ඨානං රමණියං නාමා”ති වත්වා ඉමං ගාථමාහ –
විසාකාව කලින් ආ අයගේත් පසුව ආ අයගේත් කතාව අසා කවරකුගේ කතා සත්‍යයද කවරකුගේ අසත්‍යයද? බතින් පසු සුවඳ මල් ගෙන දසබලධාරීන් වහන්සේට උපස්ථානයට ගොස් වැඳ එකත්පසෙක හුන්නී ශාස්තෲන් වහන්සේගෙන් මෙසේ ඇසුවාය. ‘ස්වාමීනි, රෙවත තෙරණුවන්ගේ වසන ස්ථානය සමහර ආර්යයන් වහන්සේලා වර්ණනා කරති. සමහරු නින්දා කරති. ස්වාමීනි, මේ කුමක්ද? විසාකාවනි, රමණීය හෝ වේවා නොවේවා යම්තැනක ආර්යයන්ගේ සිත ඇලේද එබඳු තැන රමණීය නම් වේ යයි කියා මේ ගාථාව කී සේක.
“ගාමෙ වා යදි වාරඤ්ඤෙ, නින්නෙ වා යදි වා ථලෙ; යත්ථ අරහන්තො විහරන්ති, තං භූමිරාමණෙය්යක”න්ති. (ධ· ප· 98; ථෙරගා· 991; සං· නි· 1.261);
ගාමෙවා යදිවා රඤ්ඤෙ - නින්නෙවා යදිවා ථලෙ, යත්ථ අරහන්තො විහරන්ති - තංභූමිං රාමණෙය්යකං
ගමෙහි හෝ වනයෙහි - නිම්නයෙහි ගොඩබිමෙහි හෝ, යම්තැනක වෙසෙත්ද රහත්හු - ඒ බිම රමණීය වේ.
අපරභාගෙ භගවා අරියගණමජ්ඣෙ නිසින්නො ථෙරං “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ලාභීනං යදිදං, සීවලී”ති (අ· නි· 1.198, 207) එතදග්ගෙ ඨපෙසි.
පසු අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ ආර්යයන් මැද වැඩහුන් සේක් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් ගෙන් ලාභීන් අතර යමෙක් අග්‍රවේද ඒ සීවලීයයි තෙරුන් වහන්සේ අගතන්හි තැබූ සේක.
අථායස්මා සීවලිත්ථෙරො අරහත්තං පත්වා පත්තඑතදග්ගට්ඨානො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. අනුත්තානත්ථපදවණ්ණනමෙව කරිස්සාම.
ඉක්බිති ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේ රහත් බවට පත්ව පැමිණි අගතැන් ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාමජිනො’ යනාදිය කීහ. මෙහිදී ගැඹුරු අරුත් ඇති පද පමණක් කියන්නෙමි.
සීලං තස්ස අසඞ්ඛෙය්යන්ති තස්ස පදුමුත්තරස්ස භගවතො සීලං අසඞ්ඛෙය්යං.
සීලං තස්ස අසඞ්ඛෙය්යං යනු ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශීලය නොගිණිය හැකිය.
“නව කොටිසහස්සානි, අසීතිසතකොටියො; පඤ්ඤාසසතසහස්සානි, ඡත්තිංසා ච පුනාපරෙ.
‘නවකොටි සහස්සානි අසීතිං සතකොටියො, පඤ්ඤාසං සතසහස්සානි ඡත්තිංසාච පුනාපරෙ
නව කෙළ දහසක් හා සියකෙළ අසූවක්, සියදහස් පනසක් හා යළිත් තිස්හයක්
“එතෙ සංවරවිනයා, සම්බුද්ධෙන පකාසිතා; පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා, සික්ඛාවිනයසංවරෙ”ති. (විසුද්ධි· 1.20; පටි· ම· අට්ඨ· 1.1.37) –
‘එතෙ සංවරවිනයා සම්බුද්ධෙන පකාසිතා, පෙය්යාල මුබෙන නිද්දිට්ඨා, සික්ඛා විනය සංවරෙ
බුදුරදුන් පැවසූ - මේය සංවර විනය විනය සංවර සික - පෙය්‍යාලයෙන් දැක්විණ
එවං වුත්තසික්ඛාපදානි භික්ඛූනං සාවකපඤ්ඤත්තිවසෙන වුත්තානි. භගවතො පන සීලං අසඞ්ඛෙය්යමෙව සංඛාතුං ගණෙතුං අසක්කුණෙය්යන්ති අත්ථො. සමාධිවජිරූපමො යථා වජිරං ඉන්දනීලමණිවෙළුරියමණිඵලිකමසාරගල්ලාදීනි රතනානි විජ්ඣති ඡිද්දාවඡිද්දං කරොති, එවමෙව පදුමුත්තරස්ස භගවතො ලොකුත්තරමග්ගසමාධි පටිපක්ඛපච්චනීකධම්මෙ විජ්ඣති භින්දති සමුච්ඡින්දතීති අත්ථො. අසඞ්ඛෙය්යං ඤාණවරං තස්ස බුද්ධස්ස චත්තාරි සච්චානි සත්තතිංසබොධිපක්ඛියධම්මෙ සඞ්ඛතාසඞ්ඛතධම්මෙ ච ජානිතුං පටිවිජ්ඣිතුං සමත්ථං සයම්භූඤාණසබ්බඤ්ඤුතඤ්ඤාණාදිඤාණසමූහං අසඞ්ඛෙය්යං, අතීතානාගතපච්චුප්පන්නාදිභෙදෙන සංඛාවිරහිතන්ති අත්ථො. විමුත්ති ච අනොපමාති සංකිලෙසෙහි විමුත්තත්තා සොතාපත්තිඵලාදිකා චතස්සො විමුත්තියො අනුපමා උපමාරහිතා “ඉමා විය භූතා”ති උපමෙතුං න සක්කාති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
මෙසේ කියන ලද ශික්ෂාපද භික්ෂූන්ට ප්රඥප්ති වශයෙන් කියන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේගේ ශීලය අසංඛෙය්‍ය වේ. ගණනය කිරීමට නොහැකිය යන අර්ථයි. සමාධි වජිරූපමො යනු යම් වජ්රයක් ඉඳුනිල්මිණි. වෙරළුමිණි, පලිඟු මැසිරිගල් ආදී රත්නයන් විදීද සිදුරු කුඩා සිදුරු කරයිද, එසේම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේලාගේ ලෝකෝත්තර මාර්ග සමාධි ප්රතිපක්ෂ ප්‍රත්‍යනීක ධර්ම විජ්ඣති සිඳී සමුච්ඡේදනය කරයි යන අර්ථයි. අසඞ්ඛෙය්යං ඤාණවරං යනු ඒ බුදුවරුන්ගේ ඤාණවරං චතුරාර්ය සත්‍ය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත වූ සංඛත ධර්මයන්ද ජානිතුං ප්‍රතිවේධ කරන්ට සමර්ථ වූ ස්වයංභූඥාන, සර්වඥතා ඥාන ආදී ඥාන සමූහය අසංඛෙය්‍යං අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න ආදී භේදයෙන් සංඛ්‍යා විරහිතය යන අර්ථයි. විමුත්තිච අනුපමා යනු සංක්ලේශවලින් විමුක්ත බැවින් සෝතාපත්ති ඵල ආදීකොට ඇති විමුක්තීහු අනූපමා උපමා රහිතය. මේවා මෙසේ වූහයි උපමා කරන්ට නොහැකිය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
සීවලිත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සීවලී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.