544. වඞ්ගීසත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
544. වඞ්ගීසත්ථෙරඅපදානවණ්ණනා
544. වඞ්ගීස ථේර අපදාන වර්ණනාව
චතුත්ථාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො වඞ්ගීසත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො ධම්මං සොතුං ගච්ඡන්තෙහි නගරවාසීහි සද්ධිං විහාරං ගන්ත්වා ධම්මං සුණන්තො සත්ථාරං එකභික්ඛුං පටිභානවන්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සත්ථු අධිකාරකම්මං කත්වා – “අහම්පි අනාගතෙ පටිභානවන්තානං අග්ගො භවෙය්ය”න්ති පත්ථනං කත්වා සත්ථාරා බ්යාකතො යාවජීවං කුසලං කත්වා දෙවමනුස්සෙසු උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා මාතු පරිබ්බාජිකාභාවෙන අපරභාගෙ පරිබ්බාජකොති පාකටො වඞ්ගීසොති ච ලද්ධනාමො තයො වෙදෙ උග්ගණ්හිත්වා තතො ආචරියං ආරාධෙත්වා ඡවසීසජානනමන්තං නාම සික්ඛිත්වා ඡවසීසං නඛෙන ආකොටෙත්වා – “අයං සත්තො අසුකයොනියං නිබ්බත්තො”ති ජානාති.
සිව්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො ආදි වශයෙන් ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහාභෝග ඇති කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ දහම් ඇසීමට යන නුවරවැස්සන් සමග විහාරයට ගොස් දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ප්‍රතිභාන ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක ශාස්තෲන් වහන්සේට උවටැන් කොට ‘මම ද අනාගතයෙහි ප්‍රතිභාන ඇත්තවුන් අතර අග්‍ර වෙම්වයි ප්‍රාර්ථනාවක් කොට, ශාස්තෲන් වහන්සේ විසින් ඒ බව ප්‍රකාශ කරන ලද්දේ දිවි ඇති තෙක් කුසල්කොට දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙහි ඉපිද මව පරිබ්රාජිකාවක බැවින් පසුකලෙක පරිබ්‍රාජකයෙක් යැයි ප්රකටව වංගීස යයි ලද නම් ඇතිව වේදත්‍රය උගෙන ඉන්පසුව ගුරුවරයා සතුටුකොට මළමිනී හිස දන්නා මන්ත්‍රයක් උගෙන මිනී හිස් නියෙන් ගටා ‘මේ සත්ත්වයා අසුවල් යෝනියෙහි උපන්නේ යයි දනියි.
බ්රාහ්මණා “අයං අම්හාකං ජිවිකාය මග්ගො”ති වඞ්ගීසං ගහෙත්වා ගාමනිගමරාජධානියො විචරිංසු. වඞ්ගීසො තිවස්සමත්ථකෙ මතානම්පි සීසං ආහරාපෙත්වා නඛෙන ආකොටෙත්වා – “අයං සත්තො අසුකයොනියං නිබ්බත්තො”ති වත්වා මහාජනස්ස කඞ්ඛාච්ඡෙදනත්ථං තෙ තෙ ජනෙ ආවාහෙත්වා අත්තනො අත්තනො ගතිං කථාපෙති. තෙන තස්මිං මහාජනො අභිප්පසීදති. සො තං නිස්සාය මහාජනස්ස හත්ථතො සතම්පි සහස්සම්පි ලභති. බ්රාහ්මණා වඞ්ගීසං ආදාය යථාරුචි විචරිංසු. වඞ්ගීසො සත්ථු ගුණෙ සුත්වා සත්ථාරං උපසඞ්කමිතුකාමො අහොසි. බ්රාහ්මණා “සමණො ගොතමො මායාය තං ආවට්ටෙස්සතී”ති පටික්ඛිපිංසු.
බමුණෝ මොහු අපගේ ජීවිකාවට මාර්ගයෙකැයි වංගීස රැගෙන ගම්නියම්ගම් රජදනව්වල හැසිරුණාහුය. වංගීස වසර තුන්සියයකට පෙර මළවුන්ගේද හිස ගෙන්වාගෙන නියෙන් සූරා මේ සත්ත්වයා අසුවල් යෝනියෙහි උපන්නේ යයි කියා මහජනයාගේ සැක නැතිකරනු පිණිස ඒ ඒ මිනිසුන් ගෙන්වා තම තමා උපන් තැන කියවයි. එයින් ඔහු කෙරෙහි මහජනයා අතිශයින් පැහැදුණෝය. හේ ඒ නිසා මහජනයාගේ අතින් සියයක් දහසක් පවා ලබයි. බමුණෝ වංගීස රැගෙන හැසිරුණාහුය. වංගීස ශාස්තෲන් වහන්සේගේ ගුණ අසා ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තේ විය. බමුණෝ ශ්‍රමණ ගෞතම තෙමේ මායාවෙන් ඔහු හරවා ගන්නේයයි ප්‍රතික්ෂේප කළහ.
වඞ්ගීසො තෙසං වචනං අනාදියිත්වා, සත්ථු සන්තිකං ගන්ත්වා, පටිසන්ථාරං කත්වා, එකමන්තං නිසීදි. සත්ථා තං පුච්ඡි – “වඞ්ගීස, කිඤ්චි සිප්පං ජානාතී”ති? “ආම, භො ගොතම, ඡවසීසමන්තං නාමෙකං ජානාමි, තෙන තිවස්සමත්ථකෙ මතානම්පි සීසං නඛෙන ආකොටෙත්වා නිබ්බත්තට්ඨානං ජානාමී”ති. අථ සත්ථා තස්ස එකං නිරයෙ නිබ්බත්තස්ස සීසං, එකං මනුස්සෙසු, එකං දෙවෙසු, එකං පරිනිබ්බුතස්ස සීසං ආහරාපෙත්වා දස්සෙසි. සො පඨමසීසං ආකොටෙත්වා, “භො ගොතම, අයං සත්තො නිරයෙ නිබ්බත්තො”ති ආහ. සාධු වඞ්ගීස, සුට්ඨු තයා දිට්ඨං, “අයං සත්තො කුහිං නිබ්බත්තො”ති පුච්ඡි. “මනුස්සලොකෙ”ති. “අයං කුහි”න්ති? “දෙවලොකෙ”ති. තිණ්ණන්නම්පි නිබ්බත්තට්ඨානං කථෙසි. පරිනිබ්බුතස්ස පන සීසං නඛෙන ආකොටෙන්තො නෙව අන්තං න කොටිං පස්සි. අථ නං සත්ථා “න සක්කොසි, වඞ්ගීසා”ති පුච්ඡි. “පස්සථ, භො ගොතම, උපපරික්ඛාමි තාවාති පුනප්පුනං පරිවත්තෙත්වාපි බාහිරකමන්තෙන ඛීණාසවස්ස සීසං ජානිතුං න සක්කොති. අථස්ස මත්ථකතො සෙදො මුච්චි. සො ලජ්ජිත්වා තුණ්හී අහොසි”. අථ නං සත්ථා “කිලමසි, වඞ්ගීසා”ති ආහ. “ආම, භො ගොතම, ඉමස්ස නිබ්බත්තට්ඨානං ජානිතුං න සක්කොමි. සචෙ තුම්හෙ ජානාථ, කථෙථා”ති. “වඞ්ගීස, අහං එතම්පි ජානාමි, ඉතො උත්තරිපි ජානාමී”ති වත්වා –
වංගීස ඔවුන්ගේ වචනය නො අදහා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිළිසඳර කොට එකත්පසෙක හුන්නේය. ශාස්තෲන් වහන්සේ ඔහුගෙන් මෙසේ ඇසීය. ‘වංගීස, කිසියම් ශිල්පයක් දන්නෙහිද?’ ‘එසේය භවත් ගෞතමය, ඡවසීස නමැති මන්ත්‍රයක් දනිමි. එයින් වසර තුන්සියයකට පෙර මළවුන්ගේ වුව ද හිස නියෙන් සූරා උපන්තැන දනිමි. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට නරකයෙහි උපන්නකුගේ හිසක්ද, මිනිසුන් අතර උපන්නකුගේ හිසක්ද දෙවියන් අතර උපන්නකුගේ හිසක්ද පිරිනිවන්පෑ අයකුගේ හිසක්ද ගෙන්වා දුන්නේ ය. හේ පළමුවැනි හිස සූරා, ‘භවත් ගෞතමය, මේ සත්ත්වයා නරකයෙහි උපන්නේ යයි කීය. ‘මැනවි වංගීස! තා විසින් මැනවින් දක්නා ලදි. මේ සත්ත්වයා කොහි උපන්නේදැ’යි ඇසූ සේක. ‘මිනිස් ලොවෙහිය.’ ‘මොහු කොහිද?’ ‘දෙව්ලොව’ තිදෙනගේම උපන් තැන් කීය. පිරිනිවි අයගේ හිස නියෙන් සූරන්නේ අන්තයක් හෝ කෙළවරක් නො දකී. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ‘නොහැකිද වංගීස?’යි ඇසූ සේක. ‘බලනු මැන භවත් ගෞතමයෙනි, තවත් විමසා බලමියි නැවත නැවත පෙරලා බාහිර මන්ත්‍රයකින් ආශ්රවක්ෂය කළ කෙනකුගේ හිස දැනගන්ට නොහැකිය. ඉක්බිති ඔහුගේ හිසින් දහදිය පිටවීය. හේ ලජ්ජාවට පත්ව නිහඬවිය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට ‘වෙහෙසද වංගීසැ’යි ඇසූ සේක. ‘එසේය භවත් ගෞතමයෙනි, මොහු උපන් තැන දැනගන්ට නොහැකියි. යම්හෙයකින් ඔබ දන්නේ නම් කියන්නැ’යි. ‘වංගීස මම මෙයත් දනිමි. මීට ඉහළිනුත් දනිමි’යි කියා:
“චුතිං යො වෙදි සත්තානං, උපපත්තිඤ්ච සබ්බසො; අසත්තං සුගතං බුද්ධං, තමහං බ්රූමි බ්රාහ්මණං.
චුතිං යො වෙදි සත්තානං - උප්පත්තිංච සබ්බසො, අසන්තං සුගතං බුද්ධං - තමහං බ්රෑමි බ්රාහ්මණං
සතුන්ගේ මරණය උපත - සැම අයුරකින් දන්නා, නිබය සුගත් ඒ බුදුවර - බමුණෙකැයි මම කියනෙමි
“යස්ස ගතිං න ජානන්ති, දෙවා ගන්ධබ්බමානුසා; ඛීණාසවං අරහන්තං, තමහං බ්රූමි බ්‍රාහ්මණ”න්ති. (ධ· ප· 419-420; සු· නි· 648-649) –
යස්ස ගතිං නජානාතකි දෙවා ගන්ධබ්බ මානුසා, ඛීණාසවං අරහන්තං - තමහං බ්රෑමි බ්රාහ්මණංති
යමකු ගිය තැන නොදනිත්ද - දෙවිහු ගදඹහු මිනිස්සු, ඒ නිකෙලෙස් රහත්හු - බමුණෙකැයි මම කියනෙමි
ඉමා ද්වෙ ගාථායො අභාසි. සො තෙන හි, භො ගොතම, තං විජ්ජං මෙ දෙථාති අපචිතිං දස්සෙත්වා සත්ථු සන්තිකෙ නිසීදි. සත්ථා “අම්හෙහි සමානලිඞ්ගස්ස දෙමා”ති ආහ. වඞ්ගීසො “යං කිඤ්චි කත්වා මයා ඉමං මන්තං ගහෙතුං වට්ටතී”ති බ්රාහ්මණෙ උපගන්ත්වා ආහ – “තුම්හෙ මයි පබ්බජන්තෙ මා චින්තයිත්ථ, අහං මන්තං උග්ගණ්හිත්වා සකලජම්බුදීපෙ ජෙට්ඨකො භවිස්සාමි, තුම්හාකම්පි තෙන භද්දමෙව භවිස්සතී”ති සො මන්තත්ථාය සත්ථු සන්තිකං උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි. තදා ච ථෙරො නිග්රොධකප්පො භගවතො සන්තිකෙ ඨිතො හොති, තං භගවා ආණාපෙසි – “නිග්‍රොධකප්ප, ඉමං පබ්බාජෙහී”ති. ථෙරො සත්ථු ආණාය තං පබ්බාජෙත්වා “මන්තපරිවාරං තාව උග්ගණ්හාහී”ති ද්වත්තිංසාකාරකම්මට්ඨානං විපස්සනාකම්මට්ඨානඤ්ච ආචික්ඛි. සො ද්වත්තිංසාකාරකම්මට්ඨානං සජ්ඣායන්තොව විපස්සනාය කම්මට්ඨානං පට්ඨපෙසි. බ්රාහ්මණා තං උපසඞ්කමිත්වා – “කිං, භො වඞ්ගීස, සමණස්ස ගොතමස්ස සන්තිකෙ සිප්පං උග්ගහිත”න්ති පුච්ඡිංසු. “ආම සික්ඛිතං”. “තෙන හි එහි ගමිස්සාමා”ති. “කිං සිප්පසික්ඛනෙන, ගච්ඡථ තුම්හෙ න මය්හං තුම්හෙහි කත්තබ්බකිච්ච”න්ති. බ්රාහ්මණා “ත්වම්පි දානි සමණස්ස ගොතමස්ස වසං ආපන්නො, මායාය ආවට්ටිතො, කිං මයං තව සන්තිකෙ කරිස්සාමා”ති ආගතමග්ගෙනෙව පක්කමිංසු. වඞ්ගීසො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං සච්ඡාකාසි.
මේ ගාථා දෙක වදාළ සේක. හේ ‘එසේනම් භවත් ගෞතමය ඒ විද්‍යාව මට දෙනු මැනවැයි බුහුමන් කියා ශාස්තෲන් වහන්සේ සමීපයෙහි හුන්නේ ය. ශාස්තෲන් වහන්සේ ‘අප හා සමලිංග ඇත්තකුට දෙමි’යි කී සේක. වංගීස තෙමේ යම් කිසිවක් කියා මා විසින් මේ මන්ත්‍රය ගන්ට වටීයයි බමුණන් කරා ගොස් මෙසේ කීය. ‘මා පැවිදි වනවිට ඔබලා අමුත්තක් නොසිතන්න. මම මන්ත්‍රය ඉගෙන සියලු දඹදිව ජ්‍යෙෂ්ඨයා වන්නෙමි. ඔබලාටත් එයින් යහපතක් ම වන්නේය. හේ මන්ත්‍රය පිණිස ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ පැවිද්ද ඉල්ලීය. ඒ අවස්ථාවේ නිග්‍රොධකප්ප තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටියාහු වෙති. ‘නිග්රොධ කප්ප මොහු පැවිදි කරව’යි භාග්‍යවතුන් වහන්සේ අණ කළ සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අණින් ඔහු පැවිදි කරවා මන්ත්‍ර පරිවාසය ඉගෙන ගනුවයි ද්වත්තිංසාකාර කර්මස්ථානය, විදර්ශනා කර්මස්ථානයද කියා දුන්හ. හේ ද්වත්තිංසාකාර කර්මස්ථානය සජ්ඣායනය කරන්නේ විදර්ශනා කර්මස්ථානය එළඹවා ගත්තේය. බමුණෝ ඔහු වෙත එළඹ පින්වත් වංගීස ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි ශිල්ප ඉගෙන ගන්නහුදැයි ඇසූය. ‘එසේය උගෙන ගන්නා ලදි.’ ‘එසේනම් එන්න යන්නෙමු’. ‘තෙපි යවු. ඔබලාගෙන් මට කළයුත්තක් නැත. බමුණෝ ‘ඔහුනම් දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ වසඟයට පැමිණියේ මායාවෙන් වෙළුණේ වෙයි. තා සමීපයෙහි අපි කුමක් කරන්නෙමුදැයි ආ මගින්ම ගියහ. වංගීස විදර්ශනා වඩා රහත්බව සාක්ෂාත් කළේය.
එවං ථෙරො අරහත්තං පත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. අනුත්තානත්ථමෙව වණ්ණයිස්සාම.
මෙසේ තෙරණුවෝ රහත්බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කීහ. ගැඹුරු අර්ථ පමණක් වර්ණනා කරන්නෙමි.
පභාහි අනුරඤ්ජන්තොති සො පදුමුත්තරො භගවා නීලපීතාදිඡබ්බණ්ණපභාහි රංසීහි අනුරඤ්ජන්තො ජලන්තො සොභයමානො විජ්ජොතමානොති අත්ථො. වෙනෙය්යපදුමානි සොති පදුමුත්තරසූරියො අත්තනො වචනසඞ්ඛාතෙන සූරියරංසියා වෙනෙය්යජනසඞ්ඛාතපදුමානි විසෙසෙන බොධෙන්තො පබොධෙන්තො අරහත්තමග්ගාධිගමෙන ඵුල්ලිතානි කරොතීති අත්ථො.
පභාහි අනුරඤ්ජන්තො යනු ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නීල පීත ආදී ඡබ්බණ්ණ පභාහි සවණක් රැසින් අනුරඤ්ජන්තො දිලෙන්නේ බැබලෙන්නේ ජෝතිමත් වන්නේ යන අර්ථයි. වෙනෙය්‍ය පදුමානිසො යනු පදුමුත්තර නම් සූර්යයා තමාගේ වචන සංඛ්‍යාත සිරුරු රැසින් හික්මවිය යුතු ජනසංඛ්යාත පද්මයන් විශේෂයෙන් අවබෝධ කරවන්නේ, අර්හත් මාර්ග අධිගමයෙන් පිපුණවුන් කරයි යන අර්ථයි.
වෙසාරජ්ජෙහි සම්පන්නොති –
වෙසාරජ්ජෙහි සම්පන්නො යනු –
“අන්තරායෙ ච නිය්යානෙ, බුද්ධත්තෙ ආසවක්ඛයෙ; එතෙසු චතුට්ඨානෙසු, බුද්ධො සුට්ඨු විසාරදො”ති. –
අනතුරුවම පමුණුවානුයි නිබ්බානෙ ආශ්‍රව ක්ෂයයෙහි. ඒ තැන් හතරෙහි බුදුරජාණන් වහන්සේ මැනවින් විශාරද වනසේකැයි,
එවං වුත්තචතුවෙසාරජ්ජඤාණෙහි සම්පන්නො සමඞ්ගීභූතො සමන්නාගතොති අත්ථො.
මෙසේ කියන ලදි. චතුර්වෛශාරද්ය ඥානයෙන් යුත්. සමඞ්හිභූතො යුක්තවූයේ යන අර්ථයි.
වාගීසො වාදිසූදනොති වාදීනං පණ්ඩිතජනානං ඊසො පධානො “වාදීසො”ති වත්තබ්බෙ ද-කාරස්ස ග-කාරං කත්වා එවං වුත්තන්ති දට්ඨබ්බං. සකත්ථපරත්ථවාදං සූදති පග්ඝරාපෙති පාකටං කරොතීති වාදිසූදනො.
වංගීසො වාදි සූදනො යනු වාදීනං පණ්ඩිත ජනයන්ට ඊසො ප්‍රධාන වාදීසො යයි කියයුතු කල්හි දකාරයට ග කාරය කොට මෙසේ කියන ලදැයි දතයුතුයි. ස්වකීය අර්ථ පරාර්ථවාද සුදති වගුරුවයි ප්‍රකාශ කෙරේනුයි වාදි සුදනො.
මාරමසනාති ඛන්ධමාරාදයො පඤ්චමාරෙ මසති පරාමසති විද්ධංසෙතීති මාරමසනො. දිට්ඨිසූදනාති වොහාරපරමත්ථසඞ්ඛාතං දිට්ඨිදස්සනං සූදති පග්ඝරං දීපෙතීති දිට්ඨිසූදනො.
මාර මසනො යනු ස්කන්ධමාරාදී පස්මරුන් මසනි ස්පර්ශ කෙරේනුයි විධ්වංසනය කෙරේනුයි පරාමසනං. දිට්ඨිසූදනො යනු වොහාර පරමත්ථ සංඛ්‍යාත වූ දෘෂ්ටි දර්ශනය සූදති වගුරුවයි පැහැදිලි කරයි යන අර්ථයි.
විස්සාමභූමි සන්තානන්ති සකලසංසාරසාගරෙ සන්තානං කිලමන්තානං සොතාපත්තිමග්ගාදිඅධිගමාපනෙන විස්සමභූමි විස්සමට්ඨානං වූපසමනට්ඨානන්ති අත්ථො.
විස්සාමභූමි සත්තානං යනු සියලු සසර සයුරෙහි ක්ලාන්ත වන්නාවුන්ට සෝවාන් මාර්ග අවබෝධ නමැති මගෙහි විශ්‍රාම භූමියකි. විෂමස්ථානයකි. සංසිඳුවන ස්ථානයකි යන අර්ථයි.
තතොහං විහතාරම්භොති තතො පච්චෙකබුද්ධස්ස සරීරදස්සනෙන අහං විහතාරම්භො විනට්ඨසාරම්භො, විනට්ඨමානො නිම්මදො හුත්වා පබ්බජ්ජං සං සුට්ඨු යාචිං සංයාචිං ආරොචෙසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
තතොහං විහතා රම්භො යනු ස්ථාන වශයෙන් පසේබුදුරදුන්ගේ සිරස දැකීමෙන් මම විහතාරම්භො නැසූ උද්ධච්ච ඇත්තේ, නැසූ මාන ඇත්තේ නිර්මද වූයේ වී පැවිද්ද මැනවින් යාචිං අයැදුම් කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
වඞ්ගීසත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
වඞ්ගීස තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
545. නන්දකත්ථෙරඅපදානවණ්ණනා
545. නන්දක ථේර අපදාන වර්ණනාව
පඤ්චමාපදානෙ පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො නන්දකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරොතිආදි සබ්බං පාඨානුසාරෙන සුවිඤ්ඤෙය්යමෙවාති.
පස්වැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේය ආදී සියල්ල පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේමය.
නන්දකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
නන්දක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.