යෙදුමෙන් කියවන්න

546. කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

546. කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා

546. කාළුදායි ථේර අපදාන වර්ණනාව

ඡට‍්ඨාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො කාළුදායිත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං කුලප‍්පසාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තජ‍්ජං අභිනීහාරකම‍්මං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි. සත්‍ථාපි බ්‍යාකාසි. සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං බොධිසත‍්තස‍්ස මාතුකුච‍්ඡියං පටිසන්‍ධිග‍්ගහණදිවසෙ දෙවලොකතො චවිත්‍වා කපිලවත්‍ථුස‍්මිංයෙව අමච‍්චකුලෙ පටිසන්‍ධිං ගණ‍්හි. බොධිසත‍්තෙන සහ එකදිවසෙයෙව ජාතො, තංදිවසංයෙව නං දුකූලචුම‍්බටකෙන නිපජ‍්ජාපෙත්‍වා බොධිසත‍්තස‍්ස උපට‍්ඨානං නයිංසු. බොධිසත‍්තෙන හි සද‍්ධිං බොධිරුක‍්ඛො, රාහුලමාතා, චත‍්තාරො නිධී , ආරොහනියහත්‍ථී, කණ‍්ඩකො, ඡන‍්නො, කාළුදායීති ඉමෙ සත‍්ත එකදිවසෙ ජාතත‍්තා සහජාතා නාම අහෙසුං. අථස‍්ස නාමග‍්ගහණදිවසෙ සකලනගරස‍්ස උදග‍්ගචිත‍්තදිවසෙ ජාතත‍්තා උදායීත්‍වෙව නාමං කරිංසු. ථොකං කාළධාතුකත‍්තා පන කාළුදායීති පඤ‍්ඤායිත්‍ථ. සො බොධිසත‍්තෙන සද‍්ධිං කුමාරකීළං කීළන‍්තො වුද‍්ධිං අගමාසි.

සවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කාළුදායී තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ භික්‍ෂුවක කුල පහදන්නවුන් අතර අගතන්හි තබනු දැක එබඳු ප්‍රාර්ථනාවක් කොට ඒ තනතුර පැතීය. ශාස්තෲන් වහන්සේ විවරණ දුන් සේක. හේ දිවි ඇති තාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බෝධිසත්ත්වයන් මව්කුස පිළිසිඳ ගන්නා දවසෙහි දෙව්ලොවින් චුතව කපිල වස්තුවෙහිම ඇමති කුලයෙක පිළිසිඳ ගත්තේය. බෝසතුන් සමග එකම දවසෙහිම උපන්නේය. එදවසම ඔහු දුහුල් සුඹුළුවක හොවා බෝසතුන්ට උපස්ථානයට ගෙන ගියහ. බෝසතුන් සමග බෝධිවෘක්‍ෂය, රාහුල මාතාව, සතරමහා නිධාන, ආරෝහනී හස්තියා, කන්ථක, ඡන්න, කාළුදායී යන මේ සත්දෙන එක්දිනයෙක උපන් බැවින් සහජාත නම් වූහ. ඉක්බිති ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි උද්දාමයට පත් සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායි යැයි නමක් තැබූහ. මදක් කාළවර්ණ බැවින් කාළුදායී යැයි ප්‍රසිද්ධියට පත්විය. හේ බෝධිසත්ත්වයන් සමග කුමරකෙළි කෙළින්නේ වැඩිවියට ගියේය.

අපරභාගෙ ලොකනාථෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනුක‍්කමෙන සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තෙ සුද‍්ධොදනමහාරාජා තං පවත‍්තිං සුත්‍වා පුරිසසහස‍්සපරිවාරං එකං අමච‍්චං “පුත‍්තං මෙ ඉධානෙහී”ති පෙසෙසි. සො සත්‍ථු ධම‍්මදෙසනාවෙලායං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිවාරො අරහත‍්තං පාපුණි. අථ නෙ සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. සබ‍්බෙ තංඛණංයෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය අහෙසුං. අරහත‍්තප‍්පත‍්තතො පට‍්ඨාය අරියා නාම මජ‍්ඣත‍්තාව හොන‍්ති, තස‍්මා රඤ‍්ඤා පෙසිතසාසනං දසබලස‍්ස නාරොචෙසි. රාජා නෙව ගතො ආගච‍්ඡති, න සාසනං සුය්‍යතීති අපරම‍්පි අමච‍්චං පුරිසසහස‍්සපරිවාරං පෙසෙසි. තස‍්මිම‍්පි තථා පටිපන‍්නෙ අපරම‍්පීති එතෙන නයෙන නවපුරිසසහස‍්සපරිවාරෙ නව අමච‍්චෙ පෙසෙසි. සබ‍්බෙ ගන‍්ත්‍වා අරහත‍්තං පත්‍වා තුණ‍්හීභූතා අහෙසුං.

පසුකලෙක ලෝකනාථයන් වහන්සේ මහබිනික්මනින් නික්ම අනුක්‍රමයෙන් සියල්ල දත් බවට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු රජගහනුවර නිසා වේළුවනයෙහි වාසය කරන සේක. සුදොවුන් මහරජතුමා ඒ පුවත අසා පුරුෂයන් දහසක් පිරිවර ඇතිව එක් ඇමතියකු ‘මාගේ පුත්‍රයා මෙහි කැඳවාගෙන එවයි යැවීය. හේ ශාස්තෲන් වහන්සේ දහම් දෙසන වේලාවෙහි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පැමිණියේය. ඉක්බිති ‘මහණෙනි එවු’යයි අත දිගුකළ සේක. සියලුදෙන එකෙණෙහිම සෘද්ධිමය පාසිවුරු දරන්නාහු සියවස් සපිරූ තෙරුන් මෙන් වූහ. රහත්බවට පත්වූ තැන් පටන් ආර්යයෝ නම් මධ්‍යස්ථයෝ වෙති. ඒ නිසා යැවූ හසුන දසබලධාරීන් වහන්සේට නොදැන්වීය. රජතෙමේ ‘ගිය තැනැත්තා නොපැමිණේ. හසුනක්ද අසන්නට නොලැබේ’යයි තවත් ඇමතියකු පුරුෂයන් දහසක් පිරිවරකොට යැවීය. ඔහුද එසේ පිළිපන් කල්හි තවත් ඇමතියකුද එනයින්ම පුරුෂයන් දහසක් පිරිවර කොට ඇමතිවරු නවදෙනකු යැවීය. සියලුදෙන ගොස් රහත්බවට පත්ව නිහඬවූහ.

අථ රාජා චින‍්තෙසි – “එත‍්තකා ජනා මයි සිනෙහාභාවෙන දසබලස‍්ස ඉධාගමනත්‍ථාය න කිඤ‍්චි කථයිංසු, අයං ඛො පන උදායී දසබලෙන සමවයො සහපංසුකීළිකො, මයි ච සිනෙහවා, ඉමං පෙසෙස‍්සාමී”ති. අථ තං පක‍්කොසාපෙත්‍වා, “තාත, ත්‍වං පුරිසසහස‍්සපරිවාරො ගන‍්ත්‍වා දසබලං ඉධානෙහී”ති වත්‍වා පෙසෙසි. සො පන ගච‍්ඡන‍්තො “සචාහං, දෙව, පබ‍්බජිතුං ලභිස‍්සාමි, එවාහං භගවන‍්තං ඉධානෙස‍්සාමී”ති වත්‍වා රඤ‍්ඤා “පබ‍්බජිතොපි මම පුත‍්තං දස‍්සෙහී”ති වුත‍්තො රාජගහං ගන‍්ත්‍වා සත්‍ථු ධම‍්මදෙසනාවෙලාය පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිවාරො අරහත‍්තං පත්‍වා එහිභික‍්ඛුභාවෙ පතිට‍්ඨාසි. සො අරහත‍්තං පත්‍වා – “න තාවායං දසබලස‍්ස කුලනගරං ගන‍්තුං කාලො, වස‍්සන‍්තෙ පන උපගතෙ පබ‍්බතෙසු වනසණ‍්ඩෙසු හරිතතිණසඤ‍්ඡන‍්නාය භූමියා ගමනකාලො භවිස‍්සතී”ති ගමනකාලං ආගමෙන‍්තො වස‍්සන‍්තෙ සම‍්පත‍්තෙ සත්‍ථු කුලනගරං ගන‍්තුං ගමනවණ‍්ණං සංවණ‍්ණෙසි. වුත‍්තඤ‍්චෙතං ථෙරගාථාය (ථෙරගා· 527-530) –

ඉක්බිති රජතුමා මෙසේ සිතීය. ‘මෙපමණක් දෙන මා කෙරෙහි ස්නේහයක් නැති බැවින් දසබලධාරීන් වහන්සේ මෙහි පැමිණවීම පිණිස කිසිවක් නොකීහ. මේ උදායී වනාහි දසබලධාරීන් වහන්සේ සමග සමවයස් ඇත්තේය. එක්ව වැලිකෙළියෙහි යෙදුණේය. මා කෙරෙහිද ස්නේහවත්ය. මොහු යවන්නෙමියි ඉක්බිති ඔහු ගෙන්වා ‘දරුව, ඔබ පුරුෂයන් දහසක් පිරිවරකොට ගොස් දසබලධාරීන් වහන්සේ මෙහි ගෙන එව’යි කියා යැවීය. ඔහු යන්නේ ‘දේවයන් වහන්ස, යම් හෙයකින් පැවිදි වන්නට ලබන්නේ නම් ඒ අයුරින් මම භාග්‍යවතුන් වහන්සේ මෙහි ගෙන එන්නෙමි’යි කියා රජු විසින් ‘පැවිදි වුවද මාගේ පුත්‍රයා පෙන්වව’යි කියන ලද්දේ රජගහනුවරට ගොස් ශාස්තෲන් වහන්සේ දහම් දෙසන වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පත්ව ඒහිභික්‍ෂු භාවයෙහි පිහිටියේය. ‘තවමත් දසබලධාරීන් වහන්සේගේ කුල නුවර යාමට කාලය නොවේ. වසන්ත කාලයද නොඑළඹියේය. වන ලැහැබ් මල් පිපුණු කල්හි හරිත තෘණයෙන් භූමිය ගැවසුණු කල්හි ගමනට කාලය වන්නේය’යි ගමනට කාලය අපේක්‍ෂාවෙන් වසන්නේ වසන්තය පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේට කුලනුවරට යාමට ගමන් වර්ණනාව කළේය. මෙය ථෙර ගාථාවෙහි කියන ලද්දේය.

“අඞ‍්ගාරිනො දානි දුමා භදන‍්තෙ, ඵලෙසිනො ඡදනං විප‍්පහාය; තෙ අච‍්චිමන‍්තොව පභාසයන‍්ති, සමයො මහාවීර භාගී රසානං.

‘අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ - ඵලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තොව පභාසයන්තී - සමයො මහාවීර භාගීරසානං

හිමියනි මෙවිට රුක්හිස් සහළගුරු වගේ පරඬැල් සලා පලදැරුමට ළඟයි වගේ ඒ රුක් පහන් සිළුමෙන් බබළමින් නැගේ සැකිකුලවුන්ට අතදෙත මේ කලැයි හැඟේ

“දුමානි ඵුල‍්ලානි මනොරමානි, සමන‍්තතො සබ‍්බදිසා පවන‍්ති; පත‍්තං පහාය ඵලමාසසානා, කාලො ඉතො පක‍්කමනාය වීර.

දුමානි ඵුල්ලානි මනො රමානී - සමන්තතො සබ්බදිසා පවන්ති, පත්තං පහාය ඵලමාසයානො - කාලො ඉතො පක්කමනාය වීර

විරුවනි එරුක් මල්බර වී මනහරය සුවඳින් පුරාලයි දසදෙස පරිසරය පලබර වනුව සැරසෙයි පරඬැල් හැරය මෙතැනින් නික්මෙනට දැන් කාලය හරිය

“නෙවාතිසීතං න පනාතිඋණ‍්හං, සුඛා උතු අද‍්ධනියා භදන‍්තෙ; පස‍්සන‍්තු තං සාකියා කොළියා ච, පච‍්ඡාමුඛං රොහිනියං තරන‍්තං.

නෙවාති සීතං න පනාති උණ්හං - සුබාඋතු අද්ධනියා භදන්තෙ, පස්සන්තුතං සාකියා කොලියාච - පච්ඡාමුඛං රොහිණීං තාරයන්තං

වැඩි සීතලක් නැත වැඩි උණුසුමක් නැත මහමග යන්ට සුන්දර රිතු ගුණය ඇත රෝහිණී නදිය තරණය කර ඔබ වඩින සැකිකෝළියෝ පැලදිග දෙස බලනු ඇත

“ආසාය කසතෙ ඛෙත‍්තං, බීජං ආසාය වප‍්පති; ආසාය වාණිජා යන‍්ති, සමුද‍්දං ධනහාරකා; යාය ආසාය තිට‍්ඨාමි, සා මෙ ආසා සමිජ‍්ඣතු.

ආසාය කසතෙ ඛෙත්තං - බීජං ආසාය වජ්ජති, ආසාය වාණිජා යන්ති සමුද්දං ධන හාර කා, යාය ආසාය තිට්ඨාමි සාමෙ ආසා සමිජ්ඣතු

සිතැඟි ලෙස කෙත් සැකසේ - සිතැඟි ලෙස බිජු වැපිරේ, දනය ගෙන යන වෙළඳ ජනයා - සිතැඟි ලෙස මහ සමුදුරේ යති, මමද යම් සිතැඟියක සිටිනෙමි - එයද ඉටුවනු දකිනු රිසියෙමි

“නාතිසීතං නාතිඋණ‍්හං, නාතිදුබ‍්භික‍්ඛඡාතකං; සද‍්දලා හරිතා භූමි, එස කාලො මහාමුනි. (අ· නි· අට‍්ඨ· 1.1.225);

නාති සීතං නාති උණ්හං නාති දුබ්භික්ඛඡාතකං, සද්දලා හරිතා භූමි එස කාලො මහාමුනී

වැඩි සීතලක් නැත වැඩි උණුසුමක් නැත එතරම් දුබික් නැත සා පවසක්ද නැත තණපතින් නිල්වන් බිමක් ඇත මහමුනි තුමනි දැන් කල් එළඹිලා ඇත

“පුනප‍්පුනඤ‍්චෙව වපන‍්ති බීජං, පුනප‍්පුනං වස‍්සති දෙවරාජා; පුනප‍්පුනං ඛෙත‍්තං කසන‍්ති කස‍්සකා, පුනප‍්පුනං ධඤ‍්ඤමුපෙති රට‍්ඨං.

පුනප්පුනං යෙව වපන්ති බීජං - පුනප්පුනං වස්සති දෙවරාජා, පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා - පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

යළි යළි බිජුවට වපුරාලද්දී යළි යළි මහවැසි දහර වසිද්දී යළි යළි ගොවියන් කෙත් වපුරද්දී යළි යළි රටවෙත එයි වී ඇද්දී

“පුනප‍්පුනං යාචනකා චරන‍්ති, පුනප‍්පුනං දානපතී දදන‍්ති; පුනප‍්පුනං දානපතී දදිත්‍වා, පුනප‍්පුනං සග‍්ගමුපෙන‍්ති ඨානං.

පුනප්පුනං යාචනකා චරන්ති - පුනප්පුනං දානපතී දදන්ති, පුනප්පුනං දානපතී දදිත්‍වා - පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං

යළි යළි ඉල්ලා ඇවිදිති යදියෝ යළි යළි ඔවුනට දෙති දන්පතියෝ යළි යළි දන්දී ඒ දන්පතියෝ යළි යළි යහපත් තැනට සැපැතියෝ

“වීරො හවෙ සත‍්තයුගං පුනෙති; යස‍්මිං කුලෙ ජායති භූරිපඤ‍්ඤො; මඤ‍්ඤාමහං සක‍්කති දෙවදෙවො, තයා හි ජාතො මුනි සච‍්චනාමො.

වීරො භවෙ සත්තයුගංපුනෙති - යස්මිං කුලෙ ජායති භූරි පඤ්ඤො, මඤ්ඤාමහං සක්කති දෙව දෙවො - තයාභි ජාතො මුනි සච්චනාමො

පවුලක මහ පැනැති විරුවකු උපන්විට හත්මුතු පරපුරක් යෙයි පිරිසිදු බවට හැකිවේයයි සිතමි දෙවි දෙවි වූ ඔබට ගැළපෙයි එයින් ඔබ සත්‍යය යන නමට

“සුද‍්ධොදනො නාම පිතා මහෙසිනො, බුද‍්ධස‍්ස මාතා පන මායනාමා; යා බොධිසත‍්තං පරිහරිය කුච‍්ඡිනා, කායස‍්ස භෙදා තිදිවම‍්හි මොදති.

සුද්ධොදනො නාමපිතා මහෙසිනො - බුද්ධස්ස මාතාපන මාය නාමා, යාබොධිසත්තං පරිහරිය කුච්ඡිනා - කායස්ස භෙදා තිදිට්ඨම්හි මොදති

ඔබගේ පියතුමා සුදොවුන් නම් වේය ඔබගේ මව්තොමෝ මායා නම් වේය බෝසත් කුසදරා සිට ඈ මියැදේය ඉන්පසු තුටුවෙමින් දෙව්ලොව වැජඹේය

“සා ගොතමී කාලකතා ඉතො චුතා, දිබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතා; සා මොදති කාමගුණෙහි පඤ‍්චහි, පරිවාරිතා දෙවගණෙහි තෙහි.

සාගොතමී කාලකතා ඉතොචුතා - දිබ්බෙහිකාමෙහි සමඞ්ගිභූතා, සාමොදතී කාමගුණෙහි පඤ්චහි - පරිවාරිතා දෙවගණෙහි තෙහි

ඒ ගෝතමිය කලුරිය කොට ඉන් චුතව දෙව්ලොව කම්සැපෙහි හැම අඟකින් යුතුව පස්කම් ගුණෙන් ඈ දැන් මොනවට තුටුව සැප විඳිනීය දෙව්ගණ පිරිවර ඇතුව

“බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො; පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක, ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති. (ථෙරගා· 531-536);

[missing trans]

“අම‍්බා පනසා කපිට‍්ඨා ච, පුප‍්ඵපල‍්ලවලඞ‍්කතා; ධුවප‍්ඵලානි සවන‍්ති, ඛුද‍්දාමධුකකූපමා; සෙවමානො උභො පස‍්සෙ, ගන‍්තුකාලො මහායස‍්ස.

“ජම‍්බූ සුමධුරා නීපා, මධුගණ‍්ඩිදිවප‍්ඵලා; තා උභොසු පජ‍්ජොතන‍්ති, ගන‍්තුකාලො මහායස.

“තිණ‍්ඩුකානි පියාලානි, සොණ‍්ණවණ‍්ණා මනොරමා; ඛුද‍්දකප‍්පඵලා නිච‍්චං, ගන‍්තුකාලො මහායස.

“කදලී පඤ‍්චමොච‍්චි ච, සුපක‍්කඵලභූසිතා; උභොපස‍්සෙසු ලම‍්බන‍්ති, ගන‍්තුකාලො මහායස.

“මධුප‍්ඵලධරා නිච‍්චං, මොරරුක‍්ඛා මනොරමා; ඛුද‍්දකප‍්පඵලා නිච‍්චං, ගන‍්තුකාලො මහායස.

“හින‍්තාලතාලපන‍්තී ච, රජතක‍්ඛන්‍ධොව ජොතරෙ; සුපක‍්කඵලසඤ‍්ඡන‍්නා, ඛුද‍්දකප‍්පා මධුස‍්සවා; ඵලානි තානි ඛාදන‍්තෙ, ගන‍්තුකාලො මහායස.

[missing trans]

“උදුම‍්බරාරුණාවණ‍්ණා, සදාසුමධුරප‍්ඵලා; උභොපස‍්සෙසු ලම‍්බන‍්ති, ගන‍්තුකාලො මහායස.

“ඉත්‍ථම‍්භූතා අනෙකා තෙ, නානාඵලධරා දුමා; උභොපස‍්සෙසු ලම‍්බන‍්ති, ගන‍්තුකාලො මහායස.

“චම‍්පකා සලළා නාගා, සුගන්‍ධා මාලුතෙරිතා; සුපුප‍්ඵිතග‍්ගා ජොතන‍්ති, සුගන්‍ධෙනාභිපූජයුං; සාදරා විනතානෙව, ගන‍්තුකාලො මහායස.

“පුන‍්නාගා ගිරිපුන‍්නාගා, පුප‍්ඵිතා ධරණීරුහා; සුපුප‍්ඵිතග‍්ගා ජොතන‍්ති, සුගන්‍ධෙනාභිපූජයුං; සාදරා විනතුග‍්ගග‍්ගා, ගන‍්තුකාලො මහායස.

“අසොකා කොවිළාරා ච, සොමනස‍්සකරා වරා; සුගන්‍ධා කණ‍්ණිකා බන්‍ධා, රත‍්තවණ‍්ණෙහි භූසිතා; සාදරා විනතුග‍්ගග‍්ගා, සමයො තෙ මහායස.

“කණ‍්ණිකාරා ඵුල‍්ලිතා නිච‍්චං, සොවණ‍්ණරංසිජොතකා; දිබ‍්බගන්‍ධා පවායන‍්ති, දිසා සබ‍්බානි සොභයං; සාදරා විනතානෙව, සමයො තෙ මහායස.

“සුපත‍්තා ගන්‍ධසම‍්පන‍්නා, කෙතකී ධනුකෙතකී; සුගන්‍ධා සම‍්පවායන‍්ති, දිසා සබ‍්බාභිගන්‍ධිනො; සාදරා පූජයන‍්තාව, සමයො තෙ මහායස.

“මල‍්ලිකා ජාතිසුමනා, සුගන්‍ධා ඛුද‍්දමල‍්ලිකා; දිසා සබ‍්බා පවායන‍්ති, උභො මග‍්ගෙ පසොභයං; සාදරා තෙ පලම‍්බන‍්ති, සමයො තෙ මහායස.

“සින්‍ධුවාරා සීතගන්‍ධා, සුගන්‍ධා මාලුතෙරිතා; දිසා සබ‍්බාභිපූජෙන‍්තා, උභො මග‍්ගෙ පසොභයං; සාදරා විනතුග‍්ගග‍්ගා, සමයො තෙ මහායස.

“සීහා කෙසරසීහා ච, චතුප‍්පදනිසෙවිතා; අච‍්ඡම‍්භීතා සුරාපානෙ, මිගරාජා පතාපිනො.

“සීහනාදෙන පූජෙන‍්ති, සාදරා තෙ මිගාභිභූ; මග‍්ගම‍්හි උභතො වූළ‍්හා, සමයො තෙ මහායස.

“බ්‍යග‍්ඝා සින්‍ධවා නකුලා, සාධුරූපා භයානකා; ආකාසෙ සම‍්පතන‍්තාව, නිබ‍්භීතා යෙන කෙනචි; තෙහි තෙ සාදරා නතා, සමයො තෙ මහායස.

[missing trans]

“තිධා පභින‍්නා ඡද‍්දන‍්තා, සුරූපා සුස‍්සරා සුභා; සත‍්තප‍්පතිට‍්ඨිතඞ‍්ගා තෙ, උභො මග‍්ගෙසු කූජිනො; සාදරා හාසමානාව, සමයො තෙ මහායස.

“මිගා වරාහා පසදා, චිත්‍රාසාවයවා සුභා; ආරොහපරිණාහෙන, සුරූපා අඞ‍්ගසංයුතා; උභො මග‍්ගෙ ගායමානාව, සමයො තෙ මහායස.

“ගොකණ‍්ණා සරභා රුරූ, ආරොහපරිණාහිනො; සුරූපා අඞ‍්ගසම‍්පන‍්නා, සෙවමානාව අච‍්ඡරුං; සෙවමානා තෙහි තදා, සමයො තෙ මහායස.

“දීපී අච‍්ඡා තරච‍්ඡා ච, තුදරා වරුණා සදා; තෙ දානි සික‍්ඛිතා සබ‍්බෙ, මෙත‍්තාය තව තාදිනො; තෙ පච‍්චසෙවකා අද‍්ධා, සමයො තෙ මහායස.

“සසා සිඞ‍්ගාලා නකුලා, කලන්‍දකාළකා බහූ; කස‍්තුරා සූරා ගන්‍ධා තෙ, කෙවලා ගායමානාව.

සමයො තෙ මහායස;

“මයූරා නීලගීවා තෙ, සුසිඛා සුභපක‍්ඛිකා; සුපිඤ‍්ඡා තෙ සුනාදා ච, වෙළුරියමණිසන‍්නිභා; නාදං කරොන‍්තා පූජෙන‍්ති, කාලො තෙ පිතුදස‍්සනෙ.

“සුවණ‍්ණචිත්‍රහංසා ච, ජවහංසා විහාචරා; තෙ සබ‍්බෙ ආසයා ඡුද‍්ධා, ජිනදස‍්සනබ්‍යාවටා; මධුරස‍්සරෙන කූජන‍්ති, කාලො තෙ පිතුදස‍්සනෙ.

“හංසා කොඤ‍්චා සුනදා තෙ, චක‍්කවාකා නදීචරා; බකා බලාකා රුචිරා, ජලකාකා සරකුක‍්කුටා; සාදරාභිනාදිනො එතෙ, කාලො තෙ පිතුදස‍්සනෙ.

“චිත්‍රා සුරූපා සුස‍්සරා, සාළිකා සුවතණ‍්ඩිකා; රුක‍්ඛග‍්ගා සම‍්පතන‍්තා තෙ, උභො මග‍්ගෙසු කූජිනො; තෙසු තෙසු නිකූජන‍්ති, කාලො තෙ පිතුදස‍්සනෙ.

“කොකිලා සකලා චිත්‍රා, සදා මඤ‍්ජුස‍්සරා වරා; විම‍්හාපිතා තෙ ජනතං, සද‍්ධිමිත‍්තාදිකෙ සුරා; සරෙහි පූජයන‍්තාව, කාලො තෙ පිතුදස‍්සනෙ.

[missing trans]

“භිඞ‍්කා කුරරා සාරා, පූරිතා කානනෙ සදා; නින‍්නාදයන‍්තා පවනං, අඤ‍්ඤමඤ‍්ඤසමඞ‍්ගිනො; ගායමානා සරෙනෙව, කාලො තෙ පිතුදස‍්සනෙ.

“තිත‍්තිරා සුසරා සාරා, සුසරා වනකුක‍්කුටා; මඤ‍්ජුස‍්සරා රාමණෙය්‍යා, කාලො තෙ පිතුදස‍්සනෙ.

“සෙතවාලුකසඤ‍්ඡන‍්නා, සුපතිත්‍ථා මනොරමා; මධුරොදකසම‍්පුණ‍්ණා, සරා ජොතන‍්ති තෙ සදා; තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා ච, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“කුම‍්භීරාමකරාකිණ‍්ණා, වලයා මුඤ‍්ජරොහිතා; මච‍්ඡකච‍්ඡපබ්‍යාවිද‍්ධා, සරා සීතොදකා සුභා; තත්‍ථ න‍්හත්‍වා පිවිත්‍වා ච, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“නීලුප‍්පලසමාකිණ‍්ණා, තථා රත‍්තුප‍්පලෙහි ච; කුමුදුප‍්පලසංකිණ‍්ණා, සරා සොභන‍්තිනෙකධා; තත්‍ථ සීතලකා තොයා, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“පුණ‍්ඩරීකෙහි සඤ‍්ඡන‍්නා, පදුමෙහි සමොහතා; උභො මග‍්ගෙසු සොභන‍්ති, පොක‍්ඛරඤ‍්ඤො තහිං තහිං; තත්‍ථොදකානි න‍්හායන‍්ති, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“සෙතපුලිනසංකිණ‍්ණා, සුපතිත්‍ථා මනොරමා; සීතොදකමහොඝෙහි, සම‍්පුණ‍්ණා තා නදී සුභා; උභො මග‍්ගෙහි සන්‍දන‍්ති, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“මග‍්ගස‍්ස උභතොපස‍්සෙ, ගාමනිගමසමාකුලා; සද‍්ධා පසන‍්නා ජනතා, රතනත‍්තයමාමකා; තෙසං සම‍්පුණ‍්ණසඞ‍්කප‍්පො, සමයො තෙ ඤාතිදස‍්සනෙ.

“තෙසු තෙසු පදෙසෙසු, දෙවා මානුස‍්සකා උභො; ගන්‍ධමාලාභිපූජෙන‍්ති, සමයො තෙ ඤාතිදස‍්සනෙ”ති.

[missing trans]

එවං ථෙරො සට‍්ඨිමත‍්තාහි ගාථාහි සත්‍ථු ගමනවණ‍්ණං සංවණ‍්ණෙසි. අථ ඛො භගවා “කාළුදායී මම ගමනං පත්‍ථෙති, පූරෙස‍්සාමිස‍්ස සඞ‍්කප‍්ප”න‍්ති තත්‍ථ ගමනෙ බහූනං විසෙසාධිගමං දිස‍්වා වීසතිසහස‍්සඛීණාසවපරිවුතො රාජගහතො අතුරිතචාරිකාවසෙන වුත‍්තප‍්පකාරඵලාඵලෙ අනුභවන‍්තො ද‍්විපදචතුප‍්පදාදිසමූහානං සෙවනපූජාය පූජියමානො වුත‍්තප‍්පකාරසුගන්‍ධපුප‍්ඵගන්‍ධෙහි ගන්‍ධියමානො ගාමනිගමවාසීනං සඞ‍්ගහං කුරුමානො කපිලවත්‍ථුගාමිමග‍්ගං පටිපජ‍්ජි. ථෙරො ඉද‍්ධියා කපිලවත්‍ථුං ගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො ආකාසෙ ඨිතො අදිට‍්ඨපුබ‍්බං වෙසං දිස‍්වා, රඤ‍්ඤා – “කොසි ත්‍ව”න‍්ති පුච‍්ඡිතො “සචෙ අමච‍්චපුත‍්තං තයා භගවතො සන‍්තිකෙ පෙසිතං න ජානාසි, එවං ජානාහී”ති වදන‍්තො –

මේ ආදී වූ සැටක් පමණ ගාථාවලින් ශාස්තෲන් වහන්සේගේ ගමන වර්ණනා කළේය. ඉක්බිති භාග්‍යවතුන් වනහන්සේ ‘කාළුදායී මාගේ ගමන ප්‍රාර්ථනා කරයි. ඔහුගේ සංකල්පය සම්පූර්ණ කරන්නෙමි’යි එහි යාමෙන් බොහෝ දෙනකුන්ට සිදුවන විශේෂ අධිගමය දැක විසිදහසක් ක්‍ෂීණාශ්‍රවයන් විසින් පිරිවරන ලද්දාහු රජගහනුවර සිට අතුරිත චාරිකා වශයෙන් ප්‍රීතිසුඛ අනුභව කරන සේක් ද්විපද චතුෂ්පද ආදීන්ගේ සේවන පූජාවෙන් පුදනු ලබන සේක් කියන ලද ආකාරයේ මල් සුවඳින් සුවඳවත් කරනු ලබන සේක් ගම්වැසියන්ට සංග්‍රහ කරමින් කපිලවස්තුවට දිවෙන මාර්ගයට පිළිපන් සේක. තෙරුන් වහන්සේ සෘද්ධියෙන් කපිලවස්තුවට ගොස් රජු ඉදිරියෙහි අහසෙහි සිටියාහු නොදුටුවිරූ වේශය දැක රජු විසින් ‘ඔබ කවරෙක්දැ’යි විචාරන ලද්දාහු ‘ඔබ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට යවන ලද අමාත්‍ය පුත්‍රයා නොහඳුනහිද, හේ මම යයි දනු මැනව’යි පෙන්වන්නාහු –

“බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො; පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක, ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති. (ථෙරගා· 536) – ගාථමාහ;

බුද්ධස්ස පුත්තොම්හි අසය්‍ය සාහිනො, අඞ්ගීරසප්පටිමස්ස තාදිනො, පිතූපිතා මය්හං තුවංසි සක්ක, ධම්මෙන මෙ ගොතම අය්‍යකොසී ති

ඇසැහි සැහි වූ අංගිරස වූ තාදි ගුණ ගණ යුතු අසම සම වූ බුදුපියාණන් වහන්සේගේ මම පුතු මාපියාණන් පියා වෙති ඔබවහන්සේ සැකිකුල ගොතු සොබාවෙන් මත් ඔබවහන්සේ වන සේක මාගේ මුතු

තත්‍ථ බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හීති සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස උරෙ වායාමජනිතාහි ධම‍්මදෙසනාහි ජාතතාය ඔරසපුත‍්තො අම‍්හි. අසය‍්හසාහිනොති අභිසම‍්බොධිතො පුබ‍්බෙ ඨපෙත්‍වා මහාබොධිසත‍්තං අඤ‍්ඤෙහි සහිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හස‍්ස සකලබොධිසම‍්භාරස‍්ස, මහාකරුණාකරස‍්ස ච සහනතො තතො පරම‍්පි අඤ‍්ඤෙහි සහිතුං අභිභවිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හානං පඤ‍්චන‍්නං මාරානං සහනතො අභිභවනතො ආසයානුසයචරිතාධිමුත‍්තිආදිවිභාගාවබොධෙන යථාරහං වෙනෙය්‍යානං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි අනුසාසනීසඞ‍්ඛාතස‍්ස අඤ‍්ඤෙහි අසය‍්හස‍්ස බුද‍්ධකිච‍්චස‍්ස සහනතො තත්‍ථ වා සාධුකාරීභාවතො අසය‍්හසාහිනො. අඞ‍්ගීරසස‍්සාති අඞ‍්ගීකතසීලාදිසම‍්පත‍්තිකස‍්ස. “අඞ‍්ගමඞ‍්ගෙහි නිච‍්ඡරණකඔභාසස‍්සා”ති අපරෙ. කෙචි පන “අඞ‍්ගීරසො සිද‍්ධත්‍ථොති ඉමානි ද‍්වෙ නාමානි පිතරායෙව ගහිතානී”ති වදන‍්ති. අප‍්පටිමස‍්සාති අනුපමස‍්ස ඉට‍්ඨාදීසු තාදිලඛණසම‍්පත‍්තියා තාදිනො. පිතුපිතා මය‍්හං තුවංසීති අරියජාතිවසෙන මය‍්හං පිතු සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ලොකවොහාරවසෙන ත්‍වං පිතා අසි. සක‍්කාති වංසෙන රාජානං ආලපති. ධම‍්මෙනාති සභාවෙන අරියජාතිලොකියජාතීහි ද‍්වින‍්නං ජාතීනං සභාවසමොධානෙන. ගොතමාති ගොත‍්තෙන රාජානං ආලපති. අය්‍යකොසීති පිතාමහො අහොසි. එත්‍ථ ච “බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හී”තිආදිං වදන‍්තො ථෙරො අඤ‍්ඤං බ්‍යාකාසි.

එහි බුද්ධස්ස පුත්තොම්හි යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි උත්සාහ ඇතිකරන ධර්මදේශනාවලින් උපන් බැවින් ඖරස පුත්‍රයා වෙමි. අසය්හ සාහිනො යනු අභිසම්බෝධියට පෙර මහාබෝධි සත්ත්වයන් හැර අන්‍යයන් විසින් අභිභවනය කිරීමට නොහැකි බැවින් අසය්හස්ස සකලබෝධි සම්බාරයන් ඇති මහා කාරුණිකයාණන්ටද සහනතො එයින් මත්තෙහිද අන්‍යයන් විසින් සහිතුං අභිභවනය කිරීමට නොහැකි බැවින් පැරදවිය නොහැකි පස්මරුන් සහනතො අභිභවනය කරන බැවින් ආසය අනුසය චරිතාධිමුක්ති ආදී විභාගයන් අවබෝධ කිරීමෙහි සුදුසු පරිදි හික්මවිය යුත්තන්ට දිට්ඨධම්මික සම්පරායික පරමත්ථ ධර්මයන්ගෙන් අනුශාසනීය සංඛ්‍යාත වූ අන්‍යයන් විසින් අභිභවනය කළ නොහැකි බුදුකිස අභිභවනය කරන බැවින් එහි හෝ යහපත කරන බැවින් අසය්හ සාහිනො නොපැරදවිය හැක්කවුන් පරදවන. අඞ්ගීරසස්ස යනු වැළඳගත් ශීලාදී සම්පත් ඇති. ඇතැම් කෙනෙක් අංගීරස, සිද්ධත්‍ථ යන මේ නම්දෙක පියා විසින්ම තබන ලද්දේ යයි කියති. අප්පටිමස්ස යනු අනූපම වූ. ඉටු අනිටු තාදී ලක්‍ෂණ සම්පතින් තාදිනා පිතුපිතා මය්හං තුවංසි යනු ආර්ය ජාති වශයෙන් මාගේ පියා වූ සම්මා සම්බුදු වූ ලෝකව්‍යවහාර වශයෙන් ඔබ පියා වෙහි. සක්කා යනු ජාති වශයෙන් රජුන්ට කියයි. ධම්මෙන යනු ස්වභාවයෙන් ආර්යජාති ලෞකික ජාති යන ජාති දෙකෙහි ස්වභාව එකට ගැනීමෙන්. ගොතම යනු ගෝත්‍රයෙන් රජුන්ට කියයි. අය්‍යකොසි යනු මුත්තා විය. මෙහිද බුද්ධස්ස පුත්තොම්හි යන ආදිය කියන්නාහු තෙරුන්වහන්සේ රහත් බව ප්‍රකාශ කළහ.

එවං පන අත‍්තානං ජානාපෙත්‍වා හට‍්ඨතුට‍්ඨෙන රඤ‍්ඤා මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො පටියාදිතස‍්ස නානග‍්ගරසභොජනස‍්ස පත‍්තං පූරෙත්‍වා පත‍්තෙ දින‍්නෙ ගමනාකාරං දස‍්සෙසි. “කස‍්මා ගන‍්තුකාමත්‍ථ, භුඤ‍්ජථා”ති වුත‍්තෙ, සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා භුඤ‍්ජිස‍්සාමීති. කහං පන සත්‍ථාති? වීසතිසහස‍්සභික‍්ඛුපරිවාරො තුම‍්හාකං දස‍්සනත්‍ථාය මග‍්ගං පටිපන‍්නොති. තුම‍්හෙ ඉමං පිණ‍්ඩපාතං භුඤ‍්ජථ, අඤ‍්ඤං භගවතො හරථ. යාව ච මම පුත‍්තො ඉමං නගරං පාපුණාති, තාවස‍්ස ඉතොයෙව පිණ‍්ඩපාතං හරථාති. ථෙරො භත‍්තකිච‍්චං කත්‍වා රඤ‍්ඤො ච පරිසාය ච ධම‍්මං දෙසෙත්‍වා සත්‍ථු ආගමනතො පුරෙතරමෙව රාජනිවෙසනං රතනත‍්තයගුණෙසු අභිප‍්පසන‍්නං කරොන‍්තො සබ‍්බෙසං පස‍්සන‍්තානංයෙව සත්‍ථු ආහරිතබ‍්බභත‍්තපුණ‍්ණං පත‍්තං ආකාසෙ විස‍්සජ‍්ජෙත්‍වා සයම‍්පි වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පිණ‍්ඩපාතං උපනෙත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපෙසි. සත්‍ථාපි තං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජි. එවං සට‍්ඨියොජනං මග‍්ගං දිවසෙ දිවසෙ යොජනං ගච‍්ඡන‍්තස‍්ස භගවතො රාජගෙහතො භත‍්තං ආහරිත්‍වා අදාසි. භගවා කමෙන කපිලවත්‍ථුනගරං පත්‍වා පුනදිවසෙ රාජවීථියං පිණ‍්ඩාය චරති. තං සුත්‍වා සුද‍්ධොදනමහාරාජා තත්‍ථ ගන‍්ත්‍වා, “මා එවං කත‍්තබ‍්බං මඤ‍්ඤි, නයිදං රාජවංසප‍්පවෙණී”ති. “අයං තුම‍්හාකං, මහාරාජ, වංසො, ඊදිසො අම‍්හාකං පන බුද‍්ධවංසො”ති වත්‍වා –

මෙසේ තමා හඳුන්වා තුටුපහටු වූ රජු විසින් මාහැඟි පුටුවක හිඳවා තමාට පිළියෙල කරන ලද නානා අග්‍රරස බොජුනින් පාත්‍රය පුරවා දුන්කල්හි යන ආකාරයක් දැක්වූහ. ‘කුමක් හෙයින් යන්ට කැමැත්තේ මෙහි වළඳවුදැයි කීකල්හි ‘ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වළඳන්නෙමි. ‘ශාස්තෲන් වහන්සේ කොහිද?’ ‘විසිදහසක් භික්‍ෂූන් පිරිවරා ඔබතුමා දකින්නට මාර්ගයට පිළිපන් සේක. ‘ඔබවහන්සේ මේ පිණ්ඩපාතය වළඳන්න. වෙනෙකක් භාග්‍යවතුන් වහන්සේට ගෙනයන්න. යම්තාක් මාගේ පුත්‍රයා මේ නගරයට පැමිණෙන සේක්ද, ඒ තාක් උන්වහන්සේට මෙහෙන් පිණ්ඩපාතය ගෙනයන්න. තෙරුන් වහන්සේ බත්කිස කොට රජුටද පිරිසටද දහම් දෙසා ශාස්තෲන් පැමිණීමට පෙරාතුවම සියලු රජමැදුර රත්නත්‍රය ගුණයෙහි අතිප්‍රසන්න කරන්නාහු පැහැදුණවුන් සියලු දෙනටම ශාස්තෲන් වහන්සේට ගෙන ආයුතු බතින් පිරුණු පාත්‍රය අහසෙහි යවා තමාද අහසට පැනනැගී පිණ්ඩපාතය ගෙන්වා ශාස්තෲන් වහන්සේගේ අතෙහි තැබූහ. ශාස්තෲන් වහන්සේ එය වැළඳූ සේක. මෙසේ සැටයොදුන් මග දවසක් දවසක් පාසා යන්නා වූ භාග්‍යවතුන් වහන්සේට රජගහනුවරින් බත් ගෙනවුත් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ක්‍රමයෙන් කපිලවස්තු නුවරට පැමිණ දෙවන දවසෙහි රජවීදියෙහි පිඬු පිණිස හැසිරෙන සේක. ඒ අසා සුදොවුන් මහරජතුමා එහි ගොස් ‘මෙසේ නොකළ යුතුය. මෙය රාජ වංශ ප්‍රවේණිය නොවේ’. ‘මහරජ, මේ ඔබගේ ප්‍රවේණියයි. අපගේ බුද්ධවංශය මෙබඳුය’යි කියා –

“උත‍්තිට‍්ඨෙ නප‍්පමජ‍්ජෙය්‍ය, ධම‍්මං සුචරිතං චරෙ; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ, ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හිච

නොපමාව නැගිටිනු - සුසිරිත් දම්හි හැසිරෙනු දම් සැරි තැනැත්තේ - මෙලොව පරලොව වෙසේ සුවසේ

“ධම‍්මං චරෙ සුචරිතං, න නං දුච‍්චරිතං චරෙ; ධම‍්මචාරී සුඛං සෙති, අස‍්මිං ලොකෙ පරම‍්හි චා”ති. (ධ· ප· 168-169) –

ධම්මං චරෙ සුචරිතං - නනං දුච්චරිතං චරෙ, ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්භි පරම්භිච

සුසිරිස් දම්හි හැසිරෙනු - නොහැසිරෙනු දුසිරිත් දම්හි, දම්සැරි තැනැත්තේ - මෙලොව පරලොව වෙසේ සුවසේ

ධම‍්මං දෙසෙසි. රාජා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තතො රාජා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා සකමන්‍දිරෙ භොජෙත්‍වා සම‍්පවාරෙත්‍වා භොජනාවසානෙ ධම‍්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) සුත්‍වා සපරිසො අනාගාමිඵලෙ පතිට‍්ඨහි. අපරභාගෙ සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා නිපන‍්නොව අරහත‍්තං පත්‍වා පරිනිබ‍්බායි.

දහම් දෙසූ සේක. රජතුමා සෝවාන් පෙලෙහි පිහිටියේය. ඉන්පසු රජතුමා බුදුපාමොක් භික්‍ෂු සංඝයාට ආරාධනාකොට සිය මැදුරෙහි වළඳවා පවරා වළඳා අවසන්හි ධර්මපාල ජාතකය අසා පිරිස් සහිතව අනාගාමී ඵලයෙහි පිහිටියේය. පසුකලෙක සේසතයට වැදහොත්තේම රහත්බවට පැමිණ පිරිනිවන් පෑයේය.

තතො භගවා රාහුලමාතුයා බිම‍්බාදෙවියා පාසාදං ගන‍්ත්‍වා තස‍්සා ධම‍්මං දෙසෙත්‍වා සොකං විනොදෙත්‍වා චන්‍දකින‍්නරීජාතකදෙසනාය (ජා· 1.14.18 ආදයො) පසාදං ජනෙත්‍වා නිග්‍රොධාරාමං අගමාසි. අථ බිම‍්බාදෙවී පුත‍්තං රාහුලකුමාරං ආහ – “ගච‍්ඡ, තව පිතු සන‍්තකං ධනං යාචාහී”ති. කුමාරො “දායජ‍්ජං , මෙ සමණ, දෙහී”ති වත්‍වා භගවන‍්තං අනුබන්‍ධිත්‍වා, “සුඛා, තෙ සමණ, ඡායා”ති වදන‍්තො ගච‍්ඡති. තං භගවා නිග්‍රොධාරාමං නෙත්‍වා “ලොකුතරදායජ‍්ජං ගණ‍්හාහී”ති වත්‍වා පබ‍්බාජෙසි. අථ භගවා අරියගණමජ‍්ඣෙ නිසින‍්නො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං කුලප‍්පසාදකානං යදිදං කාළුදායී”ති (අ· නි· 1.219, 225) ථෙරං එතදග‍්ගෙ ඨපෙසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාහුලමාතාව වූ බිම්බා දේවියගේ ප්‍රාසාදයට වැඩමවා ඇයට දහම් දෙසා ශෝකය පහකොට චන්දකින්නර ජාතක ධර්ම දේශනාවෙන් ප්‍රසාදය දනවා නිග්‍රෝධාරාමයට වැඩි සේක. ඉක්බිති බිම්බාදේවිය පුත්‍ර වූ රාහුල කුමාරයාට මෙසේ කීවාය. ‘යන්න පියසතු ධනය ඉල්ලන්න’. කුමාරයා ‘දායාදය දෙන්නැ’යි කියා භාග්‍යවතුන් වහන්සේ අනුව ගියෙය්. ‘ශ්‍රමණයන් වහන්ස, ඔබගේ සෙවනැල්ල සැපය’යි කියමින් යයි. භාග්‍යවතුන් වහන්සේ ඔහු නිග්‍රෝධාරාමයට කැඳවා ‘ලෝකෝත්තර දායාදය ගන්නැ’යි කියා පැවිදි කරවූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආර්ය ගණයා මැද වැඩහුන් සේක් ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන්ගෙන් යම් කෙනෙක් කුලයන් පහදවන්නවුන් අතර අග්‍රවේද ඒ කාළුදායී යයි උන්වහන්සේ අගතන්හි තැබූ සේක.

ථෙරො පත‍්තඑතදග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිගාථායො අභාසි. තත්‍ථ අනුත‍්තානපදමෙව වණ‍්ණයිස‍්සාම.

තෙරුන් වහන්සේ පැමිණි අගතැන් ඇත්තාහු තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදි ගාථා කීහ. මෙහි ගැඹුරු පද පමණක් වර්ණනා කරන්නෙමි.

ගුණාගුණවිදූති ගුණඤ‍්ච අගුණඤ‍්ච ගුණාගුණං, වණ‍්ණාවණ‍්ණං, කුසලාකුසලං වා තං ජානාතීති ගුණාගුණවිදූ. කතඤ‍්ඤූති අඤ‍්ඤෙහි කතගුණං ජානාතීති කතඤ‍්ඤූ, එකදිවසම‍්පි භත‍්තදානාදිනා කතූපකාරස‍්ස රජ‍්ජම‍්පි දාතුං සමත්‍ථත‍්තා කතඤ‍්ඤූ. කතවෙදීති කතං වින්‍දති අනුභවති සම‍්පටිච‍්ඡතීති කතවෙදී. තිත්‍ථෙ යොජෙති පාණිනෙති සබ‍්බසත‍්තෙ නිබ‍්බානපවෙසනුපායෙ කුසලපථෙ මග‍්ගෙ ධම‍්මදෙසනාය යොජෙති සම‍්පයොජෙති පතිට‍්ඨාපෙතීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙව. ගමනවණ‍්ණනගාථානමත්‍ථො ථෙරගාථායං වුත‍්තොයෙවාති.

ගුණාගුණ විදු යන ගුණයද අගුණයද ගුණාගුණ නමි. වර්ණ, අවර්ණ, කුසල අකුසල හෝ දනීනුයි ගුණාගුණ විදු නමි. කතඤ්ඤු යනු අනුන් විසින් කරන ලද ගුණ දනීනුයි කතඤ්ඤු නමි. එක් දවසක් හෝ බත් දීම් ආදියෙන් කරන ලද උපකාරයට රාජ්‍යය වුවද දීමට සමර්ථ බැවින් කතඤ්ඤු නමි. කතවේදී යනු කරන ලද දෙය විඳගනී. අනුභව කරයි පිළිගනීනුයි කෘතවේදී නමි. තිත්‍ථෙ යොජෙනි පාණිනො යනු සියලු සතුන් නිර්වාණයට ප්‍රවේශ වීමේ උපායෙහි කුසලපථෙ මාර්ගයෙහි දහම් දෙසීමෙන් යොදවයි. මැනවින් යොදවයි. පිහිටුවයි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේමය. ගමන වර්ණනාවෙහි ගාථාවන්ගේ අර්ථය ථෙරගාථා අටුවාවෙහි කියන ලද්දේමය.

කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කාළුදායී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.