යෙදුමෙන් කියවන්න

546. කාළුදායිත්‍ථෙරාපදානං

546. කාළුදායිත්‍ථෙරාපදානං

546. කාළුදායි ස්ථවිරාවදානය

6187. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මෙසු චක‍්ඛුමා, ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො.

6187. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි විනිවිද දක්නා නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.

6188. නායකානං වරො සත්‍ථා ගුණාගුණවිදූ ජිනො, කතඤ‍්ඤූ කතවෙදී ච තිත්‍ථෙ යොජෙති පාණිනො

6188. නායකයන් අතුරෙහි උතුම් වූ ගුණ - අගුණ දැය මේ මේ ය යි දන්නා වූ (දෙවිමිනිසුන්හට) ශාස්තෘ වූ කෙළෙහිගුණ දන්නා වූ කෙළෙහි ගුණ නැවත නැවත සිහි කරන්නා වූ බුදුරජ තෙම සත්ත්‍වයන් තීර්‍ත්‍ථයෙහි (නිවන්මගෙහි) යොදයි.

6189. සබ‍්බඤ‍්ඤුතෙන ඤාණෙන තුලයිත්‍වා දයාසයො, දෙසෙති පවරං ධම‍්මං අනන‍්තගුණසඤ‍්චයො.

6189. අනන්තගුණ පිණ්ඩයක් බඳු වූ දයාවට වාසස්ථාන වූ (ඒ සර්‍වඥ තෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් මෙන්) සත්ත්‍වයන්ගේ ආසයානුසය (චරිතාධිමූක්තීන්) විමසා බලා උතුම් වූ ධර්‍මය දෙසයි.

6190. ස කදාචි මහාවීරො අනන‍්තජනසංසදි, දෙසෙති මධුරං ධම‍්මං චතුසච‍්චුපසංහිතං.

6190. ඒ මහාවීර වූ බුදුරජ තෙම කිසි කලෙක්හි අනන්තජනයා ගෙන් යුත් සබමැද සිව්සස් දහම් සහිත වූ මිහිරි ධර්‍මය දේශනා කරයි.

6191. සුත්‍වාන තං ධම‍්මවරං ආදිමජ‍්ඣන‍්තසොභනං, පාණසතසහස‍්සානං ධම‍්මාභිසමයො අහු.

6191. ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ ඒ උතුම් ධර්‍මය අසා සියක් දහසක් ප්‍රාණීන්හට ධර්‍මාවබෝධය විය.

6192. නින‍්නාදිතා තදා භූමී ගජ‍්ජිංසු ච පයොධරා, සාධුකාරං පවත‍්තෙසුං දෙවබ්‍රහ‍්මනරාසුරා.

6192. එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූ ය. මේඝයෝ ගර්‍ජනය කළාහු ය. දෙව් බඹ මිනිස් අසුර යන මොහු සාධුනාද පැවැත් වූහ.

6193. අහො කාරුණිකො සත්‍ථා අහො සද‍්ධම‍්මදෙසනා, අහො භවසමුද‍්දම‍්හි නිමුග‍්ගෙ උද‍්ධරී ජිනො.

6193. කාරුණික වූ ශාස්තෘ තෙමේ ආශ්චර්‍ය්‍යයෙකි. සදහම් දෙසුම ද ආශ්චර්‍ය්‍යයකි. සර්‍වඥතෙම භවසයුරෙහි ගිලුනවුන් ගොඩනැගී ය. ආශ්චර්‍ය්‍යයෙකි.

6194. එවං පවෙදජාතෙසු සනරාමරබ්‍රහ‍්මසු, කුලප‍්පසාදකානග‍්ගං සාවකං වණ‍්ණයී ජිනො.

6194. මෙසේ දෙවිබඹුන් සහිත වූ මිනිසුන් ප්‍රීතියෙන් ඇලලී ගිය කල්හි බුදුරජතෙම කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි ශ්‍රාවකයකු පැසසී ය.

6195. තදාහං හංසවතියං ජාතොමච‍්චකුලෙ අහුං, පාසාදිකො දස‍්සනීයො පහූතධනධඤ‍්ඤවා.

6195. එකල්හි මම හංසවතී නගරයෙහි ඇමතිකුලයක උපනෙම් දුටුවන් පහදවන්නා වූ, දැකුම්කලු වූ, සමෘද්ධ වූ ධනධාන්‍ය ඇති කෙනෙක් වීමි.

6196. හංසාරාම මුපෙච‍්චාහං වන්‍දිත්‍වා තං තථාගතං, සුණිත්‍වා මධුරං ධම‍්මං කාරං කත්‍වා ච තාදිනො.

6196. මම හංසාරාමයට එළඹ ඒ බුදුරජුන්හට වැඳ මිහිරි දහම් අසා තාදීගුණ ඇති ඒ බුදුරජුන්හට සත්කාර කොට -

6197. නිපච‍්ච පාදමූලෙහං ඉමං වචනමබ්‍රවිං, කුලප‍්පසාදකානග‍්ගො යො තයා සන්‍ථුතො මුනෙ.

6197-6199. මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී මේ වදන් කීමි: “මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි යම් ශ්‍රාවකයෙක් තෙම පසසනලද ද, වීරයන් වහන්ස, මම ද ශ්‍රේෂ්ඨ වූ බුදුවරයකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ) ශ්‍රාවකයෙක් වෙමැ” යි කීමි. එකල්හි මහා කාරුණික වූ බුදුරජ තෙමේ මට අමා ඉසින්නාක් මෙන් “පුතණුවෙනි, නැගිටුව. ඒ මනදොළ ලබනෙහි ය. බුදුවරයකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේ දැයි” මට වදාළේ ය.

6198. තාදිසො හොමහං වීර බුද‍්ධසෙට‍්ඨස‍්ස සාසනෙ, තදා මහාකාරුණිකො සිඤ‍්චන‍්තො’වාමතෙන මං. -

6199. ආහ මං පුත‍්ත උත‍්තිට‍්ඨ ලච‍්ඡසෙ තං මනොරථං, කථං නාම ජිනෙ කාරං කත්‍වාන විඵලො සියා.

6200. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුසලම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

6200. මෙයින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

6201. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, උදායි නාම නාමෙන හෙස‍්සති සත්‍ථු සාවකො.

6201. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ, නමින් උදායී නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය යි ද වදාළේ ය.

6202. තං සුත්‍වා මුදිතො හුත්‍වා යාවජීවං තදා ජිනං, මෙත‍්තචිත‍්තො පරිචරිං පච‍්චයෙහි විනායකං.

6202. එකල්හි එයඅසා සතුටු වූයෙම් මෙත් සිත් ඇත්තෙම් විශිෂ්ටනායක වූ බුදුරජුන්හට සිවුපසයෙන් උවටන් කෙළෙමි.

6203. තෙන කම‍්මවිපාකෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

6203. ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.

6204. පච‍්ඡිමෙ ච භවෙ’දානි රම‍්මෙ කාපිලවත්‍ථවෙ, ජාතො මහාමච‍්චකුලෙ සුද‍්ධොදනමහීපතෙ.

6204. දැන් මේ අන්තිම භවයෙහි රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි සුද්ධෝදන මිහිපතිහුගේ මහඇමතිකුලයෙහි උපන්නේ වෙමි.

6205. යදා අජායි සිද‍්ධත්‍ථො රම‍්මෙ ලුම‍්බිනිකානනෙ, හිතාය සබ‍්බලොකස‍්ස සුඛාය ච නරාසභො.

6205. යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බෝසත් තෙමේ සව්ලොවට හිතපිණිස ද රම්‍ය වූ ලුම්බිනි සල්උයනෙහි දී (මව් කුසින්) බිහි වී ද,

6206. තදහෙව අහං ජාතො සහ තෙනෙව වඩ‍්ඪිතො, පියො සහායො දයිතො වියත‍්තො නීතිකොවිදො.

6206. එදවස් ම මම ද උපනෙම් ඒ බෝසත් සිදුහතුන් සමග ම වැඩුනෙම් (ඔහුට) ප්‍රිය වූ දයාවත් වූ, ව්‍යක්ත වූ, නීතිදක්‍ෂ වූ සහායයෙක් වීමි.

6207. එකූනතිංසො වයසා නික‍්ඛන‍්තො පබ‍්බජිත්‍ථ සො, ඡබ‍්බස‍්සං වීතිනාමෙත්‍වා බුද‍්ධො ආසි විනායකො.

6207. වයසින් එකුන්තිස් හැවිරිදි වූ ඒ (සිදුහත්) බෝසත් තෙමේ ගිහිගෙන් නික්මුනේ පැවිදි විය. (දුෂ්කරක්‍රියා වෙහි යෙදීමෙන්) සවසක් ගෙවා විශිෂ්ටනායක වූ බුදුවරයෙක් විය.

6208. ජෙත්‍වා සසෙනකං මාරං ඛෙපයිත්‍වාන ආසවෙ, භවණ‍්ණවං තරිත්‍වාන ආසි බුද‍්ධො සදෙවකෙ.

6208. (ඒ සිදුහත් තෙම) සේනා සහිත වූ මාරයා ජයගෙණ ආස්‍රවක්‍ෂය කොට භවසයුර තරණය කොට දෙවියන් සහිත ලෝකයෙහි බුදු විය.

6209. ඉසිව‍්හයං ගමිත්‍වාන විනෙත්‍වා පඤ‍්චවග‍්ගියෙ, තතො විනෙසි භගවා ගන‍්ත්‍වා ගන‍්ත්‍වා තහිං තහිං.

6209. ඉසිපතනයට ගොස් පඤ්චවර්ගීය භික්‍ෂූන් හික්මවා ඉක්බිති භාග්‍යවත් තෙමේ ඒ ඒ තන්හි ගොස් විනෙයජනයන් හික්ම විය.

6210. වෙනෙය්‍යෙ විනයන‍්තො සො සංගණහන‍්තො සදෙවකං, උපෙච‍්ච මාගධගිරිං විහරිත්‍ථ තදා ජිනො.

6210. හික්ම වියයුතු ජනයන් හික්මවන්නා වූ ඒ බුදුරජ තෙම දෙවියන් සහිත ලෝකයාට සඞ්ග්‍රහ කරමින් මගධපර්‍වතයට හෙවත් රජගහනුවරට එළඹ එකල එහි විසී ය.

6211. තදා සුද‍්ධොදනෙනාහං භූමිපාලෙන පෙසිතො, ගන‍්ත්‍වා දිස‍්වා දසබලං පබ‍්බජිත්‍වා’රහා අහුං.

6211. එකල්හි සුදොවුන් රජතුමන් විසින් යවන ලද මම ගොස් බුදුරජුන් දැක පැවිදි ව රහත් වීමි.

6212. තදා මහෙසිං යාචිත්‍වා පාපයිං කපිලව‍්හයං, තතො පුරාහං ගන‍්ත්‍වාන පසාදෙසිං මහාකුලං.

6212. එකල්හි බුදුරජුන් ඇයැද කපිලවාස්තු නගරයට පැමිණවීමි. උන්වහන්සේ එහි වැඩමවීමට පෙරාතුව ම මම ගොස් (සුද්ධෝදන) මහ රජකුලය පැහැදවීමි.

6213. ජිනො තස‍්මිං ගුණෙ තුට‍්ඨො මං මහාපරිසාය සො, කුලප‍්පසාදකානග‍්ගං පඤ‍්ඤාපෙසි විනායකො.

6213. ඒ ගුණයෙහි සතුටු වූ විශිෂ්ට නායක වූ ඒ (ගෞතම) බුදුරජ තෙම මහපිරිස් මැද මා කුල පහදවනුවන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබී ය.

6214. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

6214. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.

6215. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

6215. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

6216. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

6216. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කාළුදායි ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කාළුදායිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කාළුදායිත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

කාළුදායි ස්ථවිරාවදානය සවැනියි.