547. අභයත්ථෙරාපදානං
547. අභයත්ථෙරාපදානං
547. අභය ස්ථවිරාවදානය
6217. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6217. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
6218. සරණගමනෙ කඤ්චි නිවෙසෙති තථාගතො, කඤ්චි සීලෙ නිවෙසෙති දසකම්මපථුත්තමෙ.
6218. ඒ තථාගත තෙම කිසිවකු සරණගමනයෙහි පිහිටු වයි. කිසිවකු ශීලයෙහි ද උතුම් වූ දශ (කුශල) කර්මපථයෙහි ද පිහිටුවයි.
6219. දෙති කස්සචි සො වීරො සාමඤ්ඤඵලමුත්තමං, සමාපත්ති තථා අට්ඨ තිස්සො විජ්ජා පවෙච්ඡති.
6219. ඒ බුද්ධවීර තෙමේ කිසිවකුට උතුම් වූ (සෝවන් ආදි වූ සතර) ශ්‍රාමණ්‍යඵලය දෙයි. එසේ ම ත්‍රිවිද්‍යාවන් ද අෂ්ටසමාපත්තීන් ද දෙයි.
6220. ඡළභිඤ්ඤාසු යොජෙති කඤ්චි සත්තං නරුත්තමො, දෙති කස්සචි සො නාථො චතස්සො පටිසම්භිදා.
6220. නරෝත්තම වූ බුදුරජ තෙම කිසියම් සත්ත්වකෙනෙකුන් ෂඩභිඥාවන්හි යොදවයි. අනාථයනට (පිහිට වන බැවින්) නාථ වූ තථාගත තෙමේ කිසිවෙකුට සිවු පිළිසැඹියාවන් දෙයි.
6221. බොධනෙය්යං පජං දිස්වා අසඞ්ඛෙය්යෙ පි යොජනෙ, ඛණෙන උපගන්ත්වාන විනෙති නරසාරථි.
6221. දමනය කළයුතු නරයන් හික්මවන බැවින් නරසාරථි වූ බුදුරජතෙම නොගිණිය හැකි යොදුන් දුර සිටියා වූ ද ධර්මාවබෝධයට සුදුසු සත්ත්වසමූහය දැක මොහොතකින් එහි එළඹ උන් හික්මවයි.
6222. තදාහං හංසවතියං අහොසිං බ්රාහ්මණත්රජො, පාරගූ සබ්බවෙදානං වෙය්යාකරණසම්මතො.
6222-6223. එකල්හි මම හංසවතී නගරයෙහි සියලු වේදයන්ගේ පරතෙරට ගියා වූ ව්‍යාකරණ සඞ්ඛ්‍යාත ශබ්දශාස්ත්රයෙහි විශාරදයෙකැයි සම්මත වූ (ශබ්දාර්ත්ථයන් නිවැරදි ලෙස ගැණුමට උගන්වන) නිරුක්තිශාස්ත්රයෙහි දක්ෂ වූ (ශබ්දාභිධානයන් දැන ගැණුමට උගන්වන) නිඝණ්ඩුශාස්ත්රයෙහි විශාරද වූ (ව්‍යාකරණයෙහි ආදිම අවස්ථාව ලෙස සැලකෙන නාමාදී) පදයන් දන්නා වූ (කාව්‍යකරණයෙහි දී කවීන්හට උපකාර වන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියාකල්ප විකල්පය යි කියන ලද) කෙටුභශාස්ත්රය දන්නා වූ (අක්ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්දස් වෙන් කොට දැනගැණීමට උගන්වන) ඡන්දෝවිචිති වේදාඞ්ගයෙහි ද දක්ෂ වූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.
6223. නිරුත්තියා ච කුසලො නිඝණ්ටුම්හි විසාරදො, පදකො කෙටුභවිදූ ඡන්දොවිචිතිකොවිදො.
6224. ජඞ්ඝාවිහාරං විවරං හංසාරාමමුපෙච්චහං, අද්දසං වදතං සෙට්ඨං මහාජනපුරක්ඛතං.
6224-6226. මම ජඞ්ඝාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර ව්‍යායාම පිණිස ඇවිදිමින් හංස රාමයට එළඹ, මහාජනයා විසින් පිරිවරන ලද්දා වූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නිර්මල ධර්මය දේශනා කරන්නා වූ බුදුරජුන් දිටිමි. විරුද්ධ මතධාරී වූ මම සමීපයට එළඹ උන් වහන්සේගේ නිර්මල වූ වචන අසා ඒ බුදුරජුන්ගේ වැරදි ලෙස යොදන ලද්දා වූ හෝ පුන පුනා කියන ලද්දා වූ හෝ අපාර්ත්ථ වූ හෝ නිරර්‍ත්‍ථක වූ හෝ (වචනයක්) මම නො දිටිමි. එහෙයින් මම පැවිදි වීමි.
6225. දෙසෙන්තං විරජං ධම්මං පච්චනීකමතී අහං, උපෙත්වා තස්ස වාක්යානි සුත්වාන විමලානහං.
6226. ව්යාහටං පුනරුත්තං වා අපත්ථං වා නිරත්ථකං, නාද්දසං තස්ස මුනිනො තතො පබ්බජිතො අහං.
6227. න චිරෙනෙව කාලෙන සබ්බසත්ථවිසාරදො, නිපුණො බුද්ධවචනෙ අහොසිං ගණිසම්මතො.
6227. නො බෝ කලකින් ම ශාස්ත්‍ර විශාරද වූයෙම් බුද්ධවචනයෙහි දක්ෂ වූයෙම් ගණයා පරිහරණයට සුදුසුය යි සම්මත වූයෙම් හෙවත් ස්ථවිර වූයෙම් වෙමි.
6228. තදා චතස්සො ගාථායො ගන්ථයිත්වා සුව්යඤ්ජනා, සන්ථවිත්වා තිලොකග්ගං දෙසයිස්සං දිනෙ දිනෙ.
6228. එකල්හි මම බුදුරජුන්හට පසසා අක්ෂර වත් වූ සිවුගයක් ගොතා දිනපතා කියනෙමි. කෙසේද යත්:
6229. විරත්තොසි මහාවීර සංසාරෙ සභයෙ වසං, කරුණාය න නිබ්බායි තතො කාරුණිකො මුනි.
6229. මහාවීරයන් වහන්ස, මුබ බිය සහිත වූ සසරෙහි වෙසෙමින් එහි විරතවූයේ වෙහි ය. කරුණායෙන් ම පිරිනිවන් නො පෑ ය. එහෙයින් බුදුරජ තෙම කාරුණිකය.
6230. පුථුජ්ජනොව යො සන්තො න කිලෙසවසො අහු, සම්පජානො සතියුත්තො තස්මා එසො අචින්තියො.
6230. යමෙක් පුහුදුන්ව සිටියදී පවා ක්ලේශ වසඟ නො වූයේ ද, සම්‍යක්ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවූයේ වේ ද, එහෙයින් මෙතෙම නො සිතිය හැකි ගුණ ඇත්තේ ය.
6231. දුබ්බලානි කිලෙසානි යස්සාසයගතානිමෙ, ඤාණග්ගිපරිදඩ්ඪානි න ඛීයිංසු තදබ්භුතං.
6231. යමෙකුගේ සිත්හි මෙම දුර්වල ක්ලේශයෝ ඥානාගතියෙන් දවනලද්දාහු ශේෂ නො වූවාහු ද, එය විස්මයෙකි.
6232. යො සබ්බලොකස්ස ගරු ලොකො යස්ස තථා ගරු, තථාපි ලොකාචරියො ලොකො තස්සානුවත්තකො.
6232. යම් බුදුවරයෙක් තෙම සියලු ලෝකයාහට යම් සේ ගුරු ද, ඒ බුදුරජුන්හට ලෝකයා ද එසේ ම ගරු ය. එසේ ම උන්වහන්සේ ලෝකාචාර්‍ය්‍ය ය. ලෝකයා උන්වහන්සේ අනුගමනය කරන්නේ වේ.
6233. එවමාදීහි සම්බුද්ධං කිත්තයං ධම්මදෙසනං, යාවජීවං කරිත්වාන ගතො සග්ගං තතො චුතො.
6233. මේ ආදීන් සම්බුදුරජුන්ට පසසමින් දිවි ඇති තාක් ධර්ම දේශනා කොට ඉන් ච්‍යුත වූයෙම් ස්වර්ගගත වීමි.
6234. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
6234. මෙයින් කල්ප ලක්ෂයකින් යට බුදුරජුන්හට යම් පැසසුමක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. (බුදුරජුන් හට) පැසසීමෙහි මේ විපාක යි.
6235. දෙවලොකෙ මහාරජ්ජං රජ්ජා පාදෙසිකං ච යං, චක්කවත්තීමහාරජ්ජං බහුසො’නුභවිං අහං.
6235. මම දෙව්ලොවෙහි මහාරාජ්‍යය ද, ප්‍රාදේශික වූ යම් රාජ්‍යයෙක් වේ නම් එය ද චක්රවර්තතිමහාරාජ්යය ද බෙහෙවින් අනුභව කෙළෙමි.
6236. දුවෙ භවෙ පජායාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි කිත්තනාය ඉදං ඵලං.
6236. දෙව් අත්බැව්හි ද යලි මිනිස් අත්බැව්හි ද යන දෙඅත් බැව්හි උපදිමි. ඉන් පිටත් අනික් ගතියක් නො දනිමි. බුදුරජුන්ගේ ගුණකීර්තනයෙහි මේ විපාකයි.
6237. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි කිත්තනාය ඉදං ඵලං.
6237. කැත් බමුණු යන දෙකුලෙහි උපදිමි. පහත් කුලයෙහි නො උපදිමි. බුදුරජුන්ගේ ගුණකීර්තනයෙහි මේ විපාක යි.
6238. පච්ඡිමෙ ච භවෙ’ දානි ගිරිබ්බජපුරුත්තමෙ, රඤ්ඤොහං බිම්බිසාරස්ස පුත්තො නාමෙන චාභයො.
6238. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ (=රජගහ) නගරයෙහි බිම්සරරජුගේ නමින් අභය නම් වූ පුත්‍රයෙක් වීමි.
6239. පාපමිත්තවසං ගන්ත්වා නිගණ්ඨෙන විමොහිතො, පෙසිතො නාතපුත්තෙන බුද්ධසෙට්ඨං උපෙච්චහං.
6239. පාපමිත්රවශයට ගොස් මුළා කරණ ලදුයෙම් නිගණ්ඨ නාතපුත්‍රයා විසින් මෙහෙයන ලද්දා වූ මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ,
6240. පුච්ඡිත්වා නිපුණං පඤ්හං සුත්වා ව්යාකරණුත්තමං, පබ්බජිත්වාන නචිරං අරහත්තමපාපුණිං.
6240. නිවටුන් විසින් පුහුණු කරණලද ප්‍රශ්නයක් විචාරා බුදුරජුන්ගේ උතුම් වූ (ඒ ප්‍රශ්න) විසඳීම අසා පැවිදි ව නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙමි.
6241. කිත්තයිත්වා ජිනවරං කිත්තිතො හොමි සබ්බදා, සුගන්ධදෙහවදනො ආසිං සුඛසමප්පිතො.
6241. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පසසා හැමකල්හි පසස්නා ලදුයෙම් වෙමි. සුවඳවත් වූ සිරුරු හා මුව ඇත්තෙම් සැපයෙන් ආඪ්යයෙක් වීමි.
6242. තික්ඛ හාසු ලහුපඤ්ඤො මහාපඤ්ඤො තථෙවහං, විචිත්තපටිභානො ච තස්ස කම්මස්ස වාහසා.
6242. මම ඒ කර්මයාගේ බලයෙන් තික්ඛපඤ්ඤ ද හාසුපඤ්ඤ ද මහාපඤ්ඤ ද වූයෙම් විසිතුරු වැටහීම් ඇත්තෙම් ද වීමි.
6243. අභිත්ථවිත්වා පදුමුත්තරාඛ්යං පසන්නචිත්තො අසමං සයම්භූං, න ගච්ඡි කප්පානි අපායභුමිං සතං සහස්සානි ඵලෙන තස්ස.
6243. පහන් සිත් ඇත්තෙම් අසම වූ සර්වඥ වූ පදුමුත්තර නම් බුදුරජුන්හට පසසා ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් කල්පලක්ෂයක් අපායභූමියට (උත්පත්ති වශයෙන්) නො ගියෙමි.
6244. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6244. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6245. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6245. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගතය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6246. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6246. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා අභයත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අභය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අභයත්ථෙරස්ස අපදානං සත්තමං.
අභය ස්ථවිරාවදානය සත්වැනියි.