548. ලොමසකඞ්ගියත්ථෙරාපදානං
548. ලොමසකඞ්ගියත්ථෙරාපදානං
548. ලෝමසකඞ්ගිය ස්ථවිරාවදානය
6247. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන උප්පජ්ජී වදතං වරො.
6247. මේ මහාභද්‍රකල්පයෙහි බ්රාහ්මණවංශික වූ මහත් යශස් ඇති නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
6248. තදාහං චන්දනො චෙව පබ්බජිත්වාන සාසනෙ, ආපාණකොටිකං ධම්මං පූරයිත්වාන සාසනෙ-
6248. එකල්හි මම ද (මාගේ සහාය වූ) චන්දන තෙමේ ද සසුනෙහි පැවිදි ව ජීවිතාන්තය දක්වා සස්නෙහි පිළිවෙත්දම් පුරා-
6249. තතො චුතා සන්තුසිතං උපපන්නා උභො මයං. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච-
6249. අපි දෙදෙන ම ඉන් සැව සන්තුෂීතයෙහි උපන්නමෝ එහි දිව්‍යමය වූ නෘත්‍ය ගීතවාදිතයෙන් ද,
6250. රූපාදිදසහඞ්ගෙහි අභිභොත්වාන සෙසකෙ, යාවතායුං වසිත්වාන අනුභොත්වා මහාසුඛං-
6250. රූපාදි දශවිධ අඞ්ගයෙන් ද සෙස්සන් අභිභවනය කොට මහත් සම්පත් අනුභව කොට දිවි ඇති තාක් වැස,
6251. තතො චවිත්වා තිදසං චන්දනො උපපජ්ජථ, අහං කපිලවත්ථුස්මිං අහොසිං සාකියත්රජො.
6251. ඉන් සැව චන්දන තෙමේ තිදස්පුර දෙවියෙක් ව උපන්නේ ය. මම කපිලවාස්තු නගරයෙහි ශාක්‍යපුත්‍රයෙක් වීමි.
6252. යදා උදායිථෙරෙන අජ්ඣිට්ඨො ලොකනායකො, අනුකම්පිය සක්යානං උපෙසි කපිලව්හයං.
6252. යම් කලෙක්හි උදායි ස්ථවිරයන් විසින් අයදනාලද බුදුරජ තෙම ශාක්‍යයන්හට අනුකම්පා කොට කපිලවාස්තු නගරයට වැඩියේ ද,
6253. තදාතිමානිනො සක්යා න බුද්ධස්ස ගුණඤ්ඤුනො, පනමන්ති න සම්බුද්ධං ජාතිත්ථද්ධා අනාදරා.
6253. එකල්හි බුදුරජුන්ගේ ගුණ නො දන්නා අතිශය මානවත් වූ ජාතිමානයෙන් තද වූ, ආදර විරහිත වූ ශාක්‍යයෝ සම්බුදුරජුන්හට නො වඳිත්.
6254. තෙසං සඞ්කප්පමඤ්ඤාය ආකාසෙ චඞ්කමී ජිනො, පජ්ජුන්නො විය වස්සිත්ථ පජ්ජලිත්ථ යථා සීඛි.
6254. ඔවුන්ගේ අදහස දැනගත් බුදුරජතෙම අහසෙහි සක්මන් කළේය. මේඝය සෙයින් වැස්විය. ගින්න සෙයින් දිලිසුනේ ය.
6255. දස්සෙත්වා රූපමතුලං පුන අන්තරධායථ, එකොපි හුත්වා බහුධා අහොසි පුනරෙකකො.
6255. අසමාන වූ (උන්වහන්සේගේ) රූපය දක්වා නැවත අතුරුදහන් විය. (පළමුවෙන්) එකෙක් ව (පෙනී) නැවත බොහෝ දෙනා (ලෙස පෙනෙන්නට) විය.
6256. අන්ධකාරං පකාසං ච දස්සයිත්වා අනෙකධා, පාටිහීරං කරිත්වාන විනයී ඤාතකෙ මුනි.
6256. අඳුර ද එළිය ද නොයෙක් අයුරින් දක්වා ප්‍රාතිහාර්‍ය්‍ය කොට බුදුරජ තෙම ඥාතීන් හික්ම වි ය.
6257. චාතුද්දීපො මහාමෙඝො තාවදෙ සම්පවස්සථ, තදා හි ජාතකං බුද්ධො වෙස්සන්තරමදෙසයි.
6257. එකෙණෙහි චාතුද්දීපික මහාමේඝයෙක් වර්ෂණය කළේය. එකල්හි බුදුරජ තෙම වෙස්සන්තරජාතකය දෙසී ය.
6258. තදා තෙ ඛත්තියා සබ්බෙ නිහන්ත්වා ජාතිජං මදං, උපෙසුං සරණං බුද්ධං - ආහ සුද්ධොදනො තදා:
6258. එකල්හි ඒ සියලු ක්ෂත්රියයෝ ජාතිමානයෙන් හටගත් මදය නැතිකොට බුදුරජුන් සරණ ගියාහු ය. එකල්හි සුද්ධෝදන රජතෙම මෙසේ කීය:
6259. ඉදං තතියං තව භූරිපඤ්ඤ පාදානි වන්දාමි සමන්තචක්ඛු, යදා’භිජාතො පඨවිං පකම්පයි යදා ච තං නජ්ජහි ජම්බුඡායා.
6259. මහත් ප්‍රඥා ඇති බැවින් භූරිපඤ්ඤ නම් වූ (සර්වඥතාඥානයෙන් යුත් බැවින්) සමන්තචක්ඛු නම් වූ බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි. මේ තෙවන වැඳුම යි. යම් කලෙක්හි විශිෂ්ට ජන්ම ඇත්තේ පෘථිවිය කම්පා කළේ ද, (ඒ අසිත තවුස් හමුවෙහි දී මාගේ පළමු වැඳුම වීය. (එසේ ම) යම් කලෙක්හි වප්මගුලැ පළමු සමවතින් පළක් බැඳ හුන් ඔබ දඹරුක්සෙවන නො හැරී ද, එහිදී මාගේ දෙවෙනි වැඳුම විය.
6260. තදා බුද්ධානුභාවං තං දිස්වා විම්හිතමානසො, පබ්බජිත්වාන තත්ථෙව නිවසිං මාතුපූජකො.
6260. එකල්හි ඒ බුද්ධානුභාවය දැක විස්මය පත් සිත් ඇත්තේ මව පුදන්නා වූ මම පැවිදිව එහි (ගෙහි) ම විසීමි.
6261. චන්දනො දෙවපුත්තො මං උපගන්ත්වාන’පුච්ඡථ, භද්දෙකරත්තස්ස තදා සංඛෙපවිත්ථාරනයං.
6261. එකල්හි චන්දන දිව්‍යපුත්‍ර තෙමේ මා වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය පිළිබඳ සංක්ෂිප්ත ක්‍රමය හා විස්තාර ක්‍රමය විචාළේ ය.
6262. චොදිතොහං තදා තෙන උපෙච්ච නරනායකං, භද්දෙකරත්තං සුත්වාන සංවිග්ගො වනමාමකො.
6262. එකල්හි ඒ දිව්‍යපුත්‍රයා විසින් මෙහෙයන ලද මම බුදුරජුන් වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය අසා කලකිරුනේ වනයෙහි විසීමට කැමැති වීමි.
6263. තදා මාතරමාපුච්ඡිං වනෙ වච්ඡාමි එකකො, සුඛුමාලොති මෙ මාතා වාරයි තං තදා’වචං:
6263. එකල්හි හුදෙකලාව වනයෙහි වසන්නෙමැයි මවගෙන් (කැමැත්ත) විචාළෙමි. මාගේ මවුතොමෝ (මා) සිව්මැලිය යි එය වැළකුවා ය. එකල්හි (මම මවට) මෙසේ කීමි:
6264. දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං, උරසා පනුදිස්සාමි විවෙකමනුබ්රූහයං.
6264. හිඳීම් සිටීම් සක්මන් කිරීම් යන ත්‍රිවිධ ඉරියව්වෙන් භාවනා වඩමින් දබ්භ නම් වූ කුසතණ ද, වැළුක් හෙවත් කාශ නම් තෘණ ද, සැවැන්න ද, මුදුතණ හා බබුස්තණ ද ලයින් ඉවත් කරන්නෙමි (ඒ මත නො හෝනේ) වෙමි යි කියා යි.
6265. තදා වනං පවිට්ඨොහං සරිත්වා ජිනසාසනං, භද්දෙකරත්තඔවාදං අරහත්තමපාපුණිං.
6265. එකල්හි වනයට පිවිසි මම බුද්ධානුශාසනය වූ භද්දේකරත්ත අවවාදය සිහිකොට රහත්බවට පැමිණියෙමි.
6266. අතීතං නාන්වාගමෙය්ය නප්පටිකංඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
6266. අතීත වූ පස්කඳ ගැන (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සිතමින්) ඒ අනුව නො යන්නේ ය. අනාගත වූ පස්කඳ (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් සිතමින්) නො පතන්නේ ය. යම් අතීතයක් වූයේ නම් එය ගෙවී ගියේ ය. යම් අනාගතයක් වන්නේ නම් එය නො පැමිණියේ ය.
6267. පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා අනුබ්රූහයෙ.
6267. යමෙක් තෙම වර්තමාන වූ (පඤ්චස්කන්ධ) ධර්මයන් පිළිබඳව සිතට ඇතිවන අදහස් ඒ ඒ තන්හි දී ම (අනිත්‍යාදි වශයෙන්) විදසුන් නුවණින් දකී ද, එබඳු නුවණැත්තේ (රාගාදියෙන්) නො හැකුළුණු කොට (එසේ ම රාගාදියෙන්) නො නැසුණු කොට ඒ විදර්ශනාව භාවනා වශයෙන් වඩන්නේ ය.
6268. අජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සංගරං තෙන මහාසෙනෙන මච්චුනා.
6268. අද අද ම වීර්‍ය්‍යය කළ යුතු ය. මරණය හෙටදැයි කවරෙක් දන්නේ ද? (ගිනි විස අවි ආදී මරණයට කරුණු වන නොයෙක් හේතු නමැති) මහසෙනග ඇති මරණය හෙවත් මාරයා සමග (මිත්‍ර සන්ථව වශයෙන් හෝ අල්ලස් දීම් වශයෙන් හෝ බලයෙන් මැඩලීම් වශයෙන් හෝ) අපගේ ගිවිසුමෙක් නැත.
6269. එවං විහරමාතාපී අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනි.
6269. මෙසේ වසන්නා වූ, වීර්‍ය්‍යවත් වූ, දිව රෑ දෙක්හි අනලස් වූ හේ ඒකාන්තයෙන් භද්දේකරත්ත ය යි ශාන්ත වූ බුදුරජ තෙම වදාරයි.
6270. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමී අනාසවො.
6270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
6271. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6271. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6272. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ලොමසකඞ්ගියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් ලොමකසඞ්ගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ලොමසකඞ්ගියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ලොමකසඞ්ගිය ස්ථවිරාවදානය අටවැනියි.