549. වනවච්ඡත්ථෙරාපදානං
549. වනවච්ඡත්ථෙරාපදානං
549. වනවච්ඡ ස්ථවිරාවදානය
6273. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතංවරො.
6273. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළවිය.
6274. තදාහං පබ්බජිත්වාන තස්ස බුද්ධස්ස සාසනෙ, යාවජීවං චරිත්වාන බ්රහ්මචරියං තතො චුතො.
6274. එකල්හි මම ඒ බුදුරජුන්ගේ සසුනෙහි පැවිදිව දිවි ඇතිතාක් බඹසර හැසිර ඉන් සැව-
6275. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6275. මැනවින් කරණ ලද ඒ කර්මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6276. තතො චුතො අරඤ්ඤම්හි කපොතො ආසහං තහිං, වසතෙ ගුණසම්පන්නො භික්ඛු ඣානරතො සදා -
6276-6277. එයින් ච්‍යුත වූයෙම් මම අරණෙහි පරවියෙක් වීමි. හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ (අභිඥා) ගුණයන්ගෙන් යුක්ත වූ මෙත් සිත් ඇති, කාරුණික වූ, නිතරම පුබුදු වූ මුහුණු ඇති, උපේක්ෂාවෙන් යුක්ත වූ, මහත් වීර්‍ය්‍ය ඇති, (මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සඞ්ඛ්‍යාත) අප්රාමාණ්යාලම්බනයන්හි දක්ෂ වූ, භික්ෂුනමක් ඒ වනයෙහි වසයි.
6277. මෙත්තචිත්තො කාරුණිකො සදා පමුදිතානනො, උපෙක්ඛකො මහාවීරො අප්පමඤ්ඤාසු කොවිදො.
6278. විනීවරණසඞ්කප්පෙ සබ්බසත්තහිතාසයෙ, විස්සත්ථො නචිරෙනාසිං තස්මිං සුගතසාවකෙ.
6278. කෙලෙසුන්ගෙන් නො ඇවුරුණු සිත් ඇති සව්සත්නට හිත වූ අදහස් ඇති, ඒ බුද්ධශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි නොබෝ කලකින් ම විශ්වාසී වූයෙම් වෙමි.
6279. උපෙච්ච පාදමූලම්හි නිසින්නස්ස තදා ස මෙ, කදාචි ආමිසං දෙති ධම්මං දෙසෙති චෙකදා
6279. එකල්හි එ තවුස් තෙම වෙත එළඹ පාමුල හුන් මට කිසි දිනක ආමිසය (අහර) දෙයි. කිසි දිනක දහම් දෙසයි.
6280. තදා විපුලපෙමෙත උපාසිත්වා ජිනත්රජං, තතො චුතො ගතො සග්ගං පවාසා සඝරං යථා.
6280. එකල්හි මහත් වූ ප්‍රේමයෙන් ඒ බුද්ධශ්‍රාවකයන් ඇසුරු කොට එයින් චුත වූයෙම් විප්‍රවාසයෙන් (රටින් බැහැර ගොස් සිට) සිය ගෙට යන්නකු මෙන් ස්වර්ගයට ගියෙම් වෙමි.
6281. සග්ගා චුතො මනුස්සෙසු නිබ්බත්තො පුඤ්ඤකම්මුනා, අගාරං ඡඩ්ඩයිත්වාන පබ්බජිං ලහුසො අහං.
6281. ස්වර්ගයෙන් ච්‍යුතව පුණ්යකර්ම බලයෙන් මිනිසත් බැව්හි උපන්නා වූ මම ගිහිගෙය හැර වහා පැවිදි වීමි.
6282. සමණො තාපසො විප්පො පරිබ්බාජො තථෙවහං, හුත්වා වාසිං අරඤ්ඤම්හි අනෙකසතසො අහං.
6282. එසේ ම මම අනේසියක් වර ශ්‍රමණයෙක් ද තාපසයෙක් ද, බ්‍රාහ්මණයෙක් ද, පරිව්‍රාජකයෙක් ද වී අරණෙහි විසීමි.
6283. පච්ඡිමෙ ච භවෙ දානි රම්මෙ කාපිලවත්ථවෙ, වච්ඡගොත්තො ද්විජො තස්ස ජායාය අහමොක්කමිං.
6283. දැන් මේ අන්තිම ජාතියෙහි, රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
6284. මාතු මෙ දොහළො ආසි තිරොකුච්ඡිගතස්ස මෙ, ජායමානසමීපම්හි වනවාසාය නිච්ඡයො.
6284. මව්කුසෙහි පිළිසිඳගත් කල්හි මාගේ මව ප්‍රසූතිය ලංවත් ම වනයෙහි විසීමේ තීරණය වූ දොළ ඇත්තී වූ ය.
6285. තතො මෙ අජනී මාතා රමනීයෙ වනන්තරෙ, ගබ්භතො නික්ඛමන්තං මං කාසායෙන පටිග්ගහුං.
6285. ඉක්බිති මාගේ මව් තොමෝ සිත්කලු වනයෙහි දී මා ප්‍රසූත කළා ය. මව්කුසින් නික්මෙන්නා වූ මා කසාවතකින් පිළිගත්හ.
6286. තතො කුමාරො සිද්ධත්ථො ජාතො සක්යකුලද්ධජො, තස්ස මිත්තො පියො ආසිං සංවිස්සත්ථො සුමානියො.
6286. ඉක්බිති ශාක්‍යවංශයට ධජයක් වැනි වූ සිදුහත් කුමර තෙමේ උපන්නේ ය. මම ඔහුගේ ඉතා විශ්වාස වූ අතිශයින් බුහුමන් කරණ ප්රියමිත්රයා වීමි.
6287. සත්තසාරෙ’භිනික්ඛන්තෙ ඔහාය විපුලං යසං, අහම්පි පබ්බජිත්වාන හිමවන්තමුපාගමිං.
6287. මහත් වූ සම්පත් හැර දමා බෝසතුන් ගිහිගෙන් නික්මුනු කල්හි මම ද පැවිදිව හිමවතට එළඹියෙමි.
6288. වනාලයං භාවනීයං කස්සපං ධූතවාදකං, දිස්වා සුත්වා ජිනුප්පාදං උපෙසිං නරසාරථිං.
6288. වනවාසී වූ ගරුකටයුතු වූ ධුතවාදී වූ (මහ) කසුප් තෙරුන් දැක බුද්ධෝත්පාදය ගැණ අසා තථාගතයන් වහන්සේ වෙත එළඹියෙමි.
6289. සො මෙ ධම්මමදෙසෙසි සබ්බත්ථං සම්පකාසයං, තතොහං පබ්බජිත්වාන වනමෙව පුනාගමිං.
6289. ඒ සර්වඥ තෙම සියලු අර්ත්ථයන් ප්‍රකට කරමින් මට දහම් දෙසී ය. ඉක්බිති මම පැවිදිව යලි වනයට ම ගියෙමි.
6290. තත්ථාප්පමත්තො විහරං ඡළභිඤ්ඤා අඵස්සයිං, අහො සුලද්ධලාභොම්හි සුමිත්තෙනානුකම්පිතො.
6290. නො පමා වූයෙම් එහි වෙසෙමින් ෂඩභිඥාවන් ලැබීමි. කලණ මිතුරු (මහකසුප්) තෙරුන් විසින් අනුකම්පා කරණලදූයෙම් උත්තමලාභය ලදුයෙම් වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.
6291. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6291. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
6292. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6292. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
6293. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6293. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා වනවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වනවච්ඡත්ථෙරස්ස අපදානං නවමං.
වනවච්ඡස්ථවිරාවදානය නව වැනියි.