550. චූළසුගන්ධත්ථෙරාපදානං
550. චූළසුගන්ධත්ථෙරාපදානං
550. චූළසුගන්‍ධ ස්ථවිරාවදානය
6294. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතං වරො.
6294-6297. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ, මහත් යශස් ඇති, වාදීන්හට අග්‍රවූ දෙතිස් මහපුරිස් ලකුණු ඇති, අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ, බ්‍යාමප්‍රභායෙන් පරිවෘත රැස්සමූහයෙන් ගැවසී ගත්තා වූ, සඳු මෙන් (ලෝවැස්සන්) අස්වසන්නා වූ හිරු මෙන් පැහැ විහිදෙන්නා වූ වැහිවළාවක් මෙන් (සත්ත්වයන්ගේ ගිමන්) නිවන්නා වූ, සයුර මෙන් ගුණයට ආකරයක් වූ ශීලයෙන් මහපොළොව වැනි වූ, සමාධියෙන් හිමවත්පව් වැනි වූ ප්‍රඥාවෙන් අහස වැනි වූ සුළඟ මෙන් නො ඇලෙන්නා වූ, නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළ විය.
6295. අනුව්යඤ්ජනසම්පන්නො බත්තිංසවරලක්ඛණො, බ්යාමප්පභාපරිවුතො රංසිජාලසමොත්ථතො.
6296. අස්සාසෙතා යථා චන්දො සුරියොව පභඞ්කරො, නිබ්බාපෙතා යථා මෙඝො සාගරොව ගුණාකරො.
6297. ධරණීරිව සීලෙන හිමවාව සමාධිනා, ආකාසො විය පඤ්ඤාය අසඞ්ගො අනිලො යථා.
6298. තදාහං බාරාණසියං උපපන්නො මහාකුලෙ, පහූතධනධඤ්ඤස්මිං නානාරතනසඤ්චයෙ.
6298. එකල්හි මම බරණැස් නුවර සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති විවිධ රත්න සමූහ ඇති මහාකුලයක උපනිමි.
6299. මහතා පරිවාරෙන නිසින්නං ලොකනායකං, උපෙච්ච ධම්මමස්සොසිං අමතංව මනොහරං.
6299. මහත් වූ පිරිවර සහිතව වැඩහුන්නා වූ බුදුරජුන් වෙත එළඹ අමෘතය මෙන් මනෝඥ වූ ධර්මය ඇසීමි.
6300. බත්තිංසලක්ඛණධරො සනක්ඛත්තොව චන්දිමා, අනුව්යඤ්ජනසම්පන්නො සාලරාජාව ඵුල්ලිතො.
6300. තාරකා සහිත වූ සඳු මෙන් දෙතිස් මහ පුරිස්ලකුණු දරන්නා වූ, අසූඅනුව්යඤ්ජනයන් ගෙන් යුක්ත වූ, පිපුනු සල්රුකක් බඳු වූ-
6301. රංසිජාලපරික්ඛිත්තො දිත්තොව කනකාචලො, බ්යාමප්පභාපරිවුතො සරස්මීව දිවාකරො.
6301. රැස් සමූහයෙන් වට කරණලද දීප්තිමත් ස්වර්ණපර්වතයක් වැනි වූ, බ්‍යාමප්‍රභා රශ්මියෙන් පරිවෘත සරා හිරු වැනි වූ-
6302. සොණ්ණානනො ජිනවරො සමණීව සිලුච්චයො, කරුණාපුණ්ණහදයො ගුණෙන විය සාගරො.
6302. රන්වන් වතැති, මණි පර්වතයක් බඳු, (පස්මරුන් දිනූ බැවින්) ජිනවර වූ, පූර්ණහෘදයක් ඇත්තා වූ, ගුණයෙන් සයුර වැනි වූ-
6303. ලොකවිස්සුතකිත්තී ච සිනෙරූව නගුත්තමො, යසසා විත්ථතො වීරො ආකාසසදිසො මුනි.
6303. ලෝකයෙහි ප්‍රකට කීර්තති ඇත්තා වූ, සිනේරු පර්වතරාජයා වැනි වූ, යසසින් පතළා වූ, වීර වූ, ආකාශය සදෘශ වූ, (මෝනෙය්‍ය ගුණ යුක්ත බැවින්) මුනි වූ-
6304. අසඞ්ගචිත්තො සබ්බත්ථ අනිලො විය නායකො, පතිට්ඨා සබ්බභූතානං මහීව මුනි සත්තමො.
6304. වාතය මෙන් සියලු තන්හි නො ඇලෙන සිත් ඇති, (නිවන් මගට පමුණුවන බැවින්) නායක වූ, මහපොළොව මෙන් සව්සත්නට පිහිට වූ සත්තම මුනි-
6305. අනුපලිත්තො ලොකෙන තොයෙන පදුමං යථා, කුවාදගච්ඡදහනො අග්ගික්ඛන්ධොව සොභති.
6305. ජලයෙන් නො තැවරුන පියුම මෙන් ලෝකය හා නො තැවරුනා වූ, මිථ්‍යාවාද නමැති පැළෑටි දවන ගිනිකඳක් මෙන් (ඒ කසුප් බුදුරජතෙම) බබලයි.
6306. අගදො විය සබ්බත්ථ කිලෙසවිසනාසකො, ගන්ධමාදනසෙලොව ගුණගන්ධවිභුසිතො.
6306. ඒ බුදුරජ තෙම සියලු තන්හි කෙලෙස් විස නසන්නා වූ බෙහෙදක් මෙනි. ගුණ සුවඳින් සරසන ලද්දා වූ ගන්ධමාදන පර්වතය මෙනි.
6307. ගුණානං ආකරො වීරො රතනානංව සාගරො, සින්ධූව වනරාජීනං කිලෙසමලහාරකො.
6307. ඒ වීර වූ බුදුරජතෙම රත්නයනට සයුර මෙන් ගුණයනට ආකරයකි. වනරාජින්ගේ (කසළ සෝදා හරණා වූ) සින්ධුනදිය මෙන් කෙලෙස්මල හරණේ වෙයි.
6308. විජයීව මහායොධො මාරසෙනප්පමද්දතො, චක්කවත්තීව සො රාජා බොජ්ඣඞ්ගරතනිස්සරො.
6308. සතුරන් දිනන සුලු මහායෝධයකු මෙන් මරසෙනග මඩනේ වෙයි. එසේ ම ඒ බුදුරජතෙම (සත්රුවනට ඉසුරු වූ) සක්විති රජකු මෙන් බෝධ්‍යඞ්ග නමැති රත්නයනට අධිපතියෙකි.
6309. මහාභිසක්කසඞ්කාසො දොසව්යාධිතිකිච්ඡකො, සල්ලකත්තො යථා සෙට්ඨො දිට්ඨිගණ්ඩවිඵාලකො.
6309. (ක්ලේශ) දෝෂ නමැති ව්‍යාධියට පිළියම් කරන්නා වූ මහාවෛද්යවරයකු මෙනි. (මිථ්‍යා) දෘෂ්ටි නමැති ගඩය සිඳුනා වූ ශ්‍රේෂ්ඨ ශල්‍යවෛද්‍යවරයකු වැනිය.
6310. සො තදා ලොකපජ්ජොතො සනරාමරසක්කතො, පරිසාසු නරාදිච්චො ධම්මං දෙසයතෙ ජිනො.
6310. එකල්හි දෙවිමිනිසුන් ගරු කරණ ලද ලොව බබුළුවන්නා වූ මිනිස්නට හිරු වූ ඒ බුදුරජතෙම පිරිස්මැද දහම් දෙසයි.
6311. දානං දත්වා මහාභොගො සීලෙන සුගතූපගො, භාවනාය ච නිබ්බාති ඉච්චෙවමනුසාසථ.
6311. “දන් දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේ ය. සීලය හේතු කොට ගෙණ සුගතියට (උත්පත්ති වශයෙන්) යන්නෙක් වන්නේය. භාවනා වෙන් (කෙලෙස්පිරිනිවනින්) පිරිනිවන්පානේය”යි මෙසේ අනුශාසනාකෙළේ ය.
6312. දෙසනං තං මහස්සාදං ආදිමජ්ඣන්තසොභනං, සුණන්ති පරිසා සබ්බා අමතංව මහාරසං.
6312. මහත් ආස්වාද ජනක වූ හෙවත් රසවත් වූ, ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ එ දහම් දෙසුම සියලු පිරිස මහත් රසවත් අමෘතයක් මෙන් අසත්.
6313. සුත්වා සුමධුරං ධම්මං පසන්නො ජිනසාසනෙ, සුගතං සරණං ගන්ත්වා යාවජීවං නමස්සහං.
6313. ඉමිහිරි දහම අසා බුදුසසුන්හි පැහැදුනෙම් මම බුදුරජුන් සරණ කොට ගොස් දිවි ඇතිතාක් (සරණගතයෙක් ව) නමස්කාර කෙළෙමි.
6314. මුනිනො ගන්ධකුටියා ඔපුඤ්ඡෙසිං තදා මහිං, චතුජ්ජාතෙන ගන්ධෙන මාසෙ අට්ඨදිනෙස්වහං.
6314-6315. එකල්හි මම දුර්ගන්ධ ශරීරයාගේ සුගන්‍ධභාවය පතා බුදුරජුන්ගේ ගඳකිළියෙහි පොළොව මසකට අටදිනක් සිවුදෑගඳින් පිරිබඩගැන්වීමි. එකල්හි මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළේය:
6315. පණිධාය සුගන්ධත්තං සරීරස්ස දුගන්ධිනො, තදා ජිනො වියාකාසි සුගන්ධතනුලාභිතං.
6316. යො යං ගන්ධකුටිභූමිං ගන්ධෙනොපුඤ්ඡතෙ’සකිං, තෙන කම්මවිපාකෙන උපපන්නො තහිං තහිං.
6316. ‘යමෙක් මේ ගඳකිළිබිම නොයෙක්වර සුවඳ ගල්වා ද ඒ කර්මවිපාකය හේතු කොට ගෙණ ඒ ඒ තන්හි උපන්නේ-
6317. සුගන්ධදෙහො සබ්බත්ථ භවිස්සති අයං නරො, ගුණගන්ධයුතො හුත්වා නිබ්බායිස්සතනාසවො.
6317. හැම තන්හි මේ මිනිස්තෙම සුගන්ධ දේහ ඇත්තෙක් වන්නේ ය. ගුණසුවඳින් යුතු වූයේ ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය. (කියායි.)
6318. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6318. මැනැවින් කරණ ලද ඒ කර්මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
6319. පච්ඡිමෙ ච භවෙ දානි ජාතො විප්පකුලෙ අහං, ගබ්භෙ මෙ වසතො මාතා දෙහෙනාසි සුගන්ධිකා.
6319. දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නෙමි. මා මවු කුසෙහි වසත් ම මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූ ය.
6320. යදා ච මාතුකුච්ඡිම්හා නික්ඛමාමි තදා පුරී, සාවත්ථි සබ්බගන්ධෙහි වාසිතා විය වායථ.
6320. යම් කලෙක්හි මවුකුසින් නික්මෙම් ද, එකල්හි සැවැත්නුවර හැම සුවඳින් කවනලද්දාක් මෙන් සුවඳ හැමී ය.
6321. පුප්ඵවස්සං ච සුරභි දිබ්බගන්ධමනොරමං, ධූපානි ච මහග්ඝානි උපවායිංසු තාවදෙ.
6321. මනරම් වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල්වැසි ද වට. මාහැඟි සුගන්‍ධධූමයෝ ද එකෙණෙහි හමා ගියහ.
6322. දෙවා ච සබ්බගන්ධෙහි ධුපපුප්ඵෙහි තං ඝරං, වාසයිංසු සුගන්ධෙන යස්මිං ජාතො අහං ඝරෙ.
6322. යම් ගෘහයක මම උපනෙම් ද, දෙවියෝ ඒ ගෘහය සියලු සුවඳ දුම් හා මල් සුවඳින් සුවඳ කැවූහ.
6323. යදා ච තරුණො භද්දො පඨමෙ යොබ්බනෙ ඨිතො, තදා සෙලං සපරිසං විනෙත්වා නරසාරථි-
6323. යම් කලෙක්හි (මම) භද්‍ර වූ ප්‍රථම යෞවනයෙහි සිටි තරුණයෙක් වූයෙම් ද එකල්හි බුදුරජතෙම පිරිස් සහිත වූ සේල බ්‍රාහ්මණයා හික්මවා-
6324. තෙහි සබ්බෙහි සහිතො සාවත්ථිපුරමාගතො, තදා බුද්ධානුභාවං තං දිස්වා පබ්බජිතො අහං.
6324. ඒ සියල්ලන් සමග සැවැත් පුරයට පැමිණියේ ය. එකල්හි මම ඒ බුද්ධානුභාවය දැක පැවිදිවූයෙම්-
6325. සීලං සමාධිං පඤ්ඤඤ්ච විමුත්තිඤ්ච අනුත්තරං, භාවෙත්වා චතුරො ධම්මෙ පාපුණිං ආසවක්ඛයං.
6325. අනුත්තර වූ සීලය ද, සමාධිය ද, ප්‍රඥාව ද, විමුක්තිය ද, යන සතර දහමුන් වඩා ආස්රවක්ෂයසඞ්ඛ්යාත නිවනට පැමිණියෙමි.
6326. යදා පබ්බජිතො චාහං යදා ච අරහා අහුං, නිබ්බායිස්සං යදා චාහං ගන්ධවස්සො තදා අහු.
6326. මම යම් කලෙක්හි පැවිදිවූයේ වෙම් ද, යම් කලෙක්හි රහත් වූයෙම් වෙම් ද, එසේ ම යම් කලෙක්හි පිරිනිවන් පානෙම් ද, ඒ (සියලු) කල්හි සුගන්ධ වර්ෂා පැවැත්තාහ.
6327. සරීරගන්ධො ච සදා’තිසෙති මෙ මහාරහං චන්දනවම්පකුප්පලං, තථෙව ගන්ධෙ ඉතරෙ ච සබ්බසො පසය්හ වායාමි ගතො තහිං තහිං.
6327. මාහැඟි වූ සඳුන් සපු උපුල් මල් සුවඳ මිශ්‍රව මාගේ ශරීරගන්ධය හැම කල්හි හමයි. එසේ ම ඒ ඒ තන්හි ගියෙම් සෙසු සුගන්ධයන් මැඩ ශරීරසුගන්ධය වහනය කරමි.
6328. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6328. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6329. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6329. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
6330. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.
6330. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා චූළසුගන්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චූලසුගන්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
චූළසුගන්ධත්ථෙරස්ස අපදානං දසමං.
චූළසුගන්‍ධ ස්ථවිරාවදානය දසවැනියි.
භද්දියවග්ගො පඤ්චපඤ්ඤාසමො.
භද්දිය වර්ගය පස්පණස් වැනියි.
උද්දානං:
උද්දානය:
භද්දියො රෙවතො ථෙරො මහාලාභි ච සීවලී වඞ්ගීසො නන්දකො චෙව කාළුදායි තථාභයො ලොමසො වනවච්ඡො ච සුගන්ධො දසමො කතො. තීණි ගාථාසතා තත්ථ සොළස ච තදුත්තරිං.
භද්දිය රේවත සහ මහාලාභී සීවලී වඞ්ගීස නන්දක කාළුදායී අභය ද, ලෝමස වනවච්ඡ - දසම වූ සුගන්ධය. මෙහි ගී තෙ සියෙකි වැඩියෙන් ගී සොළොසෙකි.
අථ වග්ගුද්දානං:
යලි, වග්ගුද්දානය:
කණිකාරව්හයො වග්ගො ඵලදො තිණදායකො, කච්චානො භද්දියො වග්ගො ගාථායො ගණිතා චිමා. නවගාථා සතානීහ චතුරාසීති එව ච. සපඤ්ඤාසා පඤ්චසතා අපදානා පකාසිතා. සහ උද්දානගාථාහි ඡසහස්සනි හොන්තිමා, ද්වෙ සතානි ච ගාථානං අට්ඨාරස තදුත්තරිං.
කණිකාර නම් වග ඵලදා තිණදායක, කච්චාන භද්දිය වග. මෙහි ගිණූ ගී නවසිය සූ අසූවෙක. අපදාන පන්සිය පණසක් මෙහි කියන ලදහ. උද්දානගාථා සමග ගාථා සදහසෙක් වෙති ඉන් වැඩි ගාථා දෙසිය අටළොසකි.