යෙදුමෙන් කියවන්න

547. අභයත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

547. අභයත්‍ථෙරඅපදානවණ‍්ණනා

547. අභය ථේර අපදාන වර්ණනාව

සත‍්තමාපදානෙ පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො අභයත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විපට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො. සො වුද‍්ධිමන්‍වාය වෙදඞ‍්ගපාරගො සකපරසමයකුසලො එකදිවසං සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො භගවන‍්තං ගාථාහි ථොමෙසි. සො තත්‍ථ යාවතායුකං ඨත්‍වා පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං සුගතීසුයෙවං සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බිම‍්බිසාරරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, අභයොත්‍වෙවස‍්ස නාමං කරිංසු. සො වයප‍්පත‍්තො නිගණ‍්ඨෙහි සද‍්ධිං විස‍්සාසිකො හුත්‍වා චරන‍්තො එකදිවසං නිගණ‍්ඨෙන නාටපුත‍්තෙන සත්‍ථු වාදාරොපනත්‍ථාය පෙසිතො නිපුණපඤ‍්හං පුච‍්ඡිත්‍වා නිපුණබ්‍යාකරණං සුත්‍වා පසන‍්නො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානානුරූපං ඤාණං පෙසෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

සත්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි බමුණු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව වේදයෙහි පරතෙරට ගියේ සකසමය පරසමයෙහි දක්‍ෂ වූයේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේ ගාථාවන්ගෙන් ස්තුති කළේය. හේ එහි දිවි ඇතිතෙක් සිට පින්කොට එයින් චුතවූයේ දෙව්ලොව උපන්නේය. ඉන්පසු කලින්කල සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර බිම්බිසාර රජුගේ පුත්‍රයාව උපන්නේය. ඔහුට අභයයැයි නමක් තැබූහ. හේ වැඩිවිය පත්වූයේ නිගණ්ඨයන් සමග විශ්වාසවන්ත වී හැසිරෙන්නේ එක් දවසක් නිගණ්ඨනාථ පුත්‍රයා විසින් ශාස්තෲන් වහන්සේට වාදාරෝපණය කිරීම සඳහා යවන ලද්දේ නිපුණ ප්‍රශ්නය අසා, නිපුණ ව්‍යාකරණය අසා පැහැදුණේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිව කර්මස්ථාන අනුරූපව ඥානය මෙහෙයවා නොබෝ කලකින්ම රහත්බවට පත්වූයේය.

සො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. තං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාම ජිනො යනාදිය කීහ. ඒ සියල්ල පහසුවෙන් දත හැක්කේමය.

අභයත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අභය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

548. ලොමසකඞ‍්ගියත්‍ථෙරඅපදානවණ‍්ණනා

548. ලෝමසකඞ්ගිය ථේර අපදාන වර්ණනාව

අට‍්ඨමාපදානෙ ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිකං ආයස‍්මතො ලොමසකඞ‍්ගියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සද‍්ධො පසන‍්නො අහොසි. අපරො චන්‍දනො නාම තස‍්ස සහායො චාසි. තෙ ද‍්වෙපි සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පසන‍්නමානසා පබ‍්බජිත්‍වා යාවජීවං සීලං රක‍්ඛිත්‍වා සුපරිසුද‍්ධසීලා තතො චුතා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා එකං බුද‍්ධන‍්තරං දිබ‍්බසුඛං අනුභවිංසු. තෙසු අයං ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාකියකුලෙ නිබ‍්බත‍්තිත්‍වා අපරො චන්‍දනො දෙවපුත‍්තො හුත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති. අථ සො සක්‍යකුලප‍්පසාදකෙන කාළුදායිනා ආරාධිතෙන භගවතා සක්‍යරාජූනං මානමද‍්දනාය කතං වෙස‍්සන‍්තරධම‍්මදෙසනායං (ජා· 2.22.1655 ආදයො) පොක‍්ඛරවස‍්සඉද‍්ධිපාටිහාරියං දිස‍්වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා මජ‍්ඣිමනිකායෙ වුත‍්තං භද‍්දෙකරත‍්තසුත‍්තන‍්තදෙසනං සුත්‍වා අරඤ‍්ඤවාසං වසන‍්තො භද‍්දෙකරත‍්තසුත‍්තන‍්තදෙසනානුසාසනං (ම· නි· 3.286 ආදයො) සරිත්‍වා තදනුසාරෙන ඤාණං පෙසෙත්‍වා කම‍්මට‍්ඨානං මනසි කරිත්‍වා අරහත‍්තං පාපුණි.

අටවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද ශ්‍රද්ධා ඇත්තේ පැහැදුණේ විය. තවත් ඔහුගේ චලන නම් යහළුවෙක්ද විය. ඒ දෙදෙනම ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසා පැවිදිව දිවි ඇතිතාක් සිල් රැක අතිපරිශුද්ධ සිල් ඇත්තාහු එයින් චුතවූවාහු දෙව්ලොව ඉපිද එක් බුද්ධාන්තරයක් දිවසැප අනුභව කළහ. ඔවුන්ගෙන් මොහු මේ බුද්ධෝත්පාද කාලයෙහි ශාක්‍ය කුලගෙයක උපන්නේය. ඉක්බිති ඔහු ශාක්‍යකුල ප්‍රසාදක කාළුදායී විසින් ආරාධිත වූයේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශාක්‍ය රජුන්ගේ මානය මර්දනය සඳහා පවත්වන ලද වෙස්සන්තර ධර්ම දේශනාවෙන් ඇති වූ පොකුරුවැසි සෘද්ධි ප්‍රාතිහාර්ය දැක පහන් සිතැත්තේ පැවිදිව මජ්ඣිම නිකායෙහි ආ භද්දෙකරත්ත සූත්‍ර දේශනාව අසා අරණ්‍යවාසයෙහි වෙසෙන්නේ ඒ දේශනා අනුශාසනාව සිහිකොට ඒ අනුසාරයෙන් ඥානය මෙහෙයවා රහත්බවට පත්විය.

අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිමාහ. තත්‍ථ කප‍්පො තාව චතුබ‍්බිධො – සාරකප‍්පො, වරකප‍්පො, මණ‍්ඩකප‍්පො, භද‍්දකප‍්පොති. තෙසු යස‍්මිං කප‍්පෙ එකො බුද‍්ධො උප‍්පජ‍්ජති, අයං සාරකප‍්පො නාම. යස‍්මිං ද‍්වෙ වා තයො වා බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, අයං වරකප‍්පො නාම. යස‍්මිං චත‍්තාරො බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, අයං මණ‍්ඩකප‍්පො නාම. යස‍්මිං පඤ‍්ච බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, අයං භද‍්දකප‍්පො නාම. අඤ‍්ඤත්‍ථ පන –

රහත් බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘ඉමම්හි භද්දකෙ කප්පෙ’ යනාදිය කීය. එහි කල්පය නම් සිව්වැදෑරුම්ය. සාරකල්පය, වර කල්පය, මණ්ඩක කල්පය, භද්‍රකල්පය යනුවෙන්. ඒ අතරින් යම් කල්පයෙක එක් බුදුකෙනෙක් උපදීද මෙය සාරකල්ප නමි. යමෙක බුදුවරුන් දෙනමක් හෝ තෙනමක් උපදිද්ද මෙය වරකල්ප නමි. යමෙක බුදුවරුන් සිව්නමක් උපදිද්ද මෙය මණ්ඩක කල්ප නමි. යමෙක බුදුවරුන් පස්නමක් උපදිද්ද මෙය භද්‍රකල්ප නමි.

“සාරකප‍්පො මණ‍්ඩකප‍්පො, සාරමණ‍්ඩකප‍්පො තථා; වරකප‍්පො භද‍්දකප‍්පො, කප‍්පා පඤ‍්චවිධා සියුං.

සාර කල්පය, මණ්ඩ කල්පය, සාරමණ්ඩ කල්පය, වර කල්පය, භද්‍ර කල්පයයි කල්ප පස්වැදෑරුම් කොට ඇතැම්හු බෙදූහ.

“එකො ද‍්වෙ තයො චත‍්තාරො, පඤ‍්ච බුද‍්ධා යථාක‍්කමං; එතෙසු පඤ‍්චකප‍්පෙසු, උප‍්පජ‍්ජන‍්ති විනායකා”ති. –

විනායක බුදුවරු එක්නමක් දෙනමක් තුන්නමක් සිව්නමක් පස්නමක් පිළිවෙලින් මේ කල්ප පසෙහි උපදිත්.

එවං පඤ‍්ච කප‍්පා වුත‍්තා. තෙසු අයං කප‍්පො “කකුසන්‍ධො කොණාගමනො කස‍්සපො ගොතමො මෙත‍්තෙය්‍යො”ති පඤ‍්චබුද‍්ධපටිමණ‍්ඩිතත‍්තා භද‍්දකප‍්පො නාම ජාතො.

මෙසේ කල්ප පසක් කියන ලදි. ඒ අතර මේ කල්පය කකුසඳ, කෝනාගමන, කස්සප, ගෞතම, මෙත්තෙය්‍ය යන බුදුවරුන් පස්නමගෙන් ප්‍රතිමණ්ඩිත බැවින් භද්‍රකල්ප නම් විය.

තස‍්මා ඉමස‍්මිං භද‍්දකප‍්පම‍්හි කස‍්සපො නායකො උප‍්පජ‍්ජීති සම‍්බන්‍ධො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ඒ නිසා ඉමස්මිං භද්ද කප්පම්හි කස්සපො නාම නායකො උපපජ්ජති යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.

ලොමසකඞ‍්ගියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ලොමසකඞ්ගිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

549. වනවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා

549. වනවච්ඡ ථේර අපදාන වර්ණනාව

නවමාපදානෙ ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිකං ආයස‍්මතො වනවච‍්ඡත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො, තතො චුතො අරඤ‍්ඤායතනෙ භික‍්ඛූනං සමීපෙ කපොතයොනියං නිබ‍්බත‍්තො. තෙසු මෙත‍්තචිත‍්තො ධම‍්මං සුත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස මාතුකුච‍්ඡිගතකාලෙයෙව මාතු දොහළො උදපාදි වනෙ වසිතුං වනෙ විජායිතුං . තතො ඉච‍්ඡානුරූපවසෙන වනෙ වසන‍්තියා ගබ‍්භවුට‍්ඨානං අහොසි. ගබ‍්භතො නික‍්ඛන‍්තඤ‍්ච නං කාසාවඛණ‍්ඩෙන පටිග‍්ගහෙසුං. තදා බොධිසත‍්තස‍්ස උප‍්පන‍්නකාලො, රාජා තං කුමාරං ආහරාපෙත්‍වා සහෙව පොසෙසි. අථ බොධිසත‍්තො මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා පබ‍්බජිත්‍වා ඡබ‍්බසානි දුක‍්කරකාරිකං කත්‍වා බුද‍්ධෙ ජාතෙ සො මහාකස‍්සපස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තස‍්සොවාදෙ පසන‍්නො තස‍්ස සන‍්තිකා බුද‍්ධුප‍්පාදභාවං සුත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අරහා අහොසි.

නවවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් වනවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා සැදැහැ ඇත්තේ පැවිදිව පිරිසිදු බඹසර හැසිර ඉන් චුත වූයේ දෙව්ලොව උපන්නේය. එයින් චුතවූයේ අරණ්‍යායතනයෙහි භික්‍ෂූන් සමීපයෙහි පරෙවි යෝනියෙහි උපන්නේ ඔවුන් කෙරෙහි මෙත්සිතින් දහම් අසා එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තු පුරයෙහි බමුණු කුලයෙක උපන්නේය. ඔහු මව්කුසට ගියකල්හිම මවට දොළදුක් උපන්නේය. වනයෙහි වසන්ටත් වනයෙහි වදන්ටත්, ඉන්පසු සෘද්ධි අනුරූපව වනයෙහි වසන්නියට දරු ප්‍රසූතිය සිදුවිය. ගර්භයෙන් නික්මුණු ඔහු සිවුරු කඩකින් පිළිගත්හ. බෝධිසත්ත්වයන් උපන් කාලයයි. රජ තෙමේ ඒ කුමාරයා ගෙන්වා පුත්‍රයා සමගම පෝෂණය කළේය. ඉක්බිති බෝධිසත්ත්වයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්ම පැවිදිව සයවසක් දුෂ්කරක්‍රියා කොට බුදුවූහ. හේ මහා කස්සප හිමියන් වෙත ගොස් උන්වහන්සේගේ අවවාදයෙහි පහන් වූයේ උන්වහන්සේ හමුවෙන් බුදුන් උපන් බව අසා ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා පැවිදිව නොබෝ කලකින්ම ෂඩ්අභිඥා සහිතව රහත් විය.

සො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිමාහ. තත්‍ථ බ්‍රහ‍්මබන්‍ධු මහායසොති එත්‍ථ බ්‍රාහ‍්මණානං බන්‍ධු ඤාතකොති බ්‍රාහ‍්මණබන්‍ධූති වත‍්තබ‍්බෙ ගාථාබන්‍ධසුඛත්‍ථං “බ්‍රහ‍්මබන්‍ධූ”ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ලොකත‍්තයබ්‍යාපකයසත‍්තා මහායසො. සෙසං සබ‍්බං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදිය කීහ. එහි බ්‍රහ්මබන්‍ධු මහයසො යනු මෙහි බමුණන්ට බන්‍ධු ඥාතියෙක් වේ. බ්‍රාහ්මණ බන්‍ධු යයි කියයුතු තන්හි ගාථා බන්ධන පහසුව පිණිස බ්‍රහ්ම බන්‍ධු යයි කියන ලදැයි දතයුතුය. සෙස්ස සියල්ල පහසුවෙන් දතහැක්කේමය.

වනවච‍්ඡත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

වනවච්ඡ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

550. චූළසුගන්‍ධත්‍ථෙරඅපදානවණ‍්ණනා

550. චූළසුගන්‍ධ ථේර අපදාන වර්ණනාව

දසමාපදානෙ ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිකං ආයස‍්මතො සුගන්‍ධත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා සබ‍්බදා නමස‍්සමානො මහාදානං දදමානො මාසස‍්ස සත‍්තක‍්ඛත‍්තුං භගවතො ගන්‍ධකුටියා චතුජ‍්ජාතිගන්‍ධෙන විලිම‍්පෙසි. “මම නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරතො සුගන්‍ධගන්‍ධො නිබ‍්බත‍්තතූ”ති පත්‍ථනං අකාසි. භගවා තං බ්‍යාකාසි. සො යාවතායුකං ඨත්‍වා පුඤ‍්ඤානි කරොන‍්තො තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො කාමාවචරලොකං සරීරගන්‍ධෙන සුගන්‍ධං කුරුමානො සුගන්‍ධදෙවපුත‍්තොති පාකටො අහොසි. සො දෙවලොකසම‍්පත‍්තියො අනුභවිත්‍වා තතො චුතො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස මාතුකුච‍්ඡිගතස‍්සෙව මාතුයා සරීරගන්‍ධෙන සකලගෙහං සකලනගරඤ‍්ච සුගන්‍ධෙන එකගන්‍ධං අහොසි, ජාතක‍්ඛණෙ සකලං සාවත්‍ථිනගරං සුගන්‍ධකරණ‍්ඩකො විය අහොසි, තෙනස‍්ස සුගන්‍ධොති නාමං කරිංසු. සො වුද‍්ධිං අගමාසි. තදා සත්‍ථා සාවත්‍ථියං පත්‍වා ජෙතවනමහාවිහාරං පටිග‍්ගහෙසි, තං දිස‍්වා පසන‍්නමානසො භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. තස‍්ස උප‍්පන‍්නදිවසතො පට‍්ඨාය යාව පරිනිබ‍්බානා එත්‍ථන‍්තරෙ නිපන‍්නට‍්ඨානාදීසු සුගන්‍ධමෙව වායි. දෙවාපි දිබ‍්බචුණ‍්ණදිබ‍්බගන්‍ධපුප‍්ඵානි ඔකිරන‍්ති.

දසවැනි අපදානයෙහි ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදි වශයෙන් ආයුෂ්මත් සුගන්‍ධ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස විභව සම්පත් ඇති කුලයක ඉපිද දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසා සැමකල්හි නමස්කාර කරමින් දන් දෙමින් මසකට සත්වරක් භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය සතර වර්ගයක සුවඳින් ආලේප කළේය. මාගේ උපනුපන් තැන ශරීරයෙන් සුගන්ධය උපදීවායි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රකාශ කළ සේක. හේ දිවි ඇතිතාක් සිට පින්කොට එයින් දෙව්ලොව උපන්නේ කාමාවචර දිව්‍ය ලෝකය ශරීර සුගන්ධයෙන් සුවඳවත් කරමින් සුගන්ධ දිව්‍යපුත්‍රයා යයි ප්‍රකට විය. හේ දිව්‍යලෝක සම්පත් අනුභව කොට එයින් චුතවූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි මහාභෝග ඇති කුලයක උපන්නේ ය. ඔහු මව්කුසට ගියකල්හි මවගේ සිරුරු සුවඳින් මුළුගෙයද මුළු නගරයද සුවඳින් පිරී ගියේය. උපන් කෙණෙහි මුළු සැවැත්නුවරම සුවඳ කරඬුවක් මෙන් විය. ඒ නිසා ඔහුට සුගන්ධයයි නමක් තැබූහ. හේ වැඩිවියට ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට පැමිණ දෙව්රම් මහවෙහෙර පිළිගත් සේක. ඒ දැක පහන් සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම පිළිසිඹියා සහිතව රහත් බවට පත්විය. ඔහු උපන් දිනයෙහි පටන් පිරිනිවන් පානා තෙක් මෙදෑතුර නිපන් තැන් ආදියෙහි සුවඳම හැමීය. දෙවියෝද දිවසුණු, දිවසුවඳ, දිවමල් විසුරුවති.

සොපි ථෙරො අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඉමම‍්හි භද‍්දකෙ කප‍්පෙතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යමෙව, කෙවලං පුඤ‍්ඤනානත‍්තං නාමනානත‍්තඤ‍්ච විසෙසො.

ඒ තෙරුන් වහන්සේද රහත් බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ඉමම්හි භද්දකෙ කප්පෙ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේද, පහසුවෙන් දතහැක්කේද වේමැයි. හුදෙක් පින්වල වෙනසත් නම්වල වෙනසත් විශේෂයකි.

චූළසුගන්‍ධත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුගන්‍ධ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

පඤ‍්චපඤ‍්ඤාසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

පනස් පස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.