544. වඞ්ගීසත්ථෙරාපදානං
544. වඞ්ගීසත්ථෙරාපදානං
544. වඞ්ගීස ස්ථවිරාවදානය
6118. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6118. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්මයන්හි විනිවිද දක්නාසුලු නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
6119. යථාපි සාගරෙ ඌමි ගගනෙ විය තාරකා, එවං පාවචනං තස්ස අරහන්තෙහි චිත්තිතං.
6119. සයුරෙහි රළ, අහසෙහි තරු යම් සේ විසිතුරු ද එසේ ම උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.
6120. ස දෙවාසුරනාගෙහි මනුජෙහි පුරක්ඛතො, සමණබ්රාහ්මණාකිණ්ණෙ ජනමජ්ඣෙ ජනුත්තමො.
6120. ඒ ජනෝත්තම වූ බුදුරජතෙම දිව්යඅසුරනාගමනුෂ්ය යන මොවුන් විසින් පිරිවරණ ලදුයේ මහණ බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද-
6121. පභාභි අනුරඤ්ජෙන්තො ලොකං ලොකන්තගූ ජිනො, වචනෙන විබොධෙන්තො වෙනෙය්යපදුමානි සො.
6121. (භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකාන්තයට ගිය ඒ බුද්ධදිවාකර තෙමේ ප්‍රභාවෙන් ලොව රඳවමින් වෛනෙයජන නමැති පියුම්, වචන නමැති රැසින් පොබයමින්-
6122. වෙසාරජ්ජෙහි සම්පන්නො චතූහි පුරිසුත්තමො, පහීනභයසාරජ්ජො ඛෙමප්පත්තො විසාරදො.
6122. චතුර්වෛශාරද්යයන්ගෙන් යුක්ත වූ දුරු කරණ ලද බිය හා ඇලුම් ඇති, (ක්ෂේම යයි කියන ලද) නිවණට පැමිණි විශාරද වූ පුරුෂෝත්තම වූ-
6123. ආසභං පවරං ඨානං බුද්ධභුමිං ච කෙවලං, පටිජානාති ලොකග්ගො නත්ථි සඤ්චොදකො ක්වචි.
6123. ලෝකනායක වූ බුදුරජ තෙමේ උතුම් ආසභස්ථානය ද කේවල (අනන්‍යසාධාරණ) බුදධත්වය ද තමා තුළ ඇතැයි ප්‍රතිඥා කෙරෙයි. ඔබට එය නැතැයි චෝදනා කරණ කිසි චෝදකයෙක් නැත.
6124. සීහනාදමසම්භීතං නදතො තස්ස තාදිනො, දෙවො නරො වා බ්රහ්මා වා පටිවත්තා න විජ්ජති.
6124. මෙසේ අභිතසිංහනාද කරණ කම්පා නැති උන්වහන්සේට ප්රතිවක්තෘව (විරුද්ධ ව) කියන දෙවියෙක් මිනිසෙක් හෝ බඹෙක් නැත.
6125. දෙසෙන්තො පවරං ධම්මං සන්තාරෙන්තො සදෙවකං, ධම්මචක්කං පවත්තෙති පරිසාසු විසාරදො.
6125. උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසරින්) එතෙර කරමින් පිරිස් මැද විශාරද ව දම්සක් පවත්වයි.
6126. පටිභානවතං අග්ගං සාවකං සාධුසම්මතං, ගුණං බහුං පකිත්තෙත්වා එතදග්ගෙ ඨපෙසි තං.
6126. ඒ බුදුරජ තෙම ප්රතිභානවත් (වැටහීම ඇති) භික්ෂූන් අතුරෙන් අග්‍ර වූ සාධුසම්මත ශ්‍රාවකයකු බොහෝ ගුණ පවසා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
6127. තදාහං හංසවතියං බ්රාහ්මණො සාධුසම්මතො, සබ්බවෙදවිදූ ජාතො වඞ්ගීසො වාදිසූදනො.
6127. එකල මම හංසවතී නගරයෙහි උපන්නෙම් සාධුසම්මත වූ, සියලු වේදයන් දන්නා වූ, වාගීශ වූ, වාදීන් මැඩලන බමුණෙක් වූයෙම්-
6128. උපෙච්ච තං මහාවීරං සුත්වා තං ධම්මදෙසනං, පීතිවරං පටිලභිං සාවකස්ස ගුණෙ රතො.
6128. ඒ මහාවීර වූ බුදුරජුන් වෙත එළඹ එ දම්දෙසුම අසා ශ්‍රාවකයන්ගේ ගුණයෙහි ඇලුනෙම් උතුම් ප්‍රීතිය ලැබීමි.
6129. නිමන්තයිත්වා සුගතං සසඞ්ඝං ලොකනන්දනං, සත්තාහං භොජයිත්වාහං දුස්සෙහච්ඡාදයිං තදා.
6129. එකල්හි මම සඞ්ඝයා සහිත වූ ලෝකනන්දන වූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්‍රයෙන් හැඳවීමි. හඳිනා (පොරෝනා සිවුරු පිණිස පිළි පිදීමි.)
6130. නිපච්ච සිරසා පාදෙ කතොකාසො කතඤ්ජලී, එකමන්තං ඨිතො හට්ඨො සන්ථවිං ජිනමුත්තමං:
6130. හිසින් පාමුල හෙව ලබන ලද අවකාශ ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් සතුටු වූයෙම් එකත් පසෙක සිටියෙම් උතුම් වූ බුදුරජුන්හට (මෙසේ) ස්තූති කෙළෙමි.
6131. “නමො තෙ වාදිසද්දූල නමො තෙ පුරිසුත්තම, නමො තෙ සබ්බලොකග්ග නමො තෙ අභයඞ්කර.
6131. “වාදීශාර්දුලයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. මුළුලොවට අග වූ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. අභය (දානය) කරන්නා වූ උත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
6132. නමො තෙ මාරමථන නමො තෙ දිට්ඨිසූදන, නමො තෙ සන්තිසුඛද නමො තෙ සරණඞ්කර.
6132. මාරබල මර්දනය කරණුවන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. දෙසැටමිසදිටු මඩින උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ශාන්තිසුඛදායකයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. සත්ලොවට පිහිට කරණ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
6133. අනාථානං භවං නාථො භීතානං අභයප්පදො, විස්සාමභූමි සත්තානං සරණං සරණෙසිනං.
6133. පින්වත් තෙමේ අනාථයනට පිහිට ය. බියවූවනට අභය දායක ය. ශ්‍රාන්ත (-විඩා) වූවනට විශ්රාම්භූමි ය. පිහිට සොයන සත්නට පිළිසරණෙක් ය.
6134. එවමාදීහි සම්බුද්ධං සන්ථවිත්වා මහාගුණං, අවොචං වාදිසූරස්ස ගතිං පප්පොමි භික්ඛුනො.
6134. මේ ආදි නයින් මහත් වූ ගුණ ඇති සම්බුදු රජුන් හට පසසා “වාදීශූර වූ (ප්රතිභානවත්) භික්ෂුහුගේ තත්ත්වයට පැමිණෙමැ” යි කීමි.
6135. තදා අවොච භගවා අනන්තපටිභානවා, යො සො බුද්ධං අභොජෙසි සත්තාහං සහ සාවකං.
6135-6136. එකල්හි අනන්ත වූ වැටහීම් ඇති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: ඒ යමෙක් තෙම පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ බුදුරජුන් සතියක් සියතින් වැළඳවී ද, (ඒ සම්බුද්ධ වූ) මාගේ ගුණ පැවසී ද, මෙ තෙම වාදීශූර වූ (ඒ ප්රතිභානවත්) භික්ෂුහුගේ තනතුර පතයි.
6136. ගුණං ච මෙ පකිත්තෙසි පසන්නො සෙහි පාණිහි, එසො පත්ථයතෙ ඨානං වාදිසූරස්ස භික්ඛුනො.
6137. අනාගතම්හි අද්ධානෙ ලච්ඡතෙ තං මනොරථං, දෙවමානුසසම්පත්තිං අනුභොත්වා අනප්පකං.
6137. නො අඩු වූ දෙවි - මිනිස් සැප අනුභව කොට මතු කාලයෙහි (ඔහුගේ) ඒ මනෝරථය ලබන්නේ ය.
6138. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6138. මෙයින් (මතු) සියක් දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
6139. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, වඞ්ගීසො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
6139. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් ම නිර්මිත කළාක් වැනි, ඖරසපුත්‍ර වූ නමින් වඞ්ගීස නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි)
6140. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, පච්චයෙහි උපට්ඨාසි මෙත්තචිත්තො තථාගතං.
6140. එකල්හි එය අසා සතුටු වූයේ මෙත් සිතැත්තේ දිවි ඇති තාක් තථාගත වූ බුදුරජුන්හට (සිවු) පසයෙන් උවටැන් කෙළෙමි.
6141. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තුසිතං අගමාසහං.
6141. මම මැනැවින් කරණ ලද ඒ කර්මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර තුසිත දෙව් ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
6142. පච්ඡිමෙ ච භවෙදානි පරිබ්බාජකුලෙ අහං, පච්චාජාතො යදා ආසිං ජාතියා සත්තවස්සිකො.
6142. මම දැන් මේ අන්තිමජාතියෙහි පිරිවැජිකුලයෙහි උපනෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් වීමි.
6143. සබ්බවෙදවිදූ ජාතො වාදසත්ථවිසාරදො, වාදිස්සරො චිත්තකථී පරවාදප්පමද්දනො.
6143. සියලු වේද දන්නෙක් වූයෙම් වාදශාස්ත්රයෙහි විශාරද වූයෙම් වාදීන්හට ශ්‍රේෂ්ඨ වූයෙම් චිත්‍රකථික වූයෙම් විරුද්ධවාදීන් මඩනාසුලු වූයෙමි.
6144. වඞ්ගෙ ජාතො’ති වඞ්ගීසො වචනෙ ඉස්සරොති වා, වඞ්ගීසො ඉති මෙ නාමං අභවී ලොකසම්මතං.
6144. “වඞ්ගරටෙහි උපන්නේ නු”යි වඞ්ගිස ය, නොහොත් “වචනයෙහි අධිපති නු” යි වඞ්ගිස ය යි මාගේ නාමය ලෝකසම්මත විය.
6145. යදාහං විඤ්ඤුතං පත්තො ඨිතො පඨමයොබ්බනෙ, තදා රාජගහෙ රම්මෙ සාරිපුත්තමථද්දසං.
6145. යම් කලෙක්හි මම දනුමැති බවට පැමිණියෙම් පළමු යොවුනෙහි සිටියෙම් වෙම් ද, එකල්හි රම්‍ය වූ රජගහනුවරදී සැරියුත් තෙරුන් දිටිමි.
පඤ්චවිසතිමං භාණවාරං.
පස්විසි වැනි බණවර යි.
6146. පිණ්ඩාය විචරන්තං තං පත්තපාණිං සුසංවුතං, අලොලක්ඛිං මිතභාණිං යුගමත්තනිරික්ඛකං.
6146. පිඬු පිණිස හැසිරෙන්නා වූ පාත්‍රය ගත් අත් ඇති සන්හුන් වූ ලොල් නො වූ නිශ්චල ඇස් ඇති පමණ දැන කථා කරන්නා වූ වියදඬු පමණ දුර බලන්නා වූ
6147. තං දිස්වා විම්හිතො හුත්වා අවොචං මනනුච්ඡවං. ඛණිකං ඨානරචිතං චිත්තං ගාථාපදං අහං.
6147. ඒ සැරියුත් තෙරුන් දැක මම හටගත් විස්මය ඇත්තෙම් සිතට සුදුසු වූ, එකෙණෙහි වැටහුනා වූ එතන්හි දී ම රචිත වූ විචිත්‍ර වූ ගාථාපදයක් කීමි.
6148. ආචික්ඛි සො මෙ සත්ථාරං සම්බුද්ධං ලොකනායකං, තදා සො පණ්ඩිතො වීරො උත්තරං සමවොච මෙ.
6148. එකල්හි ඒ වීර වූ පණ්ඩිත ශාරිපුත්‍ර තෙමේ මට ලෝකනායක වූ ශාස්තෘ වූ සම්බුදු රජුන් ගැණ කී ය. මට පිළිතුරු ද කී ය.
6149. විරාගසංහිතං වාක්යං කත්වා දුද්දසමුත්තමං, විචිත්තපටිභානෙහි තොසිතො තෙන තාදිනා, නිපච්ච සිරසා පාදෙ පබ්බාජෙහීති මං බ්රවිං.
6149. තාදී ගුණ ඇති එම සැරියුත් තෙරුන් විසින් තෘෂ්ණා නිඃශ්‍රිත නො වූ බැවින් විරාගසංහිත වූ දුද්දස හෙවත් අවබෝධයට දුෂ්කර වූ උතුම් වූ වාක්‍යයක් කොට විසිතුරු ප්‍රතිභානයෙන් සතුටු කරණ ලද මම (උන්වහන්සේගේ) පාමුල සිරසින් නැමී (වැඳ) “මා පැවිදි කළ මැනවැ”යි කීමි.
6150. තතො මං ස මහාපඤ්ඤො බුද්ධසෙට්ඨමුපානයි, නිපච්ච සිරසා පාදෙ නිසීදිං සත්ථු සන්තිකෙ.
6150. ඉක්බිති ඒ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍රස්ථවිර තෙමේ මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණවී ය. පාමුල සිරසින් නැමී (වැඳ) ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි හුනිමි.
6151. මමාහ වදතං සෙට්ඨො කච්චි වඞ්ගීස ජානසි, කිඤ්චි සිප්පන්ති තස්සාහං ජානාමි ති ච අබ්රවිං.
6151. කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම ‘වඞ්ගීස කිම’ කිසියම් ශිල්පයක් දනිහි දැ’යි මා ඇසී ය. මම උන්වහන්සේට දනිමි යි කීමි.
6152. මතසීසං වනච්ඡුද්ධං අපි බාරසවස්සිකං, තව විජ්ජාවිසෙසෙන සචෙ සක්කොසි භාසය.
6152. වනයෙහි බැහැර ලූ දොළොස් හවුරුදු ඉක්ම ගිය මළ හිස්කබලක් (දක්වා) තාගේ විද්යාවිශේෂයෙන් (මේ හිස් කබල අයත් තැනැත්තා කොහි උපන්නේ දැ යි) ඉදින් හැකි වෙහි නම් කියව යි වදාළහ.
6153. ආමාති මෙ පටිඤ්ඤාතෙ තීණි සීසානි දස්සයී. නිරය නර දෙවෙසු උපපන්නෙ අවාචයිං.
6153. එසේ ය යි මා පිළිණ කළ කල්හි හිස්කබල් තුණක් දැක්වී ය. නරකය මිනිස්ලොව දෙව්ලොව යන මේ තන්හි උපන්නවුන් කීමි.
6154. තදා පච්චෙකබුද්ධස්ස සිරං දස්සෙසි නායකො, තතොහං විහතාරම්භො පබ්බජ්ජං සමයාචිසං.
6154. එකල්හි ලෝකනායක වූ බුදුරජ තෙමේ පසේබුදුවරයකුගේ හිස්කබලක් දැක්වී ය. ඉක්බිති මම උන්වහන්සේ උපන් තැන කිය නො හැකි බැවින් නටුවා වූ විද්‍යාරම්භ ඇත්තෙම් පැවිද්ද ඉල්වීමි.
6155. පබ්බජිත්වාන සුගතං සන්ථවාමි තහිං තහිං, තතො මං කබ්බවීත්තොති උජ්ඣායන්තිහ භික්ඛවො.
6155. පැවිදි ව බුදුරජුන්හට ඒ ඒ තන්හි දී ස්තූති කරමි. එහෙයින් මෙහි භික්ෂූහු මට කවි බැඳීම සැපත කොට ඇත්තේ ය යි දොස් පහළ කෙරෙත්.
6156. තතො විමංසනත්ථං මෙ ආහ බුද්ධො විනායකො, තක්කිතා පනිමා ගාථා ඨානසො පටිභන්ති වා
6156. ඉක්බිති විශිෂ්ට නායක වූ බුදුරජ තෙම විමසනු සඳහා මට මෙසේ වදාළේ ය: මේ ගාථාවෝ (කල් ඇතිව) සිතා මතා ගොතන ලද්දාහු ද, නොහොත් කෙණෙහි වටහත් ද? (කියා යි)
6157. න කබ්බවිත්තොහං වීර ඨානසො පටිභන්ති මං, තෙන හි දානි වඞ්ගීස ඨානසො සන්ථවාහි මං.
6157. වීරයන් වහන්ස, මම කවි බැඳීම සැපත කොට ඇත්තෙක් නො වෙමි. ඒ කවි එකෙණෙහි මට වටහත් ය යි කීමි. වඞ්ගීස, එසේ වී නම් දැන් සිටිවන ම මට ස්තූති කරව යි බුදුරජ තෙම වදාළේ ය.
6158. තදාහං සන්ථවිං වීරං ගාථාහි ඉසිසත්තමං, ඨානාසො මෙ තදා තුට්ඨො ජිනො අග්ගෙ ඨපෙසි මං.
6158. එකල්හි මම ඍෂි සප්තම වූ බුදුරජුන්හට කෙණෙහි ම ගාථායෙන් ස්තූති කෙළෙමි. එකල්හි තුටු වූ බුදුරජතෙම මා (ප්රතිභානවත් භික්ෂූන් අතුරෙන්) අග්‍රස්ථානයෙහි තැබී ය.
6159. පටිභානෙන චිත්තෙන අඤ්ඤෙ සමතිමඤ්ඤහං, පෙසලෙ තෙන සංවිග්ගො අරහත්තමපාපුණිං.
6159. මම (ක්ෂණික) බුද්ධියෙන් අන්‍ය ප්‍රියශීල භික්ෂූන් ඉක්ම වීමි. එයින් උත්සාහ වත් වූයෙම් රහත්බවට පැමිණියෙමි.
6160. පටිහානවතං අග්ගො අඤ්ඤො කොචි න විජ්ජති, යථායං භික්ඛු වඞ්ගීසො එවං ධාරෙථ භික්ඛවො.
6160. මෙම වඞ්ගීස භික්ෂු වැනි වහා වැටහීම් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වූ අන්කිසිවෙක් නැති. මහණෙනි, එසේ දරවු.
6161. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
6161. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි කරණ ලද කර්මය මෙහි දී මට විපාක දැක්වී ය. මම මිදුණු හීසැරයක් බඳු වූයෙම් කෙලෙසුන් දැවීමි.
6162. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
6163. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6163. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
6164. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
6164. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා වඞ්ගීසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වඞ්ගීසත්ථෙරස්ස අපදානං චතුත්ථං.
වඞ්ගීස ස්ථවිරාවදානය සිව්වැනියි.