535. කුමාරකස්සපත්ථෙරාපදානං
535. කුමාරකස්සපත්ථෙරාපදානං
535. කුමාරකස්සප ස්ථවිරාවදානය
5811. ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො, සබ්බලොකහිතො වීරො පදුමුත්තරනාමකො.
5811. මෙයින් ලක්ෂයක් වන කපෙහි සියලු ලොවට හිත වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායක (-බුදුරජ) තෙමේ ලොව පහළ විය.
5812. තදාහං බ්රාහ්මණො හුත්වා විස්සුතො වෙදපාරගූ, දිවාවිහාරං විවරං අද්දසං ලොකනායකං.
5812-5813. එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් ව ප්‍රකට වූයෙම් දිවාවිහරණය කරනෙම් සිවුසස් දෙසන්නා වූ දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන්පත් සව්වකු වර්ණනය කරන්නා වූ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
5813. චතුසච්චං පකාසෙන්තං බොධයන්තං සදෙවකං, විචිත්තකථිකානග්ගං වණ්ණයන්තං මහාජනෙ.
5814. තදා මුදිතචිත්තොහං නිමන්තෙත්වා තථාගතං, නානාරත්තෙහි වත්ථෙහි අලඞ්කත්වාන මණ්ඩපං.
5814-5815. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් පැහැයෙන් රැඳු වතින් සරසා එහි සඞ්ඝයා සහිත බුදුරජුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අගරස බොජුනෙන් වළඳවා-
5815. නානාරතනපජ්ජොතං සසඞ්ඝං භොජයිං තහිං, භොජයිත්වාන සත්තාහං නානග්ගරසභොජනං.
5816. නානාවණ්ණෙහි පුප්ඵෙහි පූජයිත්වා සසාවකං, නිපජ්ජ පාදමූලම්හි තං ඨානං පත්ථයිං අහං.
5816. නන්වන් මලින් ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුරජුන් පුදා පාමුල වැද හෙව මම එම තනතුර පැතීමි.
5817. තදා මුනිවරො ආහ කරුණෙකරසාසයො, පස්සථෙතං දිජවරං පදුමානනලොචනං.
5817-5819. එකල්හි කරුණා රසයට එක ම නිධාන වූ බුදුරජතෙම (මෙසේ) වදාළේ ය: “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්රීතිප්රමෝද්ය බහුල වූ (එයින්) නැගුනු ලොම් ඇති, හර්ෂයෙන් දැල්වුනු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එක ම අරමුණට හැරුනු මනා සිත් ඇති මේ බමුණහු බලවු. මෙතෙම විචිත්රකථිකත්වය වූ ඒ මේ තනතුර පතයි.
5818. පීතිපාමොජ්ජබහුලං සමුග්ගතතනූරුහං, හාසාහිතවිසාලක්ඛං මම සාසනලාලසං.
5819. මම පාදමූලෙ පතිතං එකාවත්ත සුමානසං, එස පත්ථෙති තං ඨානං විචිත්තකථිකත්තනං.
5820. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
5820. මෙයින් සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපත ලබන ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
5821. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කුමාරකස්සපො නාම හෙස්සති සත්ථුසාවකො.
5821. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ කුමාරකස්සප නම් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
5822. විචිත්තපුප්ඵදුස්සානං රතනානං ච වාහසා, විචිත්තකථිකානං සො අග්ගතං පාපුණිස්සති.
5822. (පුදනලද) විචිත්‍ර පුෂ්පවස්ත්රයන්ගේ ද, රත්නයන්ගේ ද බලයෙන් හෙතෙම විචිත්රකථික භික්ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේ ය” (කියායි).
5823. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5823. මම මැනැවින් කරණලද ඒ කර්මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5824. පරිබ්භමං භවාකාසෙ රඞ්ගමජ්ඣෙ නටො යථා, සාඛාමිගත්රජො හුත්වා මිගියා කුච්ඡිමොක්කමිං.
5824. රඟ මැද නළුවකු මෙන් භව නමැති අහසෙහි පරිභ්‍රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්‍ර ව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
5825. තදා මයි කුච්ඡිගතෙ වජ්ඣවාරො උපට්ඨිතො, සාඛෙන වත්තා මෙ මාතා නිග්රොධං සරණං ගතා.
5825. එසඳ මා කුස පිළිසිඳගත් කල්හි (මවගේ) මරණයට වාරය එළඹ සිටියේ ය. ශාඛාමුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්‍යග්‍රෝධ මුවරජු පිහිට කොට ගියා ය.
5826. තෙන සා මිගරාජෙන මරණං පරිමොචිතා, පරිච්චජිත්වා සං පාණං මමෙවං ඔවදී තදා.
5826. එකල්හි ඒ න්‍යග්‍රෝධ මුවරජු විසින් ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කොට මරණයෙන් මුදා ලූ ඕ තොමෝ මට මෙසේ අවවාද කළා ය:
5827. නිග්රොධමෙව සෙවෙය්ය න සාඛමුපසංවසෙ, නිග්රොධස්මිං මතං සෙය්යො යං චෙ සාඛම්හි ජීවිතං.
5827. “න්‍යග්‍රෝධ මුවරජු ම සේවනය කරව, ශාඛා මුවා සමග වාස නො කරව. න්‍යග්‍රෝධ කෙරෙහි වැස මිය යෑම ශාඛා වෙත වැටෙන ජීවිතයට වඩා උතුම් ය”.
5828. තෙනානුසිට්ඨො මිගයූථපෙන අහං ච මාතා ච තථෙතරෙ ච, ආගම්ම රම්මං තුසිතාධිවාසං ගතා පවාසං සඝරං යථෙව.
5828. ඒ න්‍යග්‍රෝධ මුවරජ විසින් අනුශාසනය කරණලද මම ද, මව් ද එසේ ම සෙස්සෝ ද, දුරරටක සිටියකු සියගෙට එන්නාක් මෙන් රම්‍ය වූ තුෂිතදෙව්ලොව විසුමට ගියෝ වෙමු.
5829. පුනො කස්සපවීරස්ස අත්ථමෙන්තම්හි සාසනෙ, ආරුය්හ සෙලසිඛරං යුඤ්ජිත්වා ජිනසාසනං.
5829. යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි ගලක් මුදුනට නැගී ජිනසාසනයෙහි ප්රතිපත්තීන් යෙදී-
5830. ඉදානහං රාජගහෙ ජාතො සෙට්ඨිකුලෙ අහු, ආපන්නසත්තා මෙ මාතා පබ්බජි අනගාරියං.
5830. දැන් මම රජගහනුවර සිටුකුලයක උපනෙම් වෙමි. ගැබිනි වූ (එ බැව් නො දත්) මාගේ මව් තොමෝ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියා ය.
5831. සගබ්භං තං විදිත්වාන දෙවදත්තමුපානයුං, සො අවොච විනාසෙථ පාපිකං භික්ඛුනිං ඉමං.
5831. ගැබ් සහිත බව දැන (භික්ෂුණීහු) ඇය දෙව්දත් තෙරුන් වෙත පැමිණවූහ. ඒ දෙව්දත් තෙමේ “මේ පවිටු භික්ෂුණිය (සිවුරු හැරවීමෙන්) නසවුයි කී ය.
5832. ඉදානිපි මුනින්දෙන ජිනෙන අනුකම්පිතා, සුඛිනී අජනී මය්හං මාතා භික්ඛුනුපස්සයෙ.
5832. දැනුදු මුනීන්ද්ර වූ බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද මාගේ මව් තොමෝ සුඛිත වූවා භික්ෂුණි ආශ්‍රමයෙහි මා ප්‍රසූත කළා ය.
5833. තං විදිත්වා මහීපාලො කොසලො මං අපොසයි, කුමාරපරිහාරෙන නාමෙනාහඤ්ච කස්සපො.
5833. කොසොල් රජ තෙමේ එය දැන මා කුමරපෙරහරින් පෝෂණය කළේ ය. මම නමින් කාශ්‍යප නම් වූයෙමි.
5834. මහාකස්සපමාගම්ම අහං කුමාරකස්සපො, වම්මිකසදිසං කායං සුත්වා බුද්ධෙන දෙසිතං.
5834. මහාකාශ්‍යප තෙරුන් නිසා මම කුමාරකාශ්‍යප ය යි ප්‍රසිද්ධ වීමි. කය තුඹසකට සම කොට බුදුරජුන් විසින් දෙසන ලද්ද (වම්මික සූත්‍රය) අසා-
5835. තතො චිත්තං විමුච්චි මෙ අනුපාදාය සබ්බසො, පායාසිං දමයිත්වාහං එතදග්ගං අපාපුණිං.
5835. එයින් මාගේ සිත උපාදාන රහිත ව හැම ලෙසින් ආස්‍රවයන් කෙරෙන් මිදුනේ ය. මම පායාසි (රජු) දමනය කොට (චිත්‍රකථික භික්ෂූන් අතුරෙන්) ඒතදග්රස්ථානයට පැමිණියෙමි.
5836. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5836. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
5837. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
5837. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5838. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5838. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කුමාරකස්සපො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
මෙසෙයින් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුමාරකස්සපත්ථෙරස්ස අපදානං පඤ්චමං.
කුමාරකාශ්යපස්ථවිරාවදානය පස්වැනියි.
චතුවීසතිමං භාණවාරං.
සූවිසි වැනි බණවරයි.