යෙදුමෙන් කියවන්න

532. වක‍්කලිත්‍ථෙරාපදානං

532. වක‍්කලිත්‍ථෙරාපදානං

532. වක්කලි ස්ථවිරාවදානය

5689. ඉතො සතසහස‍්සම‍්හි කප‍්පෙ උප‍්පජ‍්ජි නායකො, අනොමනාමො අමිතො නාමෙන පදුමුත‍්තරො.

5689. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ අලාමක වූ නම් ඇති අපමණ ගුණ ඇති නමින් පදුමුත්තර වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.

5690. පදුමාකාරවදනො පදුමාමලසුච‍්ඡවී, ලොකෙනානුපලිත‍්තොව තෙයෙන පදුමං යථා.

5690. උන්වහන්සේ පියුමකට බඳු මුහුණ ඇතියහ. පියුමක් සේ නිමල මනා සිවි ඇතියහ. ජලය හා (නො ගැටෙන) පියුම් මෙන් ලෝකය හා නො ම ගැටෙන්නාහ.

5691. වීරො පදුමපත‍්තක‍්ඛො සන‍්තො ච පදුමං යථා, පදුමුත‍්තරගන්‍ධො ච තස‍්මා සො පදුමුත‍්තරො.

5691. වීරයහ. පියුම්පෙති බඳු ඇස් ඇතියහ. පියුමක් මෙන් කාන්තයහ. උතුම් පියුම් සුවඳ බඳු සුවඳ ඇතියහ. එබැවින් උන්වහන්සේ පදුමුත්තර නම් වනසේක.

5692. ලොකජෙට‍්ඨො ච නිම‍්මානො අන්‍ධානං නයනූපමො, සන‍්තවෙසො ගුණනිධි කරුණාමතිසාගරො.

5692-5693. ලෝකජ්‍යේෂ්ඨ වූ මාන රහිත වූ අන්‍ධයනට ඇසක් වැනි වූ ශාන්ත වේශ ඇති ගුණනිධාන වූ කුළුණු නැණ සයුරෙක් වූ බඹ අසුර සුරන් විසින් පුදන ලද දෙවියන් සහිත මිනිසුන් විසින් පිරිවරණ ලද අතිඋත්තම වූ ඒ මහාවීර වූ බුදුරජානෝ කිසියම් දිනෙක ජනමධ්‍යයෙහි-

5693. ස කදාචි මහාවීරො බ්‍රහ‍්මාසුරසුරච‍්චිතො, සදෙවමනුජාකිණ‍්ණො ජනමජ‍්ඣෙ අනුත‍්තමො.

5694. වදනෙන සුගන්‍ධෙන මධුරෙන රුතෙන ච, රඤ‍්ජයං පරිසං සබ‍්බං සන්‍ථවී සාවකං සකං.

5694. සුවඳවත් මුවින් මියුරු වූ හඬින් සියලු පිරිස් රඳවමින් සියසව්වකු (මෙසේ) වැණූ සේක:

5695. “සද‍්ධාධිමුත‍්තො සුමතී මම දස‍්සනලාලසො, නත්‍ථි එතාදිසො අඤ‍්ඤො යථායං භික‍්ඛු වක‍්කලි”.

5695. “පිහිටි සැදැහැ ඇති මනා නුවණැති මා දැකුමෙහි ලොල් වූ මේ වක්කලී භික්‍ෂුනම බඳු අන් භික්‍ෂුනමක් නැත” කියා යී.

5696. තදාහං හංසවතියං නගරෙ බ්‍රාහ‍්මණත්‍රජො, හුත්‍වා සුත්‍වා ච තං වාක්‍යං තං ඨානමභිරොචයිං.

5696. එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණපුත්‍රයෙක් ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා ඒ තනතුර රුචි කෙළෙමි.

5697. සසාවකං තං විමලං නිමන‍්තෙත්‍වා තථාගතං, සත‍්තාහං භොජයිත්‍වාන දුස‍්සෙගච‍්ඡාදයිං තදා.

5697. එකල්හි ශ්‍රාවකසඞ්ඝයා සහිත ඒ නිර්‍මල බුදුරජුන් පවරා සතියක් (බොජුන්) වළඳවා (චීවර) වස්ත්‍රයෙන් හැඳවීමි.

5698. නිපච‍්ච සිරසා තස‍්ස අනන‍්තගුණසාගරෙ, නිමුග‍්ගො පීතිසම‍්පුණ‍්ණො ඉදං වචනමබ්‍රවිං:

5698. උන්වහන්සේගේ අනන්ත වූ ගුණසයුරෙහි සිරසින් හෙව ගිළුනෙම් ප්‍රීතියෙන් සම්පූර්‍ණ වූයෙම් මේ වදන් කීමි:

5699. “යො සො තයා සන්‍ථවිතො ඉතො සත‍්තමකෙ’හනි, භික‍්ඛූ සද‍්ධාවතං අග‍්ගො තාදිසො හොමහං මුනෙ.”

5699. “මුනින් වහන්ස, මෙයින් සත්වැනි දිනයෙහි යම් ඒ භික්‍ෂුනමක් සැදැහැතියනට අග්‍රය යි මුබ වහන්සේ විසින් පසස්නා ලද ද, මම ද එබන්දෙක් වෙමි” යි (කියා යි).

5700. එවං වුත‍්තෙ මහාවීරො අනාවරණදස‍්සනො, ඉමං වාක්‍යං උදීරෙසි පරිසායං මහාමුනි:

5700. මෙසේ කී කල්හි මහාවීර වූ අනාවරණඥානදර්‍ශන ඇති බුදුරජහු පිරිස්හි මෙ ම වචනය වදාළහ:

5701. “පස‍්සථෙතං මාණවකං පීතමට‍්ඨනිවාසනං, හෙමයඤ‍්ඤොපවීතඞ‍්ගං ජනනෙත‍්තමනොහරං.

5701. “රන්වන් පුනනූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ගන්නා වූ, කසාවත් හඳනා වූ මේ මාණවකයා බලවු.

5702. එසො අනාගතද‍්ධානෙ ගොතමස‍්ස මහෙසිනො, අග‍්ගො සද‍්ධාධිමුත‍්තානං සාවකොයං භවිස‍්සති.

5702. මෙතෙම මතුකාලයෙහි ගෞතම බුදුරජුන්ගේ සද්ධාධිමුත්ත (බලවත් සැදෑ ඇති) යනට අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ ය.

5703. දෙවභූතො මනුස‍්සො වා සබ‍්බසන‍්තාපවජ‍්ජිතො, සබ‍්බභොගපරිබ‍්බූළ‍්හො සුඛිතො සංසරිස‍්සති.

5703. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ සියලු තැවුලින් බැහැර වූයේ හැම භෝගසම්පත්තීන්ගෙන් ආඪ්‍ය ව සුවපත් වූයේ සසර සැරිසරන්නේ ය.

5704. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුසලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

5704. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

5705. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, වක‍්කලී නාම නාමෙන හෙස‍්සති සත්‍ථුසාවකො.

5705. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත වූවාක් වැනි වූ ඖරස වූ නමින් වක්කලී නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”

5706. තෙන කම‍්මවිසෙසෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

5706. මම ඒ කර්‍ම විශේෂය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

5707. සබ‍්බත්‍ථ සුඛිතො හුත්‍වා සංසරන‍්තො භවාභවෙ, සාවත්‍ථියං පුරෙ ජාතො කුලෙ අඤ‍්ඤතරෙ අහං.

5707. මම සියලු තන්හි සුව ඇත්තෙම් කුදුමහත් භවයෙහි සැරිසරනෙම් සැවැත් නුවර එක්තරා කුලයක උපන්නෙම් වෙමි.

5708. නොනීතසුඛුමාලං මං ජාතපල‍්ලවකොමලං, මන්‍දං උත‍්තානසයනං පිසාචීභයතජ‍්ජිතා.

5708-5709. වෙඬරු මෙන් සිවුමැලි වූ අසෝකදළු මෙන් මොළොක් වූ ලදරු උඩුකුරු ව හෝනා මා පිසාචියක් බියෙන් තැතිගැන්විය. දුක්පත් සිත් ඇති දෙමාපියෝ “නාථයන් වහන්ස, මුබවහන්සේට මුන් දෙමු. නායකයන් වහන්ස, පිහිට වනු මැනැවැ”යි මහර්ෂි වූ බුදුරජුන්ගේ පාමුල මා හොවා ලූහ.

5709. පාදමූලෙ මහෙසිස‍්ස සායෙසුං දීනමානසා, ‘ඉමං දදාම තෙ නාථ සරණං හොහි නායක.’

5710. තදා පටිග‍්ගහි සො මං භීතානං සරණො මුනි, ජාලිනා සඞ‍්ඛලඞ‍්කෙන මුදුකොමලපාණිනා.

5710. එකල්හි බිය පත් වූවනට පිහිට වූ ඒ බුදුරජ තෙම ජාලාඞ්ගුලි ඇති සක්ලකුණුයුත් මෘදුකොමලහස්තයෙන් මා පිළිගත්තේ ය.

5711. තදාප‍්පභුති තෙනාහං අරක‍්ඛෙය්‍යෙන රක‍්ඛිතො, සබ‍්බවෙරවිනිම‍්මුත‍්තො සුඛෙන පරිවඩ‍්ඪිතො.

5711. මම එතැන් පටන් අරක්ඛෙය්‍ය වූ (කිසිවකු විසින් නො රැකිය යුතු) ඒ බුදුහු විසින් රැකුණෙම් සියලු පසමිතුරන්ගෙන් මිදුනෙම් සුවයෙන් වැඩුනෙමි.

5712. සුගතෙන විනාභූතො උක‍්කණ‍්ඨාමි මුහුත‍්තකං, ජාතියා සත‍්තවස‍්සොහං පබ‍්බජිං අනගාරියං.

5712. මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන් වූයෙම් උකටලී වෙමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.

5713. සබ‍්බපාරමිසම‍්භූතං ලක‍්ඛීනිලයනං පරං, රූපං සබ‍්බසුභාකිණ‍්ණං අතිත‍්තො පිහයාමහං.

5713. මම සියලු පාරමිතාබලයෙන් හටගත්තා වූ උතුම් වූ ලක්‍ෂ්මියට (-සම්පත්තියට) වාසස්ථාන වූ සියලු ශුභ (-වර්‍ණඝණ්ඨාන) යන්ගෙන් ගැවසී ගත් (බුදුරජුන්ගේ) රූපය (දැක්මෙහි) තෘප්ත (සෑහීමට පත්) නො වූයෙම් ආසා කෙරෙමි.

5714. බුද‍්ධරූපරතං ඤත්‍වා තදා ඔවදි මං ජිනො, “අලං වක‍්කලි කිං රූපෙ රමසෙ බාලනන්‍දිතෙ.

5714. එකල්හි බුද්ධරූපයෙහි ඇලුනු මා දැක “වක්කලිය, කම් නැත. බාලයන් තුටුවන්නා වූ රූපයෙහි කිම ඇලෙහි දැ”යි කෙලෙස් දිනූ බුදුරජානන් වහන්සේ මට අවවාද කළසේක.

5715. යො හි පස‍්සති සද‍්ධම‍්මං සො මං පස‍්සති පණ‍්ඩිතො, අපස‍්සමානො සද‍්ධම‍්මං මං පස‍්සම‍්පි න පස‍්සති.

5715. යමෙක් සදහම් දන්නේ වේ ද, ඒ පණ්ඩිත තෙමේ මා දකී. සදහම් නො දක්නේ මා දක්නේ නමුදු නො දක්නේ ම ය.

5716. අනත‍්තාදීනවො කායො විසරුක‍්ඛසමූපමො, ආවාසො සබ‍්බරොගානං පුඤ‍්ජො දුක‍්ඛස‍්ස කෙවලො.

5716. රූ කය අපමණ වූ දොස් ඇත්තකි. විෂවෘක්‍ෂයකට බඳු උපමා ඇත්තකි. සියලු රෝගයනට නිවාසස්ථානයකි. හුදු දුඃඛපිණ්ඩයකි.

5717. නිබ‍්බන්‍දිය තතො රූපෙ ඛන්‍ධානං උදයබ‍්බයං, පස‍්ස සබ‍්බකිලෙසානං සුඛෙනන‍්තං ගමිසස‍්සි.”

5717. එබැවින් රූපයෙහි කලකිරී ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යයය (-ඇතිවීම - නැතිවීම) බලව. එයින් සියලු කෙලෙසුන්ගේ අන්තයට සුවසේ පැමිණෙන්නෙහි ය.

5718. එවං තෙනානුසිට‍්ඨොහං නායකෙන හිතෙසිනා, ගිජ‍්ඣකූටං සමාරුය‍්හ ඣායාමි ගිරිකන්‍දරෙ.

5718. හිතෛෂී වූ ඒ ලෝකනායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරණ ලද මම ගිජුකුළුපව්වට නැගී ගිරිකඳුරෙහි බුද්ධරූප දර්‍ශන වියෝගයෙන් (මැරෙන්නට) සිතමි.

5719. ඨිතො පබ‍්බතපාදම‍්හි මමාහ සො මහාමුනි, වක‍්කලී’ති ජිනො වාචං තං සුත්‍වා මුදිතො අහං.

5719-5720. ඒ පස්මරුන් දිනූ බුදුරජානන්වහන්සේ කඳුබෑවුමෙහි සිටියහු ‘වක්කලී’ය යි මට ඇමතූසේක. මම ඒ වචනය අසා තුටු වූයෙම් නොයෙක් සියගණන් පුරිස්පමණින් ගැඹුරු වූ පර්‍වත ප්‍රපාතයට පැන්නෙමි. එකල්හි බුද්ධානුභාවයෙන් සුවසේ ම පොළොවෙහි පිහිටියෙම් වෙමි.

5720. පක‍්ඛන්‍දිං සෙලපබ‍්භාරෙ අනෙකසතපොරිසෙ, තදා බුද‍්ධානුභාවෙන සුඛෙන’ව මහිං ගතො.

5721. පුනොපි ධම‍්මං දෙසෙසි ඛන්‍ධානං උදයබ‍්බයං, තමහං ධම‍්මමඤ‍්ඤාය අරහත‍්තමපාපුණිං.

5721. (බුදුරජ තෙම) නැවතත් ස්කන්‍ධයන්ගේ උදය - ව්‍යය පිළිබඳ දහම් දෙසී ය. මම එදහම් දැන රහත්බවට පැමිණියෙමි.

5722. සුමහාපරිසාමජ‍්ඣෙ තදා මං මරණන‍්තගො, අග‍්ගං සද‍්ධාධිමුත‍්තානං පඤ‍්ඤපෙසි මහාමති.

5722. එකල්හි මරණාන්තය වූ නිවනට පැමිණි මහා ප්‍රාඥයන් වහන්සේ ශ්‍රද්ධාධිමුක්තික (බලවත් සැදැහැ ඇති) යනට මා අග්‍ර කොට ඉමහත් පිරිස් මැද පණවා වදාළ සේක.

5723. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධජූජායිදං ඵලං.

5723. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5724. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5724. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5725. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්සං සාසනං.

5725. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5726. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5726. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වක‍්කලිත්‍ථෙරො ඉමං ගාථායො අභාසිත්‍ථාති

මෙසෙයින් ආයුෂ්මත් වක්කලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වක‍්කලිත්‍ථෙරස‍්ස අපදානං දුතියං

වක්කලී ස්ථවිරාවදානය දෙවැනියි.