524. අබභඤ්ජනදායකත්ථෙරාපදානං
524. අබභඤ්ජනදායකත්ථෙරාපදානං
524. අබභඤ්ජනදායක ස්ථවිරාවදානය
5561. නගරෙ බන්ධුමතියා රාජුය්යානෙ වසාමහං, චම්මවාසී තදා ආසිං කමණ්ඩලුධරො අහං.
5561. මම බන්ධුමතී නගරයෙහි රජඋයන්හි වසමි. එකල්හි මම නම් හඳිත කමඬලා දරණ තවුසෙක් වීමි.
5562. අද්දසං විමලං බුද්ධං සයම්භුං අපරාජිතං, පධානපහිතත්තං තං ඣායිං ඣානරතං වසිං
5562. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත (පස්මරුන් පැරද වූ) ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ (පඤ්ච ධ්‍යාන) වසිතාවන්ගෙන් යුක්ත වූ නිර්මල වූ බුදුරජුන් දුටිමි.
5563. සබ්බකාමසමිද්ධං ච ඔඝතිණ්ණමනාසවං, දිස්වා පසන්නො සුමනො අබ්භඤ්ජනමදාසහං.
5563. සියලු අභිමතාර්ත්ථයන් සමෘද්ධ කළා වූ චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ඇඟගල්වන තෙලක් දුනිමි.
5564. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අබ්භඤ්ජනස්සිදං ඵලං.
5564. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් අබ්භඤ්ජනයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අබ්භඤ්ජනදානයාගේ මේ විපාක යි.
5565. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5565. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5566. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5566. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5567. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5567. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අබ්භඤ්ජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අබ්භඤ්ජනදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
අබ්භඤ්ජනදායකස්ථවිරාවදානය සිවුවැනියි.