522. මඤ්චදායකත්ථෙරාපදානං
522. මඤ්චදායකත්ථෙරාපදානං
522. මඤ්චදායක ස්ථවිරාවදානය
5550. විපස්සිනො භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, එකමඤ්චං මයා දින්නං පසන්නෙන සපාණිනා.
5550. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන්සිතින් යුතුව සියතින් ම එක් ඇඳක් දෙන ලදී.
5551. හත්ථියානං අස්සයානං දිබ්බයානං සමජ්ඣගං, තෙන මඤ්චකදානෙන පත්තොම්හි ආසවක්ඛයං.
5551. එම මඤ්චදානය හේතුකොට ගෙණ හස්තියාන, අශ්වයාන, දිව්යයානයන් ලබමි. ආස්රවක්ෂයට පැමිණියෙම් වෙමි.
5552. එකනවුතෙ ඉතො කප්පෙ යං මඤ්චකමදාසහං, දුග්ගතිං නාභිජානාමි මඤ්චදානස්සිදං ඵලං.
5552. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මඤ්චදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
5553. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5553. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5554. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5554. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5555. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5555. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මඤ්චදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඤ්චදායකත්ථෙරස්ස අපදානං දුතියං.
මඤ්චදායක ස්ථවිරාවදානය දෙවැනියි.
523. සරණගමනියත්ථෙරාපදානං
523. සරණගමනිය ස්ථවිරාවදානය
5556. ආරුහිම්හ තදා නාවං භික්ඛු චාජීවකො ච’හං, නාවාය භිජ්ජමානාය භික්ඛු මෙ සරණං අදා.
5556. එකල්හි ආජීවකයෙක් වූ මම ද භික්ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්ෂුනම මට සරණ දුන්නේ ය.
5557. එකතිංසෙ ඉතො කප්පෙ යං සො මෙ සරණං අදා, දුග්ගතිං නාභිජානාමි සරණගමනෙ ඵලං.
5557. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි ඒ භික්ෂුතෙම මට යම් සරණයක් දුන්නේ ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ ඵලයයි.
5558. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5558. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5559. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5559. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5560. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5560. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සරණගමනියත්ථෙරස්ස අපදානං තතියං.
සරණගමනිය ස්ථවිරාවදානය තෙවැනියි.