521. තිණමුට්ඨිදායකත්ථෙරාපදානං
521. තිණමුට්ඨිදායකත්ථෙරාපදානං
521. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
5538. හිමවන්තස්ස අවිදූරෙ ලම්බකො නාම පබ්බතො, තත්ථොපතිස්සො සම්බුද්ධො අබ්භොකාසම්හි චඞ්කමි.
5538. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජහු සක්මන් කළසේක.
5539. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, දිස්වාන තං දෙවදෙවං තිණමුට්ඨිං අදාසහං.
5539. මම පෙර මහාවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාතිදේව වූ (පසේබුදුරජුන්) දැක තණමිටක් දුනිමි.
5540. නිසීදනත්ථං බුද්ධස්ස දත්වා චිත්තං පසාදයිං, සම්බුද්ධමභිවාදෙත්වා පක්කාමිං උත්තරාමුඛො.
5540. එය බුදුරජුන් හට හිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
5541. අචිරං ගතමත්තං මං මිගරාජා අහෙඨයි, සීහෙන පාතිතො සන්තො තත්ථ කාලකතො අහං.
5541. ගිය නො බෝ වේලාවකින් ම සිංහයෙක් තෙම මා පෙළීය. සිංහයා විසින් හෙළන ලදුයෙම් මම එහි කලුරිය කෙළෙම් වෙමි.
5542. ආසන්නෙ මෙ කතං කම්මං බුද්ධසෙට්ඨ අනාසවෙ, සුමුත්තො සරවෙගොව දෙවලොකං අගච්ඡහං.
5542. මරණාසන්න කල්හි මා විසින් ආස්‍රව රහිත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි ඒ කර්මය කරණ ලදී. මම (දුන්නෙන්) මිදුණ හීවේගයක් සෙයින් දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
5543. යූපො තත්ථ සුභො ආසි පුඤ්ඤකම්මාභිනිම්මිතො, සහස්සකණ්ඩො සතභෙණ්ඩු ධජාලු හරිතාමයො.
5543. පුණ්‍යකර්මය හේතු කොට ගෙණ එහි නිර්මිත වූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් ඇත්තේ ය. සියක් ගෝලාකාර මුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. පලා වන් ය.
5544. පභා නිද්ධාවතෙ තස්ස සතරංසීව උග්ගතො, ආකිණ්ණො දෙවකඤ්ඤාහි ආමොදිං කාමකාමහං.
5544. උදා වූ හිරු සෙයින් ඒ ප්‍රාසාදයාගේ පැහැ විහිදේ. මම දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරනලද්දෙම් කම් සැප කැමැත්තෙම් සතුටු විමි.
5545. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ආගන්ත්වාන මනුස්සත්තං පත්තොම්හි ආසවක්ඛයං.
5545. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව මිනිසත් බවට පත්ව ආස්රවක්ෂයට (-රහත්බවට) පැමිණියෙම් වෙමි.
5546. චතුනවුතෙ ඉතො කප්පෙ නිසීදනමදාසහං, දුග්ගතිං නාභිජානාමි තිණමුට්ඨිම්හිදං ඵලං.
5546. මෙයින් සිවුඅනූවන කපෙහි මම නිසීදනයක් (-අතුරා හිඳීමට තණමිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තණමිටක් දීමෙහි මේ විපාක යි.
5547. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5547. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5548. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5548. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5549. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5549. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තිණමුට්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිණමුට්ඨිදායකත්ථෙරස්ස අපදානං පඨමං.
තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.