යෙදුමෙන් කියවන්න

520. පදුමධාරකත්‍ථෙරාපදානං

520. පදුමධාරකත්‍ථෙරාපදානං

520. පදුමධාරක ස්ථවිරාවදානය

5532. හිමවන‍්තස‍්ස අවිදූරෙ රොමසො නාම පබ‍්බතො, බුද‍්ධොපි සම‍්භවො නාම අබ‍්භොකාසෙ වසී තදා.

5532. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් විය. එකල්හි සම්භව නම් (පසේ බුදුරජතෙමේ ද) අභ්‍යවකාශයෙහි විසී ය.

5533. භවනා නික‍්ඛමිත්‍වාන පදුමං ධාරයිං අහං, එකාහං ධාරයිත්‍වාන භවනං පුනරාගමිං.

5533. මම භවනයෙන් නික්ම උන්වහන්සේට පියුමක් දරා සිටියෙමි. එක්දිනක් (පියුම) දරා සිට නැවත භවනයට ආමි.

5534. එකතිංසෙ ඉතො කප‍්පෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5534. මෙයින් එක්තිස්වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5535. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5535. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5536. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5536. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5537. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5537. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පදුමධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් පදුමධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පදුමධාරකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පදුමධාරක ස්ථවිරාවදානය දසවැනියි.

ඵලදායකවග‍්ගො ද‍්විපඤ‍්ඤාසමො.

ඵලදායකවර්‍ගය දෙපණස් වැනියි.

උද‍්දානං:

උද්දානය:

කුරඤ‍්ජියං කපිත්‍ථඤ‍්ච කොසුම‍්භමථ කෙතකං, නාගපුප‍්ඵජ‍්ජුනං චෙව කුටජී ඝොසසඤ‍්ඤකො, ථෙරො ච සබ‍්බඵලදො තථා පදුමධාරකො, අසීති චෙත්‍ථ ගාථායො තිස‍්සො ගාථා තදුත‍්තරි.

කුරඤ්ජිය කපිත්‍ථ කොසුම්භ සහ කෙතක නාගපුප්ඵ අජ්ජුන කුටජිඝෝසසඤ්ඤත, සබ්බඵලදායක පදුමධාරක දස වේ. තුන්ගයකින් වැඩි අසූගයක් මෙහි ඇති.