519. සබ්බඵලදායකත්ථෙරාපදානං
519. සබ්බඵලදායකත්ථෙරාපදානං
519. සබ්බඵලදායක ස්ථවිරාවදානය
5505. වරුණො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, ඡඩ්ඩෙත්වා දස පුත්තානි වනමජ්ඣොගහිං තදා.
5505. එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි නමින් වරුණ නම් වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනකු හැර දමා වනයට පිවිසියෙමි.
5506. අස්සමං සුකතං කත්වා සුවිභත්තං මනොරමං, පණ්ණසාලං කරිත්වාන වසාමි විපිනෙ අහං.
5506. මම මනා බෙදුම් ඇති අසපුවක් සාදා පන්සැලක් ද කොට වනයෙහි වෙසෙමි.
5507. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම අස්සමං.
5507. ලෝකයාගේ පූජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුරජ තෙම මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණියේ ය.
5508. යාවතා වනසණ්ඩස්මිං ඔභාසො විපුලො අහු, බුද්ධස්ස ආනුභාවෙන පජ්ජලි විපිනං තදා.
5508. බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් මුළු වන ලැහැබෙහි මහත් වූ ආලොකයෙක් වී. එකල්හි වනය ඇවිලගත්තාක් බඳු විය.
5509. දිස්වාන පාටිහීරං තං බුද්ධසෙට්ඨස්ස තාදිනො, පත්තපුටං ගහෙත්වාන ඵලෙන පූරයිං අහං.
5509. මම තාදීගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළගොටුවක් ගෙණ ඵලයෙන් පිරවීමි.
5510. උපගන්ත්වාන සම්බුද්ධං සහඛාරිමදාසහං, අනුකම්පාය මෙ බුද්ධො ඉදං වචනමබ්රවී:
5510. මම බුදුරජුන් වෙත එළඹ කොළගොටුව සහිතව ම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළේ ය:
5511. “ඛාරිභාරං ගහෙත්වාන පච්ඡතො එහි මෙ තුවං, පරිභුත්තෙ ච සඞ්ඝම්හි පුඤ්ඤං තව භවිස්සති.”
5511. “තෝ ඛාරිහාරිය හෙවත් පලගොටුව රැගෙන මා පස්සෙන් එව. සඞ්ඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේ ය.” (කියායි).
5512. පුටකං තං ගහෙත්වාන භික්ඛුසංඝස්සදාසහං, තත්ථ චිත්තං පසාදෙත්වා තුසිතං උපපජ්ජහං.
5512. මම ඒ (පල) ගොටුව ගෙණ භික්‍ෂුසඞ්ඝයාට දුනිමි. එහි මම සිත පහදවා තුසිතදිව්යලෝකයෙහි උපනිමි.
5513. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච, පුඤ්ඤකම්මෙන සංයුත්තං අනුභොමි සදා සුඛං.
5513. එම දිව්‍යලෝකයෙහි දිව්‍යමය වූ නෘත්‍යයෙන් වාද්‍යයෙන් ගීතයෙන් කුශලකර්මය සමග යෙදුනු සුවය හැම කල්හි විඳිමි.
5514. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, භොගෙ මෙ ඌනතා නත්ථි ඵලදානස්සිදං ඵලං.
5514. දිව්‍ය වූ ද යලි මනුෂ්‍ය වූ ද යම් යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
5515. යාවතා චතුරො දීපා සසමුද්දා සපබ්බතා, ඵලං බුද්ධස්ස දත්වාන ඉස්සරං කාරයාමහං.
5515. මම බුදුරජුන්හට ඵල (දානය) දී සමුද්‍ර සහිත වූ පර්වත සහිත වූ සිවුමහදිවයින් යම් පමණ නම් (එ පමණ තන්හි) මාගේ ආධිපත්‍යය කරමි.
5516. යාවතා මෙ පක්ඛිගණා ආකාසෙ උප්පතන්ති ච, තෙපි මං වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
5516. මේ පක්ෂිසමූහයෝ යම්තාක් අහස් නැගයෙත් ද, ඔහු ද මාගේ වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යී.
5517. යාවතා වනසණ්ඩස්මිං යක්ඛා භූතා ච රක්ඛසා, කුම්භණ්ඩා ගරුළා චාපි පාරිචරියං උපෙන්ති මෙ.
5517. වනසණ්ඩයෙහි යම්තාක් යක්ෂයෝ ද භූතයෝ ද රාක්ෂසයෝ ද කුම්භාණ්ඩයෝ ද ගුරුළෝ ද වෙත් නම් ඔහු මාගේ පාරිචරියාවට (=මෙහෙවරට) පැමිණෙත්.
5518. කුම්මා සොණා මධුකරා ඩංසා ච මකසා උභො, තෙපි මං වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
5518. ඉදිබුවෝ ද බල්ලෝ ද මීමැස්සෝ ද ඩැහැ ලේ බොන මැස්සන් හා මදුරුවන් හා දෙවග දැයි ඔහු මා වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5519. සුපණ්ණා නාම සකුණා පක්ඛිජාතා මහබ්බලා, තෙපි මං සරණං යන්ති ඵලදානස්සිදං ඵලං.
5519. පක්ෂියෝනියෙහි උපන් මහත් බල ඇති සුපර්ණ නම් වූ ගුරුළු පක්ෂීහු වෙත් නම් ඔහු ද මා සරණ කොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5520. යෙපි දීඝායුකා නාගා ඉද්ධිමන්තො මහායසා, තෙපි මෙ වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
5520. දීර්ඝායුෂ්ක වූ ඍද්ධිමත් වූ මහත් යශස් ඇති යම් නාගයෝ වෙත් නම් ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5521. සීහා ව්යග්ඝා ච දීපි ච අච්ඡකොකතරච්ඡකා, තෙපි මෙ වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
5521. සිංහ ව්යාඝ්ර දිවි වලස් වෘක කරබානා වලස් යන ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
5522. ඔසධි තිණවාසී ච යෙ ච ආකාසවාසිනො, සබ්බෙ මං සරණං යන්ති ඵලදානස්සිදං ඵලං.
5522. ඔෂධි තෘණ (වෘක්ෂාදියෙහි) වාසය කරන්නා වූ ද අහසෙහි වාසය කරන්නා වූ ද යම් දෙවියෝ වෙත් නම් ඒ සියල්ලෝ මා සරණකොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
5523. සුදුද්දසං සුනිපුණං ගම්භීරං සුප්පකාසිතං, ඵස්සයිත්වා විහරාමි ඵලදානස්සීදං ඵලං.
5523. දර්ශනයට අතිශයින් දුෂ්කර වූ ඉතා සියුම් වූ ගැඹුරු වූ මැනැවින් පවසනලද (නිවණ) පසක් කොට වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5524. විමොක්ඛෙ අට්ඨ ඵස්සිත්වා විහරාමි අනාසවො, ආතාපී නිපකො චාහං ඵලදානස්සිදං ඵලං.
5524. මම අෂ්ටවිමෝක්ෂයන් ලබා ආස්‍රව රහිත වූයෙම් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5525. යෙ ඵලට්ඨා බුද්ධපුත්තා ඛීණදොසා මහායසා, අහමඤ්ඤතරො තෙසං ඵලදානස්සිදං ඵලං.
5525. මහත් යශස් ඇති ක්ෂය කරණ ලද දොස් ඇති ඵලස්ථ වූ යම් බුද්ධපුත්රකෙනෙක් වෙත් නම් ඔවුනතුරෙන් මම ද එක්තරා කෙනෙක් වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5526. අභිඤ්ඤාපාරමිං ගන්ත්වා සුක්කමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
5526. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අභිඥාවන්හි කෙළ පැමිණ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
5527. තෙවිජ්ජා ඉද්ධිපත්තා ච බුද්ධපුත්තා මහායසා, දිබ්බසොතං සමාපන්නා තෙසමඤ්ඤතරො අහං.
5527. ත්‍රිවිද්‍යා ඇත්තා වූ ද ඍද්ධිප්රාත්ප වූ ද මහත් යශස් ඇත්තා වූ ද දිවකන් ලද්දා වූ ද යම් බුද්ධපුත්රකෙනෙක් වෙත් නම් මම ද ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි.
5528. සතසහස්සෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
5528. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5529. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5529. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5530. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5530. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5531. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5531. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සබ්බඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් සබ්බඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
සබ්බඵලදායක ස්ථවිරාවදානය නවවැනියි.