යෙදුමෙන් කියවන්න

518. ඝොසසඤ‍්ඤකත්‍ථෙරාපදානං

518. ඝොසසඤ‍්ඤකත්‍ථෙරාපදානං

518. ඝෝසසඤ්ඤක ස්ථවිරාවදානය

5500. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, අද‍්දසං විරජං බුද‍්ධං දෙවසංඝපුරක‍්ඛතං.

5500-5501. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. කෙලෙස් රජස් විරහිත, දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද, චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නා වූ අමාපදය දෙසන්නා වූ බුදුරජුන් දිටිමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.

5501. චතුසච‍්චං පකාසෙන‍්තං දෙසෙන‍්තං අමතං පදං, අස‍්සොසිං මධුරං ධම‍්මං සිඛිනො ලොකබන්‍ධුනො.

5502. ඝොසෙ චිත‍්තං පසාදෙසිං අසමප‍්පටිපුග‍්ගලෙ, තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා අතරිං දුත‍්තරං භවං.

5502. අසම වූ අප්‍රතිපුද්ගල වූ (බුදුරජුන්) කෙරෙහි ද (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහි ද සිත පැහැද වීමි. එහි සිත පහදවා තරණය කිරීමට දුෂ්කර වූ භවය තරණය කෙළෙමි.

5503. එකතිංසෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඝොසඤ‍්ඤායිදං ඵලං.

5503. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් සංඥාවක් ලදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මඝෝෂසංඥාවෙහි මේ විපාක යි.

5504. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5504. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5505. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5505. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

5504. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5406. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඝොසසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ඝෝසසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ඝොසසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

ඝොසසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.