යෙදුමෙන් කියවන්න

517. කුටජපුප‍්ඵියත්‍ථෙරාපදානං

517. කුටජපුප‍්ඵියත්‍ථෙරාපදානං

517. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය

5493. හිමවන‍්තස‍්ස අවිදූරෙ චාවලො නාමපබ‍්බතො, බුද‍්ධො සුදස‍්සනො නාම වසතෙ පබ‍්බතන‍්තරෙ.

5493. හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එහි) කඳු අතරෙහි සුදස්සන නම් බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.

5494. පුප‍්ඵං හෙමවතං ගය‍්හ වෙහාසං අගමාසහං, තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං ඔඝතිණ‍්ණමනාසවං.

5494. මම හිමවතෙහි හටගත් මල් ගෙණ අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් දිටිමි.

5495. පුප‍්ඵං කුටජමාදාය සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, බුද‍්ධස‍්ස අභිරොපෙසිං සයම‍්භුස‍්ස මහෙසිනො.

5495. කෙළිඳ මල් ගෙණ හිස ඇඳිලි බැඳ සියල්ල තෙමේම දත් මහර්ෂි වූ බුදුරජුන් හට පිදීමි.

5496. එකංතිස‍්සෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5496. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5497. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5497. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5498. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5498. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

5499. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5499. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුටජපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කුටජපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

කුටජපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනියි.