516. අජ්ජුනපුප්ඵියත්ථෙරාපදානං
516. අජ්ජුනපුප්ඵියත්ථෙරාපදානං
516. අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය
5484. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, අද්දසං විරජං බුද්ධං සයම්භූං අපරාජිතං.
5484. එකල්හි (මම) චන්ද්රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. කෙලෙස් රජස් විරහිත සියල්ල තෙමේ ම දත් පස්මරුන් දිනූ බුදුරජුන් දිටිමි.
5485. පසන්නචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, ගහෙත්වා අජ්ජුනං පුප්ඵං සයම්භුං අභිපූජයිං.
5485. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හටගත් ප්‍රීති ඇත්තෙම් බැදැඳිලි ඇත්තෙම් කුඹුක් මලක් ගෙණ බුදුරජුන් පිදීමි.
5486. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා කින්නරං දෙහං තාවතිංසමගච්ඡහං.
5486. මැනැවින් කරණ ලද එම කර්මය හේතුකොට ගෙන ද චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම කිඳුරුසිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
5487. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, දසක්ඛත්තුං චක්කවත්තී මහාරජ්ජමකාරයිං.
5487. සතිස්වරක් දේවේන්ද්රව දිව්‍යරාජ්‍යය කරවීමි. දසවරක් චක්‍රවර්ති මහාරාජ්‍යය කරවීමි.
5488. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සුඛෙත්තෙ වපිතං බීජං සයම්භුස්මිං අහො මම.
5488. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගණිය නො හැකිය. ස්වසම්භු වූ මනා පින්කෙතෙහි මා විසින් වපුළ බිජුවට ආශ්චර්‍ය්‍යයයි.
5489. කුසලං විජ්ජතෙ මය්හං පබ්බජිං අනගාරියං, පූජාරහො අහං අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
5489. මාගේ කුශලය විද්‍යමාන වේ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
5490. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5490. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5491. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5491. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5492. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5492. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා අජ්ජුනපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් අජ්ජුනපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජ්ජුනපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.