යෙදුමෙන් කියවන්න

511. කුරඤ‍්ජියඵලදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

511. කුරඤ‍්ජියඵලදායකත්‍ථෙරාපදානං

511. කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය

5457. මිගලුද‍්දො පුරෙ ආසිං විපිනෙ විචරං අහං, අද‍්දසං විරජං බුද‍්ධං සබ‍්බධම‍්මානපාරගුං.

5457. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ මුව වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පත් කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.

5458. කුරඤ‍්ජියඵලං ගය‍්හ බුද‍්ධසෙට‍්ඨස‍්ස’දාසහං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තස‍්ස වීරස‍්ස පසන‍්නො සෙහි පාණිහි.

5458. මම කුරඤ්ජිය ඵලයක් ගෙණ වීර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.

5459. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5459. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5460. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5460. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5461. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5461. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5462. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5462. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුරඤ‍්ජියඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කුරඤ්ජියඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කුරඤ‍්ජියඵලදායකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය පළමුවැනියි.

512. කපිත්‍ථඵලදායකත්‍ථෙරාපදානං

512. කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය

5463. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, රථියා පටිපජ‍්ජන‍්තං කපිත්‍ථං අදදිං ඵලං.

5463. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් දැක ගිවුලූපලක් දුනිමි.

5464. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5464. එකල්හි මෙයින් එක්අනූවනකපෙහි යම් (ගිවුළු) පලයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5465. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5465. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5466. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5466. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5467. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5467. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කපිත්‍ථඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කපිත්‍ථඵලදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය දෙවැනියි.

513. කොසුම‍්භඵලදායකත්‍ථෙරාපදානං

513. කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය

5468. කකුධං විලසන‍්තංව දෙවදෙවං නරාසභං, රථියං පටිපජ‍්ජන‍්තං කොසුම‍්භං අදදිං ඵලං.

5468. කුඹුක් රුකක් මෙන් බබලන දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භඵලයක් දුනිමි.

5469. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5469. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5470. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5470. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5471. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5471. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5472. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5472. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කොසුම‍්භඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කෝසුම්භඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කොසුම‍්භඵලදායකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.

514. කෙතකපුප‍්ඵියත්‍ථෙරාපදානං

514. කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය

5473. විනතානදියා තීරෙ විහාසි පුරිසුත‍්තමො, අද‍්දසං විරජං බුද‍්ධං එකග‍්ගං සුසමාහිතං.

5473. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම විනතා නදීතීරයෙහි වැඩහුන්නේ ය. මැනැවින් සන්හුන් වූ එකඟ සිත් ඇති කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.

5474. මධුගන්‍ධස‍්ස පුප‍්ඵෙන කෙතකස‍්ස අහං තදා, පසන‍්නචිත‍්තො සුමනො බුද‍්ධසෙට‍්ඨං අපූජයිං.

5474. එකල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මධුසුගන්‍ධය වෑහෙන වැටකේ මලින් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.

5475. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5475. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5476. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5476. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5477. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5477. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5478. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5478. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කෙතකපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කෙතකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කෙතකපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.

515. නාගපුප‍්ඵියත්‍ථෙරාපදානං

515. නාගපුප්ඵිය ස්ථවිරාවදානය

5479. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, රථියං පටිපජ‍්ජන‍්තං නාගපුප‍්ඵං අපූජයිං.

5479. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.

5480. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5480. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5481. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමී අනාසවො.

5481. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5482. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5482. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5483. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5483. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා නාගපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

නාගපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

නාගපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.