510. නාළිකෙරදායකත්ථෙරාපදානං
510. නාළිකෙරදායකත්ථෙරාපදානං
510. නාළිකෙරදායක ස්ථවිරාවදානය
5448. නගරෙ බන්ධුමතියා ආරාමිකො අහං තදා, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
5448. එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩනා වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
5449. නාළිකෙරඵලං යඝ බුද්ධසෙට්ඨස්සදාසහං, ආකාසෙ ඨිතකො සන්තො පතිගණ්හී මහායසො.
5449. මම නාළිකෙරඵලයක් (-පොල්ගෙඩියක්) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජ තෙමේ අහසෙහි සිටියේ ම එය පිළිගෙණ වදාළේ ය.
5450. විත්තිසඤ්ජනනං මය්හං දිට්ඨධම්මසුඛාවහං, ඵලං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා.
5450. මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොව්හි දී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරජුන්හට දී -
5451. අධිගච්ඡිං තදා පීතිං විපුලං ච සුඛුත්තමං, උප්පජ්ජතෙ ච රතනං නිබ්බත්තස්ස තහිං තහිං.
5451. එකල්හි මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ තන්හි උපන් මට රුවන් පහළ වේ.
5452. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
5452. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් (නාළිකෙර) ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5453. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො ඵලදානස්සිදං ඵලං.
5453. මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්ෂ වීමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් ද වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
5454. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5454. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5455. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5455. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5456. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5456. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා නාළිකෙරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් නාළිකේරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාළිකෙරදායකත්ථෙරස්ස අපදානං දසමං.
නාළිකේරදායකස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
කණිකාරෙකපත්තො ච කාසුමාරී තථාවටං, වාරඤ්ච මාතුලුඞ්ගඤ්ච අජෙලාමොදමෙව ච. තාලං තථා නාළිකෙරං ගාථායො ගණිතා විහ, එකං ගාථාසතං හොති ඌනාධිකවිවජ්ජිතං.
කණිකාර ඒකපත්ත කාසුමාරි අවට ද වාරඵල මාතුලුඞ්ග අජෙල ද මෝදඵල, තාල නාළිකෙරදැයි මෙසෙයින් ගා ගිණූ මෙහි. අඩු වැඩි නැතිව ම එගා එක් සියෙක් වේ.
කණිකාරවග්ගො එකපඤ්ඤාසමො.
කණිකාරවර්‍ගය එක්පණස් වැනියි.