යෙදුමෙන් කියවන්න

503. කාසුමාරිඵලදායකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

503. කාසුමාරිඵලදායකත්‍ථෙරාපදානං

503. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය

5408. කණිකාරං’ව ජොතන‍්තං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ, අද‍්දසං විරජං බුද‍්ධං ලොකජෙට‍්ඨං නරාසභං.

5408. කඳු අතරෙහි වැඩ හුන්නා වූ (පිපී ගිය) කිණිහිරිරුකක් සේ බබලන (කෙලෙස්) රජස් විරහිත ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.

5409. පසන‍්නචිත‍්තො සුමනො සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, කාසුමාරිකමාදාය බුද‍්ධසෙට‍්ඨස‍්ස’දාසහං.

5409. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිස ඇඳිලි බැඳ කටුඑරමිණිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

5410. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5410. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කටුඑරමිණිය ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.

5411. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5411. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5412. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5412. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5413. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5413. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කාසුමාරිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කාසුමාරිඵලදායකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.

504. අවටඵලියත්‍ථෙරාපදානං

504. අවටඵලිය ස්ථවිරාවදානය

5414. සහස‍්සරංසී භගවා සයම‍්භු අපරාජිතො, විවෙකා වුට‍්ඨහිත්‍වාන ගොචරායාභිනික‍්ඛමි.

5414. පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කළ දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවෙක (සමාධි) යෙන් නැගිට පිඬු පිණිස නික්මුණේ ය.

5415. ඵලහත්‍ථො අහං දිස‍්වා උපගච‍්ඡිං නරාසභං, පසන‍්නචිත‍්තො සුමනො අවටං අදදිං ඵලං.

5415. (එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම ඵල ගත් අත් ඇත්තෙම් උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයේ අවට ඵලයක් දුනිමි.

5416. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5416. මෙයින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5417. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5417. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5418. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5418. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5419. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5419. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අවටඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අවටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අවටඵලියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

අවටඵලියස්ථවිරාවදානය සිවුවැනියි.

505. වාරඵලියත්‍ථෙරාපදානං

505. වාරඵලිය ස්ථවිරාවදානය

5420. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, රථියං පටිපජ‍්ජන‍්තං වාරඵලමදාසහං.

5420. මම වීථියට පිළිපන් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් හට වාරඵලයක් දුනිමි.

5421. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5421. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5422. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5422. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5423. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5423. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5424. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5424. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වාරඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් වාරඵලියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

වාරඵලියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

වාරඵලියස්ථවිරාවදානය පස්වැනියි.

506. මාතූලුඞ‍්ගඵලදාකත්‍ථෙරාපදානං

506. මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය

5425. කණිකාරංව ජලිතං පුණ‍්ණමාසෙව චන්‍දිමං, ජලන‍්තං දීපරුක‍්ඛං ව අද‍්දසං ලොකනායකං.

5425. පණුරැසි දිනයෙහි සඳු මෙන් බබලන්නා වූ කිණිහිරි රුකක් වැනි වූ ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් දිලෙන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.

5426. මාතුලුඞ‍්ගඵලං ගය‍්හ අදාසිං සත්‍ථුනො අහං, දක‍්ඛිණෙය්‍යස‍්ස ධීරස‍්ස පසන‍්නො සෙහි පාණිහි.

5426. මම නාරන් ගෙඩියක් ගෙණ දක්‍ෂිණාර්‍හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.

5427. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5427. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5428. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5428. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5429. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5429. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5430. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5430. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මාතුලුඞ‍්ගඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් මාතුලුඞ්ගඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මාතුලුඞ‍්ගඵලදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය සවැනියි.

507. අජෙලිඵලදායකත්‍ථෙරාපදානං

507. අජෙලිඵලදායක ස්ථවිරාවදානය

5431. අජ‍්ජුනො නාම සම‍්බුද‍්ධො හිමවන‍්තෙ වසී තදා, චරණෙන ච සම‍්පන‍්නො සමාධිකුසලො මුනි.

5431. එකල්හි චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ වූ සමාධියෙහි දක්‍ෂ වූ මෝනෙය්‍යගුණ යුත් අජ්ජුන නම් සම්බුදු (පසේබුදු) රජ තෙමේ හිමවතෙහි වැඩ විසී ය.

5432. කුම‍්භමත‍්තං ගහෙත්‍වාන අජෙලිං ජීවජීවකං, ඡත‍්තපණ‍්ණං ගහෙත්‍වාන අදාසිං සත්‍ථුනො අහං.

5432. මම ඒ ශාස්තෲන් වහන්සේ හට කළයක් පමණ වූ අජෙලි ඵලයක් ද ජීවජීවක ද ඡත්‍රපර්‍ණ ද ගෙන දුනිමි.

5433. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5433. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5434. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5434. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5435. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5435. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5436. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5436. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අජෙලිඵදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අජෙලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අජෙලිඵලදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

අජෙලිඵලදායක ස්ථවිරාවදානය සත් වැනියි.

508. අමොදඵලියෙත්‍ථෙරාපදානං

508. අමෝදඵලිය ස්ථවිරාවදානය

5437. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං, රථියං පටිපජ‍්ජන‍්තං අමොදමදදිං ඵලං.

5437. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් (දැක) අමෝද ඵලයක් දුනිමි.

5438. එකනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5438. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5439. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5439. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5440. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5440. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

5441. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5441. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අමොදඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් අමෝදඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අමොදඵලියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

අමෝදඵලිය ස්ථවිරාවදානය අටවැනියි.

509. තාලඵලදායකත්‍ථෙරාපදානං

509. තාලඵලදායක ස්ථවිරාවදානය

5442. සතරංසී නාම භගවා සයම‍්භූ අපරාජිතො, විවෙකා වුට‍්ඨහිත්‍වාන ගොචරායාභිනික‍්ඛමි.

5442. සියල්ල තෙමේ ම අවබෝධ කරගත් පස්මරුන් දිනූ සතරංසී නම් භාග්‍යවත් (පසේබුදු?) තෙම විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩියේ ය.

5443. ඵලහත්‍ථො අහං දිස‍්වා උපගච‍්ඡිං නරාසභං, පසන‍්නචිත‍්තො සුමනො තාලඵලමදාසහං.

5443. මම (උන්වහන්සේ) දැක පල ගත් අත් ඇත්තෙම් නරාසභයන් වහන්සේ වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල් පලයක් දුනිමි.

5444. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5444. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.

5445. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5445. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5446. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5446. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5447. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5447. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් තාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තාලඵලදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

තාලඵලදායකස්ථවිරාවදානය නවවැනියි.