යෙදුමෙන් කියවන්න

502. එකපත‍්තදායකත්‍ථෙරාපදානං

502. එකපත‍්තදායකත්‍ථෙරාපදානං

502. ඒකපත්තදායක ස්ථවිරාවදානය

5396. නගරෙ හංසවතියා කුම‍්භකාරො අහොසහං, අද‍්දසං විරජං බුද‍්ධං ඔඝතිණ‍්ණමනාසවං.

5396. මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙන් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.

5397. සුකතං මත‍්තිකාපත‍්තං බුද‍්ධසෙට‍්ඨස‍්ස’දාසහං, පත‍්තං දත්‍වා භගවතො උජුභූතස‍්ස තාදිනො.

5397. මම මැනැවින් කරණලද මැටිපයක් (=පාත්‍රයක්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි. (කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ තාදීගුණ ඇති බුදුරජුන්හට පාත්‍රය දී-

5398. භවෙ නිබ‍්බත‍්තමානොහං සොණ‍්ණථාලෙ ලභාමහං, රූපිමයෙ ච සොවණ‍්ණෙ තටිටිකෙ ච මණීමයෙ.

5398. භවයෙහි උපන්නා වූ මම රන්තලි ලබමි. රජතමය වූ ස්වර්‍ණමය වූ මණිමය වූ තැටි ද-

5399. පාතියො පරිභුඤ‍්ජාමි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං, යසානඤ‍්ච ධනානඤ‍්ච පත‍්තභූතො ච හොමහං.

5399. භාජන පරිභෝග කරමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි. මම යශසට ද ධනයට ද පාත්‍ර (හිමි) වූයෙම් වෙමි.

5400. යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ බීජමප‍්පම‍්පි රොපිතං, සම‍්මා ධාරෙ පවෙච‍්ඡන‍්තෙ ඵලං තොසෙති කස‍්සකං.

5400. යම් සේ සොඳුරු කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජය මැනැවින් වැසි ලැබෙන කල්හි සස්‍යඵලය ගොවියා සතුටු කෙරේ ද,

5401. තථෙවිමං පත‍්තදානං බුද‍්ධක‍්ඛෙත‍්තම‍්හි රොපිතං, පීතිධාරෙ පවස‍්සන‍්තෙ ඵලං මං තොසයිස‍්සති.

5401. එසේ ම බුද්ධක්‍ෂේත්‍රයෙහි රෝපණය කරණ ලද මෙම පාත්‍රදාන බීජය ප්‍රීතිධාරා වස්නා කල්හි (විපාක) ඵලය මා සතුටු කරන්නේ ය.

5402. යාවතා ඛෙත‍්තා විජ‍්ජන‍්ති සඞ‍්ඝාපි ච ගණාපි ච, බුද‍්ධක‍්ඛෙත‍්තසමො නත්‍ථි සුඛදො සබ‍්බපාණිනං.

5402. සඞ්ඝයා වූ ද ගණයා වූ ද යම්තාක් (පුණ්‍ය) ක්‍ෂේත්‍රයෝ විද්‍යමාන වෙත් ද, සව්සත්නට සුව දෙන්නා වූ බුද්ධක්‍ෂේත්‍රය සමාන කෙතක් (නම්) නැත.

5403. නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම, එකපත‍්තං දදිත්‍වාන පත‍්තොම‍්හි අචලං පදං.

5403. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. එක පාත්‍රයක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.

5404. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පත‍්තමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පත‍්තදානස‍්සිදං ඵලං.

5404. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් පාත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාක යි.

5405. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5405. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5406. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5406. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5407. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5407. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකපත‍්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ඒකපත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

එකපත‍්තදායකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

ඒකපත්තදායක ස්ථවිරාවදානය දෙවැනියි.