501. තිකණිකාරපුප‍්ඵියත්‍ථෙරාපදානං
501. තිකණිකාරපුප‍්ඵියත්‍ථෙරාපදානං
501. තිකණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
5358. සුමෙධො නාම සම‍්බුද‍්ධො බත‍්තිංසවරලක‍්ඛණො, විවෙකකාමො භගවා හිමවන‍්තමුපාගමි.
5358. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්‍වඥ වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමැත්තෝ හිමවතට එළඹිසේක.
5359. අජ‍්ඣොගහෙත්‍වා හිවවන‍්තං අග‍්ගො කාරුණිකො මුනි, පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාන නිසීදි පුරිසුත‍්තමො.
5359. පුරුෂෝත්තම වූ අග්‍රකාරුණික වූ බුදුරජහු හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්සේක.
5360. විජ‍්ජාධරෙ තදා ආසිං අන‍්තලික‍්ඛචරො අහං, තිසූලං සුකතං ගය‍්හ ගච‍්ඡාමි අම‍්බරෙ තදා.
5360. එකල්හි මම අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි. මැනවින් කරනලද ත්‍රිශුලායුධයක් ගෙණ අහසෙහි යමි.
5361. පබ‍්බතග‍්ගෙ යථා අග‍්ගි පුණ‍්ණමාසීව චන්‍දිමා, වනෙ ඔභාසතෙ බුද‍්ධො සාලරාජාව ඵුල‍්ලිතො.
5361. කඳුමුදුනෙක්හි වූ ගින්නක් මෙන් ද පුණුරැස් සඳුමෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බුදුරජතෙම වනයෙහි බබලයි.
5362. වනග‍්ගා නික‍්ඛමිත්‍වාන බුද‍්ධරංසී විධාවරෙ, නළග‍්ගිවණ‍්ණසඞ‍්කාසා දිස‍්වා චිත‍්තං පසාදයිං.
5362. වනගින් නික්ම බුදුරැස් පැතිරෙත්. නළවෙනෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන රශ්මීන්) දැක සිත පැහද වීමි.
5363. විචිනං අද‍්දසං පුප‍්ඵං කණිකාරං දෙවගන්‍ධිකං, තීණි පුප‍්ඵානි ආදාය බුද‍්ධසෙට‍්ඨං අපූජයිං.
5363. (ඒ මේ අත) සොයන්නෙම් දෙව් සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. මල්තුණක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
5364. බුද‍්ධස‍්ස ආනුභාවෙන තීණි පුප‍්ඵානි මෙ තදා, උද‍්ධ වණ‍්ටා අධොපත‍්තා ඡායං කුබ‍්බන‍්ති සත්‍ථුනො.
5364. එකල්හි මාගේ ඒ මල්තුණ බුදුරජාණන් වහන්සේගේ අනුභාවයෙන් නැටි උඩුකුරුව පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.
5365. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.
5365. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
5366. තත්‍ථ මෙ සුකතං ව්‍යහ‍්මං කණිකාරීති ඤායති, සට‍්ඨියොජනමුබ‍්බෙධං තිංසයොජනවිත්‍ථතං.
5366. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ‘කණිකාරී’ දන්නා ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලු ය.
5367. සහස‍්සකණ‍්ඩං සතභෙණ‍්ඩු ධජාලු හරිතාමයං, සතසහස‍්සනිය්‍යුහා ව්‍යම‍්හෙ පාතුභවිංසු මෙ.
5367. දහසක් භාග ඇත්තේ ය. සියක් ගෝලාකාර ගෙමුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. නිල්වන් ය. මාගේ විමනෙහි සියදහසක් නිර්යූහ (ප්‍රමුඛශාලා) පහළ විය.
5368. සොණ‍්ණමයා මණිමයා ලොහිතඞ‍්කමයාපි ච, ඵලිකාපි ච පල‍්ලඞ‍්කා යෙනිච‍්ඡකා යදිච‍්ඡකා.
5368. එහි කැමැති තැනක් කැමැති තාක් රන්මුවා මිණිමුවා පියුම්රා මිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙත්.
5369. මහාරහඤ‍්ච සයනං තුලිකාවිකතීයුතං, උද‍්දලොමික එකන‍්තං බිම‍්බොහනසමායුතං.
5369. පුලුන් බිහි ඈ යුත් දෙදාවලු එක්දාවලු ඇතිරි හා, බිම්බොහන යුත් මාහැඟි සයන ද ඇත.
5370. භවනා නික‍්ඛමිත්‍වාන චරන‍්තො දෙවචාරිකං, යදා ඉච‍්ඡාමි ගමනං දෙවසඞ‍්ඝපුරක‍්ඛතො.
5370. යම් කලෙක්හි භවනයෙන් නික්ම දිව්‍යසමූහයා විසින් පිරිවරන ලදුයෙම් දිව්‍යචාරිකාවෙහි හැසිරෙමින් යනු කැමැත්තෙම් ද,
5371. පුප‍්ඵස‍්ස හෙට‍්ඨා තිට‍්ඨාමි උපරිච‍්ඡදනං මම, සමන‍්තා යොජනසතං කණිකාරෙහි ඡාදිතං.
5371. (එකල්හි) මල් යට සිටිමි. මාගේ මස්තකයෙහි හාත්පස සියක් යොදුන් වියන කිණිහිරිමලින් වසන ලද්දකි.
5372. සට‍්ඨිතුරියසහස‍්සානි සායං පාතං උපට‍්ඨහුං, පරිවාරෙන‍්ති මං නිච‍්චං රත‍්තින්‍දිවමතන්‍දිතා.
5372. සැට දහසක් තූර්‍ය්‍ය වාදකයෝ උදය සවස උවැටන් කළාහුය. (ඔහු) රෑදාවල් අනලස්ව නිරතුරු මා පිරිවරත්.
5373. තත්‍ථ නච‍්චෙහි ගීතෙහි තාලෙහි වාදිතෙහි ච, රමාමි ඛිඩිඩාරතියා මොදාමි කාමකාමහං.
5373. එහි නෘත්‍යයෙන්, ගීතයෙන්, තාලයෙන්, වාදිතයෙන්, ක්‍රීඩාරතියෙන් සිත් අලවා වසමි. මම කාමසම්පත් කැමැත්තෙම් සතුටු වෙමි.
5374. තත්‍ථ භුත්‍වා පිවිත්‍වා ච මොදාමි තිදසෙ තදා, නාරීගණෙහි සහිතො මොදාමි ව්‍යම‍්හමුත‍්තමෙ.
5374. එකල්හි ඒ තිදසෙහි අනුභව කොට පානය කොට මුදිත වෙමි. උතුම් විමනෙහි ස්ත්‍රීගණයා සමග සතුටු වෙමි.
5375. සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං, සතානං තීණික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.
5375. මම පන්සියවරක් දෙව්රජය කරවීමි. තුන්සියවරක් සක්විති රජ වීමි. ලැබූ මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
5376. භවාභවෙ සංසරන‍්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්‍ථි බුද‍්ධපූජායිදං ඵලං.
5376. කුදුමහත් භවයෙහි හැසිරෙන්නෙම් මම මහත් භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුවෙක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5377. දුවෙ භවෙ සංසරාමි දෙවත‍්තෙ අථ මානුසෙ, අඤ‍්ඤං ගතිං න ජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
5377. දිවඅත්බව්හි ද යලි මිනිසත්බව්හි ද - දෙඅත් බව්හි සැරිසරමි. අන් ගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
5378. දුවෙ කුලෙ පජායාමි ඛත‍්තියෙ චාපි බ්‍රාහ‍්මණෙ, නීචෙ කුලෙ න ජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
5378. කැත්කුලෙහි ද බමුණුකුලෙහි ද - මේ දෙකුලෙහි උපදිමි නීචකුලයක නූපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
5379. හත්‍ථියානං අස‍්සයානං සිවිකං සන්‍දමානිකං, ලභාමි සබ‍්බමෙවෙතං බුද‍්ධපූජායිදං ඵලං.
5379. හස්තියාන ද අශ්වයාන ද සිවිකා ද ස්‍යන්‍දන රථ ද මේ සියල්ල ම ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5380. දාසිගණං දාසගණං නාරියො සමලඞ‍්කතා, ලභාමි සබ‍්බමෙවෙතං බුද‍්ධපූජායිදං ඵලං.
5380. දාසිසමූහයා ද දාසසමූහයා ද මැනැවින් සරසන ලද ස්ත්‍රීන් ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5381. කොසෙය්‍යකම‍්බලීයානි ඛොමකප‍්පාසිකානි ච, ලභාමි සබ‍්බමෙවතං බුද‍්ධපූජායිදං ඵලං.
5381. කෝසෙය්‍ය ද කම්බිලි ද කොමු හා කපුපිළි ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5382. නවවත්‍ථං නවඵලං නවග‍්ගරසභොජනං, ලභාමි සබ‍්බමෙවතං බුද‍්ධපූජායිදං ඵලං.
5382. නවවස්ත්‍ර ද නවඵලද අභිනව අග්‍රරස භෝජන ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5383. ඉමං ඛාද ඉමං භුඤ‍්ජ ඉමම‍්හි සයනෙ සය ලභාමි සබ‍්බමෙවතං බුද‍්ධපූජායිදං ඵලං.
5383. ‘මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සයනය කරව’ යන මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5384. සබ‍්බත්‍ථ පූජිතො හොමි යසො අබ‍්භුග‍්ගතො මම, මහාපක‍්ඛො සදා හොමි අභෙජ‍්ජපරිසො සදා, ඤාතීනං උත‍්තමො හොමි බුද‍්ධපූජායිදං ඵලං.
5384. හැම තන්හි පුදන ලදුයෙම් වෙමි. මාගේ කීර්තිය උස්ව පැන නැංගේ ය. හැම කල්හි මහත් වූ පක්‍ෂ (සමූහ) ඇත්තෙම් වෙමි. හැම කල්හි නො බෙදුනු පිරිස ඇත්තෙම් ද වෙමි. නෑයනට උතුම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5385. සීතං උණ‍්හං න ජානාමි පරිළාහො න විජ‍්ජති, අථො චෙතසිකං දුක‍්ඛං හදයෙ මෙ න විජ‍්ජති.
5385. ශීත, උෂ්ණ නො දනිමි. පරිඩාහ (දැවිලි) නැත. වැළි මාගේ සිත්හි චෛතසික දුකෙක් නැත.
5386. සුවණ‍්ණවණ‍්ණො හුත්‍වාන සංසරාමි භවාභවෙ, වෙවණ‍්ණියං න ජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
5386. භවයෙන් භවයෙහි ස්වර්‍ණවර්‍ණව සැරිසරමි. විවර්‍ණ බවක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5387. දෙවලොකා චවිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, සාවත්‍ථියං පුරෙ ජාතො මහාසාලෙ සුඅඩ‍්ඪකෙ,
5387. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව සැවැත් පුරයෙහි ඉතා ආඪ්‍ය වූ මහාසාරකුලයක උපන්නෙමි.
5388. පඤ‍්චකාමගුණෙ හිත්‍වා පබ‍්බජිං අනගාරියං, ජාතියා සත‍්තවස‍්සොහං අරහත‍්තමපාපුණිං.
5388. පස්කම්ගුණ හැර සස්නෙහි පැවීද වීමි. උපතින් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
5389. උපසම‍්පාදයි බුද‍්ධො ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා, තරුණො පූජනීයොහං බුද‍්ධපූජායිදං ඵලං.
5389. පසැස් ඇති බුදුරජ තෙම ගුණ දැන (මා) උපසම්පදා කරවී ය. මම තරුණ වූ පිදිය යුත්තෙක් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5390. දිබ‍්බචක‍්ඛු විසුද‍්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තො බුද‍්ධපූජායිදං ඵලං.
5390. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂයෙමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5391. පටිසම‍්භිදා අනුප‍්පත‍්තො ඉද‍්ධිපාදෙසු කොවිදො, ධම‍්මෙසු පාරමිප‍්පත‍්තො බුද‍්ධපූජායිදං ඵලං.
5391. පැමිණි ප්‍රතිසම්භිදා ඇත්තෙම් වෙමි. ඍද්ධිපාදයන්හි දක්‍ෂවූයෙම් වෙමි. ධර්‍මයන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5392. තිංසකප‍්පසහස‍්සම‍්හි යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
5392. තිස්දහස්වන කපෙහි යම් බුදු කෙනෙකු පිදුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො ම දනිමි. බුද්ධපූජාවෙහි මේ ඵලයයි.
5393. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.
5393. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5394. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
5394. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5395. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
5395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිකණිකාරපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙසෙයින් ආයුෂ්මත් තිකණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකණිකාරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.
තිකණිකාර පුප්ඵියස්ථවිරාවදානය පළමු වැනියි.