යෙදුමෙන් කියවන්න

500. පියාලඵලදායකත්‍ථෙරාපදානං

500. පියාලඵලදායකත්‍ථෙරාපදානං

500. පියාලඵලදායක ස්ථවිරාවදානය

5352. මිගලුද‍්දො පුරෙ ආසි විපිනෙ විචරං තදා, අද‍්දසං විරජං බුද‍්ධං සබ‍්බධම‍්මානපාරගුං.

5352. පෙර මම මුවවැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නෙම් සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.

5353. පියාලඵලමාදාය බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං, පුඤ‍්ඤක‍්ඛෙත‍්තස‍්ස වීරස‍්ස පසන‍්නො සෙහි පාණිහි.

5353. මම පියල් ගෙඩියක් ගෙණ පහන් වූයෙම් සියතින් ම පින්කෙත් වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

5354. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ඵලං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඵලදානස‍්සිදං ඵලං.

5354. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් පියාල ඵලයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.

5355. කිලෙසා ඣාපිතා මය‍්හං භාවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5355. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

5356. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5356. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5357. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5357. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පියාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

පියාලඵලදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පියාලඵලදායක ස්ථවිරාවදානය දසවැනියි.

තිකිඞ‍්කණිපුප‍්ඵියවග‍්ගො පඤ‍්ඤාසමො.

තිකිඞ්කණිපුප්ඵිය වර්‍ගය පණස් වැනියි.

උද‍්දානං:

උද්දානය:

කිඞ‍්කණි පංසුකූලඤ‍්ච කොරණ‍්ඩමථ කිංසුකං උපඩ‍්ඪදුස‍්සී ඝතදො උදකං ථූපකාරකො නළාගාරී ච නවමො පියාලඵලදායකො. සතං එකං ච ගාථානං නවකඤ‍්ච තදුත‍්තරිං.

කිඞ්කණි පංසුකූල කොරණ්ඩ හා කිංසුක. උපඩ්ඪදුස්සී ඝතද උදක ථූපකාරක නළාගාරි නව වන පියාලඵලදායක නවතුරු සිය ගයෙකින් මේ වග කියා නිමියේ.

අථ වග‍්ගුද‍්දානං:

වග්ගුද්දානය:

මෙත‍්තෙය්‍යවග‍්ගො භද‍්දාලි සකිංසම‍්මජ‍්ජකො පි ච එකවිහාරී වීභීටකී ජගතී සාලපුප‍්ඵියො නළාගාරං පංසුකූලං කිඞ‍්කණිපුප‍්ඵියො තථා. අසීති ද‍්වෙ ච ගාථායො චතුද‍්දසසතානි ච.

මෙත්තෙය්‍ය වග්ග භද්දාලි සකිං සම්මජ්ජක සහ එක විහාරී විහීතක ජගතී සාල පුප්ඵිය නළමාලී පංසුකූල කිඞ්කණි පුප්ඵියයි දස මෙහි ගී එක් දහස් සිවුසිය දෙ අසූවෙකි.

මෙත‍්තෙය්‍යවග‍්ගදසකං.

මෙත්තෙය්‍ය වර්‍ග දශකයයි.

පඤ‍්චමං සතකං සමත‍්තං.

පඤ්චම ශතකය සමාප්ත යි.