499. නළකුටිදායකත්ථෙරාපදානං
499. නළකුටිදායකත්ථෙරාපදානං
499. නළකුටිදායක ස්ථවිරාවදානය
5341. හිමවන්තස්ස අවිදූරෙ හාරිතො නාම පබ්බතො, සයම්භූ නාරදො නාම රුක්ඛමූලෙ වසී තදා.
5341. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්වතයෙක් විය. එකල්හි සියල්ල තෙමේ ම දත් නාරද බුදුරජ තෙම රුක්මුලක වැඩ විසී ය.
5342. නළාගාරා කරිත්වාන තිණෙන ඡාදයිං අහං, චඞ්කමං සොධයිත්වාන සයම්භූස්ස අදාසහං.
5342. මම නළකුටියක් කොට තණපතින් සෙවෙනි කෙළෙමි. මම සක්මණ ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.
5343. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5343. මැනැවින් කරණ ලද එ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
5344. තත්ථ මෙ සුකතං ව්යම්භං නළකුටිකාය නිම්මිතං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
5344. එහි (දෙව්ලොව) මැනැවින් කරණ ලද නළකිළියෙන් නිර්මිත වූ මාගේ විමානය සැට යොදුනක් උස ය. තිස් යොදුනක් පුළුල් ය.
5345. චතුද්දසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, එකසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
5345. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
5346. චතුත්තිංසක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
5346. මම සූතිස්වරක් සක්විතිරජ වීමි. (ලැබූ) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5347. ධම්මපාසාදමාරුය්හ සබ්බාකාරවරූපමං, යදිච්ඡකාහං විහරෙ සක්යපුත්තස්ස සාසනෙ.
5347. මම සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්මනැමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි රුචිසේ වෙසෙමි.
5348. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි නළකුටියා ඉදං ඵලං.
5348. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නළකුටියෙහි මේ විපාක යි.
5349. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5349. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5350. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5350. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5351. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5351. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා නළකුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් නළකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නළකුටිදායකත්ථෙරස්ස අපදානං නවමං.
නළකුටිදායක ස්ථවිරාවදානය නවවැනියි.