498. පුලිනථූපියත්ථෙරාපදානං
498. පුලිනථූපියත්ථෙරාපදානං
498. පුලිනථූපිය ස්ථවිරාවදානය
5304. හිමවන්තස්ස අවිදූරෙ යමකො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
5304. හිමවතට නුදුරෙහි යමක නම් පර්වතයෙක් විය. (එහි) මාගේ අසපුව මැනැවින් කරණ ලද්දකි. පන්සැල ද මොනොවට නිර්මිත ය.
5305. නාරදො නාම නාමෙන ජටිලො උග්ගතාපනො, චතුද්දසසහස්සානි සිස්සා පරිචරන්ති මං.
5305. මම නමින් නාරද නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
5306. පටිසල්ලීනකො සන්තො එවං චින්තෙසහං තදා: සබ්බො ජනො මං පූජෙති නාහං පූජෙමි කිඤ්චනං.
5306. මම එකල්හි විවේකීව හුන්නෙම් මෙසේ සිතීමි. සියලු ජන තෙමේ මා පුදයි. මම කිසිවකු නො පුදමි.
5307. න මෙ ඔවාදකො අත්ථි වත්තා කොචි න විජ්ජති, අනාචරියුපජ්ඣායො වනෙ වාසං උපෙමහං.
5307. මට ඔවා දෙන්නෙක් නැත. කරුණු නො කරුණු කියන්නෙක් නැත. මම ආචාර්ය්ය - උපාධ්‍යාය විරහිතව වනවාසයට පැමිණෙමි.
5308. උපාසමානො යමහං ගරුචිත්තං උපට්ඨහෙ, සො මෙ ආචරියො නත්ථි වනවාසො නිරත්ථකො.
5308. මම යමෙකු උපාසනා (ඇසුරු) කරන්නෙම්. ගුරුසිත උපදවන්නෙම් ද මට එබඳු ගුරුවරයෙක් නැත. වනයෙහි විසීම නිරර්‍ත්‍ථක ය.
5309. ආයාගම්මෙ ගවෙසිස්සං ගරුං භාවනියං තථා, සාවස්සයො වසිස්සාමි න කොචි ගරහිස්සති.
5309. (මම) මවිසින් පූජ්‍ය වූ එසේ ම ගරුභාවනීය වූ උතුමකු සොයන්නෙමි. (එබඳු උතුමකු) ඇසුරු කරන්නෙක්ව වසනෙමි. කිසිවෙක් මට නො ගරහන්නේ ය.
5310. උත්තානකූලා නදිකා සුපතිත්ථා මනොරමා, සුසුද්ධපුලිනාකිණ්ණා අවිදූරෙ මමස්සමං.
5310. නො ගැඹුරු ඉවුරු ඇති මනා කොට ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි විය.
5311. නදිං අමරිකං නාම උපගන්ත්වානහං තදා, සංවඩ්ඪයිත්වා පුලිනං අකං පුලිනචෙතියං.
5311. එකල්හි මම අමරිකා නම් වූ එ නදියට එළඹ වැලි එකතුකොට පුලිනචෛත්යයක් (වැලිසෑයක්) කෙළෙමි.
5312. යෙ තෙ අහෙසුං සම්බුද්ධා භවන්තකරණා මුනී, තෙසං එතාදිසො ථූපො තන්තිමිත්තං කරොමහං.
5312. භවය කෙළවර කරන්නා වූ යම් ඒ සම්බුදු මුනිවරු වූහු නම් මෙබඳු වු සෑය උන්වහන්සේ උදෙසා ය. මෙය මම උන්වහන්සේ අරමුණු කොට කරමි.
5313. කරිත්වා පුලිනං ථූපං සොවණ්ණං මාපයිං අහං, සොණ්ණකිඞ්කණිපුප්ඵානං සහස්සෙ තීණි පූජයිං.
5313. වැලි සෑයක් කොට මම (ඉදුහයෙන්) රන් නිපදවීමි. (එයින් සෑදූ) රන් කිකිණිමල් තුන් දහසක් පූජා කෙළෙමි.
5314. සායං පාතං නමස්සාමි වෙදජාතො කතඤ්ජලී, සම්මුඛා විය සම්බුද්ධා වන්දිං පුලිනචෙතියං.
5314. හටගත් ප්‍රීති ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් උදය සවස නමදිමි. සම්බුදුන් හමූයෙහිදී මෙන් පුලින චෛත්‍යය වැන්දෙමි.
5315. යදා කිලෙසා ජායන්ති විතක්කා ගෙහනිස්සිතා, සරාමි සුගතං ථූපං පච්චවෙක්ඛාමි තාවදෙ.
5315. යම් කලෙක්හි කාමනිඃශ්‍රිත වූ විතර්කයෝ හටගනිත් ද, එකෙණෙහි සර්වඥස්තූපය සිහි කරමි. (මෙසේ ද) ප්රත්යවේක්ෂා කරමි:
5316. උපනිස්සාය විහරං සත්ථවාහං විනායකං, කිලෙසෙ සංවසෙය්යාසි න යුත්තං තව මාරිස.
5316. “නිදුකාණෙනි, සාර්‍ත්‍ථවාහක වූ විනායක වූ බුදුරදුන් (සිතින්) ඇසුරු කොට වසනේ කෙලෙස් සමග වසනෙහි නම් ඔබට (එය) නුසුදුසුය.“
5317. සහ ආවජ්ජිතෙ ථූපෙ ගාරවං හොති මෙ තදා, කුවිතක්කෙ විනොදෙමි නාගො තුත්තට්ටිතො යථා.
5317. එකල්හි සෑය සිහිකළ කෙණෙහි මාගේ සිත්හි බුද්ධ ගෞරවය ඇති වේ. තොත්රයෙන් (කණමුල හනින යවුලෙන්) පෙළන ලද ඇතකු මෙන් මිත්ථ්යා විතර්කයන් දුරු කෙරෙමි.
5318. එවං විහරමානං මං මච්චුරාජාභිමද්දථ, තත්ථ කාලකතො සන්තො බ්රහ්මලොකං අගච්ඡහං.
5318. මෙසේ වසන මා මෘත්‍යුරාජයා මැඩලීය. මම එහි කලුරිය කළෙම් බඹලොව ගියෙමි.
5319. යාවතායුං වසිත්වාන තිදසෙ උපපජ්ජහං, අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං.
5319. එහි දිවි ඇති තාක් වසා මම තව්තිසා දෙව්ලොවහි උපන්මි. අසූවරක් දේවේන්ද්රව දිව්‍යරාජ්‍ය කෙළෙමි.
5320. සතානං තීණික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
5320. මම තෙසියක් වර සක්විති රජ වීමි. මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හැකිය.
5321. තෙසං කිඞ්කණිපුප්ඵානං විපාකං අනුභොමහං, ධාතීසතසහස්සානි පරිවාරෙන්ති මං භවෙ.
5321. මම ඒ කිඞ්කණිපුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහි සියදහසක් කිරිමවුවරු මා පිරිවරත්.
5322. ථූපස්ස පරිචිණ්ණත්තා රජොජල්ලං න ලිම්පති, ගත්තෙ සෙදා න මුච්චන්ති සප්පභාසො භවාමහං.
5322. සෑය පිළිදැගුම් කළ බැවින් සිරුරෙහි රජස් දැලි නො වැකේ. ගත ඩහ නො වැගිරෙයි. මම ප්‍රභා සහිතයෙම් වෙමි.
5323. අහො මෙ සුකතො ථූපො සුදිට්ඨාමරිකා නදී, ථූපං කත්වාන පුලිනං පත්තොම්හි අචලං පදං.
5323. ආශ්චර්‍ය්‍යයෙකි, මා විසින් මැනැවින් කරණ ලද සෑයකි. අමරිකානදිය ද මැනැවින් දක්නා ලදී. වැලිසෑය කොට අචල පදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
5324. කුසලං කත්තුකාමෙන ජන්තුනා සරගාහිනා, නත්ථි ඛෙත්තං අඛෙත්තං වා පටිපත්තීව සාධකා.
5324. කුසල් කරණු කැමැත්තා වූ (නිර්වාණ) සාරය සොයන්නා වූ සත්ත්වයා විසින් ‘මෙය කෙත ය, මෙය නො කෙත ය’යි වෙන් කොට ගත යුත්තෙක්) නැත. ප්‍රතිපත්ති තොමෝ ම අර්ත්ථසාධක වන්නී ය.
5325. යථාපි බලවා පොසො අණ්ණවං තරිතුස්සහෙ, පරිත්තං කට්ඨමාදාය පක්කඛන්දෙය්ය මහාසරං:
5325-5326. බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේ. කුඩා දඬුකඩක් ගෙන මහසයුරට පණින්නේ නම් “මම මේ දඬුකඩ නිසා මහසයුර තරණය කරන්නෙමැ” යි උත්සාහයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ඒ මිනිස් තෙම සයුරතරණය කරන්නේ යම්සේ ද-
5326. ඉමාහං කට්ඨං නිස්සාය තරිස්සාමි මහොදධිං, උස්සාහෙන ච විරියෙන තරෙය්ය උදධිං නරො.
5327. තථෙව මෙ කතං කම්මං පරිත්තං ථොකකඤ්ච යං, තං කම්මං උපනිස්සාය සංසාරං සමතික්කමිං.
5327. එසේ ම මා විසින් යම් කර්මයක් කරණ ලද නම් එය ඉතා කුඩා ය. (එහෙත්) ඒ කර්මය නිසා සසර ඉක්ම වීමි.
5328. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ සුක්කමූලෙන චොදිතො, සාවත්ථියං පුරෙ ජාතො මහාසාලෙ සුඅඩ්ඪකෙ.
5328. ඒ කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අන්තිම භවය පැමිණි කල සැවැත් නුවර ආඪ්‍ය වූ මහාසාර කුලයක උපන්නෙම් වෙමි.
5329. සද්ධා මාතාපිතා මය්හං බුද්ධස්ස සරණං ගතා, උභො දිට්ඨපදා එතෙ අනුවත්තන්ති සාසනං.
5329. මාගේ මවුපියෝ සැදැහැත්තෝ ය. බුදුරජුන් සරණ ගියෝය. මේ දෙදෙන ම දක්නා ලද නිර්වාණ පදය ඇත්තෝ ය. ශාසනයට අනුව පවතිත්.
5330. බොධිපපටිකං ගය්හ සොණ්ණථූපං අකාරයුං, සායංපාතං නමස්සන්ති සක්යපුත්තස්ස සම්බුඛා.
5330. (ඔහු) බෝධියෙන් (ගිලිහුනු) පොතු ගෙණ රන්සෑයක් කරවූහ. ශාක්‍යපුත්‍ර බුදුරදුන් හමුවෙහි මෙන් උදේ සවස නමස්කාර කෙරෙත්.
5331. උපොසථම්හි දිවසෙ සොණ්ණථූපං විනීහරුං, බුද්ධස්ස වණ්ණං කිත්තෙන්තා තියාමං වීතිනාමයුං.
5331. පොහෝ දිනයෙහි ස්වර්ණස්තූපය බැහැරට ගත්හ. බුදුරජුන්ගේ ගුණ කියමින් තුන්යම් රැය ගෙවූහ.
5332. සහ දිස්වානහං ථූපං සරිං පුලිනචෙතියං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
5332. මම (ස්වර්ණ) ස්තූපය දැක එකෙණෙහි ම පුලිනචෛත්යය (අතීතයෙහි මවිසින් කළ වැලිසෑය) සිහි කෙළෙමි. එ අස්නෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
(ද්වාවීසතිමං භාණවාරං.)
(දෙවිසිවන බණවරයි.)
5333. ගවෙසමානො තං වීරං ධම්මසෙනාපතිද්දසං, අගාරා නික්ඛමිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ.
5333. ඒ වීරයන් (බුදුරජුන්) සොයනෙම් ධර්මසේනාපතීන් (සැරියුත් තෙරුන් වහන්සේ) දිටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේ වෙත පැවැදි විමි.
5334. ජාතියා සත්තවස්සෙන අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා
5334. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ ගුණ දැන මා උපසපන් කරවූසේක.
5336. දාරකෙනෙව සන්තෙන කිරියං නිට්ඨිතං මයා, කතං මෙ කරණීයජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
5336. ළදරු වූ මා විසින් (නිවන් සඳහා) කටයුතු නිම කරණ ලදී. ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දැය අද මා විසින් කරණ ලදි.
5337. සබ්බවෙරභයාතීතො සබ්බසඞ්ගාතිගො ඉසි, සාවකො තෙ මහාවීර සොණ්ණපුප්ඵස්සසිදං ඵලං.
5337. මහාවීර වූ ඍෂීන් වහන්ස, මම සියලු වෛර හා භය ඉක්මවූයෙම් වෙමි. සියලු ක්ලේශඞ්ගයන් ඉක්මවා ගියෙම් වෙමි. මුබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්ණපුෂ්පපූජාවෙහි මේ විපාක යි.
5338. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
5339. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5339. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5340. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5340. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පිලිනථූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් පුලිනථූපියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පුලිනථූපියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
පුලිනථූපිය ස්ථවිරාවදානය අටවැනියි.