497. උදකදායකත්ථෙරාපදානං
497. උදකදායකත්ථෙරාපදානං
497. උදකදායක ස්ථවිරාවදානය
5298. පදුමුත්තරබුද්ධස්ස භික්ඛුසඞ්ඝෙ අනුත්තරෙ, පසන්නචිත්තො සුමනො පානීයඝටමපූජයිං.
5298. පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තර වූ භික්ෂුසඞ්ඝයා කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පැන්කළයක් පිදීමි.
5299. පබ්බතග්ගෙ දුමග්ගෙ වා ආකාසෙ වාථ භූමියං, යදා පනීයමිච්ඡාමි ඛිප්පං නිබ්බත්තතෙ මම.
5299. පර්වත මුදුනෙහි වේවයි ගස් මුදුනෙහි වේවයි අහසෙහි වේවයි පොළොවෙහි වේවයි යම් කලෙක පැන් කැමති වෙම් නම් වහා මට (එය) පහළ වේ.
5300. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දාකදානස්සිදං ඵලං.
5300. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් (පැන්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැන් දීමෙහි මේ විපාක යි.
5301. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5301. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
5302. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5302. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5303. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
5303. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා උදකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසෙයින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උදකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
උදකදායක ස්ථවිරාවදානය සත්වැනියි.