යෙදුමෙන් කියවන්න

496. ඝතමණ‍්ඩදායකත්‍ථෙරාපදානං

496. ඝතමණ‍්ඩදායකත්‍ථෙරාපදානං

496. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය

5289. සුචින‍්තිතං භගවන‍්තං ලොකජෙට‍්ඨං නරාසභං, උපවිට‍්ඨං මහාරඤ‍්ඤං වාතාබාධෙන පීළිතං. දිස‍්වා චිත‍්තං පසාදෙත්‍වා ඝතමණ‍්ඩං උපානයිං.

5289. මනා සිතුම් ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහවෙනෙහි වැඩහුන්නාහු දැක සිත පහදවා පිරිසිදු ගිතෙල් සුඟක් පිළිගැන් වීමි.

5290. කතත‍්තා ආචිතත‍්තා ච ගඞ‍්ගා භාගීරථී අයං, මහාසමුද‍්දා චත‍්තාරො ඝතං සම‍්පජ‍්ජරෙ මම.

5290. (මෙම පුණ්‍යකර්‍මය) කළ බැවින් ද ආයුහිත බැවින් ද මේ භාගීරථී ගඟ ද සිවුමහසමුදුර ද මට ගිතෙල් සපයති.

5291. අයං ච පඨවී ඝොරා අප‍්පමාණා අසංඛියා, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය භවතෙ මධුසක‍්ඛරා.

5291. අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය වූ මේ මහත් පෘථිවිය ද මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) වේ.

5292. චාතුද‍්දිපා ඉමෙ රුක‍්ඛා පාදපා ධරණීරුහා, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය කප‍්පරුක‍්ඛා භවන‍්ති තෙ.

5292. සිවුමහ දිවයිනට අයත් මේ වෘක්‍ෂසමූහයෝ ද මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙති.

5293. පඤ‍්ඤාසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, එකපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

5293. පණස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම එක්පණස් වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.

5294. ඡන‍්නවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ඝතමණ‍්ඩස‍්සිදං ඵලං.

5294. මෙයින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන් ) දුගතියක් නො දනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාක යි.

5295. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5295. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5296. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5296. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5297. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5297. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඝතමණ‍්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

ඝතමණ‍්ඩදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.