යෙදුමෙන් කියවන්න

495. උපඩ‍්ඪදුස‍්සදායකත්‍ථෙරාපදානං

495. උපඩ‍්ඪදුස‍්සදායකත්‍ථෙරාපදානං

495. උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය

5279. පදුමුත‍්තරස‍්ස භගවතො සුජාතො නාම සාවකො, පංසුකූලං ගවෙසන‍්තො සංකාරෙ චරතී තදා,

5279. එකල්හි පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුජාත නම් ශ්‍රාවක තෙමේ පාංශුකූල (සිවුරු සඳහා) රෙදි කඩ සොයමින් කසළ ඇති තන්හි හැසිරෙයි.

5280. නගරෙ හංසවතියා පරෙසං භතකො අහං, උපඩ‍්ඪදුස‍්සං දත්‍වාන සිරසා අභිවාදයිං.

5280. මම හංසවතී නගරයෙහි පරහට (මෙහෙ කරණ) බැලයෙක් වූ යෙම් උන්වහන්සේට අඩවතක් (රෙදිකැබැල්ලක්) දී හිස නමා වන්දෙමි.

5281. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණීධිහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

5281. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.

5282. තෙත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයි, සත‍්තසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්ති අහොසහං.

5282. මම තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි.

5283. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, උපඩ‍්ඪදුස‍්සදානෙන මොදාමි අකුතොභයො.

5283. (ලබන ලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. අර්‍ධවස්ත්‍රදානයෙන් අකුතොභය (භය විරහිත) වූයෙම් සතුටු වෙමි.

5284. ඉච‍්ඡමානො චහං අජ‍්ජ සකානනං සපබ‍්බතං, ඛොමදුස‍්සෙහි ඡාදෙය්‍යං අඩ‍්ඪදුස‍්සස‍්සිදං ඵලං.

5284. මම අද කැමති වන්නෙම් නම් වන පර්‍වත සහිත වූ (සියලු පෙදෙස) කොමු පිළියෙන් වසන්නෙමි. අඩවත් දෙනෙහි මේ විපාක යි.

5285. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අඩ‍්ඪදුස‍්සස‍්සිදං ඵලං.

5285. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් දනක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. රෙදි කඩක් දීමෙහි මේ විපාක යි.

5286. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5286. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5287. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5287. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5288. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5288. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උපඩ‍්ඪදුස‍්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් උපඩ්ඪදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

උපඩ‍්ඪදුස‍්සදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය පස්වැනියි.