යෙදුමෙන් කියවන්න

494. කිංසුකපුප‍්ඵියත්‍ථෙරාපදානං

494. කිංසුකපුප‍්ඵියත්‍ථෙරාපදානං

494. කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය

5273. කිංසුකං පුප‍්ඵිතං දිස‍්වා පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං, බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන ආකාසෙ අභිපූජයිං.

5273. පිපී ගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි (තිබියදීම මල්) පිදීමි.

5274. තෙන කම‍්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිසමගච‍්ඡහං.

5274. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

5275. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

5275. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

5276. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5276. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.

5277. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5277. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

5278. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5278. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කිංසුකපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කිංසුකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කිංසුකපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.