යෙදුමෙන් කියවන්න

493. කොරණ‍්ඩපුප‍්ඵියත්‍ථෙරාපදානං

493. කොරණ‍්ඩපුප‍්ඵියත්‍ථෙරාපදානං

493. කොරණ්ඩපුප්ඵිය ස්ථිවිරාවදානය

5263. වනකම‍්මිකො පුරෙ ආසිං පිතුපිතාමහෙනහං, පසුමාරෙන ජීවාමි කුසලං මෙ න විජ‍්ජති.

5263. පෙර මම පියමුතුන් පරපුරෙන් වනයෙහි දඩයම් කරණුයෙකිම් වීමි. සිවුපා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුශලයෙක් නැත.

5264. මම ආසයසාමන‍්තා තිස‍්සො ලොකග‍්ගනායකො, තීණි පදානි දස‍්සෙසි අනුකම‍්පාය චක‍්ඛුමා.

5264. මාගේ අසපුව අබියෙස පසැස් ඇති ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ අනුකම්පායෙන් පියවරතුනක් දැක්වී ය.

5265. අක‍්කන‍්තෙ ච පදෙ දිස‍්වා තිස‍්සනාමස‍්ස සත්‍ථුනො, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පාදෙ චිත‍්තං පසාදයිං.

5265. තිස්ස බුදුරජුන් දැක් වූ පියසටහන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැද වීමි.

5266. කොරණ‍්ඩං පුප‍්ඵිතං දිස‍්වා පාදපං ධරණීරුහං, සකොසකං ගහෙත්‍වාන පදසෙට‍්ඨමපූජයිං.

5266. පිපී කරඬු ගසක් දැක කොපු සහිත මල් ගෙණ ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදලාඤ්ජනය පිදීමි.

5267. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

5267. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

5268. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, කොරණ‍්ඩකච‍්ඡවී හොමි පස‍්සභාසො භවාමහං.

5268. මම දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ප්‍රභා සහිත වූ කොරණ්ඩපුෂ්පවර්‍ණ වූ සිවි ඇත්තෙම් වෙමි.

5269. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.

5269. මෙයින් දෙයානූවනකපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාසටහන් පිදීමෙහි මේ විපාක යි.

5270. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

5270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.

5271. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

5271. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

5272. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

5272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා කොරණ‍්ඩපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කොරණ‍්ඩපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

කොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය තෙවැනියි.